Powered By Blogger

Tuesday, July 6, 2021

Time Traveller!

 Time traveller!




මා කාල තරණයක යෙදෙමි,

දෑස් පියාගත් මා සමාධිමත්ව,

වත්මන් මසිතෙහි වූ ලෝකය විනාශ කරලමි,

ඇදීයමි කලු කුහරයක තුල, සොයා යමින් පුරාණ නටබුන් මා ආත්ම
යෙහි කොටස් විසිරුනු,

තෙත් වූ පයින්ස් කැලයක මා ඇවිද යන්නෙමි අද ආගන්තුකයෙකු වූ නුඹත් සමග, අතිනත් ගෙන....

ගතට දැනෙන සිසිලස සමනය කරන්නා වූ නුඹේ සුසුමන් වල උනුහුම,

මා දෙතොල මත් කරන නුඹේ ඒ උන්මන්ත ප්‍රන්ශ හාදු,


පසු කරමින් මා තවදුරටත් ඇදී යමි සොයා තව තවත් අවශේෂ,, මා හැරදමා ගිය සියලු ආත්මයන්ගේ සිනහවන් වල දෝන්කාරය, සුන්දරත්වය නැවත මා අභිමුව,

ඉතින් කොහොමද නුඹලාට....

මතකද අප එක්ව ගත කල කාලය,

පිලිතුරු නම් නොදෙයි ඔවුන්, මා දෙස බලා සිටියි කිසිදු හැගුමකින් තොරව....


හැරීබැලුවෙමි කිමද මේ නිෂ්ශබ්දතාවයට හේතුව,

ඔවුන් මා දෙස මෙලෙස බලන්නට,

අහෝ අතීත මා, 

නුඹ තවදුරටත් වත්මන් මා නොවන කල කෙසේ නම් හඳුර ගන්නද මා නුඹ ආත්මයන්....

සමාවනු මැනවි,

ඔබ සියල්ලන්ගේ සන්ඝටක එකතුව වෛවර්ණ පින්සල් පහරවල් වලින් නිම කර ඇති,

හැගීමක් නොදැනෙන සිතුවමකි වත්මන් මම, මටද නොතේරෙන....


DuLee

No comments:

Post a Comment