Powered By Blogger

Monday, November 9, 2020

Covid 19 and Mindfulness

                කෝවිඩ් 19 සහ සතිමත්බව....



ලෝකයේ නව සාමාන්ය තත්වයට අප කැමැත්තෙන් හෝ අකමත්තෙන් අනුගත වීමට සිදුවී ඇත. මෙතෙක් කල් නොනිමි ආශාවන් පසු පස විශාල තරගකාරීබවකින් යුක්තව දිවගිය මිනිසා මොහොතකට හෝ ඒ ආශාවන් හා තරගකාරීත්වය පසෙක තබා දැන් සිය පැවත්මේ සුරක්ශිත බවට ප්‍රදාන තැනක් දෙමින් සිය දෛනික කටයුතු කරගනිමින් පවතී. ඇති හැකි අය හොද මට්ටමේ මුඛ ආවරන, සැනිටයිසර් වර්ග මෙන්ම මුව ආවරනද පාවිච්චි කලද, සිය පෞද්ගලික වාහන වල ගමන් බිමන් ගොස් ශීත කල කාමරයක වාඩි වී නැවත සුරක්ශිත්ව සිය වාහනයේ නිවස බලා ඒමට හැකි වුවද (විශේශයෙන් මේ අවස්තාවේ නීති සම්පාදනය කරන වුන්) මෙරට බොහෝ පුරවැසියන් මේ කිසිදු පහසුකමක් නොමැතිව මගී බස් රථ වල හා දුම්රිය වල ගමන් කරන්නේ සිය ජීවිත අවදානමට වඩා සිය ආර්තිකමය අවදානම දැඩිලෙස දැනෙන බැවින් විය හැක.


ඉතින් මා මෙහිදී බලාපොරොත්තු වන්නේ කෝවිඩ් වලින් අපට ඇතිවන බලපෑම ගැන සාකච්චාකිරීම නොවේ. අප වැඩිපුර නොසිතන එහෙත් බෞද්ධයන්ට අලුත් දෙයක් නොවන යම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම හා එය පුරුද්දක් කරගැනීම තුලින් කෝවිඩ් අවදානමෙන් යම් තරමක් හෝ මිදීමය.


සතිමත්බව, සතිමත් භාවනාව, මයින්ඩ්ෆුල්නස් නමින් බටහිර බවුන් වඩන්නන් අතර ඉතා ජනප්‍රිය බාවනා ක්‍රමය තුලින් අපගේ දිනය හැඩගස්වා ගැනීමයි. මෙය සතිපට්ඨාන භාවනා ක්‍රමය ඇසුරින් බිහිවී ඇති ඕනෑම දැනුම් තේරුම් ඇති වයස 6ක් වැනි මට්ටමක සිට මහල්ලා දක්වා අනුගමනය කිරීමට පහසු චර්යාවකි. එමෙන්ම මනෝ විද්යාත්මක ප්‍රතිකාර ක්‍රම වලටද සතිමත් බව බොහෝ සෙයින් යොදාගෙන ඇත. මා මෙය උදාහරනයක් ඇසුරින් පහදන්නම්.


පලමුව මෙහි ක්‍රමවේදය හදුන්වා දෙමි.


ඔබ සතිමත් බවින් ගතකරනවා යනු, මේ මොහොතේ ඔබගේ සිරුරේ ඇතිවන චලනයන්, ඔබට ඇසෙන ශබ්දයන් සහ ඔබට දැනෙන අනිකුත් සියලු සන්වේදන මෙන්ම ඔබ සිරුරේ ඉබේ ඇතිවන හා ඔබ සිතා ඇති කරන චලනයන් ගැනද ඔබ අවදානයෙන් ගත කිරීමයි. මේ අතර ඔබ සිතට ඇති වන සියලු වර්ගයේ සිතුවිලි, හැගීම් දෙසද ඔබ අවදානයෙන් බලා සිටිය යුතුය. එනම් සිතුවිලි සහ නුඹ එක් අයෙකු ලෙස නොව සිතුවිලි නුඹ වෙත එන ආගන්තුකයෙකු ලෙස සලකා එදෙස බලා ඒවා හා නොගැටී නො ඇලී ඒවා තවත් එක් සිතුවිල්ලක් සේ සලකා (වලාකුලක් දෙස බලා සිටිනවා සේ. දැන් බලාසිටින වලාකුල තවත් මොහොතකින් අප අසල නොමැත. කොටින් එහි හැඩය හෝ දිශාවද සොයාගත නොහැකිය. එහෙත් ඔබ ඒ වලාකුලේ හැඩයේ සොදුරු බව හෝ බියකරු බව දෙස ඇලීමෙන් හෝ ගැටීමෙන් බලා සිටිය හොත් ඔබට එහි වෙනස්  වීම තුලින් වේදනාවක් හෝ ඔබගේ පරිකල්පනය තුලින් බියක්, දුකක් හෝ වෙනත් හැගීමල් ජනිත වේ) ඒවාට ඔහේ යාමට ඉඩ දිය යුතුය. බොහෝ ලෙස කොරෝනා සමයේ මානසික සෞඛ්ය පිරිහී යාමට එරෙහිව මෙය හොද ප්‍රතිකර්මයකි. මා මේ ගැන වෙනම ලියමි. දැන් මා උදාහරණයට යමි.



සිතන්න ඔබ එදිනෙදා පොදු ප්‍රවාහන සේවයෙන් හෝ පෞද්ගලික වාහනයකින් සේවයට යන යම් ආයතනයක අලෙවි විදායක වරයෙක් කියා. මා ඔබගේ එදිනෙදා ජීවිතයට සතිමත් බව එක් කරමි.


පලමුව ඔබ සතුව හොද මට්ටමේ මුඛ ආවරනයක්, සැනිටයිසර් කුප්පියක් (සාක්කුවේ දමාගත හැකි) සහ කැමති නම් අත් මේස් හා මුව ආවරනයක්ද පාවිච්චි කල හැක.


ඔබ උදෑසන අවදිවෙයි. හැකිනම් අවදි වූ පසු ඔබ දෑස් හැරපු පලමු අවස්තාවේ සිට සතිමත් විය හැක. එනම් ඔබ කරනා සියලු කර්තව්යයන් සිහියෙන් කිරීමයි. ඔබ සයනයේ සිට නාන කාමරය වෙත ඇවිදන් යාම ඔබ සිහියෙන් කරන්න. ඇවිදිනවා ඇවිදිනවා යයි සිතින් සිතමින්, ඔබ නාන කාමරයේදී සිදු කරන්නා වූ සියලු කර්තව්යයන් ද එය සිහි කරමින් කරන්න. කොටින් සබන් කෑල්ල ගන්න නුඹ අත සබන් පෙට්ටිය දෙසට ගමන් කරද්දී එයද මෙනෙහි කරන්න. මා අත සබන් පෙට්ටොය වෙත ගමන් කරනවා යයි සිතමින්. මේ අයුරින් ඔබ කන්නාඩියෙන් මුහුන බලද්දී එයද මෙනෙහි කරන්න, කෝපි කෝප්පය පානය කරද්දී ඔබ සිත කෝපි කෝප්පයේ උශ්නත්වය, එහි රසය, එහි සුවද දෙසම පමනක් යොමන්න. එය පානය කරන ගමන් සිතට අයාලේ යාමට ඉඩ නොදෙන්න. වෙනත් හැගීම් සිතුවිලි වලට ආක්‍රමනය කිරීමට ඉඩ නොදෙන්න. මේ අයුරින් ඔබ උදෑසන අහර ගනිද්දීද  සිහියෙන් එය කරන්න. මා මේ ආහාරය අනමි, දැන් මුඛය වෙත ලන් කරමි, සපමි, ගිලිමි ලෙස ඒ ක්‍රියාවලියේ නුඹ සිටින්න. අල්ලපු ගෙදර කොරෝනා රෝගියෙක් සිටිය ත් ඒ සිතුවිලි වලට නුඹ සිතට ඒමට ඉඩ නොදෙන්න.නෞකාව ගිලෙන්නේ නැව තුලට වතුර ආ පසුය, එලියේ කෙතරම් කුනාටු ජල මට්ටම් වැඩිය තිබුනත් නැවියා සිය නෞකාව හොදින් මෙහෙය වයි නම් බිය විය යුතු නැත.


ඔබ දැන් නුඹ බසය වෙත ඇවිදන් යන කාලය තුල එම ඇවිදීම සක්මන් භාවනාවේ ලක්ශන සමග ඉටු කරන්න. වම් කකුල උසවමි, දකුනු කකුල ඔසවමි, තබමි. යමෙකු ඔබ වෙත ලගා වෙයි නම් සිහියෙන් ඒ දැක්ම මෙනෙහි කරන්න. ඔහු මා වෙත ලගා වෙයි. ලගා වෙයි. මා සුබ උදෑසනක් යැයි පවසමි, සිනහසෙමි. ඔහු අතර පරතරයක් තබාගත යුතුය. එය සතිමත්ව සිදු කල යුතුය. දැන් ඔබ බසයට නගිදිදී ඔබ අත බසයේ ෆුට් බෝඩයේ අත් තබන ප්‍රදේශයේ තැබීම සිහියෙන් දැකිය යුතුය. ඔබ පෞද්ගලික වාහනයක් හෝ මෝටර් සයිකලයක් පදවයි නම් එයද සිහියෙන් කරන්න. ඔබට ස්ටීරින්ග් වීල් එක හෝ හැඩලය තුලින් දැනෙන ස්පර්ශය සිතින් විදින්න දකින්න. සෑම ස්පර්ශයක් අවසානයේදීම හැකිනම් සැනිටයිසරයෙන් අත් සෝදාගන්න. එයද මෙනෙහි කරන්න.


නුඹ රැකියා ආයතනයේ සිටිද්දී පොදු පරිඝනකයක් පාවිච්චි කරයි නම් එයට පෙරද අත් සෝදා එය පාවිච්චි කල පසුවද අත් සෝදන්න.( යතුරු පුවරුව). නුඹ මුනගැසීමට ගැනුම් කරුවන් ඒ නම් සැමවිටම සිහියෙන් යුක්තව දුරස්තභාවය පවත්වාගන්න. අන් අයෙකුගේ පෑනක් පාවිච්චි කරයි නම් එයද පාවිච්චි කල පසු අත් පිරිසිදු කරගන්න. විශේශයෙන් නුඹේ අත් වල චලනයන් පිලිබද සතියෙන් පසු වන්න. අත් වල ස්පර්ශයන් පිලිබද සතිමත් වෙන්න. ඒ අත් මොහොතකට හෝ පිරිසිදු නොවී මුහුන වෙත ලන් නොකරන්න.


මේ අයුරින් නුඹ දවස කෙසේ හෝ සතියෙන්, නැතහොත් පූර්ණ සිහියෙන් ගත කිරීමට උත්සුක වන්න. නුඹගේ සෑම ක්‍රියාවක්ම වචනයෙන් සිතීමට අවැසි නැත. හුදෙක් සෑම ක්‍රියාවක්, සිතුවිල්ලක්, අවට හේතූන් නිසා දැනෙන සන්වේදනයන් කෙරෙහි අවදානයෙන් සිහියෙන් ගත කරන්න. නුඹ නොදැව්නුවත්වම නුඹ සිත විදර්ශනාවේ පලමු අදියර ඉටුකරමින් පවතී. එයද කොරෝනාවට පින්සිදුවන්නටය. කිසිම විටක කලබලකාරී නොවන්න. කාලය කලමණාකරනය කරගන්න. පමාවීම නුඹ මනසට සතියට තර්ජනයකි. නිවසට පැමිනිපසු කිසි විටක කලකිරීමකින් තොරව ලෝකයේ ස්වභාවය වෙනස් වන යුරු, නොසිතූ දෙය සිදුවනයුරු, සිතූ දෙය නොසිදුවිය හැකි බව අවබෝදයෙන් දකින්න. එය ලෝකයේ ස්වභාවය ලෙසද එයට කලකිරී පලක් නොමැති බවද සිතන්න. නුඹට හැකි උපරිමය සාධාරනත්වය දවසට ඉටු කරන්න..... 


මේ පුරුද්ද නුඹ ශාරීරික මානසික සෞඛ්ය තත්වය මෙන්ම සමාජයීය සෞඛ්යමය යහපැවත්මද නන්වාලීමට උරදෙනු ඇත.


දුලිත කසුන්

(BSc in Psychology / BA in Social Sciences (Politics and International Studies) / Certificate in Counselling and Psychology) 

No comments:

Post a Comment