දේශපාලනය නමැති සංධ්වනිය.
කලකට පසු ලිපියක් ලිවීමට සිතුනේ රටේ එක පිට එක එන ගැටළු වලට විසඳුම් දේශපාලන නායකත්වයක් තුලින් කළමනාකරණය කරගැනීමට ඇති නොකියාව දිගින් දිගටම පිලිඹිඹු වීම තුල ඇති වන වේදනාවත් සමගය. මෙහිදී මම මෙය ලියන්නේ දේශපාලන විශාරදයෙකු ලෙස නොව, දේශපාලනය පිලිබඳ යම් ගවේෂණයක යෙදෙන්නා වූ සාමාන්‍ය පුරවැසියෙකු ලෙසය.
ඔබ දැක තිබෙනවාද විවිධකාර සංගීත භාණ්ඩ රැසක් සමග සංගීතය මවන්නා වූ වෘන්දයන් (Orchestra), ලංකාවේ ඒ තරම්ම විශාල සංගීත වෘන්දයන් අඩු වුවද, ඔබ සිනමා පටයක හෝ විශාල වාදකයන් ප්‍රමාණයක් සමග මෝසාර්ට්, බීතෝවන් වෙන්නන්ගේ සංගීතය වාදනය කරන්නා වූ වෘන්දයන් අඩු තරමේ එක වරක් හෝ දැක ඇතුවාට සැක නැත. ඔබ සිතාවි දේශපාලනයේ සහ මෙවැනි ඔකෙස්ට්‍රාවක ඇති සම්බන්දය කුමක්ද කියා. මා සංගීතය ඒ තරම් ගැඹුරින් හදාරා නොතිබුණද මා අධ්‍යයනය කල මෙවැනි වෘන්දයක ඇති නිරවද්‍ය තාවය මා දුටුවේ සාර්ථක දේශයක තිබිය යුතු ලක්ෂණද මේ තුල ගැබ් වී ඇති බවයි.
සංගීතය මෙහෙයවන අධ්‍යක්ෂකවරයා, ඔහුගේ හස්තයන් යොදා ගනිමින් යම් සන්නිවේදනයක යෙදී සිටි. මේ සමගම ආතත, විතත, විත ආතත, ඝන සහ සුෂිර (හින්දුස්තාන් සංගීතයෙ අධ්‍යයනය කල මතකයන් ට අනුව, බටහිර සංගීත වර්ග කිරීමෙදිද, woodwinds, Brass, Percussion, keyboards, Strings වෙනි) වෙනි වෙනස්කම් සහිත විවිධාකාර වූ සංගීත භාණ්ඩ යොදා ගනිමින් ඉතා අනගි සංධ්වනියක් වාදකයන් විසින් මවනු ලබයි. මේ සුන්දර සංගීතය පසුපස තිබෙන්නා වූ රහස් මොනවාද යන්න දැන් විමසා බලමු.
1) විශාල වෙහෙසක් සමග එන පෙර පුහුණුව.
2) සංගීත භාණ්ඩ වල තිබෙන්නා වූ උසස් තත්වය.
3) වාදනය කරන්නාගේ දක්ෂතාවය, ස්වර පිලිපදීමෙදි ඇති දක්ෂතාවය සහ සංගීතය මෙහෙයවන්නාගේ නායකත්වයට අවනත වීම.
4) උත්කෘෂ්ට වූ සංගීත මෙහෙයවීමක්.
ඉහත දක්වා ඇති කරුණු හතරට අමතරව තවත් කරුණු තිබුනද වෘන්දයේ ඇති සාර්ථකත්වය බොහෝ විට මේවා මත පදනම් වනු ඇත.
දැන් අප සංගීතයෙන් බැහැරව දේශය පාලනය කිරිම නමැති ක්‍රියාවලිය මදක් අධ්‍යයනය කරමු. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පාලනය වන රටක පාලනය රඳා පවතින්නේ එම රටේ ජනතාවගේ ඇති දේශපාලනිකමය ශාක්ෂරතාවය සහ ඔව්න්ට තෝරා ගැනීමට ඇති විකල්පයන් සමගය. ලංකාව වෙනි රටක සාමන්න්යයෙන් මේ දෙකම අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. රටේ ඇති සාර්ථකත්වය පහත සඳහන් ආයතන සහ ක්‍රියාවලි වල ඇති සාර්ථකත්වය සහ පලදායිතාවය සමග බැඳී පවතී. රටේ විධායකයේ දක්ෂතාවය, ක්‍රියාත්මක වන්නා වූ නීති පද්ධතිය, දැක්මක් සහිත නායකත්වයකින් සහිත පාර්ලිමේන්තුවක්, නිර්වධ්‍ය සහ වංචා වලින් තොර පරිපාලන යාන්ත්‍රණය, විනය ගරුක හමුදාව.
මා ඉහත සදහන් කල සංගීත වෘන්දයේ අධ්‍යක්ෂකවරයා/ මෙහෙයවන්නා (Conductor) රටේ විධායකය ලෙස සිතන්න. මා පෙර කියූ අනිකුත් ආයතන සහ ක්‍රියාවලින් වාදය වෘන්දය ලෙස සිතන්න. සංදර්ශනයකදී මෙම වෘන්දය විසින් වාදනය කරන්නා වූ සංගීතය වරදුනහොත් එය හුදෙක්ම නායකයගේම වරදක් විය හැකිද? නැත ඉහත මා දැක්වූ වෘන්දයේ සාර්ථකත්වය පදනම් වන්නා වූ කරුණු හතරෙන් ඕනෑම් එකක් ලුහුඬු වීමෙන් එය සිදුවිය හැක. සංගීතය රස විඳින්නා වූ ජනතාව රටේ පුරවැසියන්ට සමාන කළහොත්, සංගීතය නීරස නම්, හෝ අසා සිටින්නට බැරි නම් එම වෘන්දය ප්‍රතික්ෂේප කල හැක. එහෙත් රටේ ජනතාව, රටේ පාලන යාන්ත්‍රනය හැර යාමට මැලි වන්නේ, එක්කෝ ඔව්න්ට එය සාමාන්‍යකරණය වීම නිසාය. නැතහොත් ඔව්න්ට වෙනත් විකල්පයක් නොමැති නිසාය. සංගීතය රස විදින්නා වූ නරබන්නන් අසන්නන්ට සංගීතයේ නීරස බව හෝ එහි ඇති බාල බව තේරුම් ගැනීමට මිට පෙර විවිධාකාර සන්ධ්වනියන්ට, වෘන්දයන්ට සවන්දී ඔව්න්ට හොඳ නරක තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතුය. දේශපාලනයේදීද මෙය මෙසේමය. රටේ ජනතාවට පාලන තන්ත්‍රයේ වැරදි, සහ රට කරවන්නන්ගේ අදක්ෂකම් වැටහීමට ඔව්න් දක්ෂ මිනිසුන් පෙර දැක තිබිය යුතුය. මේ සියල්ලත් සමග දක්ෂයන් සිටි නම් ඔව්න් කුමන සමාජ පන්තියකට අයිති වුවද කුහක නොවී ඔව්න්ට දේශපාලනික ගමනක් යාමට ඉඩ සකසා දියයුතුය. මේ සියල්ල සමග තමාගේ කොටස තමන් හරියාකාරව ඉටු කිරීමට සියලු පුරවැසියන් සිතාගත යුතුය. මා පෙර කිව්වා සේ වෘන්දයේ සිදුවන අත්වරදිමකට සංගීතය මෙහෙයවන්නාටම වැරද්ද පැටවීමෙන් ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙනු ඇත. සියලු වාදකයන්ගේ පෙර පුහුණුව , සංගීත භාණ්ඩ වල තත්වය, නායකත්වය සියල්ල බලපානු ඇත. මේ සියල්ලම සමග අසන්නන්ගේ ඇති රසවින්දන බුද්දිය තුලින් වැරැද්ද හඳුනාගැනීමට ඇති හැකියාවද අත්‍යවශ්‍ය වනු ඇත.
සංගීතය මෙයවනන්නා විසින් වෘන්දයේ ශබ්ද වේග, සංගීත භාණ්ඩ වල ධ්වනි හැසිරවීම ඔස්සේ, විවිධා කාර ශබ්ද රාශියක් එකතු කිරීමට අවැසි විනය තම සන්නිවේදනය සමග මුසු කර සංධ්වනිය මෙහෙයවන්නා සේ නියම දේශපාලකයා, නැතහොත් විධායකය තම සන්නිවේදන කුසලතාවයන්, උපායමාර්ගික කුසලතාවයන් සහ දැක්ම එකට මුසුකර විවිධාකාර ලක්ෂණ සහිත පාලන යාන්ත්‍රණය නමැති සංධ්වනිය කලාවක් සේ මෙහෙයවීමට තරම් දක්ෂ වියයුතුය.
මේ සඳහා බිහිවිය යුත්තේ ධනවාදී ආර්ථිකය තුලින් බිහිවන මුදල සහ මාධ්‍ය සහ තම දේශපාලක පියාගේ වාසගම පමණක් නිසා නායකත්වයට පත්වන නායකයන් නොවේ. ආර්ථික වෙළදපල උපායමාර්ගික සැලසුම්කරණය පිලිබඳ සුක්ෂම දැනීමක් ඇති. තම අසන්නන් වන තම පුරවැසියන්ගේ හදවත් හඳුනන එහෙත් ඔව්න්ගේ රසවින්දනය හෙවත් දේශපාලන සාක්ෂරතාවය උසස් කරන්නා වූ නායකයන්ය. විශ්ව විද්‍යාලයේ සිටියදී මාක්ස් වාදීන් වී, පසුව ශුද්ධ ධනවාදීන් වන ඊනියා සමාජ වාදින්ද නොවේ. දේශයේ සියලු සුළු සහ මහ ජන කොටස් වල අයිථීන් හඳුනාගන්නා ඔව්න්ගේ අවශ්‍යතාවයන් තුලින් බිහිවන යම් යම් ආතතීන් ශුබවාදී ලෙස ආර්ථික වුර්ධියක් සදහා යොදා ගන්නා, විදෙස් වෙළද පල හඳුනාගන අප සතුව ඇති රාජ්‍යමය ශක්තින් යොදා එම අවස්ථාවන් පාවිච්චි කරන්නා වූ නායකයන්ය.
නිවැරදි දේශපාලනය තුලින් බිහිවන්නා වූ පරිවර්තනය දක්ෂ වෘන්දයක් විසින් බිහිකරන්නා වූ සන්ධ්වනියකි. ඒ සන්ද්වනියේ ඇති ගුණාත්මක බාවයට අප සියල්ලම වගකිව යුතුය. ඔබද මමද දැනුම හබා යා යුතුය. රතු බලය, නිල බලය, කොළ බලය කියා එන දේශපාලන හස්තයන්ගේ රුකඩ බවට පත්විය යුතු නැත. විශ්ව විද්‍යාලය තුලදී රට වෙනස් කිරීමට අවශ්‍ය පෙර පුහුණුව දැනුම ලබා ගත යුතුය. එසේ වුවද විකල්ප දේශපාලන හස්තයන්ට ගොදුරු වීමෙන් වැළකීමට තරම් බුද්දිමත් විය යුතුය. බුද්දිය යනු රැල්ලක් පසු පස යාම නොවේ රැල්ලෙන් බේරී මුහුදේ ගිලීමෙන් වැලකි විද්‍යාව හා කලාව යොදාගෙන රුවල් නැවක් හෝ සාදා අප රටට අවශ්‍ය ආර්ථිකමය සමාජමය සංවර්ධනය කරා ලං වීමට අවශ්‍ය පසුබිම සැකසීමයි.
දුලිත කසුන්
BA සමාජ විද්‍යා / දේශපාලනය සහ අන්තර්ජාතික අද්‍යයනයන් (අවසන් වසර)
විවෘත විශ්ව විද්‍යාලය.
අන්තර් සංස්කෘතික සහ ආගමික හැදෑරීම් හුම්බෝල්ට් විශ්ව විද්‍යාලය ජර්මනිය.
This is the bitter truth..
ReplyDelete