අපේක්ශා (කෙටි කතාව 18+)
ඒක මහ අමුතු දවසක්, මම කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ. තුන්වෙනි අවුරුද්ද. විජේරම හන්දියෙ බාර් එකකින් ගත්ත වයිට් ඩයමන් බෝතලේකින් අපි බෝඩිමේ කොල්ලො තුන් දෙනෙක් සප්පායම් උනා. මම ඉගෙන ගත්තෙ දර්ශනයයි කලා විශයනුයි. යාලුවො දෙන්නනම් භෞතික විද්‍යාව. උනුයි මගෙයි පෑහීම අමුතුම එකක් උනා. අපි ලෝකෙ දැක්කෙ දෙවිදියකට. හැබැයි මත ගැටුම් නම් තිබුනෙ නෑ. බෝතලේ ඉවර වෙලා එකෙක් කිව්වා යමන් ස්පා එකකට කියල. මහරගමට ගියාම ස්පා ඕනෙ තරම් තිබ්බ. එකෙක්ට නම් කෑල්ලක් හිටිය. හැබැයි මම තනිකඩ. අනිකා හෙව්වෙ ලොකු පස්සක් තියෙන කෙල්ලො. මම ගැන මට කියාගන්න තේරුමක් නෑ. හැබැයි මම කෙල්ලොන්ගෙ හොයන්න උත්සහ කලේ හැන්ගිච්ච කවියක්. නැත්තම් විසදන්න අමාරු ප්‍රෙහේලිකාවක් වගේ කෙල්ලෙක්. මේ ෆැන්ටසි වල හිර උන මම තනිකඩවම හිටිය. නැත්තම් ෆැන්ටසි හොයන්න ගිහින් බූට් එකක් දෙකක් තදින්ම කෑවා.
ඉතින් අපි වීල් එකක් අරන් මහරගමට ගියේ බස් වල අරක්කු බීල ගිහින් බයිට් වෙන්න බැරි නිසා. ඒ මගෙ ස්පා ගිය පලවෙනි දවස නෙමෙයි. හැබැයි හැගීමක් දැනෙන් නැති මස් කුට්ටියකගෙන් ලැබෙන ස්පර්ශය මට ඒ තරම් ආතල් එකක් දුන්නෙ නෑ. තිබහට කොකා කෝලා බොනව වගේ ඒක, කොච්චර බිව්වත් මගෙ පිපාසය ඉවර උනේ නැහැ. ඉතින් ඒ බොරු වැඩේ මම එච්චර ෆලෝ කලේ නැහැ. හැබැයි එදා තිබුන වෙරි මතයි, විභාග ආතතියයි නිසා මාත් ඔන්න ඔහෙ යනව කියල හිතන් වැඩේට බැස්ස. වෙලාව රෑ අටට විතර ඇති. නයිට් ටයිම් ස්පා එකක්. අපි දොර ඇරල ඇතුලට යද්දි එතන හිටපු රෙසිප්ශන් ඩයල් එක කිව්ව අද නම් කෙල්ලො හතර දෙනයි ඉන්නෙ බලල ගන්න කියල. අරුන් දෙන්නනම් පුරුදු කාරයො වගේ එබිල බැලුව. මට මොනව කලත් ලැජජාව හැමදාම හෙවනැල්ල වගේ හිටිය. අර ලොකු පස්සවල් හොයන එකා ඌටම හරියන අපේ බාසාවෙන් කියනවනම් ඇන්ට පාරක් අරගත්ත. මම ඒත් කල්පනා කලා, මේ ගෑනිට හිත යන්න තරම් ඌට තියෙන මාන්ශ ආශාව කොච්චරද කියල. කෑල්ල ඉන්න එකත් අරගත්ත එකක්. ඒකිත් බෝක්කුව පේන්න ස්කිනියක් ඇදල තොල් රතු කරන් හිටියා. මට හිතුන මේ ගෑනු දෙන්න අද මුන් දෙන්නව ගිලීද කියලත්.
එතනම එහා පැත්තෙ කෙරවලේ හිටිය කෙට්ටු ඔහේ බලාගත්තු අතේ බලන් ඉන්නව වගේ ඉන්න ටිකක් ගුප්ත වගේ කෙල්ලෙක්. ලිප්ස්ටික් ගාල හිටියෙ නම් නෑ. බෝක්කු පේන්න තරම් ලැමක් තිබුනෙත් නෑ. මල් මල් වගේ බ්ලවුස් එකක් ඒකි ඇදල හිටියෙ. ඔව්, ඒකි අර මම හොයනව වගේ ප්‍රෙහේලිකාවක්. හැබැයි සාමාන්‍යයෙන් කෙනෙක් බලපොරොත්තු වෙන ආතල් එකක් නම් ඒකිගෙන් ලැබෙන්නෙ නෑ කියල මට එවෙලෙම හිතුන. මම ඒකිව ගත්ත. මාවත් අරන් පාටිශන් කල කාමරේ ඇතුලට ගිය ඒකි තුවායක් ගෙනත් දීල කිව්ව සර් වොශ් එකක් දාගෙන එන්න කියල. මම ඒ දුන්න අන වෙරිමතින්ම ගිහින් පිලි පැද්ද. ඒකි ආවා. සර්ට ඕනෙ ෆීල් මසාජ් එකක්ද කියල ඒකි ගත් කටටම ඇහුව. මම කිව්ව දෙන එකක් දෙන්න මගෙ වෙරි හිදෙන්න කියල.
ඒ කාමරේ දාල තිබ්බෙ රතු පාට ලයිට් එකක්. මට ඒකිගෙ මූන හරියට පේන්නෙ නැහැ. හැබැයි මට තේරුනා ඒකි ගුප්තයි කියල. ඒක ඒකිගෙ මායමක් කියල මට හිතුනෙ නැහැ. මොකද මම කෙල්ලොන්ගෙ මායම් ඕන තරම් දැකල තිබුනා. ඒකි නිශ්ශබ්දයි. මම ඒ නිශ්ශබ්දතාවය බිදල ඇහුව ඔයාගෙ නම මොකද්ද කියල. සර් මම අමා. මට හ්ම්ම් කියනවට ඇරෙන්න වෙන කියන්න දෙයක් තිබ්බෙ නැහැ. මම දන්නව මේ නම් බොරු නම් කියල. ඔයා කොහෙද නන්ගි? මම ආයෙත් ඇහුව. සර් මම බන්ඩාරවෙල. මට පුදුම හිතුන, ඒ වගේ සෞම්‍ය පැත්තක් අත ඇරල මෙයා මේ ගෙන්දගම් පොලවෙ මිනුස්සුන්ගෙ ඇගවල් මසාජ් කරන්න තරම් මොනර කොලවලට තියෙන ආසාව මොකද්ද.
ඔන්න මට දැන් ප්‍රෙහේලිකාව විසදන්න හිතුන. ඒකිගෙ තිබුන හැන්ගිච්ච කවිය කියවන්න හිතුනා. ඇත්තටම මට ඒකිව දැනෙන්න ගත්ත. මසාජ් එක පැත්තකින් තියල මම ඒකිගෙ සුදු මූනු පොඩ්ඩ මගෙ උරහිසෙන් හේත්තු කරගත්ත. ඒ කෙහෙරැලි හරිම සෞම්‍යයි. ඒ මූන හරියට වලාකුලු වලින් වැහිල හිමිහිට පීදෙන්න තතනන හද පලුවක් වගේ. ඒ ඇස් දිගටි. මට තිබ්බ ලැජ්ජාවම එයාටත් තිබ්බ. එයා බිම බලන් හොරෙන් වගේ මගෙ ඇස් දිහා බලන්න උත්සහ කලා. මාත් එයාගෙ මූන හරහ වැටෙන කෙහෙරැලි ඇගිලි වලින් එහෙ මෙහෙ කරල ඒ ඇස් දිහාම බලන්න උත්සහ කලා. සර් ඔයා බීල නිසයි මේ රොමැන්ටික් වෙන්න හදන්නෙ. වෙලාවත් යනව සර්. ඉක්මනට ඉවර කරමු. එයා කිව්ව. ඒ වෙලාවෙ මමවත් දන්නෙ නැති මගෙ ස්වරූපයක් එලියට ආවා. මැනිකෙ උබ ඇයි මෙතනට ආවෙ. මම සන්වේදී වෙලා ඇහුව. ඇයි සර් මැනිකෙ කිව්වෙ. එයා පුදුමෙන් වගේ මම දිහා බලන් ඇහුව. ඉතින් මැනිකෙ මේ කොලබ මොනර කොල හෙව්වට උබත් මැනිකෙ කෙනෙක්නෙ කියල මට කිය උනා. ඒකිගෙ ඇස් කදුලින් පිරිල කියල මට රතු පාට ලයිට් එලියෙන් හොදට පෙනුනා. ඒ කදුලු වැඩි වෙලාවක් හිර කරන් ඉන්න එයාට පුලුවන් කමක් තිබුනෙ නෑ. මගෙ උරහිසේම ඔලුව තියන් අඩන්න ගත්තා. සර්.... මට සර් කියන්න එපා, මම රවීන්, මට එහෙම කතා කරන්න. බෑ සර් තවත් මාව අසරන කරන්න එපා. මට ඇත්තටම පුදුමයි. මේ ප්‍රෙහේලිකාව මට උත්තර වලට පාර පෙන්නන්න අරන්. සර් මගෙ පලවෙනි කොල්ල මට ආදරේට කිව්වෙ මැනිකෙ. අන්සබාගෙ හැදුන තාත්ත මට කතා කලේ මැනිකෙ කියල. අම්මව නම් මට ඒ තරම් මතක නෑ. අයිය එහෙම කතා කලාට මෙතනට එන හැමෝම මට කිව්වෙ බබා, පැටියො, ඩාලින් ස්වීටි, සෙක්සි වගේ වචන. ඇයි අයිය එහෙම කතා කලේ මට.... ඒකි අඩන එක නවත්තන්නෙ නෑ. ඇත්තටම මටත් කදුලක් මගෙ ඇස් වලින් වැටෙන එක නවත්තගන්න තරම් හයියක් තිබුනෙ නැහැ. මම ඒකිව හයියෙන් බදාගත්ත. අයියෙ මගෙ ඇත්ත නම අපේක්ශා ඔයා මට අමා කියන්න ඕනෙ නෑ. මට සතුටක් දැනුන. මම ඒ හැන්ගුන කවියෙ පද පේලි අර චයින්නීස් රතු ලයිට් එලියෙන් ටික ටික කියවන්න අරන් කියල මට හිතුනා.
එදා ඒ විදියට ඒ පැය ගෙවුනා. අපේක්ශව වත්තන් කරන් මම ඒ පැයම හිටිය. මම කිව්ව මම කවි ලියන්න ආසයි කියල. අපේක්ශාට ඕනෙ උනා මගෙ කවියක් බලන්න. මම මගෙ ෆෝන් එකේ තිබ්බ මම ලිව්ව කවියක් එයාට පෙන්නුවා. අයිය මම පොත් කියවන්න ආසයි. අයියට ආයෙත් එන්න කියල මම කියන්නෙ නෑ. ඒත් ආයෙත් එනවනම් මට පොතක් අරන් එන්න. යන්න ලන් වෙද්දි එයා කිව්වා. හරි නන්ගි. මට ඔයාව ආයෙත් නොදැක ඉන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ. මම ආයෙත් එනව ඔයා මේ දාහ තියාගන්න කියල මම මොනර කොලයක් දික් කලේ කිසිම ආතල් එකක් නොගෙනමයි. එපා අයිය. ඔයා මට පොතක් ගේන්න. ටිප් එපා. කැමතිනම් ආයෙත් මැනිකෙ කියල කතා කරන්න යන්න කලින්. "හරි මගෙ මැනිකෙ ඔයා පරිස්සමෙන් ඉන්න, මේ එන නරින්ගෙන්".
පැය දන්නෙම නැතුව ඉවර වෙලා. යාලුවො දෙන්න මම එනකම් එල්යෙ සෝෆා එකේ ඉදන් බලන් ඉන්නව. යකෝ උබ අරක්කු බීලා ලේට් ටැබ්ලට් එකකුත් ගැහුවද. උන් හිතන දේ මට පැහැදිලි. යමන් යමන් අපි කොහොමත් ලේට් තමයි කියල මම ඇහැක් ගැහුව. හැබැයි මගෙ හිත ඇතුලෙ අපේක්ශාවක් මෝදු වෙමින් තිබ්බ. ආයෙත් අපේක්ශාව දකින්නෙ කවද්ද.
පහුවදා වෙද්දි වෙරි බැහැල. කැම්පසුත් ස්ටඩී ලීව් දීල. මට එක පාර මතක් උනේ අපේක්ශාව. ඊයෙ මම බීල හින්ද ඕනෙවට වඩා සන්වේදී උනා. අපේක්ශාත් පොඩි මායමක් දාන්න ඇති. ඒත්... ඒකිට ඒකෙන් වාසියක් උනේ නැහැ. ටිප් ගත්තෙත් නෑ. අර විදියට මාව බදන් අඩපු විදිය. මම කල්පනා කලා. මම තනිකමෙන් ගොඩක් බැට කෑවා. කැම්පස් එකේ දර්ශනය කරන කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්න ලේසි උනේ නැහැ. උන් ඔක්කොම හෙව්වෙ ඉන්ජිනේරුවො, දොස්තරල. දර්ශනය කරන එකෙක්ට ඉතින් මොන රස්සාද. රැව්ල කොන්ඩෙ වවන් ගස් ගල් දිහා බලන් කවි ලියන උන් තමයි අපි කියල උන් හිතුවෙ. සාම්ප්රදායිල මද්යම පාන්තික කෙල්ලෙක්ගෙ සිහින කුමාරයෙක්ගෙ පැකේජ් එකක් මගෙ ලග තිබ්බෙ නෑ. අර සුදු පාට ප්‍රියස් කාර් එකක්, අයි ෆෝන් එකක් ලොකූ ගෙයක්. ඒ පැකේජ් එක මට තිබුනේ නැහැ. ඩිග්‍රියෙන් පස්සෙත් පේන තෙක් මානෙකවත් ඒ දේවල් ලැබෙයි කියල මට හීනයක් තිබ්බෙත් නැහැ. ඉතින් මම ඒ වගේ බොරදියේ මාලු බාන්න ගියෙත් නෑ.
ඒ වෙලාවෙ මට තිබුන එකම හිතට දැනුන ස්ත්‍රී සුවය අපේක්ශා කියල හිතුනා. එයා තිබහට කොකාකෝල බොනව වගේ නෙමෙයි. කාන්තාරෙක අතරමන් උන මුවෙක්ට හම්බුන දිය කඩිත්තක් වගේ මට දැනුනා. ඒත් ඒක මිරිගුවක්ද කියල කියන්න තරම් මම දක්ශයෙක් උනේ නැහැ. කොහොම හරි ආදරේ කරන එකයි බුද්දිමත් වෙන එකයි දෙකම එක පාර කරන එක ලෙසි දෙයක් නෙමෙයි කියල මම තේරුම් අරන් හිටියා.
මම එදා නුගේගොඩ සරසවියට ආවා. ඒ මට සන්දෘෂ්ඨික වාදය ගැන පොතක් හොයාගන්න. හැබැයි ආව ගමන් මතක් උනේ අපේක්ශාගේ ඉල්ලීම. අපේක්ශට ගන්න ඕනෙ පොත මොකක්ද කියල මම දහ අතේ කල්පනා කලා. අන්තිමට නැවතුනේ පව්ලෝ කොයියෝගේ මිනිත්තු එකොලහ ලග. ඒක එයා වගේ, සමහරවිට ඊටත් එහා ගිය කෙල්ලෙක් ගැන කියවෙන පොතක්. මට ඕනෙ පොත නම් හම්බුනේ නැහැ. මට ඒ පොත එයාට දෙනකම් ඉවසිල්ලක් තිබුනෙ නැහැ. කමක් නැහැ මම අද ආයෙත් යනව. තාත්ත එව්ව සල්ලි තව ඇති. දාහයිනෙ ඕනෙ.
මම එදා හවස යාලුවොන්ට නොකියම අපේක්ශව බලන්න ආව. සාමන්‍ය විදියෙ කස්ටමර් කෙනෙක් විදියටම එයාව ගත්ත. එයත් වෙනසක් පෙන්නන්නෙ නැතුව සාමාන්‍ය විදියටම මාව පිලි අරන් පාටිශන් රූම් එකට එක්ක ගියා. ඒ දොරෙන් ඇතුලු උනා විතරයි මෙයා එක පාරටම පුදුම හයියෙන් මාව වැලද ගත්තා. ඊටවඩා දැනෙන්න කියනවනම් අවුරුදු ගානකින් දැක්ක කෙනෙක් වගේ මාව ඒකි බදා ගත්තා.
මැනිකෙ, මොකද මේ?
අයිය ඔයා ආයෙත් ඒවි කියල මම හිතුවෙ නැහැ. ඊයෙ බීල නිසානෙ එහෙම ලන් උනේ කියල හිතුනා. අය්ය ලගට එන්න කලින් මට මේ නගරෙ කිසිම තනිකමක් දැනුනෙ නැහැ. ඒත් අයිය ගිය වෙලේ ඉදන් මට කවදාවත් නැති තනිකමක් දැනෙන්න ගත්තා.
මැනිකෙ මම ඔයාට පොතක් ගෙනාවා මෙන්න. මගෙ බෑග් එකෙන් එලියට අරන් ඒ පොත දුන්නම අපේක්ශාගේ ඇස් දිලිහෙන්න ගත්තා. අයිය මට ඔයාට ආදරෙයි කියන්න බැහැ. ඒත් අයිය මගෙ ලගින් ඉන්න. මොන විදියට හරි.
ඔන්න ඔහොම අපේක්ශා මගේ ජීවිතේ කොටසක් වෙන එක නවත්තන්න මට බැරි උනා. මගෙ ජීවිතේ දැනුන ලොකුම දුක දැනුනෙ මගෙ අම්ම නැති උන දවස. ඒ මම කැම්පස් එකේ හතර වෙනි අවුරුද්දේ ඉන්න කොට. ඒ දුක කියල මට බෙරිහන් දීලා අඩන්න ඕනෙ උනා. පොඩි එකෙක් වගේ. ඒත් දවස් හත යනකම් මම හිතේ හිරකරන් හිටිය ඒ දුක. අට වෙනි දවසෙ මම ආවෙ අපේක්ශා හොයන්. එදා අපේක්ශා මාත් එක්ක බෙල්ලන්විල පන්සලට ගියා. ඒ වෙලාවෙ මම එයාගෙ උරහිසේ ඔලුව තියන් ඉකි ගගහ ඇඩුවා. අන්තිමට මගෙ එකම අපේක්ශාව උනේ අපේක්ශා. හැබැයි එයාගෙ ජොබ් එක එයාට කරන්න සිද්ද උනා. දවසක් මම එයාට එක යෝජනාවක් කලා. අපේක්ශා අපි දෙන්න පොඩි ඇනෙක්ස් එකක් අරන් ඉම්මු... අයිය ඔයාට ජීවිතයක් තියෙනව. ඔයා කුමාරයෙක්, මම ගනිකාවක්, ඔයා එනකම් කුමාරිකාවක් බලන් ඉන්නවා ඇති මේ ලෝකෙ කොහෙ හරි. අය්යගෙ නම කැත වෙන එක විතරයි වෙන්නෙ මේක අහු උනොත්. මම ඒකට විරුද්ද උනා. අපේක්ශා ඔයා ගනිකාවක් නම් ඔයාව හොයන් ආව මමත් ඊට සමානයි. අපි එකට ඉම්මු. අපේක්ශා ආයෙත් අඩන්න ගත්ත.
මගෙ අයියෙ, මට පුතෙක් ඉන්නව. එයා දරුවගෙ තාත්තගෙ අම්මල ගාව ඉන්නෙ. මගෙ අයිය එක්ක මම ඉන්න පින් කරල නැතුව ඇති. අයිය කොහොමද මෙහෙම ගෑනියෙක් එක්ක ඉන්නෙ.
ඇත්තටම අපේක්ශට පුතෙක් ඉනන්ව කියල මම දැනන් හිට්යා. එයාගේ ෆෝන් එකේ ෆොටෝ වලින් මම පුතාව දැකල තිබ්බ. හැබැයි එයාම කියනකම් ඒක අවුස්සන්න මට ඕනෙ කලේ නැහැ. මොකද එහෙම හිටිය කියල ඇත්තටම වෙනසක් වෙන්නෙත් නෑනෙ.
කොහොම හරි අපේක්ශා මාත් එක්ක ලිවින්ග් ටුගෙදර් ඉන්න ආවෙ නැහැ. හැබැයි අපි පුලුවන් හැම වෙලේම මුන ගැහුන. අපේක්ශා මට බදින්න වෙන්නෙ නැහැ. ඒක එයත් දැනන් හිටිය. බදිනව කියන එක ආදරේ අනිවාර්ය අවස්තාවක් කියල මම හිතුවෙත් නැහැ. මම කලේ විශේෂ උපාදියල්. මගෙ වැඩ තොගේ එන්න එන්නම වැඩි උනා. දර්ශනය විශේෂ උපාදියක අන්තිම අවුරුද්ද කියන්නෙ පිස්සෙක් වෙන්න ඔන්න මෙන්න වගේ තිය්න අවස්තාවක්. මගෙ හැම ආතතියක්ම අඩු කලේ අපේක්ශා.
අන්තිම සෙමෙස්තරේ අන්තිම විභාගෙත් ඉවර කරපු මම දවසක් අපේක්ශට කෙටි පනිවිඩයක් යවල කිව්ව හවසට මම එනවා කියල. ඒත් අපේක්ශාගෙන් පිලිතුරක් ආවෙ නැහැ. මම ස්පා එකට ගිහින් අපේක්ශගෙ හොදම මිතුරියගෙන්, රුවනි අක්කගෙන් ඇහුව කෝ අපේක්ශා කියල. රුවනි අක්කා දුන්නෙ හිත සැහැල්ලු වෙන උත්තරයක් නෙමෙයි. එයා පොඩි ලියුම් කෑල්ලක් මගෙ අතට දීල කිව්ව, මල්ලි ඔයා ආවොත් මේක දෙන්න කියල එයා කිව්ව.
"මගෙ අයියා, ඔයාගෙ ජීවිතේ මේක නෙමෙයි මගෙ අයියෙ, ඔයා ඔයාගෙ ජීව්තේට යන්න. මගෙ අය්යට මම ගොඩක් ආදරෙයි. මම බන්ඩාරවෙලට යනව අය්යේ. ඔයා මාව හොයන් එන්න එපා. මම ආයෙත් එන්න ආසාවක් නැහැ කොලබ....මගෙ අයියා කුමාරිකාවක් බදින්න, අය්ය හැමදාම ආස කලා වගේ දූ පැටික්කියෙක් හදන්න.... හීනෙන් ඇවිත් එකම එක පාරක් මට මැනිකෙ කියල කතා කරන්න. බුදුසරනයි මගෙ අයියෙ"
මට එන කදුලු පාලනය කරන එක ඒ වෙලාවෙ කරන්න පුලුවන්කමක් තිබ්බෙ නැහැ. මම බෝඩ්මට යනගමන් ගල් බාගයක් අරන් ගියා. යාලුවො ඒ වෙද්දි හිටියෙත් නැහැ. තනියම බීලා කන්නෙත් නැතිව නිදා ගත්ත.
මාස හයක් වගේ ගියා. මම උත්සහ කලා පශ්චාත් උපාදියට ශිෂ්‍යත්වයක් ගන්න. මොකද දර්ශනයට ලන්කාවෙ ඒතරම් තැනක් නැහැ. ඒත් පිටරට, විශේශයෙන් යුරෝපියානු රටවල දර්ශනය කල අය විවිද පර්යේශන වල නියැලුනා. විශේෂයෙන් මනෝ විභාගය සහ දිවිත්වය ගැන මගෙ ආශාවක් ඇති උනා. අවසානයේ මම නෙදර්ලන්තයේ ඈම්ස්තර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබා ගන්න සමත් උනා. ඒ ශිෂ්‍යත්වය ලැබුන දවස මගේ ජීවිතේ සතුටුම දවස. මම කොච්චර තනි උන කෙනෙක්ද කියනවනම් මගෙ ජීවිතේ සතුටුම ආරන්චිය කියන්නවත් මට කෙනෙක් හිටියෙ නෑ. මම පොඩි ලියුම් කෑල්ලක මේ විස්තරේ කියල රුවනි අක්කට දුන්න අපේක්ශට දෙන්න කියල හම්බුන දවසක.
ඈමතර්ඩෑම් නුවර ජීවිතය හරිම සෞම්‍ය එකක් උනා. කාලය ගත වෙලා ගියා, මම දන්නෙම නැතුව ඒ රටට මාව හුරු වෙලා ගියා. විශ්වවිද්‍යාලයේම පොඩි රස්සාවක් කරමින් ඉගෙන ගත්ත මට ඇනාව මුන ගැහුනෙ විශ්ව විද්‍යාල පුස්තකාලයේ ගත කරපු දවසකදි. ඇනා මගෙ හිතවතිය උනා. ඇනා ඉගෙන ගත්තෙ ගෘහ නිර්මාණ ශිල්පය. මම ගොඩක් ආසා කරපු තවත් විශයක් ඒක. ඉතින් අපි දෙන්නට කතා කරන්න ඕන තරම් දේවල් තිබුනා.ඒ විතරක් නෙමෙයි ඇවිදින්නත් ගොඩක් තැන්. අපි නිවාඩු වලට ඈම්ස්තර්ඩෑම් වල කලාගාර වල කව්තුකාගාර වල ඇවිද ඇවිද ඉතිහාසය ගැන කතා කලා. දිග නිවාඩුවක් හම්බුනොත් නෙදර්ලන්තෙ පිටිසර ගම්මාන වල ඇවිදින්න ගියා. රොතර්ඩෑම් වලට ගියා. සූරියකාන්ත මල් වතු වල ඇවිද්ද, නගරෙ වටේ ඉදිකරල තිබුන ඇල මාර්ග වල පොඩි බෝට්ටු වල නැගල එහේ මෙහේ ගියා. දන්න්ම නැතුව පශ්චාත් උපාදියත් ඉවර උනා. අවුරුදු දෙකක් දන්නෙම නැතුව ගත වෙලා.
මට ලන්කාවට පොඩි නිවාඩුවකට එන්න හිතුනා. මම ඇනාටත් ඒ ගමනට ආරාධනා කලා. ඇත්තමට මට ඕනෙ කලේ ඇනාව දැනට ලන්කාවෙ මට කියල ඉන්න එකම කෙනාට හදුනවල දෙන්න. මගෙ තාත්තට. ඒත් ඇනාට තිබුන වැඩත් එක්ක ඒ ගමනට එකතු වෙන්න පුලුවන්කමක් තිබුනෙ නැහැ. කොහොම හරි කේ එල් එම් ගුවන් යානයක නැගල මම අවුරුදු දෙකකට පස්සෙ ලන්කාවට අඩිය තිබ්බ.
මට තිබුනෙ සති දෙකක කාලයක්. මට ඕනෙ උනා කැම්පස් එක පැත්තෙ යන්න. විජේරාමෙ පැත්තෙ රව්මක් දාල පොඩි නොස්ටල්ජියාවක තනි වෙන්න. හිතට හොරෙන් තව පොඩි අපේක්ශාවක් තිබුනා. ඔව් ඒ අපේක්ශ ගැන හොයල බලන්න. මගෙ මැනිකෙ ගැන හොයල බලන්න.
මම මහරගමට යද්දි ටිකක් හවස් වෙලා. ස්පා එකට ගිහින් ඇහුවෙ රුවනි ඉන්නවද කියල. ඒත් ඒ වෙද්දි රුවනි අයින් වෙලා ගිහින්. ඒත් එතන හිටපු එක්කෙනෙක් මාව අදුර ගත්තා. මේ අර අමා (අපේක්ශගෙ ස්පා නම)ගෙ යාලුව නේද.
ඔව් අක්ක, අමා ගැන ආරන්චියක් නැද්ද.
මල්ලි අමා ආයෙත් මහරගමට ආව. හැබැයි මේ පාර ආවෙ පිලිකා රෝහලෙන් බෙහෙත් ගන්න. එයාගෙ ඇත්ත නමත් අපේක්ශා අන්තිමට නවතින්න උනෙත් අපේක්ශා පිලිකා රෝහලේ. හැබැයි එයාගෙ හිත හරිම හයියයි මල්ලි. අපේක්ශා හැම වෙලේම හිටියෙ හීනෙක. ඒ හීනෙ ඔයා. අපේක්ශා ෆේස් බුක් හිටියෙ නෑ. ඒත් පස්සෙ ප්‍රොෆයිල් එකක් හදන් ඔයාගෙ ෆොටෝ බලන්න ගත්ත. අපේක්ශා ඒවා බලල අඩනව, හිනහවෙනව. හැබයි එයා ලොකු ආසවකින් හිටිය මල්ලිව ආයෙත් බලන්න. මල්ලිට කියල මැනිකෙ කියල අහගන්න.
අක්කෙ මට කියන්න එයා කෝ, එයා කොහෙද ඉන්නෙ? ප්ලීස් මට ඉන්න තැනක් කියන්න.
අපේක්ශා ඉන්නව මල්ලි, මේ ලගම, එයා පොඩි ඇනෙක්ස් එකක් අරන් පුතා එක්ක එහෙ ඉන්නව. පුතා මෙහෙ ඉස්කෝලෙ යනව. දැන් ටිකක් හොදයි එයාට. ඒත් තවම ටිකක් දුර්වලයි. අපේ නන්ගි කෙනෙක් ඉන්නව එයා ලග බෝඩ් වෙලා. තනියක් නෑ ඒ නිසා. ඉන්න මම මල්ලිට ඇඩ්රස් එක දෙන්නම්.
මහරගම ටව්න් එකෙන් පොඩ්ඩක් එහාට වෙන්න තියෙන ලේන් එකක් පොඩි ගෙයක්. මලකඩ කාපු ගේට්ටුවක් ඉස්සරහ මම නැවතුනා. බෙල් එක ගහන්න කලින් මට තේරුනා මගෙ පපුව ගැහෙන සද්දෙ. අවුරුදු දෙකහමාරකට කලින් මගෙ ජීවිතේ එකම අපේක්ශාව "මගෙ අපේක්ශා". මම දුක හිතුනම ඉකි ගගහ අඩපු උරහිස, සතුටක් ආවම ඒ ඇස් දිහා බලන් මම ඒ ආරන්චි කියල අපේක්ශගෙ ඇස් දෙක දිලිහෙන හැටි බලන් හිටියා. ඕන දෙයක් වෙද්දෙන් මම සීනුව නාද කලා.
මම ඇස් දෙක හිර කරල පියාගත්ත. මගෙ හදවත ඒ මොහොතට සූදානම් නැහැ. ඒත් මට ආයෙත් ඒ ඇස් දෙක දිහා බලන්න ඕනෙ කලා. ඒ දොර විවර කලා... මගෙ කවිය, මගෙ කවදාවත් විසදන්න බැරි උන ප්‍රෙහේලිකාව, ආයෙත් මගෙ ඉස්සරහ...
"මැනිකෙ, උබ කොහොමද මාව දාල ගියේ මේ තරම් දුර..."
"මගෙ අයිය අද මේ විදියට මාව බලන්න ආවෙ මම එදා ඒ විදියට ගිය නිසා නේද මගෙ අයියෙ... අයිය ලොකු දුරක් ගිහින් ආයෙත් මගෙ ඉස්සරහටම ආවද මගෙ අය්යෙ"
මට කතාකරගන්න ශක්තියක් නැත. මම දනින් වැටී ඇයව වැලද ගත්තෙමි. පැයක්ද දෙකක්ද කියා මතක නැත. මම මගේ මව හැර ගිය දිනයේ ඇය වත්තම් කර හැඩුවා සේ ඇය ඉදිරියේ කුඩා දරුවෙකු සේ හඩන්නට වීමි. ඇය කේඩෑරි වී ගොසිනි. එහෙත් ඇයගේ සිහිනයේ ඇය එල්ලී සිට ඇත. ඒ සිහිනය ඇයගේ ජීවිතය ඇයගෙන් උදුරගන්නවාටත් වඩා ශක්තිමත් දෙයක් වීද....
ඇයගේ සිහිනය... තවත් වරක් මාගේ මුවින් මැනිකේ කියා අසා ගැනීමට....
මෙය මා ලියන්නේ ගුවන් තොටුපලේ සිටයි. තවත් පැය කිහිපයකින් මම සිටිනුයේ වෙනස්ම යථාර්තයකය. කුමාරිකාවක් සමගය. එහෙත් "මැනිකෙ" උබ මගේ සිහින වල සින්නක්කර අයිතිය ලබා හමාරය. යතාර්තය හමුවේ ප්‍රේමය පරාද වී දනගසා ඇත. එහෙත් අප මියෙන තුරු අප ආදාරය පවතිනු ඇත. සමාජය හමුවේ ගනිකාවක් වූ ඇය මහට අපේක්ශාවක්ම විය. අප සිහින හමුවේ කාලය දුර තවදුරටත් සාධක නොවනු ඇත. ඇය මාගේ ආත්මයේ සාර්වකාලීන නොමියෙන පෙම්වතිය වනු ඇත. ඇය මා අසල නොසිටියත්. කිසිදා එක් නොවන සාමාන්තර රේඛා මෙන් අප කාලය ඔස්සේ ගමන් කරනු ඇත.
දුලී
( මනකල්පිතයි)
Sunday, July 7, 2019
Saturday, July 6, 2019
පරාවර්තන (කෙටි කතාව)
පරාවර්තන (කෙටි කතාව)
"ඒකි හරිම ආසයි මාත් එක්ක ගොලුමඩම හන්දියෙ ආශා හෝටලෙන් ඌරු මස් එක්ක බිත්තර රොටි කන්න, අපේ ගෙදර තිබ්බෙ සොයිසපුර. ඒක ගෙයක් කිව්වට පොඩි කාමරේකුයි කුස්සියයි, සාල කෑල්ලකුයි කුස්සියයි ඔක්කොම එකට තිබ්බ පොඩි ගේ කෑල්ලක්. හැබැයි ඒකියි මායි සතුටින් හිටිය බන්. සදුනිව මට සෙට් උනේ මම බියගම කලාපෙ බුක් හයර් එකක ඩ්‍රයිවින් කරන දවස් වල, එතකොට මට වයස 27ක් 28ක් වෙන්න ඇති. මම ඒ දවස් වල ගොඩක් ආතල් එකේ හිටිය චරිතයක් බන්. අතේ සතේ නැතත් හිතේ සතුට තිබ්බ. මම සදුනිව දැක්කෙ ෆැක්ටරිය ලග වෙසක් දවස් වල තිබුන බත් දන්සැලකදි."
"ඒකි සුදු කෙට්ටු කෙල්ලෙක් බන්. ඇස් දෙකේ කලු ඉන්ගිරියාව කහපාටට හුරුයි. හරියට මගෙ නැතිවුන අම්මගෙ වගේ. මට ඒකි දැක්ක වෙලාවෙ දැනුනෙ මගෙ අම්ම ආයෙත් මගෙ ලගට ආව වගේ හැගීමක්. ඔය කිව්වට අපේ අම්මයි මමයි අතර ලොකු බැදීමක් තිබ්බෙ නෑ. අම්මට ආදරෙයි කියල හැමදාම හිතුවත් මගෙ හිතේ තිබ්බ තරුන මදේ ලොකුකම ගහපු මොකද්දෝ උද්දච්චකමක් මට මගෙ අම්ම ගැන තිබ්බ ආදරේ කියාගන්න ඉඩ දුන්නෙ නෑ. අඩු ගානෙ බන් අම්මට මගෙ අතින් බත් කටක් කන්න දෙන්න මට බැරි උනා අම්ම මැරෙද්දි පපුවෙ අමාරුවක් හැදිල. මට රස්සාවක් තිබ්බෙ නෑ බන් අම්මව හොද ඉස්පිරිතාලෙකට එක්ක යන්නවත්. "
"සදුනිව දැක්කම මට හිතුනෙ අම්මට දෙන්න බැරි උන ආදරේ දෙන්න කෙනෙක් හම්බුනා වගේ හැගීමක්. මම බඩුකාරයෙක් තමයි හැබැයි උඹ විශ්වාස කරයිද මම දන්නෙ නෑ. මම ඒකිට කැමති උනේ ඒකිගෙ පුක දිහා බලලවත් තන් දෙක දිහා බලලවත් නෙමෙයි, අර කහ පාටට හුරු ලස්සන ඇස් දෙක දැකල."
ඔහු එක දිගට කියාගෙන යයි.
චමින්ද "ඇතුලට" ගිහින් දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගොසින්ය. වැලිකඩ ආව මුල දවස් වල දැනුන අමාරුව දැන් ඔහුට ඒ තරම් නොදැනේ. චමින්දගේ සෙල් එකට දැම්ම රුවන් ගන්ජ සීන් එකකට ඇතුලට ආව පොඩි එකෙකි. වයස නම් අවුරුදු 25කට වඩා නැත. කොහොම හරි චමින්දට පෑහෙන ගතිලක්ශණ රුවන්ටද තිබුනි.
රුවන්ටද චමින්දගේ ස්ටෝරිය රස වැටී ඇත. "චමින්ද අයිය ඉතින් කියපන්කො. උඹ කොහොමද බන් සදුනිව සෙට් කරගත්තෙ?"
"සදුනි හිටපු බෝඩිමේ ප්ලේස් එක මම මගෙ බුක් හයර් එකේ හිටපු කෙල්ලෙක්ගෙන් අහල දැන ගත්ත. ඒකි හිටියෙ සියබලාපෙවත්ත හරියෙ බෝඩිමක. මම තව සීන් එකක් හොයා ගත්ත. ඒකි හැම පෝයටම සියඹලාපෙවත්ත බෙල්ලකපපු හන්දියෙ පන්සලට එනව කියල යාලුව එක්ක. මම ඕක නෝට් කරල හරියටම දන්සැල තිබ්බ වෙසක් පෝයට පස්සෙ පොසොන් එක දවසෙ හැන්දැ වෙලා පන්සලට ගියා. ඒකි එන ටයිම් එක හොයාගත්තෙත් අර කෙල්ලගෙන්මයි. උඹ කියන්නෙ රුවනො, ඒකිගෙ සුදු මූනට හද එලිය වැටිල දිලිසෙනව දකිද්දි මගෙ හිතට හරිම සනීපයක් දැනුන බන්. ඒකි අතේ තිබ්බ සුදු නෙලුම් මල් දෙකට වඩා ඒකි ලස්සනයි බන්. මට ඒකිගෙ ඇස් දිහා හොරෙන් බලන්න හිතුන. ඒත් මට ලැජ්ජයි බන්. මොන බඩ්ඩ ටෝක් කලත් සිරා හැගීමක් එන එකීට ටෝක් කරන්න ලේසි නෑනෙ බන්. සමහර විට ඒකිට කොල්ලෙක් ඇති කියලත් හිතුන. ඕන හු&£+ක් කියල මම ඒකිට වචනයක් දාන්න හිතුව. උඹට මම ඒ වෙලාවෙ කතා කරපුව කියන්න යන්නෙ නෑ. ඒත් උඹට මේක කියන්නම්. ඒ පෝය දවසෙ අන්තිම පැය ගත වෙද්දිත් මම ඒකිගෙ බෝඩිම ගාවට වෙලා කතා කලා, යන්න පිට වෙද්දි ඒකිගෙ සුදු නලලට මම පොඩි හාද්දක් දුන්න. මට ඒ වෙලාවෙ දැනුන එකම දේ එලොව ඉදන් මගෙ අම්ම මට සුරන්ගනාවියක් එවල කියන හැගීම බන්."
"උඹල දෙන්න එහෙම්ම බදින්න ඇති නේද චමින්ද අයියා එක හුස්මට? "
"ආයෙත් මොනවද බන් මම වැඩිය හිත හිත ඉන්න ගියෙ නෑ, කෙල්ල මට බොක්කෙන් ලව් මම ඒකිගෙන් බදින්න ඇහුව ගමන් ඒකි හා කිව්ව. ඒකිගෙ ගම බදුල්ල හාලිඇල. ඒ පොසොන් පෝයෙන් පස්සෙ තව මාස තුනක්වත් ගියෙ නෑ ඒක අහන්න බන්. ඒකි මට උන්ගෙ ගෙදර එන්න කිව්ව බදින්න අහපු දවසෙම. ඒකිගෙ ගෙවල් බදුල්ල හාලි ඇල.
අපේ ගෙවල් දෙබරවැව, ඒත් මම බෝඩ් වෙලා හිටියෙ බියගම කලාපෙ කිට්ටුව. පස්සෙ කාලෙක මට බාටා එකේ ජොබ සෙට් උනාම තමයි සදුනිව එක්ක සොයිසපුරට ආවෙ. ඉතින් මම බයික් එකේ ඒකිවත් දාගෙන වැහි දවසකම හාලි ඇල යන්න පිටත් උනා. ගෙවල් වලින් මට අව්ලක් දැම්මෙත් නෑ. ඔහොම්ම ඉතින් අපි පොඩියට මගුල කෑව."
චමින්ද මේ අතීතාවර්ජනය කරන කල්හි ඔහුගේ දෙනෙත් අමුතුම දීප්තියකින් දිලිහෙයි. එහෙත් විටෙක කදුලු වලින් තෙත්වන ඒ දෙනෙතේ වේදනාව රුවන්ගෙන් සැගවීමට ඔහු දරන උත්සහය එතරම් සාර්තක නැත.
"කොහොම හරි සදුනි ජොබට යන එක නැවතුනේ පලවෙනි ලමය ලැබෙන්න ඉන්න දවස් වලමයි. ඔය අතරෙ මට බාටා එකේ ලොරියක ජොබ් එකක් සෙට් උනා. ඒකෙ පඩි හොදයි. මම 45ක් විතර ගත්ත බන් ඒ දවස් වල. ඉතින් සදුනිව රසාවට යවන්න ඕනෙ උනෙත් නෑ. මම බුක් හයර් එක කල වෑන් එකේ අයිති සරුත් මට අයින් වෙද්දි 50ක් විතර දුන්න ලමයට බැන්කුපොතක් ඇරල කීයක් හරි දාපන් කියල. හම්බුනේ කෙල්ලෙක්නෙ බන්. ඒක නිසා ටිකක් වගකීමෙන් ජීවත් වෙන්න ඕනෙ කියල අපි දෙන්නම සොයිසපුර ජීවිතේ පටන් ගත්තෙ. "
"උඹට වැලිකඩ එන්න උනේ මොකෝ බන් චමින්ද අයියෙ? උඹල සෑහෙන්න ලස්සනට පවුල් කාල තියෙනවනෙ බන්. මොනවද බන් උඹලට අඩු, උඹත් එහෙම කන්න බොන්න වියදන් කරන එකෙක් නෙමෙයිනෙ." රුවන්ට තවත් ගැටලුවකි
"උඹට මම කිව්වේ ජීව්තේ සතුටු කෑල්ල විතරයි බන්. මිනිස්සු හැමදාම හන්ගන්නෙ දුක කෑල්ල, උඹ අහන නිසා කියන්නම්. මම පොඩි කාලෙ ඉදන් කුකුල් කේන්ති කාරයෙක් බන්. අපේ අම්මත් මම නිසා සෑහෙන්න දුක් වින්ද. පිට ලෝකෙ එවුන් නිසා මට තරහක් ආවත් මම ඒක පිට කලේ අපේ අම්මගෙන්. අම්ම ඕක තේරුම් අරන් හිටිය. ඒත් සෑහෙන්න දුක් වින්ද බන් මන් නිසා. මම උඹට කිව්වෙ සදුනිගෙ ඇස් දෙක දිහා බලපු පලවෙනු වතාවෙම මට අපේ අම්මව මතක් උනේ කියල, ඒ ඇස් අපේ අම්මගෙම ඇස් කියල, ඕකෙ අනික් පැත්තත් මම උඹට කියන්නම්, අපේ අම්මගෙන් පස්සෙ මගෙ ඔක්කොම ගූ වැඩ කර ගැහුවෙ සදුනි බන්. ජොබ් එකේ අව්ලක් ගියත් මම ඒ තරහ පිට කලේ සදුනිගෙන්. ඒකි බත් බෙදල දුන්න පිගානෙන්ම මම ඒකිට ගහල ඇති. පොඩි කෙල්ල ඉස්සරහ මම ඒකිට ගහල ඇති. ඒත් බන් පැයක් යන්න කලින් මම සදුනිව වත්තන් කරන් ආයෙත් අඩල සමාව ඉල්ලනව බන් පොඩි එකෙක් වගේ. ඕක සදුනි දන්නවා. සදුනිගෙ ආදරේ පොඩ්ඩක්වත් අඩු උනේ නෑ ඒ තේරුම් ගැනීම නිසා. පොඩි කෙලී බලන් ඉද්දි ලොකු උනා. ඒකිට ඉස්කෝලයක් හොයන්න අපි නොවින්ද දුකක් නැහැ බන්. අපේ පදින්චි ප්‍රශ්න නිසා ඒ පැත්තෙ ඉස්කෝල ඉල්ලන සහතික හොයලම සදුනිගෙ කකුල් ඉදිමෙන්න ඇති ඒ කාලෙ. කොහොම හරි මම මේ සිද්දිය බාටා එකේ වැඩකරන ස්ටෝරුවෙ සුනිල් අයියට කිව්වා. පොර එක එක මන්ත්‍රීල ඇමතිලට වැඩ කලා ජොබ කරන ගමන්."
"හැබැයි ඌ මට උදව් කරන්න පොරොන්දු උනේ මොරටුවෙ රත්නජීව මහත්තයගෙ චන්ද වැඩ වලට උදව් ඕන කියන පොරොන්දුවත් එක්ක. මට ඔය පෝස්ටර් ගහන වැඩ අනන් මනන් නයිට් ගහන වැඩ එ තරම් අමාරු නෑනෙ බන්. රත්නජීව මහත්තයගෙ පුතා එන්ගලන්තෙ ඉදන් ඇවිත් හිටියෙ ඒ දවස්වලමයි. මට තිබ්බෙ පුතා ගහන ප්ලෑන් කැම්පේන් වලට හෙල්ප් එකක් දෙන්න. දවල්ට බාටා එකේ වැඩ, රෑ වෙද්දි රත්නජීව මහත්තයගෙ කාර්යාලෙ වැඩ. මට දෝනිව ඉස්කෝලෙකට දාගන්න රත්නජීව මහත්තය උදව් කලා. උඹ දැනගනින් මට උදව්වක් කලොත් මම ඌට පන උනත් දෙනව."
"ඉතින් බන් උඹ වැලිකඩ ආවෙ?"
"හිටපන් රුවනො, උඹට කියන්නම්, ගන්ජ සුරුට්ටුවක් ඔතන ඉක්මනට උඹට මේව කියන්න බෑ. පොඩි රත්නජීව මහත්තයට කල් යද්දි මාව හොදටම සෙට් උනා. මට බාටා එකේ ජොබෙන් අයින් වෙලා ඇසිස්ටන් වැඩේ කලොත් හොදට ගෙවන්නම් කිව්ව. ඉතින් මොකට වද විදිනවද බන්. සදුනි පොඩ්ඩක් ඕකට අවුල් දැම්ම. ඒත් මට රත්නජීව මහත්තයගෙ වචනෙ අහක දාන්න බෑ. "
"මට මහලොකු වැඩක් තිබ්බෙ නෑ. පොඩි රත්නජීව මහත්තයගෙ ඩ්‍රයිවර් වැඩේ කලා. ඇසිස්ටන් වැඩ කිව්වට ඉතින් තිබුනෙ පොඩි සර් කෙල්ලො උස්සන් හෝටල් වලට යද්දි ඔත්තු බලන එක තමයි. පොඩි සර් ලන්කාවට ඇවිත් තියෙන්නෙ තාත්තගෙ වැඩ වලට උදව් කරන්න කියල. හැබැයි සෙල්ලක්කාරකම උපරිම තිබ්බ. සතියෙ දවස් හතට කෙල්ලො 7 දෙනෙක් අරන් ගිය දවස් තිබ්බ. සර් හොයන්නෙ අමුතු කෙල්ලො. හැන්ගිච්ච ලස්සනක් තිබ්බ කෙල්ලො. මම ඒ වැඩ වලට සපෝට් කරන්න ඒ තරම් කැමති උනේ නෑ මටත් ඉන්නෙ දුවෙක් නිසා. ඒත් මගෙ රස්සාව මට ඕනෙ. අනික ලොකු සර් මට කරපු උදව් මට අමතක නෑ. පොඩි සර් උනත් මට සැලකුවෙ යාලුවෙක්ට වගේ. සමහරදාට සර් වාහනේ අරන් මාව ගන්න එනව මම පරක්කු උනොත්. ඒත් මට බනින්නෙ නැහැ. හැබැයි මගෙ ජීවිතේ අවසානයත් අපේ සතුටෙ අවසානයත් ලන් වෙනව කියල මට දැනුනෙ නෑ."
"ඒ කිව්වෙ චම්න්ද අයියෙ?"
"දවසක් මට දෙබර වැව මල ගෙදරක යන්න සිද්ද උනා හදිසියෙම. මම පොඩි සර්ට කිව්ව ඕක. කියල බයික් එකේම ගාලු පාරෙ පිටත් උනා දෙබරවැව යන්න. උදේම්ම ගියත් යද්දි හැන්දැ උනා. ගිය ගමන් මම සදුනිට කෝල් එකක් ගැහුවා. හැබැයි ඉස්සුවෙ නෑ පෝන් එක. මම එච්චර හිතුවෙ නෑ. රෑට කන්න ලන් වෙලා ආයෙත් මම කෝල් එකක් ගැහුවා. එතකොට ඉස්සුව. හැබැයි කතා කලේ අමුතු විදියට."
"මම පහුවදා ආයෙත් ගෙදර එද්දි හවස් උනා. සදුනිගෙ වෙනස මට ගොඩක් දැනුනා. මම හාර හාර ඇහුවත් මට කිසිම දෙයක් කිව්වෙ නෑ. ඇගට හරි නෑ කියල මාව මග අරින්න ගත්ත. මට ලොකු සැකයක් ආවා, අර මගෙ හැන්ගිච්ච කේන්තිය, හැන්ගිච්ච යක්සය එලියට එන්න ගත්තා. සැරෙන් සැරේ මම සදුනි ගාවට ගිහින් උර හිසෙන් අල්ලන් හොල්ල හොල්ල ඇහුව ඇත්තකියපිය බැල්ලියෙ උඹ මට මොකක්හරි බලු වැඩක් කලා නේද කියල. මට මාව කන්ට්‍රෝල් නෑ බන් ඒ වෙලාවට. ඉන්න තැනක් මතක නෑ. ඒකි අන්තිමට මට උත්තර දුන්න. සදුනි මට කවදාවත් දෙයක් හන්ගපු කෙල්ලෙක් නෙමෙයි බන්. ඒකි මගෙ දෙවෙනි අම්ම වගේ. ඒත් ඒකි කිව්ව දේ මට දරන්න බැරි උනා."
"මගෙ මහත්තයො පොඩි සර් ඊයෙ ආවා මහත්තය දෙබරවැව ගිය වෙලේ. පොඩි සර්ට මම ඇවිත් වාඩි වෙන්න කිව්ව තේ එකක් බීල යන්න. ආයෙත් මම ඇහුවා මේ හදිස්සියෙ ඇයි කියල. මම නයිටිය පිටින් හිටියෙ මහත්තයො. මම ලමෙක් ඉන්න ගෑනියෙක් කියල පොඩි සර් දන්නවනෙ. ඒත් එක පාර මගෙ ලගට ඇවිත් මාව බදා ගත්ත. මට කෑ ගහන්න හයියක් ආවෙ නෑ මහත්තයො ඒ වෙලාවෙ. අනේ බුදු මහත්තයො මගෙන් ඊට වඩා අහන්න එපා මාව මරල දාන්න මගෙ මහත්තයො. මගෙ මහත්තයගෙ රස්සාවට මොනව හරි උනොත් මගෙ ලමයයි අපි හැම කෙනාමයි ඉවරයි මහත්තයො අනේ මට සමාවෙන්න"
"සදුනිගෙ වචන මට තවත් ඇහෙනෙ නැතුව ගියා බන්. මට පොඩි සර්ව මරන්නම ඕනෙ උනා. මගෙ තරහව මට පාලනය කරගන්න බැරි උනා බන්. මම ඒ වෙලාවෙම පිහියක් කිහිල්ලෙ ගහන් පොඩි සර් හොයන් ගියා පිස්සෙක් වගේ. වෙන හු#&ක් වෙයි. මට තවත් ජීවත් වෙන්න හේතුවක් තිබ්බෙ නෑ වගේ දැනුන. මට හිටියෙ මගෙ ගෑනියි ලමයයි විතරයි බන්. දැන් මගෙ ගෑනි මට නැති වෙලා ඉවරයි වගේ දැනුනෙ."
"උඹ පොඩි සර්ට මොකද කලේ?" රුවන්ට හුස්ම ගන්නත් අමතක සේය.
"මම ඔපිස් එකට යද්දි පොඩි සර් හිටියෙ නෑ. ඊට පස්සෙ මම ඔපිස් එකට වෙලා හිටිය සර් එනකම් මොකුත් උනේ නෑ වගේ. රෑ 8,9 වෙද්දි සර් ආව. මම එහෙම්ම සර් ගාවට ගිහින් ඇන්න මට පුලුවන් හත්තිය දාල. වැඩක් උනේ නෑ බන් සර් ඒ පාරෙන් බේරුනා. ලග හිටිය උන් මාව අල්ල ගත්ත. හැබැයි උන් මට සර් මොනවත් කරන්න කලින් මාව පොලිසියට දුන්න. එලියෙ හිටියත් සර් මාව මරනව මොනව හරි කරල. මිනීමරන්න තැත් කලා කියල මාව මෙතන්ට එව්ව බන්. තව අවුරුදු 8ක් වත් මෙතන ලගින්න වෙයි. දැන් පොඩි සර් පලාත්සබාවෙ. ලොකු සර් පාර්ලිමේන්තුවෙ මට හෙල්ලෙන්නවත් බෑ එලියට ආවොත්."
"සදුනියි ලමයයි බන් එතකොට?"
"සදුනි ආයෙත් ලග ගාමන්ට් එකක ජොබ් එකට යන්න ගත්ත. මට ඊට පස්සෙ ඒකි දිහා කෙලින් බලන්න බැරි උනා බන්. ඒකි වැරදි නැතුව ඇති. ඒත් මට ඒකි දිහා බලද්දි ලොකු වේදනාවක් තරහක් එක්ක අප්පිරියාවක් ආවෙ බන්".
"ඒකි මාව බලන්න ආව හැම වෙලේම වචනයක් දෙකක් කතා කරල යන්න ගියා. ලමය දැන් ලොකු ලමෙක් වෙලා ඇති. සදුනි මාව බලන්න එන එක නවත්තල දැන් මාස 6කට වැඩි ඇති. හිටපන් උඹට පොටෝ එකක් පෙන්නන්න මගෙ සදුනියගෙ"
රාත්‍රී දහයටත් ලගය. ඔවුන් දෙදෙනාට වේලාව ගැන හැගීමක් නොමැත. එහෙත් නිදිමතද ටික ටික පැමිනීම වැලකිය නොහැක. කලකට පසු සිදුවූ මේ මතකාවර්ජනය චමින්දට යම් විරහවක් මුසු වූ අමුතු හැගීමක් ගෙන දී ඇත. ජීවිතයේ කිසිදු සිහිනයක් ඔහුට නොමැත. ඔහු හට වර්තමානයේ ජීවත්වන සදුනි ගැන කිසිදු දැනීමක් නොමැත. එහෙත් වෙසක් පෝය දා දුටු සදුනිගේ දෑස, පොසොන් පෝය දා සද එලියෙන් දුටු සදුනිගේ වතෙහි සොදුරු බව ඔහුගේ මතකයන් තුල දෝන්කාර දෙයි. ජීව්තයේ සිහින කිසිත් නොමැති, ජීවත් වන්න හේතුවක් නොමැති මිනිසෙකුගේ එකම ගැලවීම පෙර විදි සුන්දර මතක සටහන් තුල ජීවත් වීම බව ඔහුට පසක් වී ඇති සැටියකි.
පසු දින සෙල් එකෙන් එලියට විත් මිරිස් පාත්තියක වැඩකට ඔවුන් යොමු වූයේ සිරගෙදර නිලදාරීන්ගේ අණ කිරීමෙනි. රුවන් චමින්ද සහ වෙනත් සෙල් එකක සිටින අලුතෙන් වැලිකඩ පැමිනි චාමර ඇතුලු පිරිසද මේ වැඩෙහි යෙදුනහ. හදිසියේ චමින්දගේ ඉනේ ගසා සිටි යම් කොල කැබැල්ලක් වැටෙනු චාමරට ඇස ගැටිනි. ඔහු එය චමින්දට දෙන්න පෙර හොදින් බැලුවේය. චාමරගේ නලල රැලි වැටී ඇස් විශාල වනු චමින්ද දුටුවද ඔහුගේ ඉනෙහි ගසා සිටි කොල කැබැල්ල ගැන මීටරයක් නොතිබිනි.
"අඩෝ චමින්දය, මේ ගෑනිව උඹ දන්නෙ කොහොමද බන්" චාමර ඇසීය.
"මොන ගෑනිද බන්" චමින්දගේ හඩ කුතුහලයෙන් පිරී ඇත.
"මේ උබේ ඉනේ ගහන් හිටපු පොටෝ එක, ඒ ගෑනිව මම හොදට දන්නව බන්, මේ අර වැල්ලවත්තෙ තියෙන රත්නජීව ඇමතියගෙ සෙට් එක කරන බඩු පොට් එකේ ඉන්න ටානියනෙ බන්" චාමර කිසිත් නොසිතා කියාගෙන ගියේය.
"ඔය මගෙ ගෑනි බන්, ඒකි ටානිය නෙමෙයි, සදුනි..." අකුනු සැරක් වැදුනාක් මෙන් වේදනාවක් දැනුනද චමින්ද සන්සුන්ය. සිදුවූ සිදුවීම දෙස රුවන් වික්ශිප්තව බලා සිටී. කුකුල් කේන්ති කාරයෙක් මේ තරම් ඉවසීමකින්... රුවන් කල්පනා කරයි...
"මගෙ සදුනි මට නැති වෙලා ගොඩක් දවස් බන්.... දැන් ඉන්න සදුනිට නෙමෙයි ඒ කාලෙ මගෙ ජීවිතේ හිටපු සදුනි, ඒ කහපාට ඇස්, නෙලුම් මලකට වඩා ලස්සන ඒ මූනු පොඩ්ඩට මම තවත් ආදරෙයි බන්."
මිනිසෙකුට හෝ ගැහැනියකට ජීවිතය දෙන්නේ තවත් මිනිසෙකුගේ සිතය. මිනිසුන් ජීවත් වන්නේ තවත් මිනිසුන්ගේ, එසේත් නොමැති නම් තම ප්රේමියන්ගේ හදවත් තුලය. එනම් එකම භෞතිකමය ජීවයක් තුල මරන සහ උපත් කිහිපයක් එකම පුද්ගලයෙකුට ඇති වීම පවත්නා වූ යතාර්තයෙහි නොවැලැක්විය හැක්කක් බව දැන් චමින්ද අවබෝද කරගෙන හමාරය.
චමින්දද තම පෙර ආත්මය මරනයට ලක් කර වර්තමාන පැවැත්ම උදෙසා වූ උපතට ජීවය දී ඇත. එහෙත් සිය මවගේ ආත්මයේ පරාවර්තනය වූ සදුනිගේ අහින්සකත්වය, සුන්දරත්වය ඔහුගේ අවසන් හුස්ම ගත වන මොහොතේද ඔහුට විරහව මුසු සොදුරු හැගීමක් ගෙන දෙනු ඇත.
නිමි.

Monday, June 17, 2019
Teach your Kid!
Teach them!
Don't fill your kid's head with religion, don't brainwash their heads with faith about an unseen super human or super power or a God! Instead teach them Philosophy and power of a soul with integrity, teach them how to extract rational beliefs from faith and religion. Teach them Mathematics, Science, Literature, Art, Humanity and the art of living without harming others. It's ok to accept a religion as a cultural and aesthetic aspect, which inherits the attributes of your forefathers' culture.
Teach them how to recognize morals without referring a book with statements and rules of an unseen God. Teach them the meaning of word fraternity and how to respect other living beings (not just humanbeings). Teach them how to enjoy Moonlight sonata of Beethoven, Teach them how to feel the beauty of a poem written by Rumi or Khalil Gibran or any. Teach them the world history, what happened in the Buchenwald camp during the Holocaust days, teach them how Renaissance was happened with the help of Arts and power of rational Human mind.
Teach them if they want to feel the beauty of different cultures, they should accept the differences of others. Meanwhile teach them how to fight with the injustice, how to fight with irrational beliefs and unjust social dynamics, how to fight with corruption and all the wrong doings which are defined as wrong doings with a fair rationality. Teach them it is okay to cry as a man when his mom died, when his true love fails and when his motherland fails. Teach them it is okay to be a warrior as a woman when her rights fail, when her freedom of living is ruined by patriarchy or ruined by any sort of power.
Teach them the power of weapons like Pen, Art and art of communicating. Teach them it's ok to live a short life in a meaningful way and it's useless to live hundred years without doing nothing. Teach them how to find the freedom within self and with others. Teach them earth is just a cosmic dust in this indefinite universe and we are just microbes who exist for a uncountable shorter period when compared to the universal time.
Teach them every moment passing on earth is an opportunity to find the beauty of human experience, so don't waste it for a useless shit. Teach them the art of loving and way of enjoying the precise sublime of human feeling of love!
Dulitha.

Friday, September 29, 2017
සටන
සටන
ලෝකයේ සටන් පිළිබද අසන්නට නොලැබෙන දිනක් අපට කෙදිනක හෝ අසන්නට ලැබී තිබේද. මිනිසා යනු සටන් කාමී සත්වයෙකි. මිනිසාගේ පැවැත්ම රඳා පවතිනුයේ සහ මේ තාක්කල් පැවතුනේ එම සටනට ඔහු ඉතා හොඳින් මුහුණ දුන් නිසාය. මා මෙහිදී මෙම සටන පිළිබද මාගේ ජීවිතයේ ලැබුවාවූ විවිධ ප්රත්යක්ෂයන් සහ දුටු, කියවීම් ඇසුරින් මෙය ලියමි. බොහෝ දෙනෙකු තම දිවියෙන් මෙන්ම තම සිහින වලින් පැරදෙන්නේ මෙම සටනට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් හෝ නිර්භිතකමක් නැති තැනය. සෑම මිනිසෙකුටම තම ජිවිතයෙන් ලොවට සහ තමන්ට ඉටුවිය යුතු යම් යුතුකමක් සමුහයක් ඇති බවට මා තරයේ විශ්වාස කරමි. තවෙකෙකු එය තම ආගමට අනුකුලව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අර්තදක්වනු ඇත. කෙසේ හෝ අවසානයේ අප ජිවිතයේ අප සටන් කල යුත්තේ මොනවාටදැයි යන්න මා මේ ලිපියෙන් පහදන්නට උත්සහ කරමි.
1) අප පළමුව සටන් කල යුත්තේ අපගේ ස්ව සතුට වෙනුවෙනි. ( මෙහිදී අපගේ සතුට වෙනකෙකුගේ සතුටට බාදා නොවන ආකාරයට සාක්ෂාත් කර ගත යුතුය)
2) දෙවනුව අප සටන් කල යුත්තේ අප දෙමව්පියන්, පවුල සහ අප වෙනුවෙන් ජිවිතයේ කැපකිරීම් කල මිනිසුන්ගේ සතුට සාක්ෂාත් කර දීම සඳහාය.
3) තෙවනුව අප සටන් කල යුත්තේ තම උපන් දේශයේ ජීවත් වන්නා වූ සියලු ආගම්, ජනවර්ග වලට අයත් සියලු මිනිසුන්ගේ සතුට උදෙසාය.
4) සිව්වනුව අප සටන් කල යුත්තේ ලෝකයේ වෙසෙන්නා වූ සියලු මිනිසාගේ මනුෂ්‍යත්වය, අයිතිවාසිකම් සහ සතුට වෙනුවෙනි.
5) පස් වෙනුව අප සටන් කල යුත්තේ ඉදිරියේදී ලෝකය දකින්නට, බිහිවෙන්නට සිටින දරුවන්ට යහපත් සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ඉතිරි කිරීම උදෙසාය.
6) සය වනුව අප සටන් කල යුත්තේ අප මෙන්ම ලෝකයේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට උදව් දෙන සහ ලෝකයේ සුන්දරත්වයේ කොටසක් වන ගහකොළ සතුන් ගේ පැවැත්ම උදෙසාය.
අපගේ ජිවත් වීමේ අර්ථය යම් ආගමකට අදාළ පොත් වල විවිධාර්ථයෙන් අර්ථ දක්වා තිබෙන්නට පුළුවන. මා පෙර පැවසු කරුණු සය කෙතරම් සාධාරණද යන්න ඔබගේම හර්දසාක්ෂියෙන් විමසා බැලීමට ඔබට පිවිතුරු වූ නිදහසක් ඇත. මා දැන් ඉහත කරුණු සය තවදුරටත් පහදන්නට උත්සහ ගන්නෙමි.
1) අපගේ ස්ව සතුට (මාගේ) වෙනුවෙන් කරන්නා වූ සටන කුමක්ද?
මේ සටනේ පළමු අදියර අප කරන්නේ ලෝකයට බිහිවීමටත් පෙර සිටය. මව් කුස තුල තම ජීවිතය සුරක්ෂිතව පවත්වාගෙන යාමේ සටන අප නොදැනුවත්ව හෝ ඉටු කරමු. මවගේ යෝනි විවරය තුලින් ලෝකයට පැමිණීමේදී මෙහි දෙවෙනි අදියරද මවගේ සහයෝගයෙන් අප ඉටු කළෙමු. අවසානයේ අද්යාපනයේ සිට මේ තාක්කල් මුහුනද දී ජය ලැබූ සියලු ගැටළු වලින් අප ජය ලැබුවද නොලැබුවද තවමත් අප ජිවතුන් අතර සිටින්නේ අප මේ සටනට සාර්ථකව මුහුණ දී ඇති නිසාය. මින් තව දුරටත් ඉදිරියට ගිය හොත් අපට පෙනී යාවි අපගේ සතුට වෙනුවෙන් තව බොහෝ සටන් වලට අපට මුහුණ දීමට සිදුවන බව. උදාහරණයක් වෙනුවට, ඔබට පැරිසියට යාමට කුඩා කල සිහිනයක් තිබුනා යයි සිතන්න. ඔබගේ දෙමව්පියන්ට මේ සදහා උදව් කිරීමට ආර්ථික ශක්තියක් නොතිබුනා යයි සිතන්න. ඔබට ඇති එකම විසඳුම වනුයේ ඔබගේ සිහිනය වෙනුවෙන් සටන් කිරීම පමණි. අධ්‍යාපනය, ඔබගේ හැකියාවන් මේ සටනේ අවිය කර ගැනීමට ඔබට පුළුවන. ප්‍රේමය වෙනුවෙන් කරන්නා වූ සටනද මා වර්ගීකරනය කරනුයේ ස්වයන් සතුට වෙනුවෙන් කරන්නා වූ අරගලයක් ලෙසය. ඔබගේ ආදරය අයිතිකරගැනීමට නම් ඔබ එහිදී සටන් කල යුතුමය. තවකෙකුට මෙම සටන ආර්තිකමය, භාෂාමය, නීතිමය හෝ සංස්කෘතිකමය සටනක් දක්වා ඇදී යා හැකිය. කෙසේ හෝ ඔබ එය දිනීමට සටන් කල යුතුය. එතනින් එම සටන නොනවතිනු ඇත.ඇයගේ හෝ ඔහුගේ සතුට, විවාහයේ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔබ සටන් කල යුතුය. මේ සටනේ ඔබට එන මානසික ප්‍රශ්න, ගැටළු වලට මුහුණ දී ඒවා ජය ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම සටන්කාමී විය යුතුය. බියගුල්ලෙකු සේ මේ සටන ඔබ මග හරින්නේ නම් ඔබ අවසානයේ සියදිවි හානි කර ගනු ඇත. නැතහොත් මානසික රෝගියෙකු වනු ඇත. නැතහොත් සියල්ල අත්හල මිනිසෙකු විය යුතුය. ඔබගේ සිරුර තුල ශිෂ්ටාචාරයේ අපගේ ප්‍රාථමික මුතුන් මිත්තන්ගේ සිට පැවත එන සටන් කාමී ජාන තවමත් සැඟවී ඇති බවට මා විශ්වාස කරමි. ප්‍රශ්නයක් පැමිණි විට එම සටන් කාමිත්වය හිතට ගෙන, නියම විරුවෙකු සේ සටන් කරන්න. තව දෙයක් සිතේ තබා ගන්න. මේ සටන සාධාරණ සටනක් විය යුතුය. ඔබගේ සතුට වෙනුවෙන් ඔබ "අහින්සකයෙකුගේ" සතුටට හානියක් කරන්නේ නම් එහිදී ඔබ නියම විරුවෙකුගේ පළමු නිතිය බිද දමා අවසන්ය. නියම විරුවා සැමවිටම නියමා කාර සැලසුමක් සහිතව, නිවැරදි සදාචාරමය ප්‍රතිපත්තියක් සහිතව සටන් කල යුතුය. සටන් කරුවා මිය යා යුත්තේ සතුරා අතින් මිස තම අතින් ගෙල වැල ලා ගෙන නොවන බවද සිතෙහි තබාගන්න.
2) ඔබගේ දෙමව්පියන්, පව්ල සහ ඔබ වෙනුවෙන් ජිවිතයේ කැප කිරීම් කල මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ සටන.
මා පෙර කියුවා සේ ජිවිතයේ පළමු සටනට අප මුහුණ දෙන්නේ මෙලොවට බිහි වීමටත් පෙර සිටය. එතැන් සිට ඔබ අද ජිවත් වන මොහොත දක්වා ජීවිතය පවත්වා ගැනීමට ඔබට බොහෝ මිනිසුන් උදව් කර ඇතුවාට සැකයක් නොමැත. මේ මිනිසුන් නොමැති නම් අද ඔබ සිටිනා තැන නොසිටින්නට පිළිවන. එබැවින් ඔබගේ ජිවිතයේ අරුත සාක්ෂාත් කර ගැනීමේ සටනේ දෙවෙනි අරගලය කල යුත්තේ ඒ මිනිසුන් වෙනුවෙන්. මේ කුලකයට ඔබගේ දෙමව්පියන්, ගුරුවරුන් , බිරිද , ස්වාමිපුරුෂයා සහ තවත් බොහෝ මිනිසුන් අදාළ විය හැක.
3) ඔබ උපන් දේශය වෙනුවෙන් කරන්නා වූ සටන
තෙවනුව අප සටන් කලයුත්තේ අප ජිවත් වන දේශයේ සියලු පුරවැසියන්ගේ අභිවුර්ධිය, සමානාත්මතාවය, නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙනි. මෙහිදී මෙම සටන දේශපාලනිකමය, ආගමිකමය හෝ ජනවාර්ගිකමය සටනක් නොවිය යුතුය. ඔබගේ හර්ද සාක්ෂිය, දැනුම, "කල යුතු හරිදේ" (Right Thing to do) පිළිබද මානුශිකමය, සාදාරණ, දාර්ශනිකමය, විද්‍යාත්මක කෝණවලින් බලා එලබෙන්නා වූ තීරණ අනුව, සියලු පුරවැසියන්ගේ අභිවුර්දිය උදෙසා මෙම සටන දියත් කල යුතුය. ඔබ දේශපාලකයාගේ, ආගමික නායකයන්ගේ හෝ විවිද අවස්ථාවාදී නායකයන්ගේ අත කොලුවක් නොවිය යුතුය. මේ සටන මෙහෙය විය යුත්තේ ඔබගේ විද්‍යාත්මක දැනුම, සදාචාරමය ප්රතිපත්තීන් සමග මිශ්‍ර වුන හර්ද සාක්ෂියමය. ඔබ දැනුමෙන් සන්නද්ද විය යුතුය, දෙවනුව ඔබ රටට දැයට අවැඩක් සිදුවන විට නිශ්ශබ්දව සිටීමේ ප්‍රතිපත්තියෙන් බැහැර විය යුතුය. ඔබට වචනයකින් හෝ සදාරණත්වය පිහිටුවීමේලා දෙයක් කල හැකි නම් ඔබ එය කල යුතුමය. මෙහිදී අවියට පෙර නිර්මාණශිලිත්වය තුලින් ඔබට බොහෝ දෙයක් කල හැකි බව මා විශ්වාස කරමි.
4) මානුෂියත්වය උදෙසා කරන්නා වූ සටන
මේ සටනට දේශා සීමා නොමැත, වර්ණයක්, ආගමක් හෝ ජාතියක් නොමැත. ඔබ යම් තැනක, යම් ප්‍රජාවක, යම් ආගමක , යම් ජනවර්ගයක, මිනිසාගේ මුලික අයිතිවාසිකම්, සදාරණත්වය සහ නිදහස උල්ලංගනය වන්නේ නම් ඔබ ඒ උදෙසා හඩක් නැංවිය යුතුමය.ඔබගේ හඬ ඒ තරම් ප්‍රබල නොවේ යයි ඔබට සිතෙනු ඇත. එහෙත් ඔබේ හඬ මෙන් තවත් මිනිසුන් ලක්ෂ ගණනක් එකතු වන තැන, මේ සටනේ ප්‍රතිපල ඔබට දැකීමට පුළුවන් වනු ඇත. ඔබ කවදා හෝ මිය යන දිනෙක මේ සටනේ ඔබ දුන් දායකත්වය ඔබට මතක් වනු ඇත. මිනිසාගේ පරම යුතුකම මිනිසා වෙනුවෙන් සේවය කිරීමය යන කියමනට ඔබ සාධාරණත්වයක් ඉටු කළා යන ජයග්‍රාහී හැඟීම ඔබගේ ආත්මයේ රැව් දෙනු ඇත. මේ සටනේ අවිය ඔබගේ පන් හින්ද විය හැක, නැතහොත් ඔබගේ පින්සල සහ කැන්වසය විය හැක, ඔව් එසේත් නැත්නම් ගිනි අවියක්ද විය හැක.
5) ඉදිරියේදී ලෝකය දකින්නා වූ මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ සටන
විද්‍යාත්මක ජයග්‍රහණ, විවිධාකාර නිපැයුම් සහ අධික පරිභෝජනය හේතුකොටගෙන පරිසරයට සිදුවී තිබෙන්නා වූ හානිය සුළු පටු නොවේ. ආර්ථිකමය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ව්‍යාපාරිකයන් සහ විවිධ ආණ්ඩු විසින් ගන්නා වූ පරිසරයට හිතකර නොවන සැලසුම්, ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔබ සටන් කල යුතුය. දරණිය සංවර්දනයේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ඔබ සටන් කලයුතුය. නැතහොත් ඉදිරියේදී ඔබටද, මටද , අප දරුවන්ටද සතුටින් ජිවත් වීමට, සාරවත් භූමියක් ඉතුරු නොවනු ඇත.
6) සත්වයන්ගේ සහ ගහකොළ වල පැවත්ම වෙනුවෙන් කරන්නා වූ සටන
මෙම සටන පස් වන්න හා බැදී පවතී. ගල් යුගයේ සිට මේ දක්වා මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් විවිධාකාර සතුන් ඉටු කළා වූ සේවය සුළුපටු නොවේ. මිනිසාගේ හොඳම මිතුරා වූ සුනකයාගේ සිට ගවයා දක්වා මිනිසා වෙනුවෙන් ඉතා විශාල සේවයක් කර ඇත. සේවාමය වශයෙන් මෙන්ම කුසගින්න නිවීම උදෙසා. එබැවින් මෙම සත්වයන්, ගහකොළ සහ මිනිසාගේ අතර ඇති සමතුලිතතාවය බිද වැටෙන ඕනෑම අවස්තාවක ඔබ එය නැවත නගා සිටුවීමට සටන් කල යුතුය. එම සටන අනාගත මිනිසා වෙනුවෙන් කරන්නා වූ සටනේම කොටසක් වනු ඇත.
අවසානයේ කිව යුතු වන්නේ දැන හෝ නොදැන අප ජිවත් වන්නේ මේ සටන් සමග බවය, එක්කෝ ඔබ මේ සටනේ ගොදුරක් වනු ඇත. නැතහොත් ඔබ මේ සටනේ සටන් කරන විරුවෙකු වනු ඇත. තීරණය ඔබ අතේය. ජිවිතයේ වඩාත් වටින්නේ අවුරුදු සියයක් බියගුල්ලෙකු සේ ජිවත් වීම නොව ඔබ කෙටි කාලයක් ජිවත් වුවද ඉහත සටන් වලදී ඔබ කෙතරම් සාර්ථක ලෙස සටන් කලේද යන කරුණට සාදරනත්වයක් ඉටු කළා නම් පමණි. ඔබගේ සටනේ සාර්ථකත්වය මත ඔබගේ නාමය ඉතිහාසගතවනු ඇත.
DuLee
(BA in Politics and International Studies, BSc in Psychology, Intercultural and inter religious dialogue in Germany - Humboldt University Berlin, MSc in Psychology reading)
Wednesday, July 26, 2017
දේශපාලනය නමැති සංධ්වනිය.
දේශපාලනය නමැති සංධ්වනිය.
කලකට පසු ලිපියක් ලිවීමට සිතුනේ රටේ එක පිට එක එන ගැටළු වලට විසඳුම් දේශපාලන නායකත්වයක් තුලින් කළමනාකරණය කරගැනීමට ඇති නොකියාව දිගින් දිගටම පිලිඹිඹු වීම තුල ඇති වන වේදනාවත් සමගය. මෙහිදී මම මෙය ලියන්නේ දේශපාලන විශාරදයෙකු ලෙස නොව, දේශපාලනය පිලිබඳ යම් ගවේෂණයක යෙදෙන්නා වූ සාමාන්‍ය පුරවැසියෙකු ලෙසය.
ඔබ දැක තිබෙනවාද විවිධකාර සංගීත භාණ්ඩ රැසක් සමග සංගීතය මවන්නා වූ වෘන්දයන් (Orchestra), ලංකාවේ ඒ තරම්ම විශාල සංගීත වෘන්දයන් අඩු වුවද, ඔබ සිනමා පටයක හෝ විශාල වාදකයන් ප්‍රමාණයක් සමග මෝසාර්ට්, බීතෝවන් වෙන්නන්ගේ සංගීතය වාදනය කරන්නා වූ වෘන්දයන් අඩු තරමේ එක වරක් හෝ දැක ඇතුවාට සැක නැත. ඔබ සිතාවි දේශපාලනයේ සහ මෙවැනි ඔකෙස්ට්රාවක ඇති සම්බන්දය කුමක්ද කියා. මා සංගීතය ඒ තරම් ගැඹුරින් හදාරා නොතිබුණද මා අධ්‍යයනය කල මෙවැනි වෘන්දයක ඇති නිරවද්‍ය තාවය මා දුටුවේ සාර්ථක දේශයක තිබිය යුතු ලක්ෂණද මේ තුල ගැබ් වී ඇති බවයි.
සංගීතය මෙහෙයවන අධ්‍යක්ෂකවරයා, ඔහුගේ හස්තයන් යොදා ගනිමින් යම් සන්නිවේදනයක යෙදී සිටි. මේ සමගම ආතත, විතත, විත ආතත, ඝන සහ සුෂිර (හින්දුස්තාන් සංගීතයෙ අධ්‍යයනය කල මතකයන් ට අනුව, බටහිර සංගීත වර්ග කිරීමෙදිද, woodwinds, Brass, Percussion, keyboards, Strings වෙනි) වෙනි වෙනස්කම් සහිත විවිධාකාර වූ සංගීත භාණ්ඩ යොදා ගනිමින් ඉතා අනගි සංධ්වනියක් වාදකයන් විසින් මවනු ලබයි. මේ සුන්දර සංගීතය පසුපස තිබෙන්නා වූ රහස් මොනවාද යන්න දැන් විමසා බලමු.
1) විශාල වෙහෙසක් සමග එන පෙර පුහුණුව.
2) සංගීත භාණ්ඩ වල තිබෙන්නා වූ උසස් තත්වය.
3) වාදනය කරන්නාගේ දක්ෂතාවය, ස්වර පිලිපදීමෙදි ඇති දක්ෂතාවය සහ සංගීතය මෙහෙයවන්නාගේ නායකත්වයට අවනත වීම.
4) උත්කෘෂ්ට වූ සංගීත මෙහෙයවීමක්.
ඉහත දක්වා ඇති කරුණු හතරට අමතරව තවත් කරුණු තිබුනද වෘන්දයේ ඇති සාර්ථකත්වය බොහෝ විට මේවා මත පදනම් වනු ඇත.
දැන් අප සංගීතයෙන් බැහැරව දේශය පාලනය කිරිම නමැති ක්‍රියාවලිය මදක් අධ්‍යයනය කරමු. ප්රජාතන්ත්රවාදයෙන් පාලනය වන රටක පාලනය රඳා පවතින්නේ එම රටේ ජනතාවගේ ඇති දේශපාලනිකමය ශාක්ෂරතාවය සහ ඔව්න්ට තෝරා ගැනීමට ඇති විකල්පයන් සමගය. ලංකාව වෙනි රටක සාමන්න්යයෙන් මේ දෙකම අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. රටේ ඇති සාර්ථකත්වය පහත සඳහන් ආයතන සහ ක්‍රියාවලි වල ඇති සාර්ථකත්වය සහ පලදායිතාවය සමග බැඳී පවතී. රටේ විධායකයේ දක්ෂතාවය, ක්‍රියාත්මක වන්නා වූ නීති පද්ධතිය, දැක්මක් සහිත නායකත්වයකින් සහිත පාර්ලිමේන්තුවක්, නිර්වධ්ය සහ වංචා වලින් තොර පරිපාලන යාන්ත්‍රණය, විනය ගරුක හමුදාව.
මා ඉහත සදහන් කල සංගීත වෘන්දයේ අධ්‍යක්ෂකවරයා/ මෙහෙයවන්නා (Conductor) රටේ විධායකය ලෙස සිතන්න. මා පෙර කියූ අනිකුත් ආයතන සහ ක්‍රියාවලින් වාදය වෘන්දය ලෙස සිතන්න. සංදර්ශනයකදී මෙම වෘන්දය විසින් වාදනය කරන්නා වූ සංගීතය වරදුනහොත් එය හුදෙක්ම නායකයගේම වරදක් විය හැකිද? නැත ඉහත මා දැක්වූ වෘන්දයේ සාර්ථකත්වය පදනම් වන්නා වූ කරුණු හතරෙන් ඕනෑම් එකක් ලුහුඬු වීමෙන් එය සිදුවිය හැක. සංගීතය රස විඳින්නා වූ ජනතාව රටේ පුරවැසියන්ට සමාන කළහොත්, සංගීතය නීරස නම්, හෝ අසා සිටින්නට බැරි නම් එම වෘන්දය ප්‍රතික්ෂේප කල හැක. එහෙත් රටේ ජනතාව, රටේ පාලන යාන්ත්‍රනය හැර යාමට මැලි වන්නේ, එක්කෝ ඔව්න්ට එය සාමාන්‍යකරණය වීම නිසාය. නැතහොත් ඔව්න්ට වෙනත් විකල්පයක් නොමැති නිසාය. සංගීතය රස විදින්නා වූ නරබන්නන් අසන්නන්ට සංගීතයේ නීරස බව හෝ එහි ඇති බාල බව තේරුම් ගැනීමට මිට පෙර විවිධාකාර සන්ධ්වනියන්ට, වෘන්දයන්ට සවන්දී ඔව්න්ට හොඳ නරක තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතුය. දේශපාලනයේදීද මෙය මෙසේමය. රටේ ජනතාවට පාලන තන්ත්රයේ වැරදි, සහ රට කරවන්නන්ගේ අදක්ෂකම් වැටහීමට ඔව්න් දක්ෂ මිනිසුන් පෙර දැක තිබිය යුතුය. මේ සියල්ලත් සමග දක්ෂයන් සිටි නම් ඔව්න් කුමන සමාජ පන්තියකට අයිති වුවද කුහක නොවී ඔව්න්ට දේශපාලනික ගමනක් යාමට ඉඩ සකසා දියයුතුය. මේ සියල්ල සමග තමාගේ කොටස තමන් හරියාකාරව ඉටු කිරීමට සියලු පුරවැසියන් සිතාගත යුතුය. මා පෙර කිව්වා සේ වෘන්දයේ සිදුවන අත්වරදිමකට සංගීතය මෙහෙයවන්නාටම වැරද්ද පැටවීමෙන් ප්‍රශ්න වලට පිළිතුරු නොලැබෙනු ඇත. සියලු වාදකයන්ගේ පෙර පුහුණුව , සංගීත භාණ්ඩ වල තත්වය, නායකත්වය සියල්ල බලපානු ඇත. මේ සියල්ලම සමග අසන්නන්ගේ ඇති රසවින්දන බුද්දිය තුලින් වැරැද්ද හඳුනාගැනීමට ඇති හැකියාවද අත්‍යවශ්‍ය වනු ඇත.
සංගීතය මෙයවනන්නා විසින් වෘන්දයේ ශබ්ද වේග, සංගීත භාණ්ඩ වල ධ්වනි හැසිරවීම ඔස්සේ, විවිධා කාර ශබ්ද රාශියක් එකතු කිරීමට අවැසි විනය තම සන්නිවේදනය සමග මුසු කර සංධ්වනිය මෙහෙයවන්නා සේ නියම දේශපාලකයා, නැතහොත් විධායකය තම සන්නිවේදන කුසලතාවයන්, උපායමාර්ගික කුසලතාවයන් සහ දැක්ම එකට මුසුකර විවිධාකාර ලක්ෂණ සහිත පාලන යාන්ත්‍රණය නමැති සංධ්වනිය කලාවක් සේ මෙහෙයවීමට තරම් දක්ෂ වියයුතුය.
මේ සඳහා බිහිවිය යුත්තේ ධනවාදී ආර්ථිකය තුලින් බිහිවන මුදල සහ මාධ්‍ය සහ තම දේශපාලක පියාගේ වාසගම පමණක් නිසා නායකත්වයට පත්වන නායකයන් නොවේ. ආර්ථික වෙළදපල උපායමාර්ගික සැලසුම්කරණය පිලිබඳ සුක්ෂම දැනීමක් ඇති. තම අසන්නන් වන තම පුරවැසියන්ගේ හදවත් හඳුනන එහෙත් ඔව්න්ගේ රසවින්දනය හෙවත් දේශපාලන සාක්ෂරතාවය උසස් කරන්නා වූ නායකයන්ය. විශ්ව විද්‍යාලයේ සිටියදී මාක්ස් වාදීන් වී, පසුව ශුද්ධ ධනවාදීන් වන ඊනියා සමාජ වාදින්ද නොවේ. දේශයේ සියලු සුළු සහ මහ ජන කොටස් වල අයිථීන් හඳුනාගන්නා ඔව්න්ගේ අවශ්‍යතාවයන් තුලින් බිහිවන යම් යම් ආතතීන් ශුබවාදී ලෙස ආර්ථික වුර්ධියක් සදහා යොදා ගන්නා, විදෙස් වෙළද පල හඳුනාගන අප සතුව ඇති රාජ්‍යමය ශක්තින් යොදා එම අවස්ථාවන් පාවිච්චි කරන්නා වූ නායකයන්ය.
නිවැරදි දේශපාලනය තුලින් බිහිවන්නා වූ පරිවර්තනය දක්ෂ වෘන්දයක් විසින් බිහිකරන්නා වූ සන්ධ්වනියකි. ඒ සන්ද්වනියේ ඇති ගුණාත්මක බාවයට අප සියල්ලම වගකිව යුතුය. ඔබද මමද දැනුම හබා යා යුතුය. රතු බලය, නිල බලය, කොළ බලය කියා එන දේශපාලන හස්තයන්ගේ රුකඩ බවට පත්විය යුතු නැත. විශ්ව විද්‍යාලය තුලදී රට වෙනස් කිරීමට අවශ්‍ය පෙර පුහුණුව දැනුම ලබා ගත යුතුය. එසේ වුවද විකල්ප දේශපාලන හස්තයන්ට ගොදුරු වීමෙන් වැළකීමට තරම් බුද්දිමත් විය යුතුය. බුද්දිය යනු රැල්ලක් පසු පස යාම නොවේ රැල්ලෙන් බේරී මුහුදේ ගිලීමෙන් වැලකි විද්‍යාව හා කලාව යොදාගෙන රුවල් නැවක් හෝ සාදා අප රටට අවශ්‍ය ආර්ථිකමය සමාජමය සංවර්ධනය කරා ලං වීමට අවශ්‍ය පසුබිම සැකසීමයි.
දුලිත කසුන්
BA සමාජ විද්‍යා / දේශපාලනය සහ අන්තර්ජාතික අද්‍යයනයන් (අවසන් වසර)
විවෘත විශ්ව විද්‍යාලය.
අන්තර් සංස්කෘතික සහ ආගමික හැදෑරීම් හුම්බෝල්ට් විශ්ව විද්‍යාලය ජර්මනිය.
Thursday, October 20, 2016
මගේ පෙම්වතිය සහ රොබෝ පෙම්වතිය.
දිනක් මගේ පෙම්වතියගේ සිත මදක් ඇවිස්සීමට මට මෙසේ ඇසීමට සිතුනි. මෙය ඇසීමට පෙර මම මේ සංකල්පය දුටුවේ Scientific American වගේ සඟරාවක බවට යම් මතකයක් ඇත.
"නංගි ඔයාට පොඩි දෙයක් කියන්න ඕනේ... හැබැයි හිත අව්ල් කරගන්න එපා...මොකද මම ඔයාට බොරු කියල මේක කරන්න ආස නැහැ....පොරොන්දු වෙන්න හිත අව්ල් කරගන්නේ නැහැ කියල.... "
"hmmm Ok...." ඇයගේ පිළිතුර විය.... මා බලාපොරොත්තු වූ පිලිතුරද එයම විය... කුතුහලයද, කුඩා වේදනාවක්ද සමහර විට ඒ sms එක පිටුපස තිබෙන්නට ඇත.
"නැහැ එක්කෝ ඕනේ නැහැ... මොකටද ඔයාගේ හිත අව්ස්සන්නේ මේක තව ගොඩක් ඉස්සරහට වෙන්න තියෙන දෙයක්නේ ..." මම තව දුරටත් ඇයගේ කුතුහලය ඇවිස්සීමට සිතා එසේ කීවෙමි.
"Please මම තරහයි කිව්වේ නැත්තම්... දැන් ඔයා මාව අව්ස්සල තියෙන්නේ කියන්න කියන්න කියන්න....." ඇයගේ පිළිතුර විය....
මට දැන් මේ විකාරය ඇයගේ ඔලුවට දැමීමට වෙලාව හරි යයි හැඟුනි.
"මගේ යාලුවෙක් ඉගෙන ගන්නවා ජර්මනියේ මියුනික් විශ්ව විද්‍යාලයේ එයා ඉගෙන ගන්නේ කෘතිම බුද්ධිය සහ නියුරෝ විද්‍යාව පිළිබඳව (Artificial Intelligence & Neuroscience). එයා කිව්වා එයාල ලොකු research එකක් කරනවා කියල රොබෝ සහකාරියක් සහ සහකරයෙක් 2025 වෙන කොට වෙළඳ පලට දාන්න. එයා කිව්වා ඒක විවෘත වෙළඳ පලට දාන්න කලින් තවත් පරීක්ෂණයක් කරනවා කියල. ඒ පරීක්ෂණය එක්තරා ආකාරයක පාලක පරීක්ෂණයක් වගේ දෙයක්...ඉතින් එයාල මේ පරීක්ෂණයට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන කිහිප දෙනෙකුට ඉඩ දෙනවා සහභාගී වෙන්න. එකේදී කරන්නේ, මම ඉදිරිපත් වුනොත් මට සිද්ද වෙනවා මේ රොබෝ සහකාරිය එක්ක මාස 6ක් ජීවත් වෙන්න ඇයගේ සිතුම් පැතුම් සහ මාගේ සිතුම් පැතුම් යම් යම් සමතුලිත තත්වයන්ට පත් වෙන ආකාරය අධ්‍යයනය කරන්න. ඒ වගේම ඇයගේ ශරීරය සකසා තියෙන්නේ දැනට වෙළඳ පලේ තිබෙන Sex Dolls ලට වඩා ගොඩක් විශිෂ්ට ලෙස. ගොඩක්ම මනුෂ්‍ය ශරීරයට සමාන වන විදියට. ඒ වගේම අපිට ඕනේ විදියට Customize කරගන්න පුළුවන් විදියට, උදාහරණයක් විදියට ඔබට අවශ්‍ය සමේ වර්ණය, ඇසේ වර්ණය, කෙස් කළඹේ වර්ණය වෙනස් කරගන්න පුළුවන් විදියට, ඒ වගේම ලිංගික අවයව අපට අවශ්‍ය විදියට අපට අවශ්‍ය ප්‍රමාණයට සකසන්න පුළුවන්. මේ මාස 6දී ඔව්න් අපගේ චර්යාත්මක අධ්‍යයනයක් කරනවා. අපගේ මානසික සහ භෞතික අන්තර් සම්බන්දතාවයන් වගේම, විශ්වාසවන්ත භාවය, ලිංගික ඉර්ශ්යාව වෙනි මානසික අවස්ථාවන් අධ්‍යයනය කරනවා.ඒ වගේම අපගේ රෝමාන්තික චර්යවන්ද අධ්‍යයනය කරනවා. එකම වෙනස වෙන්නේ ඔව්න් අපි වගේ කුසග්නින්න දැනීම පිපාසය දැනීම වෙනි දෙයින් තොරයි. එත් අප වගේම සතුට හඹා යාම, ලිංගික ඉරිසියාව වෙනි දේ දැනෙන විදියට ඔව්න් සකසා තිබෙනවා. මේ පරීක්ෂණය සාර්ථක වුනොත් ඔවුන් වෙළඳ පලට දමාවි එහෙත් මාගේ ආර්ථික තත්වයට අනුව කවදාවත් එවෙනි AI සහකාරියක් ලබාගැනීමට මට හැකියාවක් ලැබෙන එකක් නැති වෙයි. මම ඔයාගෙන් අහන්නේ එක දෙයයි මම ඒ research එකට සහභාගී වෙන්නද ?භාෂාව දියුණු කරගැනීමටත් හොඳයිනේ.... ;-) "
මාගේ මේ දිගු sms එකට ඇයගෙන් ලැබුනේ ඉතා කුඩා එහෙත් බරපතල පිළිතුරකි.
" බුදුසරණයි, මම යනවා. ඔයා එයා එක්කම ඉන්න...."
දැන් මාගේ සිනහව නවත්වා ගැනීමට බැරිතරම් තදය... මගේ පෙම්වතිය මට පැවසුවේ ඔයා "එයා" එක්කම ඉන්න කියාය. එනම් ඇයගේ සිතේ එම පණක් නොමැති රොබෝ වරිය තවත් කාන්තා චරිතයක් නිරුපනය කරයි. මම ඇයට මෙම පිළිතුර යැව්වේ තවත් ඇවිස්සීමට සිතාය.
"hmmmm ඔව් හැමදාම ඉන්න පුලුවන්නම් හොඳයි, රණ්ඩු වෙන එකකුත් නැහැ මගේ විශ්වාසය කඩ කරන එකකුත් නැහැ, වෙන කොල්ලෙක් එක්ක හුටපටයක් ගියොත් එයාව off කරලා reset කරන්න විතරයි තියෙන්නේ. කන්න දෙන්න ඕනෙත් නැහැ. ඔයාල වගේ PRADA , Dolce & Gabbana වගේ Brand පස්සෙන් දුවන්නෙත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි යනවනම් අකුලලා bag එකකට pack කරන්නත් පුළුවන්නේ. අනික sex වලදී ඉල්ලන ඕනේ දෙයක් ඉතින්... ;-) ;-) "
දැන් යට නහුතයටම තද වී ඇත...
"ඕන මගුලක් කරගන්නවා මට එපා එක එක රොබෝ කෙල්ලෝ තියන් ඉන්න කොල්ලෙක්... මට ඕනේ හැමදාටම මගේ විතරක් වෙලා ඉන්න කොල්ලෙක්...."
මට දැන් මෙය දාර්ශනික ප්‍රශ්නයක් වන බව හැඟුනි. බලන්න මම මේ කතා කරන්නේ රොබෝ යුවතියක් ගැනය. ඇයගේ ප්‍රාණයක් නොමැත. එහෙත් මාගේ පෙම්වතිය ඇය කෙරෙහි ඉරිසියාවෙන් පසුවෙයි.... මම සෙල්ලම් බඩුවක් අරන් තබාගන්නවා වෙනි දෙයකි මෙය. මම ඇයට තවත් පිළිතුරක් යැව්වෙමි.
"වස්තුවේ ඔයාටත් මම රොබෝ කොල්ලෙක් අරන් දෙන්නම් දැන් හරිනේ .... ;-) ..."
ඇයගේ පිළිතුර,
"ඊයා මට ඕනේ නැහැ යකඩ ගොඩවල් එක්ක ඉන්න......ඔයා ඕන දෙයක් කරගන්න, එත් රොබෝ කෙල්ලෝ එක්ක ඉන්නවනම් මාව අමතක කරන්න...."
මට හොඳටම හිනාහය.
බලන්න කෙල්ලන් කෙල්ලන්මය, කොල්ලන් කොල්ලන්මය... එහෙත් කෙදිනෙක හෝ ලෝකයේ මේ විපර්යාසය සිදුවනු ඇත. එවිට ලෝකයේ විශාල සමාජයීය වෙනස්කම් සිදුවනු ඇත. බොරුවෙන් ආදරය කරන, සල්ලි නිසා ආදරය කරන, ආදරය නිසා රැවටුන මිනිසුන් තම මුලික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම වස් කෘතීම බුද්ධියේ පිහිට පතනු ඇත. එක්කෝ කෙදිනක හෝ අප කෘතීම බුද්ධියේ වහලුන් බවට පත්වනු ඇත. නැතහොත් කෘතීම බුද්ධිය වහල් භාවයේ වෙනස් ස්වරූපයකින් එනු ඇත. මේ සියල්ල අතර මිනිස් සම්බන්දතාවයන් නව මානයකට යොමු වනු ඇත. මිනිසා හෙම්බත් වී ඇත්තේ මිනිසා නිසාමය. එහෙත් මිනිසාට තනිව ජීවත් වීමේ නොහැකියාව යන සාර්ව කාලීන ගැටලුවේදී කෘතීම බුද්ධිය පිහිටක් වනු ඇත.
මම පෙම්වතියට තවත් sms එකක් යැව්වෙමි,
"පිස්සුද කෙල්ලේ, මම විහිළුවක් කලේ... මට ඕනේ රොබෝ කෙල්ලෙක් නැහැ, ඔයාව පොඩ්ඩක් අව්ස්සන්නයි එහෙම කිව්වේ...."
ඇයගේ පිළිතුර වුයේ,
"මෝඩයා..........................////////"
සමාප්තයි.
Saturday, September 3, 2016
කුහකකම, ආකල්ප සහ මධ්‍යම පාන්තික බුද්ධිමතා

අප මිනිසුන්ව කෙතරම් වෙනස් කිරීමට සැදුවත්, ලාංකිකයන්ගේ ඇති පොදු කුහක ගති කෙතරම් වෙනස් කිරීමට සැදුවත්,එය ඉතා අපහසු දෙයකි ඔබගේ හොඳ 99ක් තිබියදී ඔබගේ නරක 1 ඔව්න්ගේ ඕපාදුප වලට භාජනය වනු ඇත. ඔබ කෙතරම් ඉගෙන ගෙන රටට සේවයක් කර පවතින ක්රමයන් වෙනස් කිරීමට සැදුවත් එය මේ ක්‍රමය හා ආකල්ප තුල සිදුකිරීමට ඉතාමත් අපහසු දෙයකි. නොදැනුවත්වම ඔබද මාද ක්‍රමයට හුරුවනු ඇත. ඔබගේ අධ්‍යාපනය හෝ බුද්ධි මට්ටම, ඔබගේ රසවින්දනය හෝ ඔබගේ දේශප්‍රේමය, ඔබව බලය කරා රැගෙන නොයනු ඇත. හේතුව වන්නේ, ඔබද මමද කෝටිපතියෙකුගේ හෝ දේශපාලඥයකුගේ පුතෙකු හෝ දුවෙකු නොවීම සහ කළු සල්ලි සුදු කර දේශපාලනය කිරීමේ කලාව නොදත් බැවිනි. සාමාන්‍ය පව්ලක සිටින ඔබද මමද දේශය වෙනස් කිරීමට අවශ්‍ය බලය කරා යාමට අපේම මිනිසුන්ගේ කුහකකම හරස්වනු ඇත. ඒ අප ඔව්න්ගේ කෙනෙකු නොවන නිසා නොව, ඔව්න්ගේම කෙනෙකු ලෙස සැදී වැඩි ඔව්න්ටම හොඳ ජීවිතයක් ලබාදීමට උත්සහ කිරීම ඔව්න්ගේම ජානගත වූ ලාංකීය කුහකකම තුලින් ඔව්න්ගේම හර්දශාක්ශීය පාලනය කරන බැවිනි. ඔව්න්ගේ සිත තවදුරටත් ඇදී යනු ඇත්තේ 1948 සිට ලාංකීය දේශපාලනය එකතැන පල් කල "වාසගම්" ඇති දේශපාලුවන්ගේ මිෂනාරි අධ්‍යාපනයෙන් පොෂ් මානසිකතත්වයක් ඇති කර ස්වයං බ්‍රිතාන්‍ය කොලනි මානසික තත්වයක් තුලින් සැදී වැඩී Oxford , Cambridge ගිය ජීවිතේ කිසිම දිනයක ගමක සුවය නොවිඳි, ලාංකීය මිනිසුන්ගේ හදවත නොහඳුනන, වලඳක පරිප්පු හොද්දක් එක්ක කරවල කැල්ලක් එක්ක බත් කටක් කාපු නැති, ගොඩ සුද්දෙකුටය. ඔහුගේ මුදල්, ධනවාදයේ සහ ඊනියා ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් මාධ්‍යය ඔස්සේ ඔබගේ මොළ සේදිම තුලින්ද, මිනිසුන්ගේ මුග්ධ දේශපාලන තීරණ තුලින්ද ඔහුව නැවතත් බලය කරා යවනු ඇත. ඔහු ඔබගේ චන්ද වලින් බලයට පැමිණ ඔහුගේ කෝටි ගණනක් වටිනා නිවාසයේ ඔබගේ කාමරයේ ජනේලයකට වඩා විශාල රුපවහිනියකින්, විස්කි බිබී රගර් මැච් බලනු ඇත. ඔබගේ කුහක කම සහ ධනවාදයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයද, දේශපාලනය විසින් මාධ්‍ය ගණිකා වුර්තියේ යෙදවීම නිසාද මේ ක්‍රමය තව දුරටත් වැජබෙනු ඇත. මෙය දරාගත නොහැකි බුද්දිමතුන් රට හැරයනු ඇත. හොඳින් බලන්න බුද්දි ගලනය වැඩි පුරම සිදුවී ඇත්තේ කෝටිපති පවුල් වල බුද්ධිමත් දරුවන් තුලින් නොවේ. සාමාන්‍ය පව්ලක සැදී වැඩි අමාරුවෙන් උසස් පෙළ කර උසස් අධ්‍යාපනයක් ලද පවුල් වල තරුණයන් විසිනි. ඔව්න් අසාධාරණ නැත. ඔව්න් මහන්සි වූ තරමට දෙයක් රටෙන් ගමෙන් ඔවුන්ට නොලැබෙන තැන ඔවුන් ඔස්ට්‍රලියාවට, කැනඩාවට යනු ඇත. ඒ ලංකාවට ආදරය නැති කමින් නොවේ. නීතියක් හරිහැටි නොමැති, ඔවුන්ගේ දරුවන්ට ශුබවදී අනාගතයක් නොපෙනෙන, තව සියවසකටවත් ආර්ථිකමය සන්වර්දනයක් නොපෙනෙන රටක ඔවුන් හෙම්බත් වී ඇති බැවිනි. මේ සියල්ලත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ ජානගත වූ කුහක ආකල්ප වල, මුග්ධ ආකල්පවල ගොදුරක් වීමට ඔව්න් අකමැති බැවිනි.
කලයුත්තේ කුමක්ද,
අප මිනිසුන්ට උදව් කලයුතු වෙමු. ඒ උදව්ව කලයුත්තේ බුද්ධිමය සංවර්ධනය ලඟා කරගැනීම උදෙසාය, හුදෙක්ම මාධ්‍ය විසින් ඒ කර්තව්‍යය නොකරන තාක්, එය ඔබ විසින්ද මා විසින්ද කල යුතුව ඇත. බුද්දිමය සංවර්ධනය ඔබද මමද ලබා ගත යුතුමය. කියවීම, ජාත්‍යන්තර දැනුම සහ ඉතිහාසය තුලින් ලෝකය තුල දේශයක් ලෙස අප රග දක්වන චරිතය හොඳින් තේරුම් ගත යුතුය. මේ චරිතයේදී යුද්දය ගැන පමණක් පවසන මිනිසුන් අප වීරයෙකුගේ චරිතය රඟ දක්වන බව පවසනු ඇත. ආකල්ප ලෙස හා කුහකකම දෙස බලද්දී අප තම සහෝදරයාට සෙල්ලම් බඩුවක් අරන් දුන් විට සිතෙන් ඔහුට ඉරිසියා කරන කුඩා දරුවෙකුගේ චරිතය නිරුපනය කරනු ඇත. ආර්ථිකය දෙස විචාර බුද්දියෙන් බලන කෙනෙකු අප විකටයාගේ ජවනිකාව රඟ දක්වන බව පවසනු ඇත. ලංකාවේ විද්‍යාත්මක දැනුම නිර්මාණය නොකර, විද්‍යාත්මක, තාක්ෂණික වෙළඳ පලක් බිහි නොකර Volksvagan කම්හලෙන් ගොඩයාමට සිහින දකින හන්දියේ කඩේ ප්ලේන් ටී එකක් බිබී ප්‍රේමදාස මහත්තයාගේ හෝ බණ්ඩාරනායක මහත්තයාගේ කෙරුවාව ගැන පුරසාරම් දොඩමින් තවමත් ඔව්න් නිසා චන්දය දෙන ගමේ මාටින් මාමා උදේ සිට හවස් වනතුරු කියවන දිනමිණ හෝ ලංකාදීපයේ ප්‍රවුර්ති තුලින් තවමත් දේශපාලනික තීරණ ගනු ඇත. ගමේ පාසලේ සිට විශ්ව විද්‍යාලයට ගිය සහෝදරයන් ඔව්න්ගේ ඉහල සහෝදරයන්ගේ ඊනියා සමාජවාදයේ ගොදුරු බවට පත්වී තාරුණ්‍යය තවත් එක අන්තගමීත්වයක් කරා රැගෙන යනු ඇත. (සියල්ල නොවේ , අවැසි තැන අරගල සිදුවිය යුතුය).
අප වෙනස් විය යුතුය. සාමාන්‍ය පවුල් වල උපත ලබා, උසස් අධ්‍යාපනයක් ලබන තරුණ පරපුර, මරා ගත යුත්තේ Private , Government Campus ප්රශ්නය විසඳීමට පෙර ලංකාවේ ක්‍රමය, ආර්ථිකය සහ කුහකකම නැතිකිරීමේ අරගලය වෙනුවෙන්ය. ජර්මනිය වෙනි රවටල අධ්‍යාපනය වෙනත් රටවල සිසුන්ට පවා ලබාදෙන මට්ටමකට ඔව්න් පැමිණියේ, මේ ආර්ථිකයේ, ආකල්ප වල සහ ඔව්න්ගේ කැපවීමේ ප්‍රතිපලයක් ලෙසය. ක්‍රමය වෙනස් කිරීමට බුද්දිමතුන් සැබෑ බුද්දිමතුන් ලෙස සිතීමට පුරුදු විය යුතුය. නැතහොත් ඔවුන් රතු , කොළ, නිල් අතකොලු වනු ඇත. සියල්ලන්ම තම හදවතින් හරි දේ සහ වැරදි දේ තෝරා බේරාගත යුතුය. දෙවනුව මේ සාමාන්‍ය පවුල් වල බුද්ධිමතුන් තුලින් නායකත්වය බිහිවිය යුතුය. ඒ නායකත්වය විසින් බ්‍රිතාන්‍ය කොලනි යුගයෙන් පසු බිහිකළ තුන්වෙනි පරපුරේ මා පෙර පැවසු "වාසගම්" සහිත ගමක් රටක් නොහඳුනන ඊනියා නායකයන්ව, නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ලෙසම මුලිනුපුටා දැමීමට තරම් ආකර්ශනීය විය යුතුය. පවතින ධනවාදී ක්‍රමය තුල කළු සල්ලි හෝ ව්‍යාපාරිකයන්ගේ මුදල් උල්පත් වලින් තොරව බලය ලබා ගැනීමට අපහසු තාවයන් ඇතත්, ඔබ නිර්මාණශීලී නම් සහ ඔබ නව්‍යකරණය වූ බුද්ධියක් තුලින් මේ අරගලය කරන්නේ නම් මෙය කෙදිනෙක හෝ යථාර්තයක් වනු ඇත. මේ සඳහා යොදාගත යුතු එකම අවිය විය යුත්තේ ඔබගේ බුද්ධියය. අත් හැරිය යුත්තේ කුහකකමය.
DuLee
Subscribe to:
Posts (Atom)