වැස්සත් එක්ක බස් එකක නුවර යද්දි පරන මතකයන් ගොඩක් ඇවිස්සෙන එක නවත්තන්න අමාරුයි... ඉස්සර මේ වගේ හැම සෙනසුරාදම ඉරිදම ගම්පහ පන්ති යනව කියල පන්ති ෆීස් මාටිය ගහල කෙල්ල බලන්න නුවර ගිය ගොඩක් දවස් වල බස් එකේ සීට් එකක් හම්බුනෙ ඒ අවුරුදු දෙක තුනටම දවස් පහක් වගේ(පස්සෙ කාලෙක රිවිශන් පන්ති කට් කරල සතියෙ දවස් වලත් යන්න ගත්ත)... ස්කූල් වෑන් වල ඉස්කෝලෙ ගිය මම මුලින්ම අම්මලට බොරුවක් කරල සමාජෙට බැස්සෙ ඒ කාලෙ... ලන්ගින් හිටිය යාලුවො ගොඩක් උදව් කලා, සමාජෙ ගන්ජ කාරයො කියල හන්වඩු ගහපු එව්න් කන්න සල්ලි නැතුව ඉන්න කොට කන්න දුන්න... පන්සල් වලින් කෑවා... මොකද අම්මලගෙන් සල්ලි ඉල්ලන්න බැරි නිසා... මැත්ස්, පිසික්ස්, කෙමිස්ට්‍රි, මේ හැම පන්තියක්ම කට් කරල මට මාසෙම නුවර අදින්න සල්ලි එකතු උනේ, 1500ක් වගේ... ඕකෙන් රෝල ගැහුව...
අන්තිමට ටෙම්පරි ජොබ් කරන්නත් ගියා ඉස්කෝලෙ කට් කරල, හැබැයි, ඒ ඔක්කොම කම්කරු ජොබ්. පදවිය මොනරාගල පැත්තෙ කොල්ලො එක්ක ලන්ච් එකට 8 දෙනෙක් එකට නිදාගන්න රූම් වල එකට කෑම කෑවා... අන්තිමට කෙල්ල නම් මට නැති උනා... ඒකි මොරටු මම පලවෙනි පාර විබගෙ ලිව්වෙත් නැහැ. දෙවෙනි පාර 3ම ෆේල් උනා, 3 වෙනි පාර ගොඩ ගියා, 3 වෙනි පාර පන්ති යද්දි ඇස් වලට කදුලු ආව. මම ටකරන් වහලයක් යට අම්බ ලී බන්කුවක් උඩ, ලව් කල කෙල්ල වෙන එකෙකුත් දාගෙන, කැම්පස් එකෙන් හන්තානෙ නගින්න යන හැටි දැක්ක...
හැබැයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත... සමාජය, දුක, බඩගින්න, කම්කරුවො ගැන, තනියම සන්චාරය කරන හැටි, සන්චාරයෙදි සැලසුම් කරන හැටි... වගේම ආදරේ ගැනත්... මේ කියන්නෙ මට අවුරුදු 17,18,19 (2006,7,8) වගේ කාලෙ ගැන...මේ කාලෙදිම දෙශපාලනේ ගැන ලොකු ආසාවක් ආව, ඒ ඕලෙවල් කරපු කාලෙ කියෙව්ව එක පොතක් නිසා, වානේ පන්නරය ලැබූ සැටි පොත, මේ හැම දුකක්ම මට දුන්න පන්නරය ඒ පොතේ ප්‍රායෝගිකත්වය මගෙ ජීවිතේට ආදේශ කලා... මට කැම්පස් යන හීනයක් නම් තිබුනෙ නැහැ, හැබැයි ගුවන් යාන වලටයි, දේශපාලනික දේවලුයි ඉගෙන ගන්න ආස කලා...
අවුරුදු 16 වගේ වෙද්දි එකල ජවිපෙ පලාත් සබා මන්ත්‍රී හිටපු කුලසිරි සහෝදරයයි, ප්‍රාදේශීය සබාවෙ හිටපු ජවිපෙ සාමාජික සුමිත් සහෝදරයයි මට සාමජිකත්වය ගන්න කිව්වෙ එක පාරක් දහම් පාසලේ කතික හරි විවාද හරි තරගෙකදි සෙට් උන එකේ ෆිට් එකට. අන්තිමට පන්ති පහත් ගොඩ දැම්ම. දැන් ඒකෙ තිබ්බ සමහර දේවල් අමතකයි. අපි වැඩවසම් ක්‍රමය ගැන, සමාජවාදය ගැන එලි වෙනකම් සාකච්චා කලා. නාරන්වල තිබ්බ ජවිපෙ කාර්යාලෙදි. නුවර ගිහින් එන්න පරක්කු උන දාට කාර්යාලෙට වෙලා පොතක් බල බල නයිට් ගැහුව. කොහොම හරි ජ්විපෙ අබ්යන්තර ප්‍රශ්න එන්න ගත්ත, විමල් වීරවන්ශල කැඩුන. තව ප්‍රශ්න ආව. මට උසස් පෙල තුන් වෙනි පාර කරන්න උනා. නාරන්වල කාර්යාලෙ අයින් කලා. මේ දේවල් එක්ක මගෙ ගමනත් වෙනස් උනා. ඇත්තටම ඒ කාලෙ උන දේවල් එක්ක මටත් එල්ලිලා මැරෙන්න තිබ්බ. ඒත් සමාජ වාදියෙක් කියන්නෙ සටන් කාමියෙක්. ඔහු කවදාවත් සටන අත අරින්නෙ නැහැ. ජීවිත සටනෙ එන හැම අබියෝගයක්ම දෙන ආතතිය අන්තිමට ස්ව ආත්මීය විප්ලවයක් විදියට එලියට එනව. ඒකට දයාලක්තික බවුතික වාදෙදි පිම්මක් එක්ක එන පරිවර්තනයක් කියනව. ඒ පරිවර්තනය වෙන්න අනිවාරයෙන් සටනක් කරන්නම වෙනව.
ඒලෙවල් ෆේල් වෙලා, කෙල්ල නැති වෙලා, පව්ලෙ එකම ලමය විදියට වගකීම් එක්ක මානසික වශයෙන් ආව ආතතිය මම සටනක් කරගත්ත. අද මම වැඩ කරන්නෙ ගුවන් යානා එක්ක, දෙශපාලනේ ගැන උපාදියකුත් කරන ගමන්. මේ සටන යම් ප්‍රමානෙකට දිනපු නිසා. නුවර යන්න රුපියල් 1500 හොයන්න මොනරාගල පැත්තෙ කොල්ලො එක්ක ටෙම්පරි ඇද්ද මම අන්තිමට මගෙම සල්ලි වලින් ජර්මනිය, ප්‍රන්ශෙ, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තෙ වගේ රටවල් සන්චාරය කලා. මාර්ක්ස් වාදය හොයා ගත්ත කාල් මාර්ක්ස් ඉගෙන ගත්ත විශ්ව විද්යාලෙ යම් කාලයක් දේශපාලනේ ගැන ඉගෙන ගෙන සහතික ගත්ත. මේ ඔක්කොම අවුරුදු 8ක් ඇතුලත. එත් අර මුලින් හම්බුන සමාජෙ ගන්ජ කාරයො කිව්ව උන් තාම මාත් එක්ක සෙට් වෙනව. ඇයි මම මේ දේවල් කිව්වෙ. මගෙ ලොකුකමටද... ඇත්තටම මට ලොකුකමක් පෙන්නන්න සමාජය විසින් ආර්තික ස්ටේටස් මනින කිසිම දෙයක් නැහැ. කාර් එකක්, අයි ෆෝන්, හොද ඔරලෝසු, බ්‍රෑන්ඩඩ් සපත්තු. මේ මොකුත් මා සතු නැහැ. හැබැයි පොත් ගොඩාක් තියෙන රාක්කයක්, ප්ලේන් වලින් බිමට පැනල පවා ගත්ත සහතික ටිකක්, හොන්ද බොක්කවල් ටිකක් ඉන්නව.
මම ලන්කාවෙ පලවෙනි පන්තියෙ මිනිස්සු ප්‍රාඩෝ වලින් යන පාටි, සමුලු වගේ ඒවට මගෙ ඩිස්කවරි බයික් එකේ රුපියල් 150ක් පෙට්‍රල් ගහල අව්වෙ වැස්සෙ තෙමීගෙන තවමත් යනව. ඒක මම ගොඩක් ආසවෙන් කරනව. සමාජ පන්ති 3 අතරම මම දොලනය වෙනව. කවදාවත් පලවෙනි පන්තියට යන්න ආසවකුත් මගෙ තිබුනෙ නැහැ. මොකද මම මේ සල්ලි වලින්, එක එක සල්ලි වල බලය පෙන්නන බඩු වලින් දැක්කෙ හරියට සෙල්ලම් ගෙවල් හදන ලමයි සෙල්ලමට කෝම් පිට්ටු හදනව වගේ. අද තියෙනව හෙට නැහැ. ක්‍රෙඩිට් කාර්ඩ්, ගෙවා ගන්න බැරි ලෝන් අරන් අනික් එකාට වඩා පොරක් වෙන්න තරගෙට වාහන ගන්න උන්, තට්ටු ගෙවල් හදන උන් මට විහිලුවක් උනා... උපතින් සල්ලි තිබ්බ උන් නම් තව කමක් නැහැ.
මම ලන්කාවෙ මෝටර් සයිකලයෙන් ගිය තැන් ප්‍රාඩෝ එකක ගියාට වඩා මම මගෙ ආත්මයෙන්ම වින්ද. හේන් ගොවියො, දීවරයොන්ට දැනෙන රස්නෙ මටත් දැනුන. (මේ හැම ගමනකටම මගේ ගමන් සගය ලක්ශ්මනුත් සම්බන්ද උනා) . ලන්කාවෙ ඇවිද්ද සල්ලි, රටවල් වල ඇවිද්ද සල්ලි එකතු කලා නම් මටත් අඩු ගානෙ ප්‍රියසි එකක්වත් ගන්න තිබ්බ. හැබැයි. මගෙ මනසින් මම ගොඩක් අතෘප්තිමත් වෙන්න තිබ්බ. මේ හැම දේටම ලන්ගින් හිටිය සහෝදරවරු සෙට් එකක් හිටිය. උන්ටික නැත්තම් මම කොහෙ ඉන්නවද කියල හිතා ගන්නත් බැරිවෙයි. පත්තර කාරයෙක්, (පුවත්පත් මාද්ය වේදියෙක්) විදියට වැඩකල මගෙ තාත්තට මේ හැම දේටම මුදල් වලින් උදව් කරන්න බැරි උනත්. මගෙ හැම දේම තේරුම් අරන් උදව් කලා.
දන්නෙම නැතුව පේරාදෙනියටත් ඇවිත් බස් එක.
මම මේකෙන් කියන පොයින්ට් එක මෙච්චරයි. අපේ ජීවිත මුවහත් වෙන්නෙ අපි සමාජෙ ලෝකෙ එක්ක, දැනුම එක්ක ගැටෙන තරමටයි. අපේ ගමන සාම්ප්‍රදායික මුදල් සහ දේවල් හබා යන අයට තේරුම් ගන්න අමාරු වෙයි. ඒත් ඒ දේවල් හබා යන ගමන ඉවරයක් දකින්න පුලුවන් දෙයක් වෙයි කියල හිතන්න බැහැ. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන දේ හිතේ දැක්ම කරන් යන ගමන ඇත්තටම ගොඩක් තෘප්තිමත් වෙයි. ඒ වගේම සරල බව තුල තිබෙන සුන්දරත්වය. කලාව සාහිත්යය තුල කිමිදෙන්න වෙලාව හොයාගන්න. ජීවන සටන අත අරින්නම එපා. "පිම්ම" කියන දේ අපි රටක් විදියට පැන්න දවසට අර මම බූට් කාපු කාලෙ, විබාග ෆේල් වෙච්ච කාලෙ පැන්න පිම්ම නිසා ගොඩක් දුර ආව වගේ අපේ රටත් කෙටි කාලෙකින් ගොඩක් දුර අරන් යාවි.
බස් එකේ යන ගමන් ටයිප් කල නිසා වැරදි ගොඩක් ඇති. ඒකට සමාවෙන්න. මේ කිව්ව හැම දේටම සාක්ශි මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඒකාලෙ ඉන්දන් මගෙ ලන්ගින්ම ඉන්න සහෝදර සහෝදරයින් කියාවි... විශේශයෙන් Deepananda Welipathayaye හාමුදුරුවොත් , ලක්ශ්මන් LakshmanChaudhry,නුවන් Nuwan Kumarapeli ලුක්ශන Luke Egodawaththa Lukshana Chamila , PrasannaJayarathna ගේව උන් ඒ කාලෙ මගෙ ලන්ගින්ම හිටිය.
කෑගල්ල හරියෙදි ලියන්න පටන් ගත්තා. දැන් නුවරටත් ආවා...
දුලී
චායාරූපය - වම් පැත්ත, නුවර හුන්නස් ඇල්ල මගේ පලමු පෙම්වතිය සමග (ඇයව ඉවත් කර ඇත.) 2007
දකුන, බර්ලින් කාල් මාක්ස් එන්ගල්ස් පිලිමය බර්ලින් ජර්මනිය. 2017
No comments:
Post a Comment