පෙම් කරන්න පටන් ගත්තා විතරයි...
ඉස්සර පෙම්වතියො ගොඩක් හිටියා... හැබැයි පෙම් කරනව කියන දේ මොකද්දවත් කියල දැනන් හිටියෙ නැහැ. පෙම් කරන්න පෙම්වතියක් ඕනැ කිව්ව...
පෙම්වතියක් ලැබුනම එතන පෙමට වඩා තිබ්බෙ වස්තුවක් මගෙ ලග තියන් ඒක දිහා බලන් සිත පිනවීමක්, දැන් මටත් පෙම්වතියක් ඉන්නවා කියල පොඩි කික් එකක්... ඒත් එක්කම නැති වෙයි කියල බයක්... වෙන කෙනෙක්ට අයිති වෙයි කියල සැකයක්... එයාගෙ ශරීරය විතරක් නෙමෙයි සිතත් මට ඕන විදියට හිතනව දකින්න ආස කලා... මම හිතුව මම පෙම් කලා කියල... මම හිතුව එයාව නීතියෙන් මගෙ උනාම මගෙ පෙම දිනුම් කියල...
මම හිතුව මම පෙම් කලා කියල...
අද කිසිම පෙම්වතියක් නැතුව මම පෙම්වතෙක් වෙලා. මම පෙම් කරන්න පටන් ගත්ත විතරයි... එදා මම පෙම් කලේ නැහැ. තන්හාවක්, ආසාවක්, අපේ සිරුරු, මනස අපිව පාලනය කරන්න සොබාව දහම මැව්ව විදියට මම හැසිරුනා. ඊගෝවන් වලින් හදවත වැහිල ගියා...
අද, මම පෙම්වතෙක්... කිසිම පෙම්වතියක් නැතුවම...
මම ගතවන හැම මොහොතටම ආදරේ කරනව. පිනි බින්දුවකින් දැනෙන සිසිලසට මම පෙම් කරනවා, අර මේ දැන් මට පේන හද පලුවෙ සුන්දරත්වයට මම පෙම් කරනවා. ඈත අහසෙ පාවෙන වලාකුලු පියාබන වැහි ලිහිනියොන්ට මම ආදරේ කරනවා. මේ අවකාශය, කාලය, මට ගෙනන හැම මොහොතකටම මම ආදරේ කරනවා.
කොහේ හරි ඉන්න සමාන ආත්මයකට මා මුන නොගැහීම පෙම් කරනවා... මේ ගතවන හැම මොහොතක්ම ඇය වෙත මා රැගෙන යාවි... කෙදිනක හෝ...
මේ ජීවිතයේ නැත්තම් වෙනත් ජීවිතයක හරි...
ඔව් මම පෙම් කරන්න පටන් ගත්තා විතරයි...
DuLee
No comments:
Post a Comment