Powered By Blogger

Saturday, April 17, 2021

අපි යන තැන....!

 මේ අපි යන තැන....! 


මේ ෆොටෝ එක ගත්තෙ දැනට අට දවසකට පෙර ජීවිතෙන් සමුගත් මගේ මාමාගේ අලු තැන්පත් කරන්න යන අවස්තාවේදී. මේ තියෙන්නෙ කුනු වලක්. මේකෙ තියෙන්නෙ ආදහනය කරල ඉතිරි වෙන මිනිස් කොටස්. ආදහානයෙන් පසු ඒ අවශේෂ වලින් කොටසක් අලු මුට්ටියට දාල අපිට තැන්පත් කරන්න දෙනවා. අනික් ටික මේ වලට දානවා. මේ කුනු වලේ ඇති කෝටිපතියෝ, රූප සුන්දරියො, වෛද්යවරු, ඉන්ජිනේරුවො, දුප්පත් මිනිස්සු, හිගන්නෝ, ගනිකාවො, විවිද වෘතීය සන්ගම් වල සාමාජිකයෝ, විවිද ටයිට්ල් සුදුසුකම් (PhD, MD, MBBS, FRCP, BSc, BA, MSc, MA, CIMA, ACCA, ASP, CEO, CFO, Director, Member of that, Member of this, etc) නම පිටුපස්සෙ ගහන් හිටපු එක එක අය. ඔක්කොම අය එකට....

ඒත් වෙන් කරල අදුරන්න බෑ. අර සමන් අය්යගෙ ඇගෙ කොටස්, අර හිටපු මන්ත්‍රීතුමාගෙ කොටස්, අර හිටපු රූප සුන්දරියගෙ කොටස්....


මේ ඔක්කොම එකිනෙක මිශ්‍ර වුන අලු ටිකක් දූවිල්ලක් විතරයි....


ස්තූතී.


DuLee


No comments:

Post a Comment