Powered By Blogger

Sunday, September 13, 2015

වහල් භාවයෙන් මිදුණු අනාගතයක් කරා....


       වහල් භාවයෙන් මිදුණු අනාගතයක් කරා ...



නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි //
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙදරැඳි හිරු පිපී දිලෙන්නෙ //
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි //
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ///


ගායනය - W  D අමරදේව , පදරචනය - ඩෝල්ටන් අල්විස්  



මෙම  ගීතයේ සොඳුරු පදවැල් දෙස මදක් සිත යොමන්න. මෙය අප කුඩා කල නිතර ඇසුණු එහෙත් බොහොමයක් මාද්යයන් විසින්  නිදහස් දින පමණක් අසන්නට  සලස්වන ගීතයකි. බලන්න මෙහි අර්ථය , අපට එකවර නොපෙනුනත් මේ ගී පද තුල ගැබ්ව ඇත්තේ රටක දියුණුවට අවැසි , නිදහසට අවැසි සන්ගටකයන් නොවන්නේද , "නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි "....ඔබට තවමත් සිතීමේ නිදහස ඉතිරිව ඇත. කලාව , විද්යාව , සාහිත්යය, මේ ඕනෑම දෙයක් ඔබට සිතීමට නිදහස ඇත. එහෙත් ඔබ, මා   නිදහසෙන් නිවැරදි පල නෙලාගෙන තිබේද ? වර්තමාන මාද්, කලාව , තාක්ෂණය  ඔබගේද මගේද  සිතීමේ නිදහස ඔව්න්ගේ ව්යාපාර දියුණු කරගැනීම සඳහා උල්පතක් කරගෙන ඇති සැටි අපට නොපෙනේද... ටෙලි නාට්යයක සිට සංගීත වීඩියෝවක් දක්වා ඇත්තේ අපගේ සැඟවුන ආශාවන් එලියට ගෙන විනය විනාශ කර මත් ද්රව්යකට ඇබ්බැහි කරන්නා  සේ මිරිඟුවක් පසුපස යාමට උල්පන්දම් දීම විනා, ජාතියේ, ආගමේ දියුණුවට , ආත්මීය සංවර්දනයට මග පෙන්වීමද ? නැත. මාද්, දේශපාලනික පාලකයන් , බහු ජාතික සමාගම් වල අරමුණු තකා ඔබගේ මාගේ  රසාස්වාදය, පෘතුග්ජන හන්ගීම්  රුකුලක් කරගැනීම පමණි. ඔබට , මාහට , රටට වන සන්වර්දනයක් නොමැත. ඔබගේද  මගේද  මනස "නිවහල් සිතුවිලි වලින් ඇත් කර  උදාරත්වයට යන මග ඔව්න් අසුරා ඇත . ව්යාපාරිකයන්ගේ උවමනාවන්ට හැඩගැසුණු හැන්ගීම් සිතුවිලි නීසා බොහෝ පව්ල් ජීවිත විනාශවී , දරුවන්ගේ අද්යාපනය විනාශවී , කාලය විනාශ වී ඇත. මේ තුල අපට ශ්රේෂ්ටත්වය කරා ළඟාවිය හැකිද ?.....

" නිවහල් නිමවුම් මවනා හිසත්  උදාරයි " , අසිරිමත් ජාතීන් වන ජපානය වැනි රටවල් ලොව බිහිවී ඇත්තේ "නිවහල් සිතුවිලි " , "නිවැරදි ආකල්ප ", "නිවැරදි ජාතික කැපකිරීම " සහ "නිවැරදි නායකත්වයෙන් විනා " යන්නන් වාලේ යන ඕනෑම රැල්ලකට අසුවෙන මනසක් ඇති මිනිසුන් නිසා නොවේ. සෑම කෙනෙක් තුලම වැරදි ඇත . මිනිසුන් සර්වසම්පුර්ණ නැත . එහෙත් වෙනස් වීමට ඇති හැකියාව ශක්තිමත් පරිණාමයකට මග පෙන්වයි. පරිණාමය අපට අවශ් නොවන්නේද ? ආණ්ඩු පෙරලීමෙන් පමණක් පරිණාමය අපට ළඟ කරගත හැකිද. දරුවන් කියවීම ලොව නීරසම දෙය ලෙස දකී . සාහිත්යය පාසලේ තවත් එක විෂයක් විදියට පමනක් දකී . ගණිතය , භෞතික විද්යාව, දර්ශනය හුදෙක් සමත් වීමට ඇති විෂයන් ලෙස පමණක් දකී. නිවැරදි විද්යාත්මක දැනුමෙන් තොරව , නිවැරදි සාහිත්යය දැනුමකින් තොරව,නිවැරදි කලා කෘති වලින් තොරව "අසිරිමත් ජාතියක්" බිහි කිරීම හුදෙක්ම සිහිනයක් පමණි .  iPhone 6, Range Rovers , Lambogini ගැනීමට සිහින දකින තරුණ පරපුර කීයෙන් කී දෙනෙක් මෙවැනි නිර්මාණ අප රටේ  බිහි කිරීමට උත්සහ කරයි ? එවන් අදහස් ඇති අයට නිවැරදි මග පෙන්වීමක් හා උදව්වක් ලැබේද . මග පෙන්වීම් වෙනුවෙන් සටන් කරන පරපුරක් අපිට තිබේද ? නැත . ඇත්තේ මෙවැනි භාණ්ඩ ඓති කරගැනීමේ සිහින පමණි. එනම් වෙනත් රටවල ව්යපරිකින් පොහොසත් කිරීමට තමන්ගේ එදිනෙද හෙලන දහදිය මහන්සියෙන් ලැබෙන සොච්චම ඉතුරු කරන මොළ සේදුනු බහුතරයක් නොවේද. .... මේ පද වැල් දෙක පමණක් යොදාගෙන මා කිවේ මා  දකින "ජාතීක යථාර්තය" පමණි . ඔබටත් මටත් සාදාගත යුතු වැරදි බොහෝ  ඇත. බාහිර ලෝකයේ වෙනස් කලයුතු බොහෝ දේවල් ඇත. මේ ගීතය කෙතරම් ඔබගේ හදවතට දැනෙන්නේද , එපමණටම ඔබගේ "ජාතික සෙනෙහස" ඇතයි  යන්නට මා විශ්වාස කරමි . "සිතුවිලි වහල් කමෙන් මුදවාගත් කල , නිවහල් සිතුවිලි, නිවහල් නිමැයුම් මවනා හිසක් අපට අසිරිමත් වූ ජාතියක් කරා මග පෙන්වනු ඇත . "


දුලිත කසුන් දයාරත්න.

7 comments:

  1. මුලින්ම උණුසුම් සුභ පැතුම් බ්ලොගට සහ බ්ලොග් කරුවාට. පටං ගත්තා වගේ දිගටම කරගෙන යන්න හැකි වේවා.

    මේක තරමක් crude විදියට එක්තරා කළු ජාතිකයෙක් එක චිත්‍රපටියක කිව්වේ මෙහෙමයි.

    Free your head man, then your ass will follow.

    මට මුලින්ම හිනාගියාට පස්සෙයි තේරුනේ මූ කිව්ව කතාව කොච්චර ගැඹුරුද කියලා.

    ReplyDelete
  2. ඔන්න මම මේක මගේ බ්ලොග් රෝලෙ එල්ලුවා. කසුනුත් බ්ලොග් රෝල් එකක් ඇඩ් කලානම් මොකද?

    ReplyDelete
  3. හොඳ උත්සහයක් දුලිත.තවතවත් ලියන්න.බ්ලොග් සින්ඩි කීපෙකට යවන්න.
    ජය වේවා!
    http://blogdharshakaya.blogspot.com/
    http://maathalangesindiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Thank You Thani Tharuwa.... I will for sure... :) help me to proceed diz... :)

      Delete

  4. නිදහස් සිතුවිලි නමිනුත් තවත් ජනප්‍රිය බ්ලොග් එකක් තියෙනබව දුලිත් දන්නවද?

    ReplyDelete
    Replies
    1. Meka Niwahal Sithuwili, Henry Uncle. Not Nidahas sithuwili.

      Delete