මායාකාර සිනහවක අයිතිකාරිය වෙත....
දිවි අවසන් වන තුරුත් මා නුඹට වෛර කරමි,
දිවි අවසන් වනතුරුත් මා නුඹට ප්‍රේම කරමි,
එහෙත් මා නැවත කිසිදිනක නුඹ හමුවට නොපැමිනෙමි,
නැවත කිසිදිනෙක මා නුඹට නොලියමි,
නුඹ උතුරු එලිදෙස බලා දිනෙක නුඹෙන්ම විමසාවි,
ඔහු මට සැබැවින්ම පෙම් කලාද?
නුඹට පිලිතුරු ලැබේවි,
නිල් අහසේ ඔහේ පාව යන වලාකුලු නුඹට පිලිතුරු දේවි, මේ හිස් බව තුල මා නිශ්ෂබ්දව නුඹට කොතරම් පෙම් කලාද යත්,
වෙරල අද්දර දම්පාට හැන්දෑවක බැස යන හිරු නුඹට පිලිතුරු දේවි, ප්‍රේමයේ අවසන් හාදුව, අවසන් බැල්ම කෙතරම් සුන්දරද ප්‍රේමාන්විතද යත්, නුඹව ස්පර්ශ කල අවසන් දින නුඹ හුස්ම මා හුස්ම හා මුසු වූ අවසන් මොහොත කෙතරම් සුන්දරද යත්,
ශීත රාත්‍රියක පායන සද නුඹට පිලිතුරු දේවි,
නුඹේ මුලු ලොවම අදුරු වූවත් ඈත සිට නුඹ දෙස බලා ප්‍රේමයේ චන්ද්‍රාලෝකයෙන් නුඹව වෙලාගත් සොදුරු ප්‍රේමවන්තයා කව්ද යත්....
මා නුඹට වෛර කරමි, එහෙත් මා නුඹට ප්‍රේම කරමි.....
DuLee
No comments:
Post a Comment