Powered By Blogger

Tuesday, October 27, 2020

The Game

 The Game! 




මම මේක නිකමට හිතපු දෙයක්. සමහර වෙලාවට මම මෝටර් සයිකලේ යද්දි එහෙම නැත්තම් සූස්තියක් ඇදල ආතල් එකේ ඉද්දි එහෙම නැත්තම් ඔහේ අපත විදියට ඇදට වෙලා ඉද්දි එන සිතුවිලි තියෙනවා. ඒව ඒ මොහොත පහු වුන ගමන් ඉවර වෙනවා. ඉතින් ඒව ලියන එක මට මිස් වෙනවා. ඉතින් මම නිකමට හිතුව හිතෙන දේ ඒ වෙලාවෙම ටයිප් වෙන විදියෙ ඇප් එකක් තිබ්බනම් කියල. මේ වගේ දේවල් රීසච් මට්ටමේ නම් තියෙනව ඇති ලිට්‍රිචර් රිවීව් එකක් කරල බැලුවොත්. ඊට පස්සෙ ආයෙත් මට මෙහෙම හිතුන. ඇත්තටම අපි ලබන ස්පර්ශ වලින් එන වින්දන, අපි ඇස් වලින් ලබන වින්දන කොටින්ම පන්චෛන්ද්‍රියන්ගෙන් ලබන වින්දන සියල්ල අපිට දැනෙන්නෙ මනස ඇතුලෙ. අපි ඒ දැනෙන දේ සහ සාමාන්ය මනස ඇතුලෙ අපි හිතල මවාගත්ත සන්සිද්දියකයි වෙනස තමා අපේ ශරීරය. භෞතික ශරීරය. අපේ හිත විශ්වාස කරනව මේ ශරීරය හා සම්බන්ද සිද්දවෙන ක්‍රියා සත්යයි කියල මනස හා ශරීරය එකතුව සිද්ද වෙන සිද්දීන්. මනස පමනක් හෝ මල සිරුරක් පමනක් ඇතුලත සිදුවන සිදුවීම් සත්ය සිදුවීම් වලින් බැහැර කරනවා. බුදු දහමේ කියවෙන්නෙ ශරීරය කියන එකත් සම්මුතියක් හා අනාත්ම, බිදෙන සුලු දෙයක් විදියට, එනම් ශරීරය කියා අපේ සිතේ තිබෙන්නෙ යම් සම්මුති පරිකල්පනයක්. අපේ හිතේ තියෙන දේට වඩා සත්ය ශරීරය වෙනස් වෙනවා.


මම මෙතන ධර්මය කතා නොකරමි. එහෙත් මෙයට අදාල තර්කයන් විවිද අන්ශ ඔස්සේ ලබාගනිමි. ඩෙකාට් නම් දාර්ශනිකයාගේ කියමනක් තියෙනවා "මම සිතමි, එබැවින් මා සිටිමි" "cogito, ergo sum" ("I think, therefore I am") (දැනට අවුරුදු ගානක ඉදන් මගෙ වට්ස් ඇප් ස්ටේටස් එක).  මම සිතමි, සිතුවිලි මාගෙන් වෙන් කල නොහැක, එබැවින් මා පවතිමි යන්න ඔහු ගෙනා ප්‍රධාන තර්කයක්. තවද මනස සහ ශරීරය එකිනෙකට ලගින් සම්බන්ද වූ වෙනම දේවල් දෙකක් විදියට ඔහු පවසනවා. කාල් මාක්ස් වෙනි  දයාලක්තික භෞතිකවාදීන් මනස යන්න මොලයේම වූ ජීව විද්යාත්මකව සිදුවන යාන්ත්‍රනය තුලින් ඇතිවන්නා වූ ප්‍රතිපලයක් ලෙස පවසනවා. මම ලගදි කියවපු පොතක (මොලය හා ස්නායු පිල්බද ශල්ය වෛද්ය හෙන්රි මාශ්ගේ ඇඩ්මිශන්ස් පොත, Admissions by Dr Henry Marsh) එම ලේඛකයා පවසනවා දශක ගනනක තම වෛද්ය අත්දැකීම් තුල තමන්ට තවමත් සිතාගත නොහැකි සන්සිද්දිය වන්නේ මනසේ ක්‍රියාත්මක වීම කියා, එනම් එය හුදෙක් ජීව විද්යාත්මක ප්‍රතිපලයක් (consciousness as an outcome of a biological process) පමනද නැතහොත් මනස ලෙස වෙනම පැවතීමක් ඇතිද යන්න තවමත් ඔහුට සිතාගත නොහැකි බව ඔහු පවසනවා. මා ලගදී කියවූ නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ පොතක තිබෙනවා විඥානය ඇති වන්නේ පන්චස්කන්ධයේ පැවැත්ම නිසා බව. එනම් උන්වහන්සේ එහි ප්‍රතික්ශේප කරනවා අන්තර් භවය, එනම් මේ අප දැනට සිටින ජීවී අවස්තාවේ මෙන්ම ගතකරන අන්තර්භවයක් කිසිසේත් සිදු නොහැකි බව මොකද අප මිය ගියාට පසු කිසිදු ඉන්ද්‍රියක් තුලින් අපට ලෝකය ආශ්වාදය කිරීමට නොහැකි බැවින්. අවැසි අයට ඒ පොතේ පීඩීඑෆ් එක ලබාදිය හැක.


( මා මෙය බුදුදහමේ කිනම් ත්‍රිපිඨක පාටයක සදහන් වනවාද යන්න නොදනී. දර්ශනයද මා විශයක් ලෙස හදාරා ඇත්තේ දේශපාලන දර්ශනය පමනයි (සන්දෘශ්ඨික දර්ශනය හා මනස පිලිබද යම් යම් දේ මනෝ විද්යාවේදී ඉගෙන ගෙන ඇත) අනෙක් මේ ලියන දේ මා කියවූ මතකයෙන් ලියන බැවින් සීයට සීයක් නිර්වද්ය වාඛ්යම මට ලිවීමට හැකි නොවනු ඇත එහෙත් මා මාගේ සිතුවිලි ටික මෙසේ ගොනු කරමි.) 


 අපට ඉන්ද්‍රීන් 5ක් ඇත. ශබ්දය, රස, ස්පර්ශ, ගන්දය සහ රූප අප ඒ ඉන්ද්‍රීන් තුලින් ආශ්වාදය කරමු. එය ආශ්වාදය කිරීමට ප්‍රදාන වශයෙන් හේතු වන්නේ මනසේ අප බාහිර ලෝකයේ තිබෙන්නා වූ දේ එසේ තිබෙනවා යයි ඇති වන්නා වූ මානසිකමය අවස්තාවය. මනස එසේ දෙයක් නොතිබුනා යයි සිතන්නේ නම් අපට එහි ආශ්වාදයක් හෝ වේදනාවක් නොමැත. උදාහරණයක් ලෙස ඔබ කුඩා කල ඔබට ඔබේ මව "ඔබේ මව" ලෙස කිසිවෙකු හෝ කියා නොදුන්නා නම් ඔබට ඇය තවත් එක ගැහැනියක පමනි. අප ශරීරය සහ සොබාදහම සෑදී ඇති ආකාරය අනුව අප ජීව විද්යාත්මක සාධකද මේ මනසේ ඇතිවන බැදීම් සදහා යම් ක්‍රියාවක් ඉටු කරයි. උදාහරණයක් ලෙස නුඹ යම් යුවතියකට ආකර්ශනය වේ. මේ ආකර්ශනයට ප්‍රධානම හේතුව ජීව විද්යාත්මක යයි මම සිතමි. එනම් හෝමෝන ක්‍රියාකාරීත්වය (endocrine system and neurotransmitters) හා නියුරොට්‍රාන්ස්මිටර්ස් නම් මොලයේ නියුරෝන සෛල වල අග තිබෙන යම් රසායනද්‍රව්යයක්, (නුඹට සතුට, දුක ඇති වීමට හේතු වෙයි, සෙරටොනින්, ඩොපමින් වෙනි), ඔක්සිටොසින් වෙනි හෝමෝනද මේ ප්‍රේමනීය ක්‍රියාවලිය සදහා හේතු වේ.


ඉන්පසු ඇතිවන්නේ යම් සන්නිවේදනයකි එනම් ප්‍රේමය පැවසීම, ඒ සදහා ලෝකයේ බිහිවී ඇති යම් යම් රොමාන්තිකමය ක්‍රියාවලින් සිදු කර්ගැනීම (රෝස මල් හුවමාරුව, රාත්‍රී සද එලිය යට සිප ගැනීම් වෙනි (pre learned from poetry, novels, movies and think it is as a romantic something justike kissing under the tower eiffel, we believe this activity as a romantic thing, cz we have seen so many images, movies read poetry, stories about kissing in Paris) , මේ බොහෝ ඒවා වෙලද පලේ නිර්මාණයන්ය). මේ සන්නිවේදනය ගල් යුගයේ කපල් එකක් උදාහරන ලෙස ගත හොත් සිදුවන්නේ වෙනස් ආකාරයටය. සමහර විට සන්න්වේදනයක් සිදු නොවීම යුවතිය බලසම්පන්නම පුරුශයාට හිමි වේ නිතරගයෙන්. පසුව සදාචාරාත්මක වැටවල් බැදීම සහ මානව නෛතිකමය, සමාජමය ප්‍රගමනයන් තුලින් අද මේ තිබෙන තැනට පැමින ඇත.


කෙසේ හෝ මේ දෙදෙනාගේ ප්‍රේමනීය සන්නිවේදනයන් හරි ආකාරව සිදුවූවොත් වර්තමාන සමාජයට සතුටු ලෙස කසාදකින් අහවර වනු ඇති යයි අප සිතමු. අවසානයේ ඇයද නුඹට අයිති වස්තුවක් යයි නුඹ සිතයි. නීති පොතේද ලියවී ඇත. සාක්ශිද ඇත. ඇයගේ සිත නුඹ දන්නේ නැත. සමහර විට ඇයගේ භෞතික ශරීරය නුඹ ලග තිබුනද ඇය නුඹ සයනයේ අනෙක් පස සිටියද ඇය සිත තිබෙන්නේ වෙනත් කෙනෙකු ලග විය හැක. මා මෙහිදී පවුල් උපදේශනය නොකරමි. මේ උදාහරනය ගත්තේ අප සිතේ අප නිර්මාණය කර ගෙන ඇති දේවල් වල ව්යාජත්වය ගෙන හැර පෑමටය. මිලියන බිලියන ගනන් උදාහරන දිය හැක. දැන් මම මගේ මේ ආටිකල් එකේ ප්‍රදාන පොයින්ට් එකට යොමු වෙමි.


මනස සියල්ල නිර්මාණය කරයි නම්, අපට ඇති වන සන්වේදනයන් වල වින්දනයන් හෝ විදීම් මනස තුලදීම සිදුවේනම්, ඒවා සත්ය බව මනස පිලිගන්නේ ශරීරය මනසට සම්බන්දන්වූ නිසා යැයි මා පෙර පැවසුවෙමි. ගන්න උදාහරණයක් ලෙස සිහිනයක්, අප සිහිනයක් දකිද්දී අප සිතන්නේ එය සත්යයක් කියාය. සමහර විට සිහිනය තුල අප තවත් සිහිනයක් දකිමු. ලුසිඩ් ඩ්‍රීමින් (Lucid dreaming) වල සිහින අපට වුවමනා ලෙස අප පරිහරනය කරමු. එසේනම් අප එහිදී ශරීරයද ඉන්වෝල්ව් වනවා යයි සිතයි. ශරීරයට දැනෙන රසාස්වාදයම සිහිනයදී අප විදී. සිහිනයේ නිරුවතින් ඇය සිටිනු දැක නුඹ ලිගුව ප්‍රාණවත් වේ. සමහර විට ස්වප්න මෝචනය ඇති වේ. එසේ නම් භෞතික ස්පර්ශයක් නැතිවම අප මොලයේ මනසේ වූ තෘප්තිමත් හෝ වේදනා අන්ශ සන්තෘප්ත වේ.


එනම් මනස අපට කරන්නේ විශාල මායාවකි. අප මේ ස්පර්ශයද සැබෑවක් ලෙස සිතුවද මෙයද යම්කිසි මායාකාරී අවස්තාවක් විය නොහැකිද. බිලියන ත්‍රිලියන ගනන් ග්‍රහ තාරකා අති විශ්වයක එලෙක්ට්‍රෝන මට්ටමකටත් කුඩා වන මනුශ්යන් වන අප මනස් තුල අප විශාල ලෝකයක් විශ්වයක් කරමත තබාගෙන ඇත. එහෙත් අඩු තරමින් ඒ ලෝකයේ විශ්වයේ සත්යාසත්යතාවයවත් අප නොදනී. අප විප්ලව කරමු, පන්චෛන්ද්‍රියන් පිනවමු, තවත් ප්‍රජනනය කර ජීවින් නිපදවා ඔවුන් අපේ යයි සිතා ජීවත් වෙමු.


සමහර විට මේ ජීවිතයේම සිදුවන දේ ශරීරය එක් තැනක තබා මනසේම අත්දකින ලෙස සැකසිය හැකි ක්‍රමයක් අනාගතයේ එනු ඇත (you are not aware that it is a game or living in a simulation) එවිට නුඹ ඒ මනස තුලම ඉපදී, ඉගෙන ගෙන, දරුවන් සාදා යම් යම් කන්ස්ට්‍රෙයින්ට් තුල ගත කර ( ගේම් එකක් තුල මෙන්) මිය යනු ඇත. එහෙත් සැබැවින් නුඹ කලදෙයක් නොමැත. මනස තුල වූ ගේම් එකක් නුඹ ආශාවන් හා ලොව අනෙකුත් සන්සිද්දීන් හා ගැටෙම්මින් යම් යම් සමතුලිතතාවන්ට පත් වෙමින් නැවත ඒවා බිදෙමින් ගේම් ඕවර් වෙන තුරු ප්ලේ කරනවා පමනි. ගේම් එකේ නුඹට පැවත්ම තහවුරු කරගැනීමට නුඹට රැකියා කිරීමට සිදු වනු ඇත. මැස්ලෝගේ හයරාකිය ඔස්සේ ගමන් කරනු ඇත. අවසන කාලය නිමාවනු ඇත. නුඹ සැබැවිනම ජීවත් වී ඇත්තේ ගේම් එකට වුවමනා ලෙස මිස නුඹට වුවමනා ලෙස නොවේ. කොටින් නුඹ, නුඹ කව්ද යන්න තේරුම් ගැනීමටද මේ ගේම් එක ඉඩ තබා නැත.


අවසානයි


දුලී


(ෆෝන් එකෙන් ටයිප් කලෙමි අක්ශර වැරදි ඇතොත් සමාවන්න)