Powered By Blogger

Tuesday, August 24, 2021

Bohemian Lover!

 බොහීමියන් ප්‍රේමවන්තයා...




සෙල්ලම් ප්‍රේමවන්තයෙක්ද ඔහු නැතහොත් බොහීමියන් පෙම්වතෙක්ද ඔහු අසයි ඇය හොරෙන්ම ඇයගෙන්ම, මෙතෙක් දිවියේ ඇය ප්‍රේම කර ඇත්ද බොහීමියන් පෙම්වතෙකුට, ඌ මොනවගේ එකෙක්ද? පිස්සෙක්ද? නැතිනම් ආතක් පතක් නැති එකෙක්ද? නැතිනම් රෝමාන්තික ෆැන්ටසියක ජීවත් වෙන මත් ලෝලියෙක්ද? 


ඌ කෙල්ලෙක්ගෙන් දකින්න උත්සහ කලේ කලාකෘතියක්, සොබාදහමේ සෞන්දර්යාත්මක අන්ගයන්ගෙන් පිරිපුන් පාරාදීසයක්....ඒත් ඌ ඒ සෞන්දර්යයේ එක තැනකින් නැවතුනා....ඌ කිසිදා සොබාදහමේ සෞන්දර්යය, උත්කෘෂ්ඨ කලා කෘතියක අයිතිය සදාකාලිකව තහවුරු කරගන්න උත්සහ කලේ නැහැ....සමහර විට අන්සතු භූමීන් වල පිපුනු ලස්සන සූරියකාන්ත මලක් මද සුලගේ නර්තනයේ යෙදෙන හැටි අබලන් ලී වැටක් එහා පැත්තෙ ඉදන් ඌ රසවින්ද....ඒ ඒ සූරියකන්ත මලේ පෙත්තකට අතක්වත් නොතිය....නෙලාගන්න හැකියාව තිබිලත් කිසිදා නෙලා නොගෙන, ඒ මලට වැටෙන පිනිබිදු වලින් ඒ මල තෙත් වෙන හැටි, ඒ මල මහා කුනාටු වලදි බිමටම නැමිල වේදනාවෙන් ඇඹරෙන හැටි ඒ බොහීමියන් ප්‍රේම වන්තයා බලන් හිටියා... ඒ භූමියෙ අයිතිකාරය කිසිදා නොවිදි නොදුටු චලනයන් ඌ දැක්ක.... ඒත් ඌ බලන් හිටිය විතරයි, ඒ මල නෙලාගෙන උගෙ කදු මුදුනක තිබුන ලෑලි ගහපු දුප්පත් ගෙදරට ගෙනාවොත් ඒ මලේ නර්තනයන් තව දුරටත් බලන්න නොහැකිවේවි....ඒ සූරියකාන්ත මල දැනන් ඉන්න ඇති මේ බොහීමියන් පෙම්වතා ගැන, මොකද ඌ දැක්ක සමහර දාට ඉරට හොරෙන් ඒ මල ඌ දිහා හොරෙන් බලන් හිටිය....


බොහීමියන් පෙම්වතා විවිද කදු මුදුන් නිම්නයන් නිදිබර ගම්මානයන් වල තනිවම පිය නැග්ගා....මේ ගමනට තවත් එක් ආත්මීයව බැදුනු ප්‍රියාඹිකාවක් එකතු කරගන්න හිතුනත්, ඌ දැනන් හිටිය එක සීමාවකින් එහා ඒ දැනෙන නිදහස පරයා දැනෙන වේදනාවන්.... ඒ ආත්මයන් වෙනත් පිරිමියෙක් දිහා ඇහැක් ඇරල බැලුවත් ඌට දරාගන්න බැරි වුනා...ඒ ආත්මයක සුලු වෙනස් වීමත් ඌට මහා වේදනාවක් වුනා.... ඉතින් ඒ වෙනස දැනෙන්න පෙර ඌ මීලග නිම්නයට පිය නැග්ගා....


ඌ වෙත එක් ශීත ඉර්තුවක ලන් වුන උනුහුම් ස්ත්‍රී ආත්මයක මතකය වෙත හිත ඇදුනා... ඌට ඇය පැවසුව වදන් කිහිපයක් ආවර්ජනය වුනා.... 


"මම ඕන තරම් සෙල්ලම් ප්‍රේමවන්තයන් දැකල තිබ්බ, උන්ට ඕනෙ වුනේ උන් රින්ගපු ශරීර ගනන් කරන්න...මම අහවල් එකීගෙ ශරීරය ඇතුලට රින්ගුව, මෙච්චර ස්ත්‍රී ශරීර ගානක් එක්ක නිදාගත්ත.... උන්ට ඕනෙ වුනේ ඒක.... ඒත් උඹ, මගේ බොහීමියන් ප්‍රේමවන්තයා, උඹ මගෙ රෙද්ද ගලවන්න කලින්ම මාව තෙත් කලා....මගෙ මල් වැටුනු දුහුල් සුදු ගවුමෙ එක් උරහිස් කෙලවරක් උඹ පාත් කරද්දි මගෙ ඇස් පියවුනේ දන්නෙම නැතුව....මම දැනන් හිටිය උඹ ඊලගට දකින සියල්ල මනසින් කලාකෘතියක් වගේ වින්දනය කරනව කියල... ඒ උරහිස පාත් කරද්දි අඩ වශයෙන් එලියට පැන්න මගේ පියයුරක් නුඹේ උනුහුම් හුස්ම ස්පර්ශ කරද්දි මගෙ ඇස් ඉබේම අඩ වශයෙන් විවෘත වුනා....උඹේ දෙ අත් මගේ ඉග ස්පර්ශ කරද්දි උඹේ මුහුන මා වෙත ලන්වද්දි මගෙ පපුව එන්න එන්නම ගැහෙන්න ගත්තා. උඹ මටත් හොරෙන් මායි උඹයි එකම ආත්මයක් කරගත්තා...මාගේ ප්‍රාශ්වාස නුඹේ ආශ්වාස වුනා, උඹේ ප්‍රාශ්වාස මාගේ ආශ්වාස වුනා...උඹ මාව විශාල භාවනාවක ධ්යානයක් කරා අරන් යන හැටි මම සමාධිමත්ව වින්දනය කලා....උඹේ ඇගිලි තුඩු වල ස්පරශයන්, නුඹේ දිවතේ මට සිලුටු ස්පර්ශයන්ට උඹේ හුස්මේ උනුහුමට උඹේ සුමුදු කවි බර වදන් වලට කිසිදු සෙල්ලම් පෙම්වතෙකුට යටත් කරන්න බැරි වුන වෙලඹකගේ ආත්මය අහින්සක මුව පොව්වෙකු වගේ යටත් වුනා, හීලෑ වුනා...., මම උඹෙන් බලාපොරොත්තු උනේ තවත් එක් සාම්ප්‍රදායික පෙම්වතෙක් නෙමෙයි, අර සික්ස් පැක් තියෙන, ජෙන්ට්ල්මන් විදියට ඇන්දුම් ඇන්ද, මට ඕනෙ වුනේ උඹ සියුමැලිව කුසුමක් නලවන සුලන් රැල්ලක්ව සිට මහා රූස්ස ගස් අඹරන කුනාටුවක් වෙලා ටෝනේඩෝවක් වෙලා මම සිතපුවත් නැති ඉමක මාව අත අරිනවට.... රැයක් එලිවෙද්දි උඹ මගේ ආත්මයම රතු වයින් වල දිය කරල, සූස්තියක දුමෙන් රත් කරල උරා බීල අවසන්.... මගේ බොහීමියන් පෙම්වත උඹ ආයෙත් මේ නිම්නය හරහා පැමිනියොත් මාව උනුහුම් කරල පලයන්".... ඒ නිම්නයෙන් නික්මෙන්නට පෙර ඇය උගෙ කනට කෙදිරුවා.... ඒත් ඒ වූ ඇයව හමුවෙන අවසාන අවස්තාව බව ඇයවත් ඌවත් දැනන් හිටියෙ නැහැ....


ඌ නැවතුනේ නැහැ....ඌ ඉදිරියටම ගියා....සමහර කාන්තර මැද වූ පිපාසයෙන් ඇද වැටුනා. උන්මන්තකයෙක් වාගේ මිරින්ගු දිහා බලන් හීල්ලුව....රත් වුන වැලි වැලදගෙන ඌ විදි ස්පර්ශයන් ගැන සිතුවා, දෙවියන් ගෙන් දිය පහස ඉල්ලා වැද වැටුනා....


දන්නෙම නැතුව ඉර්තු වෙනස් වුනා... ඒත් ඌ අර උගෙ කන්ද උඩ තියෙන ලෑලි ගෙදරට සුන්දර මලක් කැන්දන් එන්න නම් හිතුවෙ නෑ. ඒ ඌට තව සුන්දර භූමීන් වල සෞන්දර්යය වින්දනය කරන්න ඕනෙ නිසානම් නෙමෙයි.... ඌ ස්ත්‍රී ආත්මයක ඌ අකමැති සීමාවේ ඇති වේදනාවට බිය වුනා.... විටෙක ඒ බොහීමියන් සිත මහා නපුරු වෘකයෙකු කල හැකි ඒ ස්ත්‍රීන්ට පොදුවූ ලක්ශන....ඉතින් ඌ සෞන්දර්යයෙන්ම නැවතුනා එතනින් එහාට යන්න හිතුවෙ නැහැ.... මිනිහෙක්ට පුලුවන් ද මොහොතින් වෙනස් වෙන අහසක අයිතිකාරයෙක් වෙන්න.... අර වලාකුලු මගේ, අර තරු මගේ, අර ඈත පායල තියෙන හද මගේ කියල....වෙනෙකෙකුත් ඒ අහසෙ සුන්දරත්වයම වින්ද කියල දන්නවනම් ඌ කොහොම ඉවසන්නද....අනික ඒ වලාකුලුවල හැඩය තව මොහොතකින් වෙනස් වේවි....


බොහීමියන් පෙම්වතා දන්නෙම නැතුව ව්යාධියට පත් වේවි, සමහර විට එක් දරාගන්න බැරි එක් ශීත ඉර්තුවකදි උගෙ පය වාරු නැතුව හුස්ම අවසන්ව ඇද වැටේවි.....එහෙමයි කියල ඌ එක් නැවතුම්පලක නවතීවිද...ඒ බියටම එක් ස්ත්‍රී ආත්මයක් චාටුවෙන් රවටන්... අවිනිශ්විත ඉරණමකදි හිස තබාගන්ට....


සමහර විට බොහීමියන්  පෙම්වතා පෙම් කරාවි, අර ඌ බය වුන සීමාවන් පරයා ගියත් වෙනස් නොවන ඌ උගෙ ෆැන්ටසියෙ දුටු ස්ත්‍රී ආත්මයම මුනගැහුනොත්..... 


 ඌ එක තේමාවක ජීවත් වුනා.... ඌ මල දවස උගෙ හුස්ම වින්ද ස්ත්‍රී ආත්මයන් මුමුණාවි....


He lived like a teen, sometimes like an old wise man, poetic like Keats, dominant like Alaxender, sarcastic like a wolf, free like an Eagle.....painted my word just like Picasso....!


DuLee


No comments:

Post a Comment