මොහු ඉරක ජාතිකයෙක්ද? නැත. මොහු ප්‍රංශ ජාතිකයෙකි. 2012දී ඔහුගේ අසල්වැසියෙකු ලෙස සිටි අයෙක් ප්‍රකාශ කර සිටින්නේ, ඔහුට දරුවෙකුද සිටි සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසයි. ඔහුගේ පාසල් මිතුරෙකු පවසා ඇත්තේ ඔහු එක්තරා සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස පාසලේදී සිටි බවයි. දැන් ඇති ප්රශ්නය වන්නේ දරුවෙක් සහ බිරිඳක් සිටි, ප්‍රංශයේ උපත ලැබූ "ප්‍රංශ ජාතික මුස්ලිම් " වරයෙකු. මේ තරම් කුරිරු වන්නේ ඇයිද කියයි.
ඕනෙම රටක සිටින අහිංසක අහිංසක මුස්ලිම් තරුණයෙකුට මේ ඉරණම අත්විය නොහැකිද ? ආගම නමැති රෝග වාහකයා තුලින් "සලෆි ජිහදිස්ම් " වාදය නමැති වෛරසය මනසට ඇතුළු වූ කල මේ ඉරණම ඕනෙම අහිංසකයෙකුට විය හැක. ඔව්න්ව මෙහෙයවන නායකයන් තවමත් නිරුපද්‍රිතව සිටි. දෙවියන් වහන්සේගේ වචනයෙන් බැහැරව සිටින සියල්ලන්ම තම වෛරක්කරුවන් ලෙස දකින මේ වෛරසයක් බඳු "සලෆි ජිහදිස්ම් " මතවාදය මනස තුලට කාවදින ඕනෙම ඉස්ලාම් සහෝදරයෙකුට මේ ඉරණම ඇත විය හැක. "ISIS" "Al Quaida" බිහිවන්නේ ද මේ මත වාදයන් තුලිනි.මෙම වෛරසය පැතිරීමට රටක් , පළාතක් අවශ්‍ය නොවේ. ඔබගේ මනස කෙතරම් මිතදෘෂ්ටික මතවාදයන්ට විවර වේද , ඔබට මේ ඉරණම අත්විය හැක. මෙය වෛරසයකි, ආගම රෝගවාහකයා වීමට නොදෙන්න. නැතහොත් නැවතත් අප ලෝක යුද්දයකට යන දවස වැඩි දුරක නොවනු ඇත. එය ලෝකය අවසාන වන යුද්දය වනු ඇත.
Dulitha Kasun Dayarathne
(Student of BA in Social Sciences ( International Relations & Politics)
No comments:
Post a Comment