Powered By Blogger

Tuesday, February 9, 2016

මම කව්ද.....සහ ජයන්ත අයියා...

මම කව්ද.....සහ ජයන්ත අයියා
දැනට පැය කිහිපයකට පෙර මාගේ නිවසේ දොරට කව්දෝ තට්ටු කරමින් මල්ලි යයි කතා කරනු ඇසිනි. එලියට ගොස් බැලු විට මා දුටුවේ කලකට පෙර මාහට බොහෝ උදව් කල සහෝදරයෙකි. ජයන්ත අයියා... මම ජයන්ත අයියා ගැන කීමට පෙර උප කතාවකට යමි.
මා අද මෙහි මාගේ පව්ද්ගලික රහස් දෙකක් හෙළි කරමි. මා උසස් පෙළ පලවෙනි වර කරන අවදියේ බොහෝ දුර බැහැර සිටින ගැහැණු ළමයෙකුට පෙම් කලෙමි. ඇයව මුණ ගැසීමට උදේ පාන්දර බසයේ නගින්නේ දවල්ට කෑමට කෙසෙල් ගෙඩි කිහිපයක් බෑගයේ දමාගෙනය. පැය දෙකහමාරක ගමනකින් පසු ඒ (ඒ අවරුදු 3 තුලදී මම බසයක හිඳගෙන ගොස් ඇත්තේ දෙපාරක් හෝ තුන් වරක් පමණි ) මා නිවසේ සැපට හැදී දෙමව්පියන්ගෙන් මිදී ජීවිතයේ පලමු වරට සමාජයට මුහුණ දෙන්නේ ඒ කාලය තුළදීය. එකල ඇය බැලීමට යාමට මට දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීමට අපහසු විය. මට ගැහැණු ළමයෙකු සිටින බව අම්මා සහ තාත්තා දැන සිටියද ඔව්න් සිතා සිටියේ මා ඇය මුණ ගැසෙන්නේ ගම්පහ දී කියාය. දවල්ට කෑමට බත් මුලක් බැඳ දෙන්න හදද්දී ඒ වෙනුවට සල්ලි ඉල්ලන්නේ ගමනාගමනයට අවශ්‍ය නිසාය.කන්න නැති වෙලාවට පන්සල් වලින් ආහාර ගෙන ඇත. මේවා කියන්න ලජ්ජා නැත.  බොහෝ විට පැය දෙකහමාරක් ගමනය කරන මා ඇයව මුණ ගැසෙන්නේ බොහෝ කෙටි කාලයකටය. ඒ ඇයගේ එක පන්තියක් ඉවර වී අනික් පන්තියට ඇවිද යන විනාඩි 15ක කාලය සහ ඇයගේ පන්තිය ඉවර වී ඇය බෝඩිමට යන සුළු වෙලාවය. මේ අතර තුර කාලය බොහෝ විට මා තනිව සංචාරය කලෙමි. වැව රව්මට වී රසායන විද්‍යා පොතක් ගෙන කෙසෙල් ගෙඩියක් කන ගමන් කාබනික රසායනය පාඩම් කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුනෙමි. නැතහොත් ලේක් හෞස් book shop එකට ගොස් පොතක් දෙකක් බැලුවෙමි. මේ කතාවේ මේ කොටස මා මෙතනින් ඉවර කරමි.
දෙවෙනි රහස : ඇයව බැලීමට යන්න මුදල් හින්ගතාවයන් ඇති විට මම නොයෙකුත් රැකියා සෙව්වෙමි. රැකියා දෙකක් සම්බ වුනි. එකක් දවස් පඩියට බියගම වෙළඳ කලාපයේ කම්කරු සේවයේ යෙදීමය. අනික ජයන්ත අය්යා සමග DJ කිරීමය. එක් වරක් work wear ආයතනයේ අවන් එකේ වැඩ කලෙමි. එහිදී මට තිබුනේ අත් මේස් සැදීමට උදව් කිරීමය. අවන් එකේ වෙන්නේ අත් මේස් රෙදි වල සායම් නාවා අතේ හැඩයට සැකසු bar එකකට ඒවා බස්සවා ඒවා අවන් එකට දමා රත් උන පසු ඉවත් කිරීමය. මාගේ අත් දෙකේ කරගැට බොහෝ සැදුනි. එකල යට ඇඳුමත් අම්මා සෝදා දෙන සැපට සැදුනු කෙනෙකි මා. අත් මේස් පොන්ගවන chemical වල සැරට ඇස් දෙක පිලිස්සී ඇත. අවසානයේ රුපියල් 400ක් සහ බත් පැකට් එකක් දුනි. එය රැඟෙන ඉරිදා දින ඇයව බැලීමට ගියෙමි. දෙවෙනි වර IDL අරක්කු ආයතනයේ සේවයට ගියෙමි. එහිදී ජාතික හැඳුනුම්පත් තිබ්බ උන් අරක්කු බෝතල් වල ලේබල් ගැසීමට දැම්මේය. මට තිබුනේ තැපැල් හඳුනුම්පතකි. මාගේ ශරීර ප්‍රමාණයද විශාල වූ බැවින් එහි සිටි සුපවයිසර් මට කීවේ "උඹ පලයන් කන්ටේනර් එකෙන් නැවෙන් එන බෝතල් බාන්න සහ ඒවා පුවරවපු බෝතල් ලොරියට පැටවීමට " කියා එයද කලෙමි. 2007 ජනවාරි මාසයේ ඒ පඩියෙන් ඇයට සෙන්ට් බෝතලයක් ද රැගෙන ඇයව බැලීමට ගියෙමි. ඇය මාගේ අත් දෙකේ කරගැට සිපගත්තා මතකය.
මා මේ කරන ජොබ් කටු දැක්ක ජයන්ත අය්යා මට කීවේ මල්ලි උඹ වරෙන් මාත් එක්ක DJ කරන්න කියයි. සංගීතය ගැන යම් දැනුමක් තිබු මම එය එක වරම පිලිගතිමි . ගමේ අහල පහල තිබු පොඩි පොඩි උත්සව අපි ආවරණය කළෙමු sound system ekak සහ Virtual DJ software එක පමණක් අපට තිබුණි. පැය 4ක 5ක DJ එකක් කල පසු මා හට රුපියල් 2000ක මුදලක් ලබා දුනි. මාසයකට 3ක් 4ක් සෙට් වෙනවාමය. ගමේ කොල්ලන් තවමත් DJ දුල්ලා කියා හන්දියේදී මාව ඉඳහිට ආමන්ත්‍රණය කරයි. මට pocket money set විය.
කාලය ගත විය මම නැවතත් උසස් පෙළ කිරීම සඳහා සියල්ලන්ගෙන්ම ඇත් වීමි. ජයන්ත අය්යා ද වෙනත් රැකියාවක් සඳහා යන බව කීවේය. මම කෙසේ හෝ අද සිටින තැනට පැමිණියෙමි. අද මම එදා සේව්වාට වඩා 20, 30 ගුණයකින් හම්බ කරමි. බොහෝ අඩු මහන්සියකින්. අවරුදු 6ක් ගත වී ඇත.
එහෙත් ජයන්ත අය්යා අද අවේ උදව්වක් ඉල්ලාගෙනය. "මල්ලි මේ සෙනසුරාදා වෙද්දීන්ග් එකක් තියෙනවා මම ලඟදි වැඩේ කළෙම නෑ... උඹෙන් අහල වචනයක් දෙන්නම් කිව්වා... උඹට පුලුවන්ද මල්ලි?"
wedding එක මාගේම ගමේය... මා දැන් සිටින්නේ හාත් පසින්ම වෙනස් පද්දතියකය... එහෙත් මා කෙසේ නම් බෑ කියන්නද.... කෙල්ල අද මගේ ළඟ නැති උනත් ජයන්ත අය්යා නිසා මා කම්කරු සේවයට සමු දුනි.
මම උත්තරයක් දුන්නෙමි "හරි ජයන්ත අය්යා මම කරන්නම් එත් දැන් නැගල යන සින්දු ගැන මට වැඩිය අවබෝදයක් නෑ , ටිකක් හොයාගන්න වෙයි, උදේ 9 විතර ඉඳන් රෑ 11 විතර වෙනකම් ඇදගෙන යන්න වෙයි ..වැඩේ කරමු..."
මගේ හිත තෘප්තිමත්ය මට උදව් කල ඒ සහෝදරයා ට උදව්වක් කිරීමට මට අවස්ථාවක් ලැබුණි... සමාජ මට්ටම් ගැන සිතීමෙන් පලක් නැත. දෙමව්පියන්ගාව සැපට හැදුන මා කම්කරු වැඩ කලෙමි, අනාගතය ගැන අපි නොදනිමු, නැවතත් මට ඒ දේ කිරීමට සිදුවනු ඇත....එහෙත් කම්කරුවෙකු ලෙසද සේවය කල මාහට සමාජය, දුක, සදාරණත්වය සහ මිනිසා වෙනුවෙන් දෙයක් කිරීමට ඇති මුලික සුදුසුකම එය ලෙසද මා විශ්වාස කරමි.... මාගේ එදවස ලඟින්ම සිටි මිතුරන් වන ලක්ෂ්මන්,ප්‍රසිත සහ නුවන් වෙන්නන් ඒ අතීතය ගැන හොඳින්ම දනී... ඔව්න්ද මට නොසහෙන්න උදව් කර ඇති බැවිනි....
දුලිත කසුන්

4 comments:

  1. දුලීද රයිඩර් කරපු දේ හරි කියලා මාත් හිතනවා. අනික අපි කාපු ක‍ටු ගැන ආඩම්බර වෙනවා මිසක ලැජ්ජා වෙන්න ඕනෙ නෑ කොහෙත්ම. ඒවයින් ලැබෙන්නෙ පන්නරයක්.

    ReplyDelete
  2. Aniwa, kapu katu gana kiyanne Phd kalata wada adambaren Dude...

    ReplyDelete
  3. Aniwa, kapu katu gana kiyanne Phd kalata wada adambaren Dude...

    ReplyDelete
  4. ඒ තරම් ආදරයක්......

    ReplyDelete