Powered By Blogger

Thursday, May 20, 2021

Life Changers...!

 ----------- මා දිවියේ විවිදාකාර අහඹු පුද්ගලයන් කිහිප දෙනෙක් මිතුරන්, හා ගුරුවරුන් කිහිප දෙනෙක් මහට පැවසූ රුවන් වැකි හා වටිනා ඔවදන් කිහිපයක් -----------


"මල්ලි පුලුවන්නම් පුරුදු වෙයන් එක දවසක් ඇතුලත එකිනෙකට සම්බන්ද නොවන වැඩ කිහිපයක යෙදෙන්න. උදාහරනයක් විදියට උඹ පැයක් පාඩම් කරනව, ඊලග පැයේ උඹ යාලුවො එක්ක සෙල්ලම් කරපන්, ඊලග පැයේ ටී වී එක බලපන්, ආයෙත් පාඩම් කරපන්. මේ ස්කිල් එක තමයි ලෝකෙ ගොඩක් දක්ශ සී ඊ ඕ ලා අලෙවිකරන ප්‍රවීනයොන්ගෙ ජීවන රටාව."


(2007 අවුරුද්දේ බසයක හමුවූ කැලණිය විශ්ව විද්යාලයේ අලෙවිකරන උපාදිය හදාරන අයියා කෙනෙක්. නමක් ගමක් නොදනී. I was in grade 12) 


" සර් ඔය බොන සිගරට් එකක ගාන දැන් 65ක් නේද? සර් මෙතනම දවසට සිගරට් 3ක් බොනව. ගෙදරදිත් බොනව ඇති. සර් මේ සල්ලි එකතු කලොත් අවුරුද්දක් කීයක් වෙයිද. අපේ පඩිය සති අන්තෙත් වැඩ කරල 30000ක් වත් නෑ. සර් 10000ක් විතර මාසෙට වියදම් කරනවා. ඒ අස්සෙ ලෙඩ. සර් කැමතිනම් නවත්තල මේ සල්ලි ටික එකතු කරල පොතක් පතක් ගන්න සල්ලි නැති දරුවෙක්ට දෙන්න."


(අබාන්ස් ආයතනේ පිරිසිදු කරන්නියක්. නම නොදනී.) 


" පුතා මනුස්සයෙක්ට ජීවිත කාලෙ ගොඩක් දේවල් කරන්න හිතුවට ඒ හැමදේම කරන්න වෙන්නෙ නෑ. ඒක නිසා හොදටම පුලුවන් එක දෙයක් ප්‍රගුන කරන්න."


මගේ පලමු පෙම්වතියගේ පියා, මෙය ඔහු මට පවසද්දී මම ඇයගේ පෙම්වතිය බව ඔහු නොදනී. ඔහු ප්‍රවීණ කතුවරයෙක් මෙන්ම ගුරුවරයෙකි.


"මල්ලි ජීවිතේ වෙන්න තියෙන ඔක්කොම දේවල් වලට මූණ දීපන්, වෙන්න තියෙන ඕනෙම නරක දේකට මූණ දීපන්,ඒවට වෙන්න ඉඩ ඇරපන්, එහෙමයි නියම පිරිමියෙක් හැදෙන්නෙ."


(අජිත් අයියා Ajith Kalubowila, ඊයෙ බීර වීදුරුවක් පානය කරමින්.) 


"හාම්ලස්, යුස් ලස්" .... Harmless, useless (වැට කොල පතෝල වගේ ජීවත් වෙන උන්ගෙන් ඇති වැඩකුත් නෑ වගේ දෙයක්)


" කවුරුත් නුඹ දෙස නොබලන කලත් නුඹ හරි දේ කරයිනම් එයයි නියම ගුණය. " (lessons of integrity) 


(අතුල සර් Athula Seneviratne) 


"මේ හිත ඉල්ලන හැමදේම හිත බලාපොරොත්තු වෙන හැම දේම ඉල්ලන්නෙ ඇත්තටම ඔබේ මමත්වය. මේ ගරු නම්බු නාම ලැබෙද්දි දැනෙන සතුටත්, ඒව නැති වෙද්දි එන දුකත් ඔබට ලැබෙන්නෙ මමත්වය තෘප්තිමත් කිරීමේ අරගලය නිසා. මමත්වය සහ ඔබ වෙන් කර ජීවත් වීමට පටන් ගත් තැන ඔබගේ ජීවිතය පටන් ගනීවි."


(කල්යාණ මිත්‍ර උපුල්, නිල්ලඹ භාවනා මද්යස්තානය. )




ඉතින් මා අවසානයේ පවසන්නේ, රුවන් වැකි ජීවිතය වෙනස්ම ආකාරයකට දකින්න උපදෙස් දෙන වැකි අපට හමු වන්නේ මහා දාර්ශනිකයන් තුලින් පමනක් නොවේ. එදිනෙදා හමුවෙන මාර්ග පිරිසිදු කරන්නෙක් හෝ කුඩා පාසල් සිසුවෙකු හෝ නුඹ දවස එලිය කරන වදන නුඹට පවසනු ඇත. අවැසි වන්නේ නිවැරදිව සවන් දීම පමණි.


DuLee

No comments:

Post a Comment