ප්‍රේමණීය අතිසුන්දර වූ මාගේ සම්සාර පෙම්වතිය වෙත,
නුඹ හොදින් යයි මා සිතමි,
නිශ්ෂබ්දතාවයට අප හැගුමන් බිදිය නොහැකි බව මා දනිමි,
කෙසේ හෝ,
නුඹ මා පැතූ මාවතෙහි පිය නගන්නේ නම්,
නුඹ මහට ප්‍රේමණීය වදන් තවත් නොතෙපලුවාට කම් නැත,
නුඹගේ උනුහුම නොලැබුනාටද කම් නැත,
නුඹගේ හික්මවූ, ප්‍රත්‍යස්තිථ වූ, නිරන්තර දැනුමෙන් සාහිත්යයෙන් විද්යාවන්ගෙන් පෝෂිත කරන්නා වූ මනස වෘකයන් මධ්යයේ වුවද ආරක්ශා සහිත බව මා දනිමි....
සියක් බාදුරා මල් වල උගුල්හි නුඹ නොවැටෙන බව මා දනිමි....
ඒ නුඹ පෙම් කලේ පරිපූර්ණ වූ මිනිසෙකුට නොවන නිසාය,
සියක් වෘකයන් හා එකට වැඩුනු ඉවෙන් පිරිපුන් මිනිසෙකුගේ ප්‍රේමයේ උනුහුමේ වන නිසාය....!
වෘකයෙකු වුවද නුඹව කිසිදා ගොදුරක් නොකොට නුඹට පෙම් බැදි මිනිසෙකුගේ ප්‍රේමයේ උනුහුම නිසාය....!
ඉතින් නුඹ මා පැතූ මගෙහි පිය නගන බව මා දනිමි, නුඹ මොහොතකට හෝ මහට සැබැවින් ප්‍රේම කලා නම් නුඹ ඒ මග යන බව දනිමි,
එහෙත් අප කිසිදා එක් නොවන බවද දනිමි, ඒ හුදෙක් අපගේ ප්‍රේමයහි අරමුණ එක්වීමම නොවන නිසා බව නුඹ හොදින් දනී. කෙසේ නම් එක් වන්නද අප එක්ව පැතූ ශුන්යතාවයෙහි......!
උනුහුම් හාද්දක් සමග එවමි,
මීට නුඹේ බොහීමියන් ප්‍රේමවන්තයා,
ඩියෝන්....
DuLee
No comments:
Post a Comment