ප්‍රේමය ගැන ප්‍රේමයකින් තොරව ලියමි,
මා ප්‍රේමය ගැන යම් විශ්වාසයක් තිබේ නම් එයට එකම හේතුව මගේ දෙමව්පියන්ගේ තුල තිබූ ප්‍රේමයයි. මා ප්‍රේමයට වෛර නොකරමි. එහෙත් මා වර්තමාන ප්‍රේමය කෙරෙහි කිසිදු ඇල්මක් නොදක්වමි. ඔබ ඉදිරියේදී එයට හේතූන් වටහා ගනීවි. එය වර්තමාන ප්‍රේමය කෙරෙහි මා සිතෙහි ඇති වූ කුහක හැගීමක්ද නැතහොත් හේතු සහිත වූ කෙතරම් සාධාරන හැගීමක්ද යයි නුඹ වටහා ගනීවි.
මා මුලින් කියුවා සේ මා මෙලොව දුටු සාර්ථකම පෙම් කතාව දුටුවේ මා දෙමව්පියන් තුලිනි. ඔවුන් විවාහ වූයේ යෝජනාවකිනි. ඒ වනවිටත් දෙදෙනාම 30 පැනපු අයය. ඔවුන් කිසිදා වැලන්ටයින් කියා දිනයක් නම් සමරා නැත. ඔවුන් අතර රෝස මල් හුවමාරු වූයේ නැත. එහෙත් මාගේ පියා වැඩට ගිය අවසන් දිනද වැඩ ඇරී එද්දි (මිය යන්න මසකට පමන පෙර) අම්මට උලුදු වඩේ සහ පරිප්පු වඩේ ගෙනාවා මතකය. ඒ අම්මාගේ ප්‍රියතම අහරක් විය. තාත්තා මිය ගිය පසු මා ගෙදර තිබෙන පුටු සැටිය වෙනස් අතකට හැරවීමි. එයට හේතුව නම් ඔවුන් දෙදෙනා වැඩ වලින් නිදහස් වන සෑම වෙලාවකම, විශේයෙන් ඉරිදා දින වලදී ඒ පුටු සැටියේ හිදගෙන එක්ව රූපවාහිනී නරඹනු මැවි මැවී මට පෙනීමයි. අම්මා තාත්තාට වඩා මදක් වැඩිමල්ය. ඔවුන් දෙදෙනා වඩාත්ම ප්‍රිය කල සිහිනයකි රෑ සන්ගීතමය වැඩ සටහන බලන්නේ එකිනෙකාට හේත්තු වීගෙනය. අතින් අල්ලාගෙනය. එවිට මට මදක් ඉරිසියා සිතේ. අපේ ජෙනරේශන් එකේ එවැනි සරල සුන්දර ප්‍රේමයන් මුන ගැහේදැයි මට විශ්වාසයක් නැත. ඔවුන් එක්ව සිනමා පට නරඹන්න යයි.( 60 පැන්න පසුවද) එක්ව සන්ගීතමය රාත්‍රීන් නැරඹීමට යයි. ඒ මෝටර් සයිකලයේ නැගීය. මාගේ මව කිසිදා මාගේ පියාට කාරයක් අවැසි යයි හෝ විශාල ගෙවල් අවැසියයි හෝ පවසා නැත.
මම මසකට සැරයක් දෙකක් ඔව්න්ට පීසා එකක්, බර්ගර් කින්ග් එකෙන් කේ එෆ් සී එකෙන් මොනවා හෝ ගෙනවිත් දේ. ඒ අප ජෙනරේශන් එකේ ඒවා රසවත් මිලවැඩි අහර (Branded) යයි පිලිගන්නා බැවිනි. මට ඔවුන්ට හොදම දේ දෙන්න අවැසි බැවිනි. එහෙත් ඔවුන් දෙදෙනාම මට පවසන්නේ "ඇයි උඹ මේවට වියදම් කරන්නේ මීට වඩා අපි කැමති කොස් ටිකක් තම්බන් කිරි හොදි කරවල කෑල්ලක් එක්ක මිරිස් ටිකක් බැදල බඩ පිරෙන කම් කන්න".එවිට මට තරහ යයි. මම ඔවුන්ට කියන්නේ "කොහෙද ඉතින් පිනක් නෑනෙ පීසා කෑල්ලක් රස බලන්න" කියාය. ඔවුන් ඉතින් මගේ සිත සැදීමට පීසා කෑල්ලක් කයි. ඔවුන් සතුටු කරන ආකාරය සිතාගැනීමට මහට විටෙක උගහටය. යම් භාන්ඩයක මිල හෝ, බ්‍රෑන්ඩ් එක හෝ ඒ ගැන ඇති සමාජමය මතය ඔවුන් ගනන් නොගනී. ඉතින් ඔවුන්ට හොදම දේ දීම මහට ගැටලුවක් විය. ඔවුන් දෙදෙනාගේ ප්‍රියතම ඩේට් එක වූයේ මෝටර්සයිකලයේ නැගී මාගේ මවගේ මහ ගෙදර යාමය, රෑ බෝවී එනගමන් කොහේ හෝ ආප්ප කඩයකින් ආප්පයක් දෙකක් කා ප්ලේන්ටියක් බීමය.
තාත්තා රෝහල් ගතවන දිනයේ (Jayawardanapura hospital) අම්මාට සමු දුන්නේ ඒ ඔහු මගේ මවගෙන් ඈත් වන දිනය බව නොදැනය. මොකද ඔහුට මාගේ මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ වාඩි වී ඇවිද යාමටද හැකියාවක් තිබුනු බැවිනි. යාමට පෙර ඔහු හරියටම මසකට ඇතිවන්න හාල් පරිප්පු සහ අවැසි සෑම දෙයම ගෝනියක දාගෙන ගෙනවිත් තිබුනි. රෝහලේ සිටි සෑම දිනකම ඔවුන් දෙදෙනා සිටියේ මල් කඩමින්ය. අම්මාට ඔහු ගන්නා පලමු ඇමතුම උදේ පාන්දර 5ටය.අම්මා දුරකතනය ලග තබාගෙන නොනිදා ඒ ඇමතුම එන තුරු බලා සිටී. කොරෝනා නීති අනුව තාත්තා බැලීමට යාමට හැකියාව තිබුනේ එක් අයෙකුට පමනි.
කකුලේ දියවැඩියා තුවාලයකින් වේදනා විදින මාගේ මව රැගෙන යාම මහට ලේසි නොවීය. ඇය ඇතුලට යනවානම් මා එලියේ සිටිය යුතුය. ඇයට තනිව 21 වාට්ටුවට යාමට නොහැකිය. ඉතින් මා තනිවම තාත්තා බැලීමට ගියෙමි. පසුව අම්මා බැලීමට අවැසි යයි තාත්තාද, තාත්තා බැලීමට අවැසි යයි අම්මාද පෙරලි කරන්නට විය. මා එක් දිනෙක අම්මාවද රැගෙන යම් ඇදුරුම් කමක් ඔස්සේ 21 වන වාට්ටුවට (Nephrology ward) ඇයව රැගෙන ගියෙමි. එදින මා දෙදෙනාටම හොරෙන් තාත්තාගේ සහ අම්මාගේ ඇස් දෙස බැලුවෙමි. ඒ ඇස් සතුටින් දැල්වෙනවාය. තාත්තාගේ මුහුනට සද එලිය වැටුනා සේය. මහට කදුලු නවත්වා ගැනීමට බැරි විය. එහෙත් එතන සිටි නර්ස් ලා මා සමග පෙරලි කරන්න විය. මහට එලියෙන් සිටීමට සිදු විය. ඒ මාගේ මව සහ පියාගේ වූ ප්‍රේම කතාවේ එකිනෙකා මුන ගැසුනු අවසන් දිනයයි. එකිනෙකා දෙස ප්‍රේමයෙන් බැලූ අවසන් අවස්තාවයි. මා අම්මාට පොරොන්දු වුනෙමි, තාත්තාව කෙසේ හෝ යහතින් නැවත ගෙන එන ලෙස. එහෙත් එය මහට කිරීමට නොහැකි විය. ඉන් දින 10කට 15කට පසු තාත්තා මිය ගියේය. මිය යන්න පැය 6කට 7කට පමන පෙරද ඔහු අම්මාට ජන්ගම දුරකතනයෙන් ඇමතීය. සිතා ගන්න පුලුවන්ද තාත්තාගේ පන සුන් සිරුර අම්මා නිවසට පිලිගත් ආකාරය. මා මෙය ටයිප් කරද්දී මාගේ අත් දෙක වෙව්ලයි. ඇය සැමදා නිදාගන්නේ ඔහුගේ ජන්ගම දුරකතනය ලග තබාගෙනය. රෙදි සෝදද්දී ඔහුගේ රෙදිද සෝදයි. මට ප්‍රේමය ගැන මීට වඩා උදාහරනයක් නැත.
ඉතින් මා ඒ කතාව ඔස්සේ ප්‍රේමය යන මාතෘකාව තුල තවත් කිමිදෙමි. රොමාන්තික ප්‍රේමය, ශෘන්ගාරාත්මක ප්‍රේමය, කිසිදා නොලබන ප්‍රේමය, අනියම් ප්‍රේමය, මේ සියල්ල මුසු වූ ප්‍රේමය, ඒක පාර්ශවික ප්‍රේමය, මේ සියල්ල මා විද ඇත. විවිද නාම ඔස්සේ ප්‍රේමය වර්ගකොට ඇත. විවිද දාර්ශනිකයන් ප්‍රේමයේ සියලු වර්ගයන් වර්ග කොට ඇත. තවකෙකු ලින්ගිකත්වය වෙනෙකුගෙන්ද ප්‍රේමය තවකෙකුගෙන්ද ලබා ගැනීම සාධාරනීය කරනය කරනු ඇත. තවකෙකු තම ගැහැනිය තවත් මිනිසෙකු සමග බෙදාගෙන ඔහුගේ ගැහැනිය හා නිදාගැනීමට ආසා වනුඇත (Swapping) . මෙවැනි අවසතා සියල්ල මා දැක ඇත. වර්තමානයේ ප්‍රේමය තුල රෝස මල් ඇත, රුපියල් 800ට පැය දෙක සිටින රූම්ස් ඇත. එකිනෙකා තම තමන්ගේ ආර්තික මට්ටමට ගැලපෙනයුරින් සතුටු කිරීමට භෞතික දේ අරන් දෙනු ඇත.
නැති බැරි ප්‍රේමවන්තයා සෙරෙප්පු දෙකක්ද, ඇති හැකි ප්‍රේමවන්තයා අයි ෆෝනයක්ද අරන් දෙනු ඇත. එහෙත් ඔවුන් සැබෑ කල් පවතින ප්‍රෙමයක උරුම කරුවන්ද කියා ඔවුන්ටම විශ්වාස නැත. අද කැමතී කියූ පෙම්වතිය සමග හෙට දින ලින්ගිකව එක් වේ. සමහර විට ඈද එය බලාපොරොත්තු වේ. ඉන් පසු මසකින් දෙකකින් දෙදෙනාට දෙදෙනා එපා වේ. තම පෙම්වතිය හෝ පෙම්වතා එපා වද්දී මීලග චොයිස් එක මෙනු එකේ මේත් සමගම තෝරයි. සමාජ අඩවි මෙයට හොදම තෝතැන්නකි. විවාහ වී වසර ගනනාවක් ගියද ඔවුන් තම සහකරු සහකාරියන් එපා වද්දී මීලග චොයිස් එක ඉතා පහසුවෙන් සොයා ගනී. මාද මගේ ජීවිතයේ එවැනි සබදතා වලට ගොදුරුව නැත යයි නොපවසමි.
මා ඔවුන්ට එක තැන දුක් විදිමින් සිටින්න යයි නොපවසමි. එහෙත් කසාදය හුදෙක් ඔහේ කරගන්නවාට වඩා දෙදෙනා ගැන මනා අවබෝදයකින් විවාහ වන්නන් ඉතා අඩුය. එබැවින් අවසානයේ සිදු වන්නේ එක්කෝ දරුවම් වෙනුවෙන් හා යුතුකම් වෙනුවෙන් ජීවත් වීමටය. නැතහොත් අනියම් රස විදීමය. ගැහැනිය පිරිමියාට හොරෙන් අනියම් රස විදී, පිරිමියා ගැහැනියාටහොරෙන් අනියම් රස විදී. අවසානයේ රාත්‍රියේදී එකම සයනයක දෙදෙනා ආදරයෙන් සැතපෙයි. එහෙත් එය ව්යාජ ලෙන්ගතුකමක් පමනි. ඔවුන්ගේ ශරීර ගැටුනද ඔවුන්ගේ මනස ඇත්තේ දහවල් අනියම් සුව විදි ඇය හෝ ඔහු කෙරෙහිය. සමහර වුන් නම් මෙයට එකගය. ඔවුන් එකිනෙකාට ඒවා හන්ගනේ නැත. මට සැබැවින්ම එය වටහාගැනීමට අපහසුය. මට එය විකෘතියක් පමනි. විවිද දාර්ශනිකයන් යයි පවසගන්නා වුන් සිය මනස් වල ඇති සෙක්ස් ෆැන්ටසීන් සාධාරනීයකරනය කරමින් ලියයි. ඉතින් යටි සිතේ තවමත් ගල් යුගයේ ලින්ගික ආශාවන් ඇති මිනිසුන් සහ ගැහැනුන් මේ දාර්ශනිකයන්ගේ මත හිසෙහි තබාගෙන වටේ යති. මා මෙහි අවසානයට මනෝ චිකිත්සක වික්ටර් ෆ්‍රැන්කල්ගේ (දිවි අරුත කිම ලේඛක හා දෙවැනි ලෝක යුද්දයේ දිවි ගලවාගත් යුදෙව් වෛද්යවරයෙකු වේ) ප්‍රේමය හා ලින්ගිකත්වය ගැන යම් උපුටා ගැනීමක් දමමි.
ප්‍රේමය විදීම හා විදින ආකාරය එකිනෙකාගේ බුද්දි මට්ටම්, නිර්මානශීලීත්වය හා හෝමෝන ක්‍රියාකාරිත්වය මත වෙනස් වනු ඇත. ජීව විද්යාත්මකව මොලයේ ඇති ඩොපමින්, සෙරොටොනින් වැනි නියුරෝට්‍රන්ස්මිටර්ස් හා ඔක්සිටොසින්, ටෙස්ටෙස්ටෙරොන්, ඊස්ට්‍රජන් වැනි හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා ප්‍රේමය ඇති වේ. මොන දාර්ශනිකයන් මොන කතා කියුවද, මොන කවියා කිනම් අයුරින් ප්‍රේමය ගැන ලියුවද මෙහි ඇති ජීව විද්යාත්මක පදනම මෙයය. බල්ලෙකුගේ හා වෙනත් තිරිසන් සතෙකුගේද මෙය මෙලෙසම සිදුවනු ඇත. ඔවුන්ද එකිනෙකාට ඇලෙනු ඇත. එහෙත් එය ආත්මීය තලයකට රැගෙන යාමට තරම් ඔවුන්ගේ මනස විකාශනය වී නොමැත. එබැවින් ඔවුන් අසුවන තම වර්ගයේ සතෙකු සමග ලින්ගිකව එක්වීමට මැලි නොවේ. එය හා වර්තමානයේ බොහෝ මානව ලින්ගික සබදතා අතර වෙනසක් සොයාගැනීමට මට උගහටය.
ආත්මීය ප්‍රේමයක් සැබැවින්ම තිබේද?
එය තවම මාද සොයමි. එහෙත් එය මා මව මාගේ පියා දෙස නෙත් යොමු කල, මා පියා මාගේ මව දෙස අවසන් වරට බැලූ මොහිතේ අත්වින්දෙමි. ඔවුන් සැබැවින්ම වාසනාවන්තය. ඔවුන් මට පසක් කලේ ජීවිතයේ මහා ලොකු භෞතික දේවල් නොතිබුනද ආත්මීය ප්‍රේමයක නුඹ සැනසීම අවසන් සුසුම වන තෙක් පිරී තිබෙන බවය. මා මිතුරන්ගේ දෙමව්පියන්ගේ ඇති අනියම් සබදතා ගැන ඔවුන් මට පවසා ඇත. මගේ හොදම මිතුරෙකුගේ මව මාගේ පියාගේ අවමගුල දිනයේ හඩා වැටෙන්නේ, අනේ මටත් මේ වගේ ප්‍රේමයක් තිබුනා නම් පුතේ කියායි.
ඉතින් හුදෙක් කාලය සමග පටු වීගෙන යන, එන්න එන්න තිරිසන් රසවින්දනය වෙත ඇදෙන මේ ප්‍රේමය සොයා ගැනීම සමහර විට ෆැන්ටසියක්ම වනු ඇත. කසාද බැදි පසු ප්‍රේමවන්තයා මිනිහා වෙයි, පෙම්වතිය මගෙ ගෑනි වෙයි. ඔවුන් පෙම් කරද්දී එකිනෙකාගෙන් සැගවූ විවිද පැති එලියට එන්න ගනී. මෙය පොදුධර්මතාවයකි (අන්ඩ්‍රෙ මොරිස් ගේ ස්ඵටීකරනය වු ස්ටීරියෝටයිපය බිදී යාම) . එහෙත් බුද්දිමත් ඉවසීමක් ඇති යුවල කාලය සමග යම් සමතුලිතතාවයකට පත්වේ. මේ ඉවසීම නැති වුන් වෙඩිමේ ෆොටෝ ඇල්බමය එලි දැක්වීමටද පෙර අනියමක පැටලේ. අවසානය තවත් ට්‍රෝපි ෆකර් කෙනෙක්ගේ ගොදුරක් වීම විය හැක. ( Trophy Fuckers අසුවන අසුවන කාන්තාව හෝ පුරුශයා සමග එක් වෙයි, එය ආඩම්බරෙන් තැන තැන කියවයි, මචන් මන් අරකිට ගැහුවා මේකිට ගැහුවා මෙච්චරක් ගැහුවා යයි). මෙහි අවසන් ගොදුර සිය දරුවන් විය හැක. දරුවන් ආදර්ශය ගන්නේ දෙමව්පියන්ගෙනි. ආත්මීය ප්‍රේමයක් නොමැති දෙමව්පියන්ගේ දරුවන්ද මේ තොරොම්බල් හා ලින්ගිකත්වය පමනක් පදනම් වූ ප්‍රේමයක උරුම කරුවන් වනු ඇත. බොරු නම් අද දින කාමර වල වැලන්ටයින් සමරන කීයෙන් කීදෙනෙක් තව අවුරුදු 20කට පමන පසු එක්ව සිටීදැයි සොයා බලන්න.
මා මෙය මනෝ වෛද්ය වික්ටර් ෆ්‍රැන්කල් ගේ පරිවර්තනයෙන් අවසන් කරමි.
📝DuLee
ලින්ගිකත්වය තුලින් එන උච්චතම සතුට පසුපස ඇති රහස කුමක්ද?
ලින්ගිකත්වය සහ සතුට, මේ සියල්ල වර්තමානයේ සන්දෘෂ්ටික රික්තයක් තුල ( ෆ්‍රැන්කල්ගේ existential vacuum idea අපිට අවශ්ය වන්නේ කිසියම් දෙයක තේරුම, අරුත දැනගැනීමනම් අරුත නොදැන ජීවත් වීම හිස් අවකාශයක් තුල ජීවත් වීමකි, අවසානයේ සියල්ල වෙහෙසක් බවට පත් වේ) නිශ්පලවූ තෘප්තියක් සොයා යාමකි. මෙහි ප්‍රතිපලය ලින්ගික උද්දමනයකි. හරියට මුදල් වල අගය කාලයත් සමග අවප්‍රමානය වීමක් සේ.
සෙක්ස් වලට තිබෙන්නා වූ අගය (not in financial sense) අඩු වන්නේ එය වර්තමානයේ මානුශීය ස්වභාවයන්ගෙන් ඈත් වන බැවිනි. (ධනවාදී පෙලබවීම් තුල සියල්ලටම ම්ලක් නියම වන්න ගනී, ඉල්ලුම් සැපයුම් න්යාය සියල්ලටම අදාල කරගන්නට මිනිසා පෙලබෙයි.) මිනිසුන්ගේ ලින්ගික ක්‍රියාවලිය භෞතික ශරීරයන් අතර වූ සම්බන්දයට වඩා බොහෝ එහා බුද්දිමය, ආත්මීය අවස්තාවක තිබිය යුතු දෙයකි. (මිනිසුන් සහ සතුන් අතර ඇති මේ බුද්දිමය වෙනස්කම් නිසා අප හා සතුන් අතර වෙනස කැපී පෙනෙනු ඇත.)
එය සැබැවින්ම භෞතික සිරුරු වල ඝට්ටනයෙන් එහාට ගිය දෙයකි. ආදරය, සිතීමේ හැකියාව, නිර්මානශීලීත්වය වෙනි භෞතිකත්වයෙන් එහාට ගිය හැන්ගීම් නිසා ඇති වන්නා වූ අවසන් ප්‍රතිපලයක් ලෙස මිනිස් ලින්ගික එක් වීම සිදු වියයුතුය. තවදුරටත් සරල කරන්නේ නම්, මේ අති උච්ච වූ ලින්ගික තෘප්තිමය අවස්තාව සනිටුහන් කරන්නේ ආදරය තුලින් ඇති වන්නා වූ එක්වීමකින් පමනි.
වරෙක මැස්ලෝ පවා අවදාරනය කලේ ආදරයෙන් තොරව එක්වන්නා වූ මිනිසුන් හට කිසිදා ආදරය තුලින් එක්වන්නා මිනිසුන් ලබන්නා වූ උච්ච වූ හර්ශය ලබා ගැනීමට කිසිදා හැකි නොවන බවය.
Man's search for Ultimate meaning! Page 84
By Psychiatrist Sir Viktor Frankl.
University of Vienna.
Austrian neurologist and psychiatrist as well as a Holocaust survivor.
Happy Valentines day all 🌹
Heart touch ❤️❤️❤️
ReplyDelete