Powered By Blogger

Wednesday, September 16, 2015

අතරමන් වූ නැවියා සහ හා පැටියා....

රුවල් නැවක තනිව මහ මුහුදේ අතරමන් වූ නැවියෙකු වූවෙමි. රළු සැඩ පහර , කුණාටු පසු කලෙමි. ජීවිතය ගැන ආසාවක් තිබුන මුත් මහ මුහුද කිසිදිනෙක දුපතකට මග පෙන්වාවි යයි නොසිතුවෙමි. කුසට අහරක් , හිතට විරාමයක් නොතිබුණි. රුවල අබලන් වී ඇත. එක් දිනෙක ....... හදිස්සියේ, නොසිතු විරූ මොහොතක, සුන්දර දිවයිනකට රුවල මග පෙන්වා තිබුනේ මා නිදි දෙව්දුව වැළඳ ගෙන සිටිත්දීය. කෙතරම් සොඳුරුද ඒ පාරාදීසය. මම සැනෙකින් රුවල් නැවෙන් බැස ගොස් උණුසුම් වැල්ලේ සැතපුනෙමි. කෙතරම් සනීපද... බීමට කුරුම්බා, කෑමට පොල් , කුරුම්බා , මාළු ඇති තරම්.... දින, සති ගණන් ගෙවී යද්දී සිතට දැනුනේ, මහා තනිකමකි... තනිකම පුරුදු වුවත් දැන් ඉවසන්නට බැරිය... දිනක් දඩයමේ යාමට සිතුවේ අහරට සතෙකු සොයා ගැනීමටය.... අවශ්‍ය ආම්පන්න රැගෙන වනගත වූවෙමි.... "ශ් ශ් ෂ් " සද්ද කරන්න එපා... හා පැටව්න් කීපදෙනෙක් සමග සිටින සා දෙනකි... බඩගින්න තිබුනත්, පැටව්න් සමග සිටිනා සා දෙන දඩයම් නොකිරීමට තරම් තවමත් මානුෂිකත්වය ඉතිරිව තිබුණි....කෙතරම් සුරාතල් ද... මම දඩයම පසෙක තබා එක් සා පැටවෙකු වඩා ගතිමි... ඒ හා පැටියා මදක් වැඩී තිබුණි....මට මේ හා පැටියා වදා ගැනීමට ආසාවක් ආවේ, ජීවිතයට අරමුණක් නොතිබුන බැවින් සහ තනිකම මා වෙලා ගෙන සිටි බැවින්ය... මාගේ වෙරල අසල තිබුන පොල් අතු වලින් සාදපු පැලට සා පැටවා රැගෙන ආවෙමි... මිනිස් පුළුටක් අවරුදු ගානක් නොදුටු මාහට මේ සා පැටවා මිතුරෙකු විය, හිතවතෙකු විය... දින සති මාස ගෙවී යද්දී... සා පටවා සහ මා අතර හිතවත් කම දැඩි ලෙස වැඩිණි.... කුසට අහරක් සොයා දඩයමේ ගිය මාහට දඩයම් කිරීමට තිබුණු මේ සා පටවා මේ තරම් ලන් වේ යයි සිහිනෙන් වත් නොසිතුවෙමි... දැන් මම දඩයමේ ගිය පසු පැලට එන්නේ සා පැටවා ගේ මුහුණ බලන්න සිතාගෙනය... සා පැටවා සමග තනිව කතා කරන්නෙමි... "මගේ හා පැංචි කෑම කාලද ඉන්නේ , මගෙ හා පැංචි මට ආදරෙයි නේද " වෙනි වදන් සැමදා මම මිමිණුවෙමි....හා පැංචි මගේ පස්සෙන්මය... මා දඩයමේ ගොස් පැමිණෙන විට ඇය මා පසුපස පැන පැන එයි... මට හරිම සතුටුය .... රළු මිනිසෙකු වූ මාගේ සිත මගේ හා පැන්චිය විසින් මුදු කොට ඇත ... දිනක් මා පැමිණෙන විට මගේ හා පැන්චිය සිටියේ නැත... වට පිට සෙව්වෙමි... ඇය පේන්නට නැත... රාත්‍රිය වෙනතුරු මා තනිවම කල්පනා කලෙමි ... කොහේ දෝ සිට හා පැංචි මා ලඟට නැවතත් පැමිණ ඇත... රළු සිතක් වූ මාහට දැනුනේ විශාල කේන්තියකි... මාගේ මුළු ලොවම හා පැන්චිය විය... මා ඇයට පහරක් ගැසුවෙමි... ඇයට පරුෂ වචනයෙන් බැන්නෙමි ... ඇයට  ඒ කිසිත් නොතේරුණත් ඇය බොහෝ සේ බියවී ඇත... මාගේ යටිසිත ඇය හාවෙක් යන්නට අමතක කර ඇත ...මගේ හා පැංචි  මගෙන් පැන යාවි යයි බියක් සිතේ තිබුණි... කුමක් කරන්නද මම කුඩුවක් සැදුවෙමි... ඇයව ඒ කුඩුවට දැම්මෙමි...  ඇය මම මොන දේ කලත් සැමවිටම මා සමග තුරුලු වෙයි... එහෙත් දඩයමේ ගිය සමහර දිනෙක හිස් අතින් පැමිණෙන මාගේ මානසික ආතතිය මා පිට කරන්නේ මගේ හා පැන්චිට දොස් නගාය. මට සිටින එකම පන ඇති හිතවතා ඇය බැවින් , මාගේ සියලුම දොස් , සහ වදන් ඇසීමට සිදු වුයේ ඇයටය ... දිනක් මා උදෑසනම දඩයමේ යන්නට පිටත් වුනෙමි...සවස් වන තුරු දඩයමේ ගිය මා පැලට පැමින මාගේ හා පැන්චියගේ කුඩුව දෙස බැලුවෙමි.... ඇය නැත... කුඩුව කැඩී ඇත... මා අවට සෙව්වෙමි... මා දුටු දසුනෙන් මා ක්ලාන්ත විය ... රළු කුණාටු සමග පොර බදා මේ දුපතට පැමිණ තනිව වසද්දී මාගේ  තනිකම නැති කල මගේ හා පන්චිව මොකෙක් හෝ සතෙකු මරා දමා ඇත ... අයගේ ඇඟේ කොටස් පමණක් ඉතිරිව ඇත... මට දැනුන වේදනව... මට දැනෙන තනිකම ඇයට නොදැනෙනු ඇත.... නැවතත් මා තනි වුනි... මහ මුහුද සහ , කිසිත් නොමැති  දුපතක......

No comments:

Post a Comment