Powered By Blogger

Monday, September 14, 2015

ඉතිහාසයේ ස්ව්‍යන්වින්දනය සහ වර්තමානයේ අනාත වීම...

වහල් භාවයෙන් මිදුණු අනාගතයක් කරා 11....

ඉතිහාසයේ ස්ව්‍යන්වින්දනය  සහ වර්තමානයේ අනාත වීම....

Image Source - www.Peanutpalate.com

සිංහල ජාතිය වූ කල  අතීතයේ ශ්‍රී විභූතියෙන් බැබලු ශ්‍රේෂ්ඨ පාලන ව්‍යුහයකින් සමන්විත වූ , ස්ව්‍යන්පොෂිත ආර්ථිකයක් , උත්කෘෂ්ඨ වූ කලාවක් පැවතුනු සුද්දන් කැලේ වැදුන යුගයක විශිෂ්ට තත්වයක් හිමි කරගෙන තිබු රටකි. එය බෞද්ධ ආගමෙන් පෝෂණය ලබා නියමාකාර විනයක් සමග ඉදිරියට ඇදුනි. ඉන් පසු සිදු වූ විවිධාකාර ආක්‍රමණයන් සහ සමාජ පෙරලීන් සමග මිනිසුන්ගේ චින්තනය සහ මිනිසුන්ගේ ජීවන ක්‍රමයේ විවිධාකාර වෙනස්කම් සිදුවිය. සුද්දන් රටට පැමිණ අපට බොහෝ දේ දායාද කර දුන්හ. ඔව්න් නැවතත් ඔව්න්ගේ ගම රට බලා ගියේ හුදෙක්ම ඒ දායාද පමණක් ඉතිරි කර නොවේ. අපගේ චින්තනය යම්පමනට ඔව්න්ගේ වහලුන් ලෙස පත් කරගෙනය. ධනවාදී ආකල්ප සමග සුද්දන්ගෙන් ඉගෙන ගත් කළු සුද්දන් පිරිසක් පාලන තන්ත්‍රයේ හිඳුවාය .මා මෙහිදී ඉතිහාසය පිලිබඳ ඉගැන්වීමට උත්සහ නොකරමි. නිදහසත් සමග අප ජාතියක් ලෙස තවමත් අතරමන් වී ඇති බව හැඟෙන නිසා මෙය ලියමි. මම මේ සඳහා විවිධ රටවල්වල උදාහරණ ගන්නෙමි. අප හුදෙක්ම අප අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර වූ පමණින්ම, ස්ව අභිමානයකින් උද්දාම වූ පමණින්ම අපට ශ්‍රී ලංකාව ශේෂ්ටත්වය කර ගෙන ය නොහැකිය. එහෙත් එම හැන්ගීම ස්ව අභිප්‍රේරණයක් කරගැනීමට අපට හැකියාවක් ඇත. එසේ නොමැති නම් අපට ඉතිරිවනුයේ ස්ව්‍යන්වින්දනයේ යෙදුනා මෙන් හැගීමක්  පමණි. 

මම දකින ආකාරයට අපට වැරදුන තැන් බොහොමයක් ඇත. දේශපාලනික ව්‍යාහුය මුල සිටම රටේ ජාතික ප්‍රශ්නය මෙන්ම බොහෝ තැන් අමතක කර මේ දක්වා පැමිණ ඇත. මිනිසුන්ගේ මනස රටේ තිබෙන විවිධ ජාතීන් සමග එකතු වී ඉදිරියට යාමට තවමත් හැඩගැසී නොමැත. සියලු ජාතීන් අතර වෛරය සහ අරගල පමණක් ඉතුරුව ඇත. මේ සඳහා විසඳුමක් ලැබෙන තෙක් රටට ඉදිරියට යාමට හැකියාවක් නොලැබෙනු ඇත. එකම තැන පල්වෙවී සිටින දේශප්‍රේමියන් සමග හිමින් සීරුවේ තම අවස්ථාවාදී ඉලක්ක කාරයන සමහර සුළු ජාතී කොටස් පමණක් අවසානයේ ඉතිරිවනු ඇත. මේ දෙකොට්ටාසයම යම් සමතුලිතතවයකට පැමිණීම අවශ්‍යවනු ඇත. ඒ වගේම බහුතරයක් සිටින්න වූ සිංහල ජාතියට තීරණ ගැනීමේ වැඩි වාසිය හිමිවීම අවශ්‍යයෙන්ම හිමිවීම සාධාරණීය සාධකයකි. කෙසේවුවත් ම මෙහිදී දේශපාලනික විසඳුම් ගැන තර්ක නොකරමි. මගේ ප්‍රස්තුතයට අවශ්‍ය මාර්ගය පමණක් සදාගනිමි.


මේ දක්වා අප යම් දුරක් පැමිණ ඇත. ජාතික ප්‍රශ්නය, ජාතික අරගලයක් වී , ඒ ජාතික අරගලයෙන් අවරුදු 30ක් පීඩාවිද, එය වීරත්වයෙන් යුක්තව නිමවී , දේශපාලනික ගන්දබ්බ අවස්ථාවක අපි පසුවෙමු . මා දකින ආකාරයට ආණ්ඩු බලය කෙසේවෙතත්, අපට තවත් බොහෝදුර යාමට සිදුවනු ඇත. ජාත්‍යන්තරය සමග හෙට්ටු වීමට සිදුවනු ඇත. ජාතීන් අතර සහයෝගීතාවය ඇතිවන අතරේ සුළුජාතීන්ගේ විවිද නැගිටීම් බලාපොරොත්තු විය හැක. මෙහිදී අපට ස්වෛරීයත්වයෙන් යුක්තව තීරණ ගැනීමට විවිද බලපෑම් එල්ලවිය හැක . ඒ කෙසේ වෙතත් අප ශ්‍රේෂ්ටත්වය කරා ය යුතුය. 


මේ ගමන යාමේදී දේශපාලකයන්ට සියල්ල කල හැකිද ? නැත . ඔව්න් සුපුරුදු දේශපලනිකයෙක්ගේ භූමිකාව රඟපා. තමන්ගේ බලය ස්ථාවර කරගෙන හැකිතාක් කල් වැජබීමට පමණක් උත්සහ කරනු ඇත. පාලන තන්ත්‍රය කාලයෙන් කාලයට වෙනස් වනු ඇත. මිනිසුන් ඔව්න් දෙස බලා සිටිනු ඇත . ඔව්න් දෙස බලා සිටින අතරතුර රුපවාහිනියේ " මේ ආදරයි" ද බලනු ඇත, පත්තර වල පියා විසින් දුව දුෂණය කල සැටි, පෙම්වතියට තෑගි අරන් දෙන්නට සල්ලි ඉල්ලා මව මැරූ පුතුන් ගැන කියවනු ඇත, තරුණ පරපුර ෆේස් බුකියේ තර්ක කරගනු ඇත. විවිධ සුපිරි තරු දෙස බලා සිටිනු ඇත මේ සියල්ලටම පසුව රට වෙනස්වනතුරු බලා සිටිනු ඇත. දේශපාලකයන්ට සහ මිනීමරුවන්ට , දුෂකයන්ට සාප කරනු ඇත. රට එක තැන පළවනු ඇත.


එසේ නම් අප කුමක් කල යුතුද ? 


පළමුව මිනිසුන්ගේ මොළ සේදීමෙන් ඔව්න් මුදාගත යුතුය. මාධ්‍ය, අධ්‍යාපන ක්‍රමයේ , මිනිසුන්ගේ ජීවන රටාවේ වෙනස්කම් සිදුවිය යුතුය. එහෙත් අපට රටේ මාධ්‍ය වෙනස් කල නොහැකිය . රටේ අධ්‍යාපන ක්‍රමයද වෙනස්කල නොහැකිය. කල හැකි එකම ස්වාධීන සංඝටකය තමන් වෙනස් වීම පමණි. අපගේ ජීවන රටාවේ වෙනස් වීම් ඇති කරගැනීම පමණි . මදක් සිතන්න ධනවාදී ආර්ථිකයක ඕනෑම බලවේගයක් රඳා පවතින්නේ ඉල්ලුම මතය. ඔබගේද මගේද සිත හුරුවී ඇති ධෛනික ක්‍රියාවන්ට මදක් නැවතීමේ තිත තැබීමට සිදුවනු ඇත. ඔබගේද මගේද ජීවන චර්යාවන්ට අනුව  ඔබද මාද නරඹන ටෙලි නාට්‍යයේ සිට , කියවන පුවත්පතේ පුවත දක්වා ඉල්ලුම සැපයුම තීරණය වනු ඇත. මදක් සිතන්න මීට අවරුදු ගණනකට පෙර ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය වලට ලොකු ඉල්ලුමක්  තිබුනේ නැත. පළමුව සිදුවුයේ මාධ්‍ය ආයතනයන් විසින් අපට එම නාට්‍ය කෙරෙහි ඇල්මක් ඇති කිරීමයි. ඉන්පසු ඔව්න් බලා සිටියේ එම ඇල්ම ඇබ්බැහි වීමක් වෙන තුරුය. අවසානයේ ඔව්න් ජයග්‍රහණය කළහ. වෙළඳ දැන්වීම් ඔව්න් පසු පස හන්බා එන්නට විය . මේ අතර තවත් දෙයක් සිදුවිය. අධ්‍යාපන ක්‍රමය  මිනිසුන්ගේ විචාර බුද්ධිය උත්තේජනය කරනවට වඩා විභාග පාස් කිරීමට පමණක් යොදා ගැනුනි. විභාග පාස් කරනුයේ රැකියාවක් සොයා ගැනීමට මිසක් ස්වයන් බුද්ධිමය සංවාදයක් තුලින් විචාරමය හැකියාවක් ගොඩ නගා ගැනීමටම නොවේ. විද්‍යාව තාක්ෂනය වෙනි විෂයන් නගරයට සීමා විය.  විචාර බුද්ධියෙන් තීරණ ගන්නා ජනතාවකට වඩා TV එකේ පත්තරේ දකින දේ විශ්වාස කරන ජනතාවක් බිහිවිණි. රැකියාවට ගොස් රුපවහින්ය දෙස කට අරන් බලා සිට විඩා නිවනා කුටුම්බ බිහිවිය. මෙහි බැලු බැල්මට වරදක් නැත. එහෙත් මෙහිදී සිදු වුයේ මාධ්‍ය කරුවන් මිනිසුන්ව නොදැනුවත්වම ඔව්න්ගේ අඩු වියදම් ඇබ්බැහි වීමේ කලානිර්මාණ වලට ඇබ්බැහි කර  මොළ සේදීම පමණි. විශාල වියදමක් සහිත  දැන්වීම් වලින් ඔව්න් වෙලා ගැනුනි. ආර්ථිකයේද දේශපාලන තීරණ වලද බලය ඔව්න්ට විතැන් විය. මදක් සිතන්න දේශපාලනයේ බහුතරය වීරයන් වනුයේ , මාධ්‍ය විසින් උලුප්පන වීරයන් මිස උසස් අධ්‍යාපනයක්, සමාජීය දැනුමක් , පොඩි මිනිහා ගැන දැනුමක් ඇති  මිනිසුන් නොවේ. ඔව්න් එම කාඩ් බෝඩ් වීරයන් කරලියට ගෙන ඔව්න්ව පුම්බා පාලන තන්ත්‍රයට එක්කරනුයේ හුදෙක්ම ඔව්න්ගේ වාසිය තකා පමණි. මම සමාජවාදියෙකු නොවෙමි. එහෙත් ධනවාදයේ බලපෑම විචාර බුද්දියෙන් ලුහුඬු මිනිසුන්ගේ මනසට ඇතුළු වූ කල සිදුවනුයේ විශාල විනාශයකි. අවසානයේ සිදුවනුයේ විචාර බුද්දියෙන් තොර මිනිසුන්ගේ අසාවන් ඇබ්බැහිවීම් නිසා ඔව්න් පොහොසත් වී දේශපාලන බලයද ඔව්න්ට විතැන් වී, ඉලක්කයක් නොමැති  ඉතිහාසයේ මතකයන් සමග ස්ව්‍යන්වින්දනයේ යෙදෙන අනාත වූ ජාතියක් ලැබීම පමණි.


වෙනස් වෙමු , ව්‍යාපාරිකයන්ගේ වහලුන් නොවෙමු ,ලෝකයේ නිවැරදි දැනුම සොයා යමු , මාධ්‍ය කරුවන් පෝසත් නොකරන, මනා ලෙස කියවීමට හුරු වූ , මෝඩයන් සමග තරකනයේ නොයෙ දී ක්‍රියාවෙන් "ජාතික දායකත්වය" දෙන පව්රුෂයන් ගොඩනගමු. 


2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete