Powered By Blogger

Tuesday, April 5, 2022

Rain drops

 මට මේ හැගීම් ගන්ගාව ලියන්නම හිතුනා. ඇත්තටම ඒක මම හැමදාම කියන දේවල් වලින් කොච්චර වෙනස් වෙයිද කියන්න මම දන්නෙ නැහැ. මේ මම මෝටර් සයිකලේ වැඩ ඇරිල ගෙදර එනගමන් හිතට ආව විකාර ටිකක් වෙන්නත් ඇති. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙයිද කියන්න මම දන්නෙ නැහැ. ලයික්ස් වලටවත් අවධානයක් ගන්නවත් ලියන්නෙත් නැහැ. සමහරවිට කාත් එක්ක හරි කියල එලියට දාන්න හිතුන දේවල් ටිකක් වෙන්න ඇති. එහෙම කියන්න තරම් දැනෙන කෙනෙක් නැති නිසා ලියල තියන්න හිතුනා. මේක පබ්ලික් දාන්නෙත් නැහැ මම. 


හවස මීගමු පාරෙ මම එන්නෙ කොලඹ පැත්තට, මහ වැස්සක පෙර නිමිති, මම සයිඩ් කන්ණාඩියෙන් නිකමට පිටිපස්ස බැලුවා. ඈතින් මට පේනව දම්පාට අහසක්. හරිම ලස්සනයි. ඉස්සරහින් මහ වැස්සක නිමිති, ඒත් මම අර දම්පාට අහස දිහා හොරෙන් වගේ බලන් හිටියා. දන්නෙම නැතුව වැස්සත් ඇද හැලෙන්න ගත්තා, ඒත් මම ඉදිරියට ගියා. මගෙ හිතට විවිද දේවල් එන්න ගත්තා. මීට මාස 3කට කලියෙන් මම මෙහෙම වැස්සෙ තෙමිලා ගෙදර යද්දි අම්මා කෝපි කෝප්පයක් හදල දෙනවා ආව ගමන්. මම රෙදි ටික ලෙහලා සිගරට් එකක් පත්තුකරන් ඒ කෝපි කෝප්පෙ බොන්නෙ උනුසුම් හැගීමක් එක්ක. ඒත් දැන් ඒක මතක මාත්‍රයක් විතරයි. මට අර සයිඩ් කන්නාඩියෙන් පේන දම්පාට අහස වගේ. මම ඒ දිහාවට තවත් ගමන් කරන් නැහැ. කොච්චර ඒ අහස ලස්සන වුනත් තවදුරටත් මගෙ දිශාව ඒක නෙමෙයි.


ජීවිතේ එක එක බලාපොරොත්තු තිබ්බා. හීන තිබ්බා. මම නිකමට හිතුව ජීවිතේ සමහර දේවල් වුනානම් මොනවගේ වෙන්න තිබ්බද කියලා. ඒ තීරණාත්මක මොහොතවල් වල මම ඒ ඒ තීරණ ගත්ත නම් වර්තමානය මොනවගේ වෙන්න තිබ්බද කියලා. උදාහරණයක් විදියට මම මේ රස්සාවට නොතේරුනානම් හිතන් හිටියෙ සිනමාව සම්බන්දව ඉගෙනගන්න. නලුවෙක් නැත්තම් සිනමා අධ්යක්ශක කෙනෙක් වෙන්න. එයා පෝට් එකේ (පලමුව සිටි ස්‍රී ලන්කන් ගුවන් සේවයේ) ජොබ් එකේ ඉන්ටර්වීව් ගියාට ජොබ් එක ශුවර් උනේ නැහැ. ඉතින් මම තාත්තට කිව්ව එක් ජාතික උසස් අධ්යාපන ආයතනයක සිනමා උසස් ඩිප්ලෝමාව ට අදාල ගෙවීම කරන්න කියල. ඒ ගෙවීම කරන්න යන්න පැයකට දෙකකට කලින් මට ගුවන් සේවයේ රස්සාවට මෙඩිකල් එන්න කෝල් එක ආවා. එතනින් මාසයක් යන්නත් කලින් ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතනයට ආවා. එදා ඉදන් අවුරුදු 10ක් මම එතන. මම සිනමාව සම්බන්ද ඩිප්ලෝමාව කලා නම් අද මම මොන වගේ තැනක ඉන්න පුලුවන්ද......? මේ වගේ හුදෙකලාව මහ වැස්සක තෙමි තෙමි කවුරුත් නැති හිස් ගෙදරකට මම යන්න ඉඩ තිබෙයිද? (වාහනයක් ගන්න එකනම් නෙමෙයි ප්‍රශ්නෙ, මිනිස්සු වාහන ගන් නැත්තෙ සල්ලි නැති නිසාම නෙමෙයිනෙ)ඒ ප්‍රශ්නෙට උත්තරේ මම වැඩිය හිතන්න ගියෙ නැහැ.


ආයෙත් මම හිතුවා මගෙ විවිද පෙම්වතියන් ගැන. යම් යම් හේතු නිසා බ්‍රේකප් වුන. නිකමට හිතුව පලමු පෙම්වතිය අද කසාද බැදල හිටියනම් මොන වගේ යතාර්තයක මම ජීවත් වෙන්න තිබ්බද? අද මේ වගේ යන්නෙ දරුවෙක් මල්ලෙක් ඉන්න මම එනකම් ආදරෙන් බලන් ඉන්න බිරිදක් ඉන්න ගෙදරකටද? මම හිතුවා. ඒක එහෙම වෙන්නත් තිබ්බ නොවෙන්නත් තිබ්බා.


ඊලගට මම කල්පනා කලා මට විදේශයකින් ආව ශිෂ්යත්වයක් මම පිලිගත්තනම් මොනව වෙන්න තිබ්බද කියලා. එකක් ආව පශ්චාත් උපාධියට හන්ගේරියාවෙන් ඒ ප්‍රජානන (ප්‍රජනන නෙමෙයි) නියුරෝන විද්යාවට Cognitive Neuroscience ඒකට ගියෙ නැහැ. ඒක අර්ධ ශිෂ්යත්වයක්. අනික ඒක මම ඔහෙ නිකමට වගේ ඇප්ලයි කල එකක්. 

තව එකක් ආවා පින්ලන්තෙන්, ඒකට යන්න බැරි වුනා කොරෝනා පලවෙනි රැල්ලත් එක්ක. තව අපේ තාත්තා අසනීප වුනා. තව පූර්ණ ශිෂ්යත්වයක් ලැබුනා ඉන්දියාවෙ අන්ද්‍රා විශ්ව විද්යාලයෙන්. ඒකට ගියෙ නැහැ ඉන්දියාව නිසා. කොහොමත් පවුලෙ තනි දරුවා නිසා දෙමව්පියන් දාල යන්න හිත හදාගන්න බැරි වුනා. තාත්තා නැති වුනාට පස්සෙ අම්ම දාල යන්න කොහොමත් බැරි වුනා. ඒත් මම මගෙන් ඇහුව. හදිසියෙ හරි මම පින්ලන්තෙ ගියා නම්, හන්ගේරියාවෙ ගියානම්..... අද මාව මේ යතාර්තයේ ගොදුරක් වේවිද? මම එතනින් එහා ඒක හිතුවෙ නැහැ. ඒක එහෙම වෙන්නත් තිබ්බ නොවෙන්නත් තිබ්බා. සමහර විට වෙනත් යතාර්තයක ගොදුරක් වේවි.


ආයෙ මම කල්පනා කලා, මේ මොන යතාර්තයකදි වුනත් මගෙ තාත්තගෙ අවසානය වෙනකම් මම ඔහු වෙනුවෙන් සටන් කලා, ඊට පස්සෙ මගෙ අම්මගෙ හුස්ම ටික මගෙ අත් දෙක උඩදිම ගියා (අම්ම කිව්වා පුතේ මගෙ අතින් අල්ල ගන්න කියල, ඒ අම්ම අන්තිමට කිව්ව එක). ඒ දෙන්නගෙම අමාරු දවසෙ හරි දවස් වල හරි මම එයාල ලග හිටියා. මම ෆින්ලන්ඩ් වල හිටියනම් සුද්දියෙක් තියන් ආතල් එකේ ඉන්න තිබ්බා. හැබැයි මම මගෙ හර්ද සාක්ශියෙ සදාකාලික සිරකරුවෙකු වෙන්න ඉඩ තිබ්බා. මට කදුලුත් ආව මේව මතක් වෙද්දි. ඒත් කාටවත් පෙනුනෙ නැහැ. මොකද වැහි වතුර වලින් මගෙ මූණ හොදටම තෙමිලා.


ඊට පස්සෙ මම දැක්ක පොඩි උද්ගෝෂනයක් ජා ඇල දඩුගම පාලම හරියෙදි. මිනිස්සු වැස්සෙම උද්ගෝෂනය කරනවා. මම නිකමට හිතුවා. මේ යන්නෙ මගෙ මව් බිමේ අමාරුම කාලෙ, මගෙ අම්ම තාත්තගෙ අමාරු කාල වල මම එයාල වෙනුවෙන් පුලුවන් උපරිමය කලා ලග ඉදන්. දැන් මේ රට වෙනුවෙන් ඒ දේම කරන්න කාලෙ හරි. මේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් මම් ඉගෙන ගත්තා. මට හරිම ලේසියෙන් ශිෂ්යත්වයක් අරන් අර මම ආසම රටකට ආයෙ යන්න පුලුවන්. හැබැයි මේ යුතුකමත් ඉටු කරලා. මේ මිනිස්සු වෙනුවෙනුත් මේ රට වෙනුවෙනුත් පුලුවන් සාධාරනයක් ඉටු කරලා. අඩු ගානෙ මේ චෞරයන් එකෙක් දෙන්නෙක් හරි පන්නල දාලා. මේ පිලිකාවෙන් මේ රට පොඩ්ඩක් හරි මුදවගන්න උදව් කරලා. සමහර විට මම (අපි) දිනාවි. සමහර විට මම (අපි) පරදීවි. හැබැයි හර්ද සාක්ශිය මාව  (අපිව) නිදහස් කරාවි. මගේ (අපේ) යුතුකම අපි කලා කියල. දින්නොත්, ඔව් සමහරවිට අර මම ආසා රටකට යාවි. මම ආසා කරන කලාව, නිදහස, ආධ්යාත්මය පිරුනු නගරෙකට. පැරදුනොත්? නැහැ දිනනකම් සටන් කරනවා. කලාව, සාහිත්යය, නිදහස, ආධ්යාත්මය පිරුනු රටක් මේ භූමියෙම ගොඩ නගන්න. එහෙම වුනොත් සමහර විට මට එහෙම රටකට යන්න වුවමනාවකුත් ඇති නොවේවි. දැන් මගෙ අම්මත් නැහැ, තාත්තත් නැහැ. ඒත් මට බලාගන්න රටක් තියෙනවා. මහා සුන්දර රටක්. අම්මෙක් තාත්තෙක් වගේ මට සෙනෙහස දුන්න රටක්.


වැස්සෙම මම මේ සිතුවිලි එක්ක ආවා. මම අර කලින් කිව්ව හීන වලට නොයන්න ඇති. ඒත් මට් තේරෙනවා, මම, මම වත් නොදන්න ගමනාන්තයකට යනවා. මම මොන මොන පරිවර්තන වලට ඉදිරියෙදි ලක් වේවිද කියල මම දන් නැහැ. හැබැයි මම මේ නොදන්න ගමනාන්තයට යන ගමන එන්ජෝයි කරනවා. ඒක හරිම ඇඩ්වෙන්චරස්. වෙලාවකට හුදෙකලායි තමයි. ඒත් ඒක හරියට හෙමින්ග්වේගෙ නව කතාවකුයි මුරකාමිගෙ නවකතාවකුයි එකතු වුනා වගේ.


එච්චරයි......


දුලී.


Tuesday, January 25, 2022

අප තිදෙනා සහ ඔවුන්!

අප තිදෙනා සහ ඔවුන්! 


මෙය ලියන්දෝ නොලියන්දෝයි කියා කිහිපවරක්ම සිතා ලියන්නට සිතුවෙමි. ඊට හේතු කිහිපයක් මට ඉදිරිපත් කල හැක. එකක්නම් මා මේ යමෙකු සමග බෙදාගන්න උත්සහ කරන පාපොච්චාරණය මා සිතටම යම් නිදහස් හැගීමක් ගෙන දීමයි. අනික නම් තවකෙකු මාගේ යථාර්තයට මුහුන දුන් විටෙක මේ වචන වලින් යම් උදව්වක් ඔහු හෝ ඇයට ලැබේ යයි යන උපකල්පනයයි. තෙවන කාරයන නම් මාගේ මවගේ මරනයෙන් පසු යම් යම් පුද්ගලයන්ගෙන් මට එල්ල වූ විවේචනයන්ය. විවේචනයන් මා කිසිදා ගනන් නොගත් බැවින් එය හුදෙක් තෙවන කාරනය පමනි. 

එසේ නම් මා මෙය කියන්නම්, නැතිනම් ලියන්නම්.... මනෝ කල්පිත පුද්ගලයෙකුට කතාන්තරයක් ලෙස ආදේශ නොකර මෙය මා විසින් මන්ම මම යන සම්මුතිය පාවිච්චි කරම ලියන්නම්.

මා හිතවතුන්, ඊනියා හිතවතුන්, මා දන්නා වුන් ඇතුලු බොහෝ දෙනෙකු මා මුහුන දුන් යථාර්තය හොදින් දන්නා බව දනිමි. සහෝදරයෙක් හෝ සහෝදරියකුදු නැති, තනිකඩව වසන මාගේ දෙමව්පියන් වසරක් ඇතුලත මාගෙන් වෙන්වයාම යන සිදුවීම. මේ සිදුවීමත් සමග මාගේ චර්යාත්මක ප්‍රතිචාරයන් කොපමන වෙනස් වනු ඇද්ද, මා සිටි තැනින් කොතරම් ඇද වැටෙනු ඇද්ද.... මේ සමහරෙකු මා දෙස (ඥාතීන් සමහරෙකුද ඇතුලුව) බලා දකින්නට උත්සහ කල දේවල්. මා වේදනාවෙන් බරිතව විෂාදයට පත්ව සියල්ල වෙනස් ව ගෙවල් ඉඩම් විකුනා තපස් රකින්න යාවිද යන්න එකෙකු සිතන්නට ඇත. මා වේදනාවෙන් මුසපත්ව බේබද්දෙකු මෙන් බෝතලයක් බදාගෙන මේ යතාර්තයන් සමග පොරබදීවි යයි තව කෙනෙකු සිතන්නට ඇත. එහෙත් මට වර්තමානයේ යම් යම් විවේචනයන් එල්ල කරන පුද්ගලයන් සියල්ලටම මා යම් සිත් රිදවීමක් කලමි. එනම් ඔවුන් බලා සිටි යතාර්තය මගෙන් පිලිඹිබු නොවීමයි. මා බේබද්දෙකු වූවේ නැත. තපස් රකින්න ගියේද නැත (අවැසි වුවහොත් යම් දිනෙක යමි. එහෙත් ඒ කිසිවෙකුගේ මරනයක් නිසා එන කලකිරීමක් නිසා නොව අවබෝදයෙන් එන කලකිරීමක් උදෙසා පමනි. තවද වනගතව තපස් නොරැක්කා කියා අවබෝදය ලබන්නට බාධාවක් නොමැති බවද මා දනිමි).

කෙසේ හෝ මේ විවේචනයන් අතර ප්‍රබලම විවේචනයක් වූයේ මා දඩබ්බර පුතෙකු වූවා යයි ග්‍රාමීය වශයෙන් ප්‍රසිද්ද වීමය. ඔව් මා දඩබ්බරයෙකු වූවෙමි. එය ගමට කියා පොදු නැත. රැකියාවේද, මහ මගද, රාජ්ය සම්බන්ද වුවද මා නිරන්තර දඩබ්බරයෙකු වෙමි. මාගේ දෙමව්පියන් සැදුවේ වහලෙකු හෝ රූකඩයෙකු නොවන බව ඔවුන්ට මා පවසමි. යම් අසාධාරනයක් මා දෙමවිපියන් තුලින් දුටුවද මා ඔවුන් හාද ගැටුනෙමි. එය මාගේ රැකියා ස්තානයේ කළමනාකරු විසින් සිදුවුවද, රටේ ජනාදිපති අතින් සිදුවුවද, මා අවැසි තැන ගැටෙමි. ඒ ඝට්ඨනයන් පසුපස ඇත්තේ වෛරය නොවන බව දන්නෝ දනිති.

තවත් එක් විවේචනයක් වන්නේ මා ඔවුන්ගේ දරු මුණුබුරන් දැකීමේ සිහිනය උදා නොකෙරුවා යයි යන විවේචනයයි. මෙය මට මෙන්ම ඔවුන්ටද සිනහ යන තාලේ විවේචනයක් බව ඔවුන් සිටියානම් මේ කාලකන්ණි මිනිසුන් දකිනු ඇත. මා සැමදා ජීවත් වූයේ හුදෙක් කසාදයක් කරගැනීමට වයස ආ පමනින් කසාදයක් කරන්, දරුවෙකු සැදීමට වයස ආ පමනින් දරුවෙකු හදන් සමාජයට අවැසි විදියට ඔවුන් සතුටු කිරීම උදෙසා නොවේ. මාගේ සතුට මා උපරිමයෙන් විදිමි. කසාදයක් අවැසිමනම් ඒ සදහා යැවිය යුත්තේ එක් කෙටි පනිවිඩයක් පමනි. ලබන සතියේම එය සිදු කල හැක. මෙය මාගේ තෝරාගැනීමක් මිස අසරණකම නොවන බව ඒ අසරණ මිනිසුන් නොදනී. ඔවුන් කරත්තේ බැන්ද ඩබල් ගොන්නු සේ සිය බර අදින ගමන් සැහැල්ලුවෙන් ඉන්න වුන් ගැන ගොසිප් කතා කරමින් උම්බෑ කියයි. මා සියලු සතුන්ට කරුණාව දක්වන බැවින් ඔවුන් වෙනුවෙන්ද වචනයක් ලියන්න පසුබට නොවෙමි.

තවකෙකු පවසාවි මේ පන්ඩිත කතා කීවාට වයසට ගිය පසු උඹව බලාකියාගන්නේ කවුද කියා. වයසට ගිය දෙමව්පියන් තනි කර බටහිර රටවල ජීවත්වන වෛද්යවරු ඉන්ජිනේරු වරු මා දැක ඇත. ඒ දෙමව්පියන් මට මාගේ පියා මාලිගාවත්තේ වකුගඩු සායනයේ සිටින විට අනන්තව හමුවී ඇත. මාගේ දියනිය පශ්චාත් උපාදිය සදහා එන්ගලනෙතෙ ගියා. පුතා ඕස්ට්‍රේලියාවෙ. ට්‍රාන්ස්ප්ලාන්ට් එකට සල්ලි එවනව, ඩයලයිසිස් කරන්න සල්ලි ඉවනව. ඒ ඇති පුතා. මට මේ දෙබස හොදින් මතකය. ඒ වර්තමානයයි. අනාගතයේ දරුවන් කෙසේ විය හැකිද....තවද මා සතුටු වෙමි. ෆින්ලන්තය, ජර්මනිය වෙනි රටවලින් පැමිනි ශිෂ්යත්ව පසෙක ලා මම දෙමවිපියන්ගේ අවසාන මොහොත වන තෙක් ඔවුන් ලග සිටියෙමි. අම්මගේ අවසාන සුසුම හෙලන තෙක් ඇයගේ සුරත උනුහුමින් අල්ලා සිටියෙමි.

මේ සියලු විවේචන අතර මා ජීවත්වන ප්‍රදේශයේ සමහරෙකි මෙසේ කියයි.

"ඌ උන්ගෙ අම්ම තාත්තා මරාගත්තා. එයාල කොච්චර දුකෙන්ද හිටියෙ මුගෙ දඩබ්බරකම් නිසා. එකලාසයක් නොවුන එක ගැන. අරක්කු බොනව, සිගරට් ගහනව ගේ ඇතුලෙම. මූ මේ මිනස්සු දෙන්නට ඉන්නකම් සිත් වේදනා දෙන්න ඇති"

මෙවැනි කතා පවසන එක් මිනිසෙකු විටෙක මාගේ මවගේ දියවැඩියා තුවාලයකට බෙහෙත් දමන්න ඔහුගේ ටැක්සියට කතා කලවිට, "අම්මෝ පෝලිමේ ඉන්න ඕනෙ මට නම් බෑ" කීවා මතකය. මීට අවුරුදු 12 කට පමන පෙර මා මවගේ හර්දය නැවතී මියගියා යයි සියල්ල පවසද්දී මා ඇයට කෘතිම ශ්වසනය ලබා දී ඇයව බේරාගත් සැටි ඔවුන් නොදනී. එතන සිටි ඉන්ද්‍රානි Indrani Padmini  නැන්දා එයට සාක්ශි දෙනු ඇත. කොටින්ම මාගේ පියාද අම්මා අපිව දාල ගිහින් ඉවරයි කියා මා පෞ පසට ඇද්දා මතකය. 

වකුගඩු ලෙඩේ සෑදුනු මගේ පියාගේ එම රෝගය සොයාගත්තේ මාගේ රෝගලක්ෂණ පිලිබද තිබූ සැකයකින් පසු බව සහ ඔහු වෙනුවෙන් ඉඩකඩම් විකුනා බෙහෙත් හේත් ඩයලයිසිස් කල හැටි ඔව්න් නොදනී, වකුගඩු ආසාදනයකින් තාත්තා මිය යද්දී ඒ වනවිට වකුගඩු බද්දය සදහා අයෙකු සොයාගෙන සිටි බව ඔවුන් නොදනී. (ලක්ශ 10ක්.ගෙවීමට පොරොන්දුව).

ඔවුන් දන්නේ සතියකට වරක් බියර් එකක් බීමත්, දිනකට සිගරට් 3ක් 4ක් බීම ගැනත් පමනි. ඔවුන්ට ඇති විශාලතම ප්‍රශ්නය මා එය නිවස තුලදී කිරිමයි. ඔවුන් සිතන්නේ එය මාගේ දෙම්විපියන්ගේ සිත දැඩිලෙස රිද්දවන දෙයක් බවය. තාත්හා සහ මම එහෙම සෙට් වෙද්දී ශෙයාර් කරන් ශොට් එකක් දාන බව ඔවු නොදනී. අම්මා සිය කැමැත්තෙන් බයිට් එක සාදාදෙන බව ඔව්න් නොදනී. "උඹ වෙන තැන් වල බීල බයික් එකේ ඇවිත් මැරෙන්න ඕනෙ නැහැ යාලුවො එක්ක මෙහෙ ඉදන් බීපන්" කියා පවසන දෙමව්පියන් මට සිටින බව මේ ගෝත්‍රිකයන් නොදනී.  මාගේ වරෙක සිටි විවාහක පෙම්වතිය හා ඇයගේ දරුවා ගැන පවා ඔවුන් දනී. හොදින් දනී. ඇය මා හා අමනාප වූවිට කතා කරන්නේද මා පියා සමගය. ඔහු ඇයට දුවේ යයි ඉතා ආදරයෙන් ආමන්ත්‍රනය කරයි. කිසිදු වෙනසක් කරන්නේ නැත. ඒ ඔවුන්ගේ මට්ටමයි. මාගේ මවගේ මලගෙය දවසේ පැමිනි අම්මගේ ගජ මිතුරියක වන කල්යානි ආන්ටි මෙසේ පැවසුවා මතකය. "පුතා අම්මයි මමයි ගම්පහ උසාවියෙ වැඩ කරන දවස් වල එක මිනිහෙක්ට දඩයක් ගෙවා ගන්න බැරුව ඇතුලට දාල තිබ්බ. ඔයාගෙ අම්ම එයාව දැක්ක. ඌ කසිප්පු ප්‍රශ්නෙකට නඩු වැටුන කෙනෙක්. අම්ම ඒ දඩ මුදල ගෙවල එයාව එලියට ගත්ත. එලියට දාල මට කිව්ව "කල්යානි මනුස්සයෙක් හැමදාම වරදකාරයෙක් නෙමෙඉ. එයා ඒ අදාල දඩුවම වින්දට පස්සෙ එයා තව දුරටත් වරදකාරයෙක් නෙමෙයි" ඒ මාගේ අම්මාය. මට පුදුමාකාර ආඩම්බරයක් දැනුනි. එය කිසිදා අම්මා මට නොපැවසූ දෙයකි. 

මී ලග ප්‍රබලම විවේචනය වන්නේ මවගේ මරනයෙන් පසු ඔවුන් බලාපොරොත්තු වූ කඩාවැටීම් වෙනස්කම් මාගෙන් දිස් නොවීමයි. 

මෙයට දිය හැකි පිලිතුර නම්, මා ඔවුන් මෙන් මෙවැනි අවස්ථාවකදී කඩා වැටෙනවානම් මා මෙච්චර කලක් ඇසූ ධර්මයෙන්ද බෞන් වැඩූ කාලයෙන්ද වැඩක් නැත. ලක්ශ 5ක් 6ක් ගෙවා ඉගෙනගත්ත මනෝ විද්යා උපාදිවලින් වැඩක් නැත. එසේ කඩා වැටෙනවානම් ඒ ධර්මය ඇසූ කාලයේ ඔවුන් මෙන් ජොලි සීයාගේ සින්දු ඇසුවානම් මීට හොදය. මා ආරාණ්ය වල බවුන් වැඩූ කාලයේ මා බීච් පාටි බැස්සානම් හොදය. අම්මා හෝ තාත්තා සැමදා එක ලෙස සිටී නම් මා කිසිදා ධර්මය ශ්‍රවනය කරන්නේ නැත. රේරුඛානේ හාමුදුරුවන්ගේ දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ පොත පත කියවන්නේ නැත. එසේ නම් මා සැමදා ආතල් එකේ සිටිමි. එහෙත් මා මේ දුක කවදා හෝ විදින්න සිදුවෙනවාමයි යන හැගීම මත මාගේ මනස බොහෝ කල් සිට එයට මුහුන දීමට හැඩගස්වාගත්තෙමි. එය දන්නෝ දනිති. මා සතුටින් සිටිමි. ඒ මා වර්තමානයේ උපරිමය ජීවත් වන බැවින් මිසක් මත්ද්‍රවයක් නිසා නම් නොවේ. කොටින්ම අම්මා මිය ගිය පසු බියර් එකක් හෝ බිව්වේ දවස් 3ක් 4ක් පමනි. ඒද මාත් සග නයිට් ගසන්න එන මිතුරන් හා අමුවෙන් සිටීම බෝරින්ග් බැවිනි. ධර්මය සාකච්චා කරන වුන් මෙන්ම අධර්මය උපරිමය ඇත්තන්ද මා ආශ්‍රය කරමි. එය මට බදාවක් නොවේ. 

තවකෙකු අසයි මචන් උඹ දුක හිරකරන් ද ඉන්නෙ? පුලුවන්නම් කවුන්සලින් පලයන් මොකද හිර කරන දුක වෙන විදියට එලියට එන්න පුලුවන්. 

එය පවසන්නේ මාගේ කලණ මිතුරෙකි. ඔහු ෆ්‍රොයිඩ් ගේ තියරි එක්ක මේ උපදෙස් මට දෙයි. මා දුක සිරකරන්නේ නැත. උදේ 8 ට මට කෝපි කෝප්පය සාදා දී හොදින් කතා කල අම්මා 8.30 වද්දී මාගේ අත අල්ලන් පන අදී. මා කෑ ගසා හැඩුවෙමි. දනගසා වැද අම්මේ හැමදේටම ස්තූතියි කීවෙමි. 9 වද්දී ඇය රාගම රෝහලේ මෝචරියේය. තව මොහොතකින් ඇය මල්ශාලවේ කොනක වැතිර සිටී. ඇයගේ සිරුර විච්චේදනය කරනුද මා දුටුවෙමි. දුක්වන සිත දෙස මා බලා සිටියෙමි. අම්මාගේ නාම රූප ධර්මයන්හි අනිත්ය, අනාත්ම දුක්ක ස්වබාවයන්ම මෙනෙහි කෙරුවෙමි. විටින් විට ඇය මැවි මැවී පෙනෙද්දී ඒ එන සිතුවිලි දුක සියල්ල මා බයිපාස් කර යෝනිසෝ මනසිකාරයටම හැරවූවෙමි. යම් සොදුරු අවබෝදයක් ඒද ඒ අවබෝදයේ කුසලයම මා ඔවුනට අනුමෝදන් කෙරුවෙමි. නීට්ශේ කාල් මාක්ස්, ප්ලේටෝ වෙනි බොහෝ දාර්ශනිකයන්ගේ මත වලට වඩා ඉන්දියාවේ බුද්දාගේ ප්‍රැග්මටික ඇප්‍රෝච් එකෙහි ඇති සාර්ථක බාවය මා අත් වින්දෙමි. හේතුපලදහම දහම්පාසලේදීවත් පාඩම් නොකල මා එය මව සහ පියා තුලින් අත් දැක්කෙමි. ආදහානාගරයේ ඇයව චිතකයට ඇතුල් කිරීමට පෙර සතිපට්ඨාඅ සූත්‍රය වාදනය කරයි. කිසිවෙකු හෝ එයට උවමනාවෙන් ඇහුම්කම් දෙනවාද කියා මා දන්නේ නැත. ඒත් මා ඒ මොහොතේ කිසිදු කදුලක් නොහෙලා අම්මාගේ අත් දෙක මත මා අත තබාගෙන සතිපට්ටාන සූත්‍රය අම්මා තුලින් විනිවිද යැව්වෙමි. (සැබැවින්ම එතන අම්මා කෙනෙකු සිටියේ නැත. පිදුරු පිරවූ යම් රසානය ද්‍රව්ය ගැල්වූ මස් ගොඩක් පමනි). පියාගේ මරනයේදී හැඩූ කදුලින් චිතකයට ඔහුගේ දෙන තල්ලු කලද, කිසිදු කදුලක් නොහෙලා මවගේ දෙන මා එයට ඇතුලු කෙරුවෙමි. 

මහට දුකක් නැත. එහෙත් සතුටු වන්න කාරනා ඇත. ඒවානම්, 

මාගේ මව සහ පියා දුක් විද මරනය වැලදගත්තේ නැත. 
දෙදෙනාම අවසන් සුසුම් හෙලුවේ ඉතා හොද සිහියෙනි. 
ඔවුන් පවක් නම් කරන්නට සිතා සිතන්නේවත් නැති අය බව මා හොදින් දනිමි. 
මේ සියල්ලන්ටම වඩා ඔවුන් දෙදෙනා තරම් ප්‍රේමයෙන් සිටි කුරුලු ජෝඩුවක් මා සිනමා පටයක හැරුනු කොට සැබෑ ජීවිතයේ නම් දැක නැත. පියාගේ මරනයෙන් හරියටම වසරයි සතියකට පසු අම්මද ඔහුව සොයා ගියේ ඒ නිසාම වන්නත් ඇති බව මට විටෙක සිතේ. 

ධර්මය හෝ භෞතික විද්යාව මරනයෙන් පසු චාරිකාව ගැන කෙසේ කීවත් ඔවුන් දෙදෙනා දැන් එක පැත්තේ කියා යයි මා යටි සිත මට යම් සතුටු දායක පනිවිඩයක් දෙයි. 

මා සතුටින් සිටිමි. මා දනිමි මාගේ මව සහ පියා මෙතරම් මහන්සි වූයේ දුකෙන් ජීවත් වන කඩාවැටෙන පෞරුශයක් ඇති මිනිසෙකු ලොවට බිහි කිරීම උදෙසා නොවේ. ඔවුන්ට මා ගැන සිටිනා ආත්මයක සිට බලා දුක් වීමට අවැසි වන්නේ නැත. ඝන වනාන්තර වල කූඩාරම් ගසා තනිව රාත්‍රීන් පහන් කල මහට කොන්ක්‍රීට් නිවසක තනිව උයා පිහාගෙන වැඩ කරගෙන ජීවත් වීම මහට දුකට වඩා ඇඩ්වෙන්චර් එකකි. මා අලුත් රෙසිපි අත් හදා බලමි. මාගේ පූසොන් දෙදෙනා සහ බල්ලාද සමග සතුටින් ජීවත් වෙමි. 

අවසන් වශයෙන් මා ඔවුන්ට මෑත ආත්මයක නිර්වානය නම් නොපතමි. 
ඔවුන්ට පෙම් කිරීමට මේ අවුවුරුදු ගාන මදිවිය. ඔවුන් දෙපල තව පෙම් කල යුතුය. ඒ මේ කාලකන්නි රටේ නම් නොවේ. පුලුවන්නම් වියනාවට, පැරිසියට, ඇදී යන්න. පැරිස් පෙම්වතුන් වන්න. ඉන් පසු ප්‍රඥාව වඩන්න.... එතෙර වන්න.....!

PS තවද මා ගැන අවන්කව සොයා බලන මිතුරු මිතුරියන්ට ස්තූති කරමි.  ❤️

DuLee

Friday, December 10, 2021

සම්සාර පෙම්වතිය

 ප්‍රේමණීය අතිසුන්දර වූ මාගේ සම්සාර පෙම්වතිය වෙත, 





නුඹ හොදින් යයි මා සිතමි, 

නිශ්ෂබ්දතාවයට අප හැගුමන් බිදිය නොහැකි බව මා දනිමි, 

කෙසේ හෝ, 

නුඹ මා පැතූ මාවතෙහි පිය නගන්නේ නම්,

නුඹ මහට ප්‍රේමණීය වදන් තවත් නොතෙපලුවාට කම් නැත,

නුඹගේ උනුහුම නොලැබුනාටද කම් නැත,

නුඹගේ හික්මවූ, ප්‍රත්‍යස්තිථ වූ, නිරන්තර දැනුමෙන් සාහිත්යයෙන් විද්යාවන්ගෙන් පෝෂිත කරන්නා වූ මනස වෘකයන් මධ්යයේ වුවද ආරක්ශා සහිත බව මා දනිමි....

සියක් බාදුරා මල් වල උගුල්හි නුඹ නොවැටෙන බව මා දනිමි....

ඒ නුඹ පෙම් කලේ පරිපූර්ණ වූ මිනිසෙකුට නොවන නිසාය,

සියක් වෘකයන් හා එකට වැඩුනු ඉවෙන් පිරිපුන් මිනිසෙකුගේ ප්‍රේමයේ උනුහුමේ වන නිසාය....!

වෘකයෙකු වුවද නුඹව කිසිදා ගොදුරක් නොකොට නුඹට පෙම් බැදි මිනිසෙකුගේ ප්‍රේමයේ උනුහුම නිසාය....!


ඉතින් නුඹ මා පැතූ මගෙහි පිය නගන බව මා දනිමි, නුඹ මොහොතකට හෝ මහට සැබැවින් ප්‍රේම කලා නම් නුඹ ඒ මග යන බව දනිමි,


එහෙත් අප කිසිදා එක් නොවන බවද දනිමි, ඒ හුදෙක් අපගේ ප්‍රේමයහි අරමුණ එක්වීමම නොවන නිසා බව නුඹ හොදින් දනී. කෙසේ නම් එක් වන්නද අප එක්ව පැතූ ශුන්යතාවයෙහි......!


උනුහුම් හාද්දක් සමග එවමි, 


මීට නුඹේ බොහීමියන් ප්‍රේමවන්තයා,


ඩියෝන්....


DuLee

Friday, October 22, 2021

The Astronaut by DuLee!

 The Astronaut


By DuLee. 


He wore the memories of these lifelong explorations as a jewel of a Prince,

Once young and little stupid,

An astronaut who was about to take off from his nest,

Finally the time has come and he gave the full power on to the throttle,


He had a map though only the darkness what he observed all around him....

The noise of burning engines and the silence of the space all what he hear and sometimes he plays his gramophone,

He closes his eyes and listening to the Annie's song,

Visualising the memories of someone's touch he comforted on a rainy day, warmth of a hug and the wetness of a kiss....what he misses,


But he took off to this bitter dark space, seeking new worlds and to end his thirst of adventure....

He came a long long way, 

Millions of miles, passing billions of stars, 

Though he never stopped just to settle down on a safer planet....


He wanted to travel more and more, 

He never cared or thought about the level of fuel he got, jeopardising his all the chances of Survival, as an intoxicated moth in a bottle,

The loner astronaut is now tired and exhausted,

Landed on a barren planet to rest or maybe he will stay there for the rest of his life....


Came out from the space ship for the first time after few decades, 

He had no energy to build a castle on that barren land, 

Though he built this small shelter and felt like the king of this no named planet, 

Nights were long there, his gramophone isn't working anymore, only the faded memories of these symphonies bring him joy....

No seasons emerge on this land and he reminds the four seasons of Vivaldi, all the seasons he created inside his mind! 


He no longer urged to go for the adventure, 

No Audience to cheer him up,

on earth no one had memories of him anymore, 

For them, he was just an insane astronaut,

who lost his mind and left what all he had....

Just to wander freely, 


Sometimes he felt like an all lost prisoner of Buchenwald,

dead inside but the shell of the soul is still there to survive....

starring at deep dark space, he just began to think,

even most of the humans who lived on earth (and never left earth) also lived their lives in the same way,

even they were surrounded by so many, they were dead inside, all fake lives, he thought, that's why he came this far, at least the memories of this space Voyage he will cherish till his last day, 


after passing so many light years, 

He engaged in a small conversation with himself, a sort of self reflection, or maybe a confession


 "you need to know the core necessity of the human condition my dear soul,

Maybe it is just a "Hello" from a beloved one,

Maybe its a warm, delicious french kiss from the woman you love, 

Even though this generation doesn't understand the value of true sustainable love,

One day all these human beings will become loner astronauts and will immensely seek for a shoulder to rest or maybe a motherly lap to keep their heads just to release their last breaths to the air on their very last day of existence....

They will understand this painful, solid truth oneday,

Just as you realised!


my dearest Astronaut "


Tuesday, August 24, 2021

Bohemian Lover!

 බොහීමියන් ප්‍රේමවන්තයා...




සෙල්ලම් ප්‍රේමවන්තයෙක්ද ඔහු නැතහොත් බොහීමියන් පෙම්වතෙක්ද ඔහු අසයි ඇය හොරෙන්ම ඇයගෙන්ම, මෙතෙක් දිවියේ ඇය ප්‍රේම කර ඇත්ද බොහීමියන් පෙම්වතෙකුට, ඌ මොනවගේ එකෙක්ද? පිස්සෙක්ද? නැතිනම් ආතක් පතක් නැති එකෙක්ද? නැතිනම් රෝමාන්තික ෆැන්ටසියක ජීවත් වෙන මත් ලෝලියෙක්ද? 


ඌ කෙල්ලෙක්ගෙන් දකින්න උත්සහ කලේ කලාකෘතියක්, සොබාදහමේ සෞන්දර්යාත්මක අන්ගයන්ගෙන් පිරිපුන් පාරාදීසයක්....ඒත් ඌ ඒ සෞන්දර්යයේ එක තැනකින් නැවතුනා....ඌ කිසිදා සොබාදහමේ සෞන්දර්යය, උත්කෘෂ්ඨ කලා කෘතියක අයිතිය සදාකාලිකව තහවුරු කරගන්න උත්සහ කලේ නැහැ....සමහර විට අන්සතු භූමීන් වල පිපුනු ලස්සන සූරියකාන්ත මලක් මද සුලගේ නර්තනයේ යෙදෙන හැටි අබලන් ලී වැටක් එහා පැත්තෙ ඉදන් ඌ රසවින්ද....ඒ ඒ සූරියකන්ත මලේ පෙත්තකට අතක්වත් නොතිය....නෙලාගන්න හැකියාව තිබිලත් කිසිදා නෙලා නොගෙන, ඒ මලට වැටෙන පිනිබිදු වලින් ඒ මල තෙත් වෙන හැටි, ඒ මල මහා කුනාටු වලදි බිමටම නැමිල වේදනාවෙන් ඇඹරෙන හැටි ඒ බොහීමියන් ප්‍රේම වන්තයා බලන් හිටියා... ඒ භූමියෙ අයිතිකාරය කිසිදා නොවිදි නොදුටු චලනයන් ඌ දැක්ක.... ඒත් ඌ බලන් හිටිය විතරයි, ඒ මල නෙලාගෙන උගෙ කදු මුදුනක තිබුන ලෑලි ගහපු දුප්පත් ගෙදරට ගෙනාවොත් ඒ මලේ නර්තනයන් තව දුරටත් බලන්න නොහැකිවේවි....ඒ සූරියකාන්ත මල දැනන් ඉන්න ඇති මේ බොහීමියන් පෙම්වතා ගැන, මොකද ඌ දැක්ක සමහර දාට ඉරට හොරෙන් ඒ මල ඌ දිහා හොරෙන් බලන් හිටිය....


බොහීමියන් පෙම්වතා විවිද කදු මුදුන් නිම්නයන් නිදිබර ගම්මානයන් වල තනිවම පිය නැග්ගා....මේ ගමනට තවත් එක් ආත්මීයව බැදුනු ප්‍රියාඹිකාවක් එකතු කරගන්න හිතුනත්, ඌ දැනන් හිටිය එක සීමාවකින් එහා ඒ දැනෙන නිදහස පරයා දැනෙන වේදනාවන්.... ඒ ආත්මයන් වෙනත් පිරිමියෙක් දිහා ඇහැක් ඇරල බැලුවත් ඌට දරාගන්න බැරි වුනා...ඒ ආත්මයක සුලු වෙනස් වීමත් ඌට මහා වේදනාවක් වුනා.... ඉතින් ඒ වෙනස දැනෙන්න පෙර ඌ මීලග නිම්නයට පිය නැග්ගා....


ඌ වෙත එක් ශීත ඉර්තුවක ලන් වුන උනුහුම් ස්ත්‍රී ආත්මයක මතකය වෙත හිත ඇදුනා... ඌට ඇය පැවසුව වදන් කිහිපයක් ආවර්ජනය වුනා.... 


"මම ඕන තරම් සෙල්ලම් ප්‍රේමවන්තයන් දැකල තිබ්බ, උන්ට ඕනෙ වුනේ උන් රින්ගපු ශරීර ගනන් කරන්න...මම අහවල් එකීගෙ ශරීරය ඇතුලට රින්ගුව, මෙච්චර ස්ත්‍රී ශරීර ගානක් එක්ක නිදාගත්ත.... උන්ට ඕනෙ වුනේ ඒක.... ඒත් උඹ, මගේ බොහීමියන් ප්‍රේමවන්තයා, උඹ මගෙ රෙද්ද ගලවන්න කලින්ම මාව තෙත් කලා....මගෙ මල් වැටුනු දුහුල් සුදු ගවුමෙ එක් උරහිස් කෙලවරක් උඹ පාත් කරද්දි මගෙ ඇස් පියවුනේ දන්නෙම නැතුව....මම දැනන් හිටිය උඹ ඊලගට දකින සියල්ල මනසින් කලාකෘතියක් වගේ වින්දනය කරනව කියල... ඒ උරහිස පාත් කරද්දි අඩ වශයෙන් එලියට පැන්න මගේ පියයුරක් නුඹේ උනුහුම් හුස්ම ස්පර්ශ කරද්දි මගෙ ඇස් ඉබේම අඩ වශයෙන් විවෘත වුනා....උඹේ දෙ අත් මගේ ඉග ස්පර්ශ කරද්දි උඹේ මුහුන මා වෙත ලන්වද්දි මගෙ පපුව එන්න එන්නම ගැහෙන්න ගත්තා. උඹ මටත් හොරෙන් මායි උඹයි එකම ආත්මයක් කරගත්තා...මාගේ ප්‍රාශ්වාස නුඹේ ආශ්වාස වුනා, උඹේ ප්‍රාශ්වාස මාගේ ආශ්වාස වුනා...උඹ මාව විශාල භාවනාවක ධ්යානයක් කරා අරන් යන හැටි මම සමාධිමත්ව වින්දනය කලා....උඹේ ඇගිලි තුඩු වල ස්පරශයන්, නුඹේ දිවතේ මට සිලුටු ස්පර්ශයන්ට උඹේ හුස්මේ උනුහුමට උඹේ සුමුදු කවි බර වදන් වලට කිසිදු සෙල්ලම් පෙම්වතෙකුට යටත් කරන්න බැරි වුන වෙලඹකගේ ආත්මය අහින්සක මුව පොව්වෙකු වගේ යටත් වුනා, හීලෑ වුනා...., මම උඹෙන් බලාපොරොත්තු උනේ තවත් එක් සාම්ප්‍රදායික පෙම්වතෙක් නෙමෙයි, අර සික්ස් පැක් තියෙන, ජෙන්ට්ල්මන් විදියට ඇන්දුම් ඇන්ද, මට ඕනෙ වුනේ උඹ සියුමැලිව කුසුමක් නලවන සුලන් රැල්ලක්ව සිට මහා රූස්ස ගස් අඹරන කුනාටුවක් වෙලා ටෝනේඩෝවක් වෙලා මම සිතපුවත් නැති ඉමක මාව අත අරිනවට.... රැයක් එලිවෙද්දි උඹ මගේ ආත්මයම රතු වයින් වල දිය කරල, සූස්තියක දුමෙන් රත් කරල උරා බීල අවසන්.... මගේ බොහීමියන් පෙම්වත උඹ ආයෙත් මේ නිම්නය හරහා පැමිනියොත් මාව උනුහුම් කරල පලයන්".... ඒ නිම්නයෙන් නික්මෙන්නට පෙර ඇය උගෙ කනට කෙදිරුවා.... ඒත් ඒ වූ ඇයව හමුවෙන අවසාන අවස්තාව බව ඇයවත් ඌවත් දැනන් හිටියෙ නැහැ....


ඌ නැවතුනේ නැහැ....ඌ ඉදිරියටම ගියා....සමහර කාන්තර මැද වූ පිපාසයෙන් ඇද වැටුනා. උන්මන්තකයෙක් වාගේ මිරින්ගු දිහා බලන් හීල්ලුව....රත් වුන වැලි වැලදගෙන ඌ විදි ස්පර්ශයන් ගැන සිතුවා, දෙවියන් ගෙන් දිය පහස ඉල්ලා වැද වැටුනා....


දන්නෙම නැතුව ඉර්තු වෙනස් වුනා... ඒත් ඌ අර උගෙ කන්ද උඩ තියෙන ලෑලි ගෙදරට සුන්දර මලක් කැන්දන් එන්න නම් හිතුවෙ නෑ. ඒ ඌට තව සුන්දර භූමීන් වල සෞන්දර්යය වින්දනය කරන්න ඕනෙ නිසානම් නෙමෙයි.... ඌ ස්ත්‍රී ආත්මයක ඌ අකමැති සීමාවේ ඇති වේදනාවට බිය වුනා.... විටෙක ඒ බොහීමියන් සිත මහා නපුරු වෘකයෙකු කල හැකි ඒ ස්ත්‍රීන්ට පොදුවූ ලක්ශන....ඉතින් ඌ සෞන්දර්යයෙන්ම නැවතුනා එතනින් එහාට යන්න හිතුවෙ නැහැ.... මිනිහෙක්ට පුලුවන් ද මොහොතින් වෙනස් වෙන අහසක අයිතිකාරයෙක් වෙන්න.... අර වලාකුලු මගේ, අර තරු මගේ, අර ඈත පායල තියෙන හද මගේ කියල....වෙනෙකෙකුත් ඒ අහසෙ සුන්දරත්වයම වින්ද කියල දන්නවනම් ඌ කොහොම ඉවසන්නද....අනික ඒ වලාකුලුවල හැඩය තව මොහොතකින් වෙනස් වේවි....


බොහීමියන් පෙම්වතා දන්නෙම නැතුව ව්යාධියට පත් වේවි, සමහර විට එක් දරාගන්න බැරි එක් ශීත ඉර්තුවකදි උගෙ පය වාරු නැතුව හුස්ම අවසන්ව ඇද වැටේවි.....එහෙමයි කියල ඌ එක් නැවතුම්පලක නවතීවිද...ඒ බියටම එක් ස්ත්‍රී ආත්මයක් චාටුවෙන් රවටන්... අවිනිශ්විත ඉරණමකදි හිස තබාගන්ට....


සමහර විට බොහීමියන්  පෙම්වතා පෙම් කරාවි, අර ඌ බය වුන සීමාවන් පරයා ගියත් වෙනස් නොවන ඌ උගෙ ෆැන්ටසියෙ දුටු ස්ත්‍රී ආත්මයම මුනගැහුනොත්..... 


 ඌ එක තේමාවක ජීවත් වුනා.... ඌ මල දවස උගෙ හුස්ම වින්ද ස්ත්‍රී ආත්මයන් මුමුණාවි....


He lived like a teen, sometimes like an old wise man, poetic like Keats, dominant like Alaxender, sarcastic like a wolf, free like an Eagle.....painted my word just like Picasso....!


DuLee


Tuesday, July 27, 2021

Satisfaction!

 Satisfaction!


Dawns and dusks come and go,

Days are passing by without any mark,

Nights are lonely and soul hungry,

I'm trying to figure out who I am....


These flames have no way out but burning me like lava in Pompei back then,

All the ruins of my past have been freezed like stones inside my heart,

Memories of wet french kisses, dreams of starry nights with her fingers inside my messy hair and rubbing my heated, tempered skull, 

A well tamed wolf I was, when I'm with her....


These strange lovers touch and leave,

They can't even touch the edges of my soul,

In this lonely night, I'm asking what do I really need....

A few Masters degrees, A PhD?, or any materialistic thing, or another touch of a woman with blue eyes?

Oh God, I just need one thing, unleash all my pain, 

become a poetic Rockstar and Die young.....!


DuLee


Tuesday, July 6, 2021

Time Traveller!

 Time traveller!




මා කාල තරණයක යෙදෙමි,

දෑස් පියාගත් මා සමාධිමත්ව,

වත්මන් මසිතෙහි වූ ලෝකය විනාශ කරලමි,

ඇදීයමි කලු කුහරයක තුල, සොයා යමින් පුරාණ නටබුන් මා ආත්ම
යෙහි කොටස් විසිරුනු,

තෙත් වූ පයින්ස් කැලයක මා ඇවිද යන්නෙමි අද ආගන්තුකයෙකු වූ නුඹත් සමග, අතිනත් ගෙන....

ගතට දැනෙන සිසිලස සමනය කරන්නා වූ නුඹේ සුසුමන් වල උනුහුම,

මා දෙතොල මත් කරන නුඹේ ඒ උන්මන්ත ප්‍රන්ශ හාදු,


පසු කරමින් මා තවදුරටත් ඇදී යමි සොයා තව තවත් අවශේෂ,, මා හැරදමා ගිය සියලු ආත්මයන්ගේ සිනහවන් වල දෝන්කාරය, සුන්දරත්වය නැවත මා අභිමුව,

ඉතින් කොහොමද නුඹලාට....

මතකද අප එක්ව ගත කල කාලය,

පිලිතුරු නම් නොදෙයි ඔවුන්, මා දෙස බලා සිටියි කිසිදු හැගුමකින් තොරව....


හැරීබැලුවෙමි කිමද මේ නිෂ්ශබ්දතාවයට හේතුව,

ඔවුන් මා දෙස මෙලෙස බලන්නට,

අහෝ අතීත මා, 

නුඹ තවදුරටත් වත්මන් මා නොවන කල කෙසේ නම් හඳුර ගන්නද මා නුඹ ආත්මයන්....

සමාවනු මැනවි,

ඔබ සියල්ලන්ගේ සන්ඝටක එකතුව වෛවර්ණ පින්සල් පහරවල් වලින් නිම කර ඇති,

හැගීමක් නොදැනෙන සිතුවමකි වත්මන් මම, මටද නොතේරෙන....


DuLee

Sunday, May 23, 2021

පෙම් කරන්න පටන් ගත්තා විතරයි...

 පෙම් කරන්න පටන් ගත්තා විතරයි... 



ඉස්සර පෙම්වතියො ගොඩක් හිටියා... හැබැයි පෙම් කරනව කියන දේ මොකද්දවත් කියල දැනන් හිටියෙ නැහැ. පෙම් කරන්න පෙම්වතියක් ඕනැ කිව්ව... 


පෙම්වතියක් ලැබුනම එතන පෙමට වඩා තිබ්බෙ වස්තුවක් මගෙ ලග තියන් ඒක දිහා බලන් සිත පිනවීමක්, දැන් මටත් පෙම්වතියක් ඉන්නවා කියල පොඩි කික් එකක්... ඒත් එක්කම නැති වෙයි කියල බයක්... වෙන කෙනෙක්ට අයිති වෙයි කියල සැකයක්... එයාගෙ ශරීරය විතරක් නෙමෙයි සිතත් මට ඕන විදියට හිතනව දකින්න ආස කලා... මම හිතුව මම පෙම් කලා කියල... මම හිතුව එයාව නීතියෙන් මගෙ උනාම මගෙ පෙම දිනුම් කියල...


මම හිතුව මම පෙම් කලා කියල...


අද කිසිම පෙම්වතියක් නැතුව මම පෙම්වතෙක් වෙලා. මම පෙම් කරන්න පටන් ගත්ත විතරයි... එදා මම පෙම් කලේ නැහැ. තන්හාවක්, ආසාවක්, අපේ සිරුරු, මනස අපිව පාලනය කරන්න සොබාව දහම මැව්ව විදියට මම හැසිරුනා. ඊගෝවන් වලින් හදවත වැහිල ගියා...


අද, මම පෙම්වතෙක්... කිසිම පෙම්වතියක් නැතුවම...


මම ගතවන හැම මොහොතටම ආදරේ කරනව. පිනි බින්දුවකින් දැනෙන සිසිලසට මම පෙම් කරනවා, අර මේ දැන් මට පේන හද පලුවෙ සුන්දරත්වයට මම පෙම් කරනවා. ඈත අහසෙ පාවෙන වලාකුලු පියාබන වැහි ලිහිනියොන්ට මම ආදරේ කරනවා. මේ අවකාශය, කාලය, මට ගෙනන හැම මොහොතකටම මම ආදරේ කරනවා. 


කොහේ හරි ඉන්න සමාන ආත්මයකට මා මුන නොගැහීම පෙම් කරනවා... මේ ගතවන හැම මොහොතක්ම ඇය වෙත මා රැගෙන යාවි... කෙදිනක හෝ...


මේ ජීවිතයේ නැත්තම් වෙනත් ජීවිතයක හරි... 


ඔව් මම පෙම් කරන්න පටන් ගත්තා විතරයි...


DuLee

Thursday, May 20, 2021

Life Changers...!

 ----------- මා දිවියේ විවිදාකාර අහඹු පුද්ගලයන් කිහිප දෙනෙක් මිතුරන්, හා ගුරුවරුන් කිහිප දෙනෙක් මහට පැවසූ රුවන් වැකි හා වටිනා ඔවදන් කිහිපයක් -----------


"මල්ලි පුලුවන්නම් පුරුදු වෙයන් එක දවසක් ඇතුලත එකිනෙකට සම්බන්ද නොවන වැඩ කිහිපයක යෙදෙන්න. උදාහරනයක් විදියට උඹ පැයක් පාඩම් කරනව, ඊලග පැයේ උඹ යාලුවො එක්ක සෙල්ලම් කරපන්, ඊලග පැයේ ටී වී එක බලපන්, ආයෙත් පාඩම් කරපන්. මේ ස්කිල් එක තමයි ලෝකෙ ගොඩක් දක්ශ සී ඊ ඕ ලා අලෙවිකරන ප්‍රවීනයොන්ගෙ ජීවන රටාව."


(2007 අවුරුද්දේ බසයක හමුවූ කැලණිය විශ්ව විද්යාලයේ අලෙවිකරන උපාදිය හදාරන අයියා කෙනෙක්. නමක් ගමක් නොදනී. I was in grade 12) 


" සර් ඔය බොන සිගරට් එකක ගාන දැන් 65ක් නේද? සර් මෙතනම දවසට සිගරට් 3ක් බොනව. ගෙදරදිත් බොනව ඇති. සර් මේ සල්ලි එකතු කලොත් අවුරුද්දක් කීයක් වෙයිද. අපේ පඩිය සති අන්තෙත් වැඩ කරල 30000ක් වත් නෑ. සර් 10000ක් විතර මාසෙට වියදම් කරනවා. ඒ අස්සෙ ලෙඩ. සර් කැමතිනම් නවත්තල මේ සල්ලි ටික එකතු කරල පොතක් පතක් ගන්න සල්ලි නැති දරුවෙක්ට දෙන්න."


(අබාන්ස් ආයතනේ පිරිසිදු කරන්නියක්. නම නොදනී.) 


" පුතා මනුස්සයෙක්ට ජීවිත කාලෙ ගොඩක් දේවල් කරන්න හිතුවට ඒ හැමදේම කරන්න වෙන්නෙ නෑ. ඒක නිසා හොදටම පුලුවන් එක දෙයක් ප්‍රගුන කරන්න."


මගේ පලමු පෙම්වතියගේ පියා, මෙය ඔහු මට පවසද්දී මම ඇයගේ පෙම්වතිය බව ඔහු නොදනී. ඔහු ප්‍රවීණ කතුවරයෙක් මෙන්ම ගුරුවරයෙකි.


"මල්ලි ජීවිතේ වෙන්න තියෙන ඔක්කොම දේවල් වලට මූණ දීපන්, වෙන්න තියෙන ඕනෙම නරක දේකට මූණ දීපන්,ඒවට වෙන්න ඉඩ ඇරපන්, එහෙමයි නියම පිරිමියෙක් හැදෙන්නෙ."


(අජිත් අයියා Ajith Kalubowila, ඊයෙ බීර වීදුරුවක් පානය කරමින්.) 


"හාම්ලස්, යුස් ලස්" .... Harmless, useless (වැට කොල පතෝල වගේ ජීවත් වෙන උන්ගෙන් ඇති වැඩකුත් නෑ වගේ දෙයක්)


" කවුරුත් නුඹ දෙස නොබලන කලත් නුඹ හරි දේ කරයිනම් එයයි නියම ගුණය. " (lessons of integrity) 


(අතුල සර් Athula Seneviratne) 


"මේ හිත ඉල්ලන හැමදේම හිත බලාපොරොත්තු වෙන හැම දේම ඉල්ලන්නෙ ඇත්තටම ඔබේ මමත්වය. මේ ගරු නම්බු නාම ලැබෙද්දි දැනෙන සතුටත්, ඒව නැති වෙද්දි එන දුකත් ඔබට ලැබෙන්නෙ මමත්වය තෘප්තිමත් කිරීමේ අරගලය නිසා. මමත්වය සහ ඔබ වෙන් කර ජීවත් වීමට පටන් ගත් තැන ඔබගේ ජීවිතය පටන් ගනීවි."


(කල්යාණ මිත්‍ර උපුල්, නිල්ලඹ භාවනා මද්යස්තානය. )




ඉතින් මා අවසානයේ පවසන්නේ, රුවන් වැකි ජීවිතය වෙනස්ම ආකාරයකට දකින්න උපදෙස් දෙන වැකි අපට හමු වන්නේ මහා දාර්ශනිකයන් තුලින් පමනක් නොවේ. එදිනෙදා හමුවෙන මාර්ග පිරිසිදු කරන්නෙක් හෝ කුඩා පාසල් සිසුවෙකු හෝ නුඹ දවස එලිය කරන වදන නුඹට පවසනු ඇත. අවැසි වන්නේ නිවැරදිව සවන් දීම පමණි.


DuLee

Wednesday, April 28, 2021

A glimpse of Tuscan summer...

 A glimpse of Tuscan summer...



All these great wines...
Made of Syrah, Merlot, Malbec, Pinot noir, sangiovese...
Can barely take the place of the taste....
Taste of your thin, red lips...

For a moment,
Fragrance of your breaths
The touch of your well fettled thin fingers,
Created a glimpse of the summer in Tuscan plains...

My Lady I'm not saying that I'm in love...
My Lady when I saw you for the first time,
I felt Déjà vu...

I have seen you in somewhere...
Yes, may be in an art gallery or in a museum in Paris...
As a lifeless sculpture of Michael Angelo...
As a masterpiece of Da Vinci....

I knew it baby...
These modern clothes cannot hide the sublime in you....
Let me undress you slowly, very slowly,
Will take an infinite time, to feel and touch every inch of you....

let me explore the plains, beaches, valleys and storms in you...
I'm in love with the beauty, the Beauty of your existence as the human version of a masterpiece in renaissance....

DuLee

Poetic genre - Bukowski.

#coffeetimepoetry

Tuesday, April 27, 2021

නුවර යද්දි. (Wrote in 2017)

 


වැස්සත් එක්ක බස් එකක නුවර යද්දි පරන මතකයන් ගොඩක් ඇවිස්සෙන එක නවත්තන්න අමාරුයි... ඉස්සර මේ වගේ හැම සෙනසුරාදම ඉරිදම ගම්පහ පන්ති යනව කියල පන්ති ෆීස් මාටිය ගහල කෙල්ල බලන්න නුවර ගිය ගොඩක් දවස් වල බස් එකේ සීට් එකක් හම්බුනෙ ඒ අවුරුදු දෙක තුනටම දවස් පහක් වගේ(පස්සෙ කාලෙක රිවිශන් පන්ති කට් කරල සතියෙ දවස් වලත් යන්න ගත්ත)... ස්කූල් වෑන් වල ඉස්කෝලෙ ගිය මම මුලින්ම අම්මලට බොරුවක් කරල සමාජෙට බැස්සෙ ඒ කාලෙ... ලන්ගින් හිටිය යාලුවො ගොඩක් උදව් කලා, සමාජෙ ගන්ජ කාරයො කියල හන්වඩු ගහපු එව්න් කන්න සල්ලි නැතුව ඉන්න කොට කන්න දුන්න... පන්සල් වලින් කෑවා... මොකද අම්මලගෙන් සල්ලි ඉල්ලන්න බැරි නිසා... මැත්ස්, පිසික්ස්, කෙමිස්ට්‍රි, මේ හැම පන්තියක්ම කට් කරල මට මාසෙම නුවර අදින්න සල්ලි එකතු උනේ, 1500ක් වගේ... ඕකෙන් රෝල ගැහුව... 


අන්තිමට ටෙම්පරි ජොබ් කරන්නත් ගියා ඉස්කෝලෙ කට් කරල, හැබැයි, ඒ ඔක්කොම කම්කරු ජොබ්. පදවිය මොනරාගල පැත්තෙ කොල්ලො එක්ක ලන්ච් එකට 8 දෙනෙක් එකට නිදාගන්න රූම් වල එකට කෑම කෑවා... අන්තිමට කෙල්ල නම් මට නැති උනා... ඒකි මොරටු මම පලවෙනි පාර විබගෙ ලිව්වෙත් නැහැ. දෙවෙනි පාර 3ම ෆේල් උනා, 3 වෙනි පාර ගොඩ ගියා, 3 වෙනි පාර පන්ති යද්දි ඇස් වලට කදුලු ආව. මම ටකරන් වහලයක් යට අම්බ ලී බන්කුවක් උඩ,  ලව් කල කෙල්ල වෙන එකෙකුත් දාගෙන, කැම්පස් එකෙන් හන්තානෙ නගින්න යන හැටි දැක්ක...


 හැබැයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත... සමාජය, දුක, බඩගින්න, කම්කරුවො ගැන, තනියම සන්චාරය කරන හැටි, සන්චාරයෙදි සැලසුම් කරන හැටි... වගේම ආදරේ ගැනත්... මේ කියන්නෙ මට අවුරුදු 17,18,19 (2006,7,8) වගේ කාලෙ ගැන...මේ කාලෙදිම දෙශපාලනේ ගැන ලොකු ආසාවක් ආව, ඒ ඕලෙවල් කරපු කාලෙ කියෙව්ව එක පොතක් නිසා, වානේ පන්නරය ලැබූ සැටි පොත, මේ හැම දුකක්ම මට දුන්න පන්නරය ඒ පොතේ ප්‍රායෝගිකත්වය මගෙ ජීවිතේට ආදේශ කලා... මට කැම්පස් යන හීනයක් නම් තිබුනෙ නැහැ, හැබැයි ගුවන් යාන වලටයි, දේශපාලනික දේවලුයි ඉගෙන ගන්න ආස කලා... 


අවුරුදු 16 වගේ වෙද්දි එකල ජවිපෙ පලාත් සබා මන්ත්‍රී හිටපු කුලසිරි සහෝදරයයි, ප්‍රාදේශීය සබාවෙ හිටපු ජවිපෙ සාමාජික සුමිත් සහෝදරයයි මට සාමජිකත්වය ගන්න කිව්වෙ එක පාරක් දහම් පාසලේ කතික හරි විවාද හරි තරගෙකදි සෙට් උන එකේ ෆිට් එකට. අන්තිමට පන්ති පහත් ගොඩ දැම්ම. දැන් ඒකෙ තිබ්බ සමහර දේවල් අමතකයි. අපි වැඩවසම් ක්‍රමය ගැන, සමාජවාදය ගැන එලි වෙනකම් සාකච්චා කලා. නාරන්වල තිබ්බ ජවිපෙ කාර්යාලෙදි. නුවර ගිහින් එන්න පරක්කු උන දාට කාර්යාලෙට වෙලා පොතක් බල බල නයිට් ගැහුව. කොහොම හරි ජ්විපෙ අබ්යන්තර ප්‍රශ්න එන්න ගත්ත, විමල් වීරවන්ශල කැඩුන. තව ප්‍රශ්න ආව. මට උසස් පෙල තුන් වෙනි පාර කරන්න උනා. නාරන්වල කාර්යාලෙ අයින් කලා. මේ දේවල් එක්ක මගෙ ගමනත් වෙනස් උනා. ඇත්තටම ඒ කාලෙ උන දේවල් එක්ක මටත් එල්ලිලා මැරෙන්න තිබ්බ. ඒත් සමාජ වාදියෙක් කියන්නෙ සටන් කාමියෙක්. ඔහු කවදාවත් සටන අත අරින්නෙ නැහැ. ජීවිත සටනෙ එන හැම අබියෝගයක්ම දෙන ආතතිය අන්තිමට ස්ව ආත්මීය විප්ලවයක් විදියට එලියට එනව. ඒකට දයාලක්තික බවුතික වාදෙදි පිම්මක් එක්ක එන පරිවර්තනයක් කියනව. ඒ පරිවර්තනය වෙන්න අනිවාරයෙන් සටනක් කරන්නම වෙනව. 


ඒලෙවල් ෆේල් වෙලා, කෙල්ල නැති වෙලා, පව්ලෙ එකම ලමය විදියට වගකීම් එක්ක මානසික වශයෙන් ආව ආතතිය මම සටනක් කරගත්ත. අද මම වැඩ කරන්නෙ ගුවන් යානා එක්ක, දෙශපාලනේ ගැන උපාදියකුත් කරන ගමන්. මේ සටන යම් ප්‍රමානෙකට දිනපු නිසා. නුවර යන්න රුපියල් 1500 හොයන්න මොනරාගල පැත්තෙ කොල්ලො එක්ක ටෙම්පරි ඇද්ද මම අන්තිමට මගෙම සල්ලි වලින් ජර්මනිය, ප්‍රන්ශෙ, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තෙ වගේ රටවල් සන්චාරය කලා. මාර්ක්ස් වාදය හොයා ගත්ත කාල් මාර්ක්ස් ඉගෙන ගත්ත විශ්ව විද්යාලෙ යම් කාලයක් දේශපාලනේ ගැන ඉගෙන ගෙන සහතික ගත්ත. මේ ඔක්කොම අවුරුදු 8ක් ඇතුලත. එත් අර මුලින් හම්බුන සමාජෙ ගන්ජ කාරයො කිව්ව උන් තාම මාත් එක්ක සෙට් වෙනව. ඇයි මම මේ දේවල් කිව්වෙ. මගෙ ලොකුකමටද... ඇත්තටම මට ලොකුකමක් පෙන්නන්න සමාජය විසින් ආර්තික ස්ටේටස් මනින කිසිම දෙයක් නැහැ. කාර් එකක්, අයි ෆෝන්, හොද ඔරලෝසු, බ්‍රෑන්ඩඩ් සපත්තු. මේ මොකුත් මා සතු නැහැ. හැබැයි පොත් ගොඩාක් තියෙන රාක්කයක්, ප්ලේන් වලින් බිමට පැනල පවා ගත්ත සහතික ටිකක්, හොන්ද බොක්කවල් ටිකක් ඉන්නව. 


මම ලන්කාවෙ පලවෙනි පන්තියෙ මිනිස්සු ප්‍රාඩෝ වලින් යන පාටි, සමුලු වගේ ඒවට මගෙ ඩිස්කවරි බයික් එකේ රුපියල් 150ක් පෙට්‍රල් ගහල අව්වෙ වැස්සෙ තෙමීගෙන තවමත් යනව. ඒක මම ගොඩක් ආසවෙන් කරනව. සමාජ පන්ති 3 අතරම මම දොලනය වෙනව. කවදාවත් පලවෙනි පන්තියට යන්න ආසවකුත් මගෙ තිබුනෙ නැහැ. මොකද මම මේ සල්ලි වලින්, එක එක සල්ලි වල බලය පෙන්නන බඩු වලින් දැක්කෙ හරියට සෙල්ලම් ගෙවල් හදන ලමයි සෙල්ලමට කෝම් පිට්ටු හදනව වගේ. අද තියෙනව හෙට නැහැ. ක්‍රෙඩිට් කාර්ඩ්, ගෙවා ගන්න බැරි ලෝන් අරන් අනික් එකාට වඩා පොරක් වෙන්න තරගෙට වාහන ගන්න උන්, තට්ටු ගෙවල් හදන උන් මට විහිලුවක් උනා... උපතින් සල්ලි තිබ්බ උන් නම් තව කමක් නැහැ. 


මම ලන්කාවෙ මෝටර් සයිකලයෙන් ගිය තැන් ප්‍රාඩෝ එකක ගියාට වඩා මම මගෙ ආත්මයෙන්ම වින්ද. හේන් ගොවියො, දීවරයොන්ට දැනෙන රස්නෙ මටත් දැනුන. (මේ හැම ගමනකටම මගේ ගමන් සගය ලක්ශ්මනුත් සම්බන්ද උනා) . ලන්කාවෙ ඇවිද්ද සල්ලි, රටවල් වල ඇවිද්ද සල්ලි එකතු කලා නම් මටත් අඩු ගානෙ ප්‍රියසි එකක්වත් ගන්න තිබ්බ. හැබැයි. මගෙ මනසින් මම ගොඩක් අතෘප්තිමත් වෙන්න තිබ්බ. මේ හැම දේටම ලන්ගින් හිටිය සහෝදරවරු සෙට් එකක් හිටිය. උන්ටික නැත්තම් මම කොහෙ ඉන්නවද කියල හිතා ගන්නත් බැරිවෙයි. පත්තර කාරයෙක්, (පුවත්පත් මාද්ය වේදියෙක්) විදියට වැඩකල මගෙ තාත්තට මේ හැම දේටම මුදල් වලින් උදව් කරන්න බැරි උනත්. මගෙ හැම දේම තේරුම් අරන් උදව් කලා.


දන්නෙම නැතුව පේරාදෙනියටත් ඇවිත් බස් එක. 


මම මේකෙන් කියන පොයින්ට් එක මෙච්චරයි. අපේ ජීවිත මුවහත් වෙන්නෙ අපි සමාජෙ ලෝකෙ එක්ක, දැනුම එක්ක ගැටෙන තරමටයි. අපේ ගමන සාම්ප්‍රදායික මුදල් සහ දේවල් හබා යන අයට තේරුම් ගන්න අමාරු වෙයි. ඒත් ඒ දේවල් හබා යන ගමන ඉවරයක් දකින්න පුලුවන් දෙයක් වෙයි කියල හිතන්න බැහැ. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන දේ හිතේ දැක්ම කරන් යන ගමන ඇත්තටම ගොඩක් තෘප්තිමත් වෙයි. ඒ වගේම සරල බව තුල තිබෙන සුන්දරත්වය. කලාව සාහිත්යය තුල කිමිදෙන්න වෙලාව හොයාගන්න. ජීවන සටන අත අරින්නම එපා. "පිම්ම" කියන දේ අපි රටක් විදියට පැන්න දවසට අර මම බූට් කාපු කාලෙ, විබාග ෆේල් වෙච්ච කාලෙ පැන්න පිම්ම නිසා ගොඩක් දුර ආව වගේ අපේ රටත් කෙටි කාලෙකින් ගොඩක් දුර අරන් යාවි.


බස් එකේ යන ගමන් ටයිප් කල නිසා වැරදි ගොඩක් ඇති. ඒකට සමාවෙන්න. මේ කිව්ව හැම දේටම සාක්ශි මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඒකාලෙ ඉන්දන් මගෙ ලන්ගින්ම ඉන්න සහෝදර සහෝදරයින් කියාවි... විශේශයෙන් Deepananda Welipathayaye හාමුදුරුවොත් , ලක්ශ්මන් LakshmanChaudhry,නුවන් Nuwan Kumarapeli ලුක්ශන Luke Egodawaththa Lukshana Chamila , PrasannaJayarathna ගේව උන් ඒ කාලෙ මගෙ ලන්ගින්ම හිටිය.


කෑගල්ල හරියෙදි ලියන්න පටන් ගත්තා. දැන් නුවරටත් ආවා...


දුලී


චායාරූපය - වම් පැත්ත, නුවර හුන්නස් ඇල්ල මගේ පලමු පෙම්වතිය සමග (ඇයව ඉවත් කර ඇත.) 2007

  

දකුන, බර්ලින් කාල් මාක්ස් එන්ගල්ස් පිලිමය බර්ලින් ජර්මනිය. 2017

Tuesday, April 20, 2021

Becoming just another tribe!

 අප්‍රියෙල් 19 අගහරු ලෝකෙ මනුශ්යයා විසින් ක්‍රියාත්මක කල පලමු ගුවන් යානය (Ingenuity Helicopter) ක්‍රියාත්මක කලා. මේ සිදුවීම ලන්කාවේ යෞවන යෞවනියන් කී දෙනෙක් පමන දන්නවාද?


මෙතරම් තාක්ශනය දියුණු යුගයක, ඔබ එයින් ලබා ගන්නේ එතරම් වැදගැම්මකට තිබෙන දේ නොවෙයි, තාක්ශනය අන්තර්ජාලය නොමැති යුගයක අප විදුසර විජය වෙනි පුවත්පත් තුලින් මෙවැනි දෑ කෙතරම් දැනගත්තාද. විටෙක විජය පුවත්පතේ හෙලිකොප්ටරයක් පදවන සැටි පිලිබද පවා ලිපි පෙලක් පලවිය, මා ජීවිතයේ ගුවන් යානා ගැන පලමු කුතුහලය ඇතිවන්නේ ද ඒ පුවත් පත් නිසය. විටෙක මහට වැඩි දුර ගුවන් යානා පිලිබද සෙවීමට අවැසි වූ විට විදුසර සගරාවෙහි ප්‍රශ්න උත්තර පිටුවකට ඒ පිලිබද අසා ලියුවෙමි. ඔවුන් මට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පුස්තකාලයේ ලිපිනය දුනි (එවකට කොල්ලුපිටියේ පිහිටා තිබුනි). මා 9 වසරේ වන්නට ඇත. එම පුස්තකාලයට ගොස් ගුවන් යාන පිලිබද ප්‍රින්ට් අවුට් ගෙන සෑදූ කුඩා පොත් පින්චය අදද මා සතුව ඇත. ඉස්සර අප ආසාවෙන් නැරඹූ ටීවී කතාවකි X Files එක්ස් ෆයිල්ස්, ඔබ අසා තිබෙනවාද ස්කලී ඉෆෙක්ට් Scully Effect එක ගැන? එනම් ස්කලී බලපෑම ගැන. ඉන්න මා පවසන්නම්, ඒ යුගයේ එක්ස් ෆයිල්ස් නැරඹූ බොහෝ යුවතියන් සිහින දුටුවේ විද්යාව ඉගෙන වෛද්යවරියක් හෝ විද්යාඥ්යෙකු වී ස්කලී වගෙ වීමටය. ඉතින් එකල බොහෝ කාන්තාවන් විද්යා ගණිත (STEM subjects) විශයන් කරා යොමු විය. අද ඔවුන් නරඹන්නේ දෙවෙනි ඉනිම වෙනි නාටකය. ඔවුන්ගේ රෝල් මොඩ්ල්ස්ලා ඔවුන්ට දෙන්නේ හෝමෝන හා හැගීම් ඇවිස්සීමක් පමනි. 


අද සියල්ල ඔබ ඇගිලි තුඩු මත ඇත (Smart phone). එහෙත් ඒ සියල්ල ඔබව මෙහෙයවන්නේ ප්‍රඥාව තුලටනම් නොවනු ඇත. ටික් ටොක්, බාල යූ ටියුබ් චැනල්ස්, Bitchie වීඩියෝස්, උවමනා තරම් ඇත. පේජන්ට්ස් ඇත, මොඩ්ල්ස්ලා ඇත (රෝල් මොඩ්ල්ස්ලා ඉතා අඩුය). ඔවුන් ඔබගේ හැගීම් අවුස්සන මුත් බුද්දිය අවුස්සන ප්‍රඥාව ගැබ් වූ කුතුහලය අවුස්සනා කිසිවක් නිර්මාණය වන්නේ නැත. අවසානයේ ලන්කාවේ බිහිවන්නේ හුදෙක් මුග්ද සත්ව කොට්ටාශයක් පමනි. ඔවුන් ට මනසින් උසස් මිනිසුන් වීමට බොහෝ කලක් යනු ඇත. ඉතින් ඔවුන් පත් කරනා ආන්ඩු ගැන කුමන කතාද. දැනුම පිලිබද පිපාසාව, කුතුහලය අද ලෝකය මෙතරම් ඉදිරියට ගෙනවිත් ඇත. දැනුම පිලිබද පිපාසාව කුතුහලය නොමැති ජාතියක් හුදෙක් පාලනය කරනුයේ, බඩගින්න, ශරීරික හෝමෝන නිසා ඇතිවන ආසාවන්, අසහනය හා තන්හාව මගින් පමනි. ඔවුන්ට අනාගතයක් නොමැත.


DuLee


Saturday, April 17, 2021

අපි යන තැන....!

 මේ අපි යන තැන....! 


මේ ෆොටෝ එක ගත්තෙ දැනට අට දවසකට පෙර ජීවිතෙන් සමුගත් මගේ මාමාගේ අලු තැන්පත් කරන්න යන අවස්තාවේදී. මේ තියෙන්නෙ කුනු වලක්. මේකෙ තියෙන්නෙ ආදහනය කරල ඉතිරි වෙන මිනිස් කොටස්. ආදහානයෙන් පසු ඒ අවශේෂ වලින් කොටසක් අලු මුට්ටියට දාල අපිට තැන්පත් කරන්න දෙනවා. අනික් ටික මේ වලට දානවා. මේ කුනු වලේ ඇති කෝටිපතියෝ, රූප සුන්දරියො, වෛද්යවරු, ඉන්ජිනේරුවො, දුප්පත් මිනිස්සු, හිගන්නෝ, ගනිකාවො, විවිද වෘතීය සන්ගම් වල සාමාජිකයෝ, විවිද ටයිට්ල් සුදුසුකම් (PhD, MD, MBBS, FRCP, BSc, BA, MSc, MA, CIMA, ACCA, ASP, CEO, CFO, Director, Member of that, Member of this, etc) නම පිටුපස්සෙ ගහන් හිටපු එක එක අය. ඔක්කොම අය එකට....

ඒත් වෙන් කරල අදුරන්න බෑ. අර සමන් අය්යගෙ ඇගෙ කොටස්, අර හිටපු මන්ත්‍රීතුමාගෙ කොටස්, අර හිටපු රූප සුන්දරියගෙ කොටස්....


මේ ඔක්කොම එකිනෙක මිශ්‍ර වුන අලු ටිකක් දූවිල්ලක් විතරයි....


ස්තූතී.


DuLee


Friday, March 19, 2021

I'm your Casanova...

 ලියන් යන කෙටි කතාවක කොටසක්....




අදනම් හරිම උනුහුම් රාත්‍රියක්,

සුලන් පොදක් නැති හාත්පසක්,

සිගරට්ටුවක් දල්වන් එලියට වැද මා සිතුවේ උඹ මාත් එක්ක හිටියනම් කියල,

මිනිස්සු ගෑනු හෙව්ව සීතලට තුරුල් කරන් ඉන්න,

ඒ සීතලේ රමණයේ යෙදෙන්න....


ඒත් මම ආසකලා, මේ වගේ උනුහුම් රාත්‍රියක ඩහදිය වැගිරෙද්දි උඹව වත්තන් කරන්, උඹේ මුලු ආත්මයම පානය කරන්න,

උඹේ කෙහෙරැලිවලින් වැගිරෙන ඩහදිය, උඹේ ගෙල අකු අස්ථිය හරහා විත් උඹේ පිරුනු තිසරු යුවල ආක්‍රමණය කරනව බලන්න මම ආස කලා, 


හැබැයි මම නිකම් හිටියෙ නෑ, 

අපේ රාත්‍රීන්ට නොවරදින රතු වයින් එක මම උඹේ ගෙල දිගේ ශරීරයේ පහලට වෑස්සෙන්න දීල ඒ ඩහදිය එක්ක සැන්ඩි වෙනකම් හිටිය, 

ඔවු උඹේ ඇරියෝලව, තන පුඩු, පෙකනිය වැහෙන්න මම අයිස් කැටත් තිබ්බ, 


දැන් මට උඹව, උඹේ සිරුර, උඹේ ආත්මය පානය කරන්න ලේසි....

උඹේ ඉහල දෙතොලෙන් වෑස්සෙන ඩහදිය මිශ්‍ර රතුවයින් මම දිවගෑවෙ වෙන කොහෙවත් තියෙන දෙතොලකින්, 

උඹේ හීන් කෙදිරිලිවලට මාව නවත්තන්න බැරි වුනා.... 


මගෙ සිරුර උඩ ඉන්න උඹ උඩ පහල යද්දි මම ගොඩක්ම ආශා කල ශබ්දය අහන්න ලැබෙනවා.... ඩහදියෙන් හා රතු වයින් වලින් පදම් වුනු උඹේ පියයුරු උඹේම පපුවෙ ගැටෙද්දි එන ශබ්දය.... 


උඹ ලමෙක් ඉන්න අම්මකෙනෙක්, ඉතින් ඒවා නියම ගැහැනියෙක්ගෙ වගේ සරුවට පහලට එල්ලෙමින් තිබුනා.... ගොඩක් පිරිමි ඒකට ආස කලේ නැහැ.... ඒත් මට ඒක සුන්දරව කඩා හැලෙන ක්ශීර වෑස්සෙන දිය ඇල්ලක් වගේ.... 


උඹ ඒක දැනන් හිටියා, ඒකයි උඹේ මිනිහ උඹේ ඇදේ එහා පැත්තෙන් තියාගෙනත් මාවම හෙව්වෙ, උඹ ආස කලා, උඹේ අපරිපූර්ණත්වය පරිපූර්ණව වින්ද මගේ ලාලසාවයට.... මගෙ ස්පර්ශයට, මගෙ හාදුවට.....


උඹට ඕන තරම් ප්ලේ බෝයිස්ල හම්බෙලා ඇති, ඒත්... 

මම උඹේ කැසනෝවා

DuLee

Tuesday, March 2, 2021

මායාකාර සිනහවක අයිතිකාරිය වෙත....

 මායාකාර සිනහවක අයිතිකාරිය වෙත.... 


දිවි අවසන් වන තුරුත් මා නුඹට වෛර කරමි,

දිවි අවසන් වනතුරුත් මා නුඹට ප්‍රේම කරමි,


එහෙත් මා නැවත කිසිදිනක නුඹ හමුවට නොපැමිනෙමි,

නැවත කිසිදිනෙක මා නුඹට නොලියමි,

නුඹ උතුරු එලිදෙස බලා දිනෙක නුඹෙන්ම විමසාවි, 

ඔහු මට සැබැවින්ම පෙම් කලාද? 


නුඹට පිලිතුරු ලැබේවි,


නිල් අහසේ ඔහේ පාව යන වලාකුලු නුඹට පිලිතුරු දේවි, මේ හිස් බව තුල මා නිශ්ෂබ්දව නුඹට කොතරම් පෙම් කලාද යත්, 


වෙරල අද්දර දම්පාට හැන්දෑවක බැස යන හිරු නුඹට පිලිතුරු දේවි, ප්‍රේමයේ අවසන් හාදුව, අවසන් බැල්ම කෙතරම් සුන්දරද ප්‍රේමාන්විතද යත්, නුඹව ස්පර්ශ කල අවසන් දින නුඹ හුස්ම මා හුස්ම හා මුසු වූ අවසන් මොහොත කෙතරම් සුන්දරද යත්, 


ශීත රාත්‍රියක පායන සද නුඹට පිලිතුරු දේවි, 

නුඹේ මුලු ලොවම අදුරු වූවත් ඈත සිට නුඹ දෙස බලා ප්‍රේමයේ චන්ද්‍රාලෝකයෙන් නුඹව වෙලාගත් සොදුරු ප්‍රේමවන්තයා කව්ද යත්....


මා නුඹට වෛර කරමි, එහෙත් මා නුඹට ප්‍රේම කරමි..... 


DuLee


Saturday, February 13, 2021

ප්‍රේමය ගැන ප්‍රේමයකින් තොරව ලියමි,

 ප්‍රේමය ගැන ප්‍රේමයකින් තොරව ලියමි,



මා ප්‍රේමය ගැන යම් විශ්වාසයක් තිබේ නම් එයට එකම හේතුව මගේ දෙමව්පියන්ගේ තුල තිබූ ප්‍රේමයයි. මා ප්‍රේමයට වෛර නොකරමි. එහෙත් මා වර්තමාන ප්‍රේමය කෙරෙහි කිසිදු ඇල්මක් නොදක්වමි. ඔබ ඉදිරියේදී එයට හේතූන් වටහා ගනීවි. එය වර්තමාන ප්‍රේමය කෙරෙහි මා සිතෙහි ඇති වූ කුහක හැගීමක්ද නැතහොත් හේතු සහිත වූ කෙතරම් සාධාරන හැගීමක්ද යයි නුඹ වටහා ගනීවි.


මා මුලින් කියුවා සේ මා මෙලොව දුටු  සාර්ථකම පෙම් කතාව දුටුවේ මා දෙමව්පියන් තුලිනි. ඔවුන් විවාහ වූයේ යෝජනාවකිනි. ඒ වනවිටත් දෙදෙනාම 30 පැනපු අයය. ඔවුන් කිසිදා වැලන්ටයින් කියා දිනයක් නම් සමරා නැත. ඔවුන් අතර රෝස මල් හුවමාරු වූයේ නැත. එහෙත් මාගේ පියා වැඩට ගිය අවසන් දිනද වැඩ ඇරී එද්දි (මිය යන්න මසකට පමන පෙර) අම්මට උලුදු වඩේ සහ පරිප්පු වඩේ ගෙනාවා මතකය. ඒ අම්මාගේ ප්‍රියතම අහරක් විය. තාත්තා මිය ගිය පසු මා ගෙදර තිබෙන පුටු සැටිය වෙනස් අතකට හැරවීමි. එයට හේතුව නම් ඔවුන් දෙදෙනා වැඩ වලින් නිදහස් වන සෑම වෙලාවකම, විශේයෙන් ඉරිදා දින වලදී ඒ පුටු සැටියේ හිදගෙන එක්ව රූපවාහිනී නරඹනු මැවි මැවී මට පෙනීමයි. අම්මා තාත්තාට වඩා මදක් වැඩිමල්ය. ඔවුන් දෙදෙනා වඩාත්ම ප්‍රිය කල සිහිනයකි රෑ සන්ගීතමය වැඩ සටහන බලන්නේ එකිනෙකාට හේත්තු වීගෙනය. අතින් අල්ලාගෙනය. එවිට මට මදක් ඉරිසියා සිතේ. අපේ ජෙනරේශන් එකේ එවැනි සරල සුන්දර ප්‍රේමයන් මුන ගැහේදැයි මට විශ්වාසයක් නැත. ඔවුන් එක්ව සිනමා පට නරඹන්න යයි.( 60 පැන්න පසුවද) එක්ව සන්ගීතමය රාත්‍රීන් නැරඹීමට යයි. ඒ මෝටර් සයිකලයේ නැගීය. මාගේ මව කිසිදා මාගේ පියාට කාරයක් අවැසි යයි හෝ විශාල ගෙවල් අවැසියයි හෝ පවසා නැත.


මම මසකට සැරයක් දෙකක් ඔව්න්ට පීසා එකක්, බර්ගර් කින්ග් එකෙන් කේ එෆ් සී එකෙන් මොනවා හෝ ගෙනවිත් දේ. ඒ අප ජෙනරේශන් එකේ ඒවා රසවත් මිලවැඩි අහර (Branded) යයි පිලිගන්නා බැවිනි. මට ඔවුන්ට හොදම දේ දෙන්න අවැසි බැවිනි. එහෙත් ඔවුන් දෙදෙනාම මට පවසන්නේ "ඇයි උඹ මේවට වියදම් කරන්නේ මීට වඩා අපි කැමති කොස් ටිකක් තම්බන් කිරි හොදි කරවල කෑල්ලක් එක්ක මිරිස් ටිකක් බැදල බඩ පිරෙන කම් කන්න".එවිට මට තරහ යයි. මම ඔවුන්ට කියන්නේ "කොහෙද ඉතින් පිනක් නෑනෙ පීසා කෑල්ලක් රස බලන්න" කියාය. ඔවුන් ඉතින් මගේ සිත සැදීමට පීසා කෑල්ලක් කයි. ඔවුන් සතුටු කරන ආකාරය සිතාගැනීමට මහට විටෙක උගහටය. යම් භාන්ඩයක මිල හෝ, බ්‍රෑන්ඩ් එක හෝ ඒ ගැන ඇති සමාජමය මතය ඔවුන් ගනන් නොගනී. ඉතින් ඔවුන්ට හොදම දේ දීම මහට ගැටලුවක් විය. ඔවුන් දෙදෙනාගේ ප්‍රියතම ඩේට් එක වූයේ මෝටර්සයිකලයේ නැගී මාගේ මවගේ මහ ගෙදර යාමය, රෑ බෝවී එනගමන් කොහේ හෝ ආප්ප කඩයකින් ආප්පයක් දෙකක් කා ප්ලේන්ටියක් බීමය. 


තාත්තා රෝහල් ගතවන දිනයේ (Jayawardanapura hospital) අම්මාට සමු දුන්නේ ඒ ඔහු මගේ මවගෙන් ඈත් වන දිනය බව නොදැනය. මොකද ඔහුට මාගේ මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ වාඩි වී ඇවිද යාමටද හැකියාවක් තිබුනු බැවිනි. යාමට පෙර ඔහු හරියටම මසකට ඇතිවන්න හාල් පරිප්පු සහ අවැසි සෑම දෙයම ගෝනියක දාගෙන ගෙනවිත් තිබුනි. රෝහලේ සිටි සෑම දිනකම ඔවුන් දෙදෙනා සිටියේ මල් කඩමින්ය. අම්මාට ඔහු ගන්නා පලමු ඇමතුම උදේ පාන්දර 5ටය.අම්මා දුරකතනය ලග තබාගෙන නොනිදා ඒ ඇමතුම එන තුරු බලා සිටී. කොරෝනා නීති අනුව තාත්තා බැලීමට යාමට හැකියාව තිබුනේ එක් අයෙකුට පමනි.


 කකුලේ දියවැඩියා තුවාලයකින් වේදනා විදින මාගේ මව රැගෙන යාම මහට ලේසි නොවීය. ඇය ඇතුලට යනවානම් මා එලියේ සිටිය යුතුය. ඇයට තනිව 21 වාට්ටුවට යාමට නොහැකිය. ඉතින් මා තනිවම තාත්තා බැලීමට ගියෙමි. පසුව අම්මා බැලීමට අවැසි යයි තාත්තාද, තාත්තා බැලීමට අවැසි යයි අම්මාද පෙරලි කරන්නට විය. මා එක් දිනෙක අම්මාවද රැගෙන යම් ඇදුරුම් කමක් ඔස්සේ 21 වන වාට්ටුවට (Nephrology ward) ඇයව රැගෙන ගියෙමි.  එදින මා දෙදෙනාටම හොරෙන් තාත්තාගේ සහ අම්මාගේ ඇස් දෙස බැලුවෙමි. ඒ ඇස් සතුටින් දැල්වෙනවාය. තාත්තාගේ මුහුනට සද එලිය වැටුනා සේය. මහට කදුලු නවත්වා ගැනීමට බැරි විය. එහෙත් එතන සිටි නර්ස් ලා මා සමග පෙරලි කරන්න විය. මහට එලියෙන් සිටීමට සිදු විය. ඒ මාගේ මව සහ පියාගේ වූ ප්‍රේම කතාවේ එකිනෙකා මුන ගැසුනු අවසන් දිනයයි. එකිනෙකා දෙස ප්‍රේමයෙන් බැලූ අවසන් අවස්තාවයි. මා අම්මාට පොරොන්දු වුනෙමි, තාත්තාව කෙසේ හෝ යහතින් නැවත ගෙන එන ලෙස. එහෙත් එය මහට කිරීමට නොහැකි විය. ඉන් දින 10කට 15කට පසු තාත්තා මිය ගියේය. මිය යන්න පැය 6කට 7කට පමන පෙරද ඔහු අම්මාට ජන්ගම දුරකතනයෙන් ඇමතීය. සිතා ගන්න පුලුවන්ද තාත්තාගේ පන සුන් සිරුර අම්මා නිවසට පිලිගත් ආකාරය. මා මෙය ටයිප් කරද්දී මාගේ අත් දෙක වෙව්ලයි. ඇය සැමදා නිදාගන්නේ ඔහුගේ ජන්ගම දුරකතනය ලග තබාගෙනය. රෙදි සෝදද්දී ඔහුගේ රෙදිද සෝදයි. මට ප්‍රේමය ගැන මීට වඩා උදාහරනයක් නැත.


ඉතින් මා ඒ කතාව ඔස්සේ ප්‍රේමය යන මාතෘකාව තුල තවත් කිමිදෙමි. රොමාන්තික ප්‍රේමය, ශෘන්ගාරාත්මක ප්‍රේමය, කිසිදා නොලබන ප්‍රේමය, අනියම් ප්‍රේමය, මේ සියල්ල මුසු වූ ප්‍රේමය, ඒක පාර්ශවික ප්‍රේමය, මේ සියල්ල මා විද ඇත. විවිද නාම ඔස්සේ ප්‍රේමය වර්ගකොට ඇත. විවිද දාර්ශනිකයන් ප්‍රේමයේ සියලු වර්ගයන් වර්ග කොට ඇත. තවකෙකු ලින්ගිකත්වය වෙනෙකුගෙන්ද ප්‍රේමය තවකෙකුගෙන්ද ලබා ගැනීම සාධාරනීය කරනය කරනු ඇත. තවකෙකු තම ගැහැනිය තවත් මිනිසෙකු සමග බෙදාගෙන ඔහුගේ ගැහැනිය හා නිදාගැනීමට ආසා වනුඇත (Swapping) . මෙවැනි අවසතා සියල්ල මා දැක ඇත. වර්තමානයේ ප්‍රේමය තුල රෝස මල් ඇත, රුපියල් 800ට පැය දෙක සිටින රූම්ස් ඇත. එකිනෙකා තම තමන්ගේ ආර්තික මට්ටමට ගැලපෙනයුරින් සතුටු කිරීමට භෞතික දේ අරන් දෙනු ඇත.


නැති බැරි ප්‍රේමවන්තයා සෙරෙප්පු දෙකක්ද, ඇති හැකි ප්‍රේමවන්තයා අයි ෆෝනයක්ද අරන් දෙනු ඇත. එහෙත් ඔවුන් සැබෑ කල් පවතින ප්‍රෙමයක උරුම කරුවන්ද කියා ඔවුන්ටම විශ්වාස නැත. අද කැමතී කියූ පෙම්වතිය සමග හෙට දින ලින්ගිකව එක් වේ. සමහර විට ඈද එය බලාපොරොත්තු වේ. ඉන් පසු මසකින් දෙකකින් දෙදෙනාට දෙදෙනා එපා වේ. තම පෙම්වතිය හෝ පෙම්වතා එපා වද්දී මීලග චොයිස් එක මෙනු එකේ මේත් සමගම තෝරයි. සමාජ අඩවි මෙයට හොදම තෝතැන්නකි. විවාහ වී වසර ගනනාවක් ගියද ඔවුන් තම සහකරු සහකාරියන් එපා වද්දී මීලග චොයිස් එක ඉතා පහසුවෙන් සොයා ගනී. මාද මගේ ජීවිතයේ එවැනි සබදතා වලට ගොදුරුව නැත යයි නොපවසමි.


 මා ඔවුන්ට එක තැන දුක් විදිමින් සිටින්න යයි නොපවසමි. එහෙත් කසාදය හුදෙක් ඔහේ කරගන්නවාට වඩා දෙදෙනා ගැන මනා අවබෝදයකින් විවාහ වන්නන් ඉතා අඩුය. එබැවින් අවසානයේ සිදු වන්නේ එක්කෝ දරුවම් වෙනුවෙන් හා යුතුකම් වෙනුවෙන් ජීවත් වීමටය. නැතහොත් අනියම් රස විදීමය. ගැහැනිය පිරිමියාට හොරෙන් අනියම් රස විදී, පිරිමියා ගැහැනියාටහොරෙන් අනියම් රස විදී. අවසානයේ රාත්‍රියේදී එකම සයනයක දෙදෙනා ආදරයෙන් සැතපෙයි. එහෙත් එය ව්යාජ ලෙන්ගතුකමක් පමනි. ඔවුන්ගේ ශරීර ගැටුනද ඔවුන්ගේ මනස ඇත්තේ දහවල් අනියම් සුව විදි ඇය හෝ ඔහු කෙරෙහිය. සමහර වුන් නම් මෙයට එකගය. ඔවුන් එකිනෙකාට ඒවා හන්ගනේ නැත. මට සැබැවින්ම එය වටහාගැනීමට අපහසුය. මට එය විකෘතියක් පමනි. විවිද දාර්ශනිකයන් යයි පවසගන්නා වුන් සිය මනස් වල ඇති සෙක්ස් ෆැන්ටසීන් සාධාරනීයකරනය කරමින් ලියයි. ඉතින් යටි සිතේ තවමත් ගල් යුගයේ ලින්ගික ආශාවන් ඇති මිනිසුන් සහ ගැහැනුන් මේ දාර්ශනිකයන්ගේ මත හිසෙහි තබාගෙන වටේ යති. මා මෙහි අවසානයට මනෝ චිකිත්සක වික්ටර් ෆ්‍රැන්කල්ගේ (දිවි අරුත කිම ලේඛක හා දෙවැනි ලෝක යුද්දයේ දිවි ගලවාගත් යුදෙව් වෛද්යවරයෙකු වේ) ප්‍රේමය හා ලින්ගිකත්වය ගැන යම් උපුටා ගැනීමක් දමමි.


ප්‍රේමය විදීම හා විදින ආකාරය එකිනෙකාගේ බුද්දි මට්ටම්, නිර්මානශීලීත්වය හා හෝමෝන ක්‍රියාකාරිත්වය මත වෙනස් වනු ඇත. ජීව විද්යාත්මකව මොලයේ ඇති ඩොපමින්, සෙරොටොනින් වැනි නියුරෝට්‍රන්ස්මිටර්ස් හා ඔක්සිටොසින්, ටෙස්ටෙස්ටෙරොන්, ඊස්ට්‍රජන් වැනි හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා ප්‍රේමය ඇති වේ. මොන දාර්ශනිකයන් මොන කතා කියුවද, මොන කවියා කිනම් අයුරින් ප්‍රේමය ගැන ලියුවද මෙහි ඇති ජීව විද්යාත්මක පදනම මෙයය. බල්ලෙකුගේ හා වෙනත් තිරිසන් සතෙකුගේද මෙය මෙලෙසම සිදුවනු ඇත. ඔවුන්ද එකිනෙකාට ඇලෙනු ඇත. එහෙත් එය ආත්මීය තලයකට රැගෙන යාමට තරම් ඔවුන්ගේ මනස විකාශනය වී නොමැත. එබැවින් ඔවුන් අසුවන තම වර්ගයේ සතෙකු සමග ලින්ගිකව එක්වීමට මැලි නොවේ. එය හා වර්තමානයේ බොහෝ මානව ලින්ගික සබදතා අතර වෙනසක් සොයාගැනීමට මට උගහටය.


ආත්මීය ප්‍රේමයක් සැබැවින්ම තිබේද?


එය තවම මාද සොයමි. එහෙත් එය මා මව මාගේ පියා දෙස නෙත් යොමු කල, මා පියා මාගේ මව දෙස අවසන් වරට බැලූ මොහිතේ අත්වින්දෙමි. ඔවුන් සැබැවින්ම වාසනාවන්තය. ඔවුන් මට පසක් කලේ ජීවිතයේ මහා ලොකු භෞතික දේවල් නොතිබුනද ආත්මීය ප්‍රේමයක නුඹ සැනසීම අවසන් සුසුම වන තෙක් පිරී තිබෙන බවය. මා මිතුරන්ගේ දෙමව්පියන්ගේ ඇති අනියම් සබදතා ගැන ඔවුන් මට පවසා ඇත. මගේ හොදම මිතුරෙකුගේ මව මාගේ පියාගේ අවමගුල දිනයේ හඩා වැටෙන්නේ, අනේ මටත් මේ වගේ ප්‍රේමයක් තිබුනා නම් පුතේ කියායි.


ඉතින් හුදෙක් කාලය සමග පටු වීගෙන යන, එන්න එන්න තිරිසන් රසවින්දනය වෙත ඇදෙන මේ ප්‍රේමය සොයා ගැනීම සමහර විට ෆැන්ටසියක්ම වනු ඇත. කසාද බැදි පසු ප්‍රේමවන්තයා මිනිහා වෙයි, පෙම්වතිය මගෙ ගෑනි වෙයි. ඔවුන් පෙම් කරද්දී එකිනෙකාගෙන් සැගවූ විවිද පැති එලියට එන්න ගනී. මෙය පොදුධර්මතාවයකි (අන්ඩ්‍රෙ මොරිස් ගේ ස්ඵටීකරනය වු ස්ටීරියෝටයිපය බිදී යාම) . එහෙත් බුද්දිමත් ඉවසීමක් ඇති යුවල කාලය සමග යම් සමතුලිතතාවයකට පත්වේ. මේ ඉවසීම නැති වුන් වෙඩිමේ ෆොටෝ ඇල්බමය එලි දැක්වීමටද පෙර අනියමක පැටලේ. අවසානය තවත් ට්‍රෝපි ෆකර් කෙනෙක්ගේ ගොදුරක් වීම විය හැක. ( Trophy Fuckers අසුවන අසුවන කාන්තාව හෝ පුරුශයා සමග එක් වෙයි, එය ආඩම්බරෙන් තැන තැන කියවයි, මචන් මන් අරකිට ගැහුවා මේකිට ගැහුවා මෙච්චරක් ගැහුවා යයි). මෙහි අවසන් ගොදුර සිය දරුවන් විය හැක. දරුවන් ආදර්ශය ගන්නේ දෙමව්පියන්ගෙනි. ආත්මීය ප්‍රේමයක් නොමැති දෙමව්පියන්ගේ දරුවන්ද මේ තොරොම්බල් හා ලින්ගිකත්වය පමනක් පදනම් වූ ප්‍රේමයක උරුම කරුවන් වනු ඇත. බොරු නම් අද දින කාමර වල වැලන්ටයින් සමරන කීයෙන් කීදෙනෙක් තව අවුරුදු 20කට පමන පසු එක්ව සිටීදැයි සොයා බලන්න.


මා මෙය මනෝ වෛද්ය වික්ටර් ෆ්‍රැන්කල් ගේ පරිවර්තනයෙන් අවසන් කරමි.  


 📝DuLee


ලින්ගිකත්වය තුලින් එන උච්චතම සතුට පසුපස ඇති රහස කුමක්ද? 


ලින්ගිකත්වය සහ සතුට, මේ සියල්ල වර්තමානයේ සන්දෘෂ්ටික රික්තයක් තුල ( ෆ්‍රැන්කල්ගේ existential vacuum idea අපිට අවශ්ය වන්නේ කිසියම් දෙයක තේරුම, අරුත දැනගැනීමනම් අරුත නොදැන ජීවත් වීම හිස් අවකාශයක් තුල ජීවත් වීමකි, අවසානයේ සියල්ල වෙහෙසක් බවට පත් වේ) නිශ්පලවූ තෘප්තියක් සොයා යාමකි. මෙහි ප්‍රතිපලය ලින්ගික උද්දමනයකි. හරියට මුදල් වල අගය කාලයත් සමග අවප්‍රමානය වීමක් සේ. 


සෙක්ස් වලට තිබෙන්නා වූ අගය (not in financial sense) අඩු වන්නේ එය වර්තමානයේ මානුශීය ස්වභාවයන්ගෙන් ඈත් වන බැවිනි. (ධනවාදී පෙලබවීම් තුල සියල්ලටම ම්ලක් නියම වන්න ගනී, ඉල්ලුම් සැපයුම් න්යාය සියල්ලටම අදාල කරගන්නට මිනිසා පෙලබෙයි.)  මිනිසුන්ගේ ලින්ගික ක්‍රියාවලිය භෞතික ශරීරයන් අතර වූ සම්බන්දයට වඩා බොහෝ එහා බුද්දිමය, ආත්මීය අවස්තාවක තිබිය යුතු දෙයකි. (මිනිසුන් සහ සතුන් අතර ඇති මේ බුද්දිමය වෙනස්කම් නිසා අප හා සතුන් අතර වෙනස කැපී පෙනෙනු ඇත.) 


එය සැබැවින්ම භෞතික සිරුරු වල ඝට්ටනයෙන් එහාට ගිය දෙයකි. ආදරය, සිතීමේ හැකියාව, නිර්මානශීලීත්වය වෙනි භෞතිකත්වයෙන් එහාට ගිය හැන්ගීම් නිසා ඇති වන්නා වූ අවසන් ප්‍රතිපලයක් ලෙස මිනිස් ලින්ගික එක් වීම සිදු වියයුතුය. තවදුරටත් සරල කරන්නේ නම්, මේ අති උච්ච වූ ලින්ගික තෘප්තිමය අවස්තාව සනිටුහන් කරන්නේ ආදරය තුලින් ඇති වන්නා වූ එක්වීමකින් පමනි.


වරෙක මැස්ලෝ පවා අවදාරනය කලේ ආදරයෙන් තොරව එක්වන්නා වූ මිනිසුන් හට කිසිදා ආදරය තුලින් එක්වන්නා මිනිසුන් ලබන්නා වූ උච්ච වූ හර්ශය ලබා ගැනීමට කිසිදා හැකි නොවන බවය. 


Man's search for Ultimate meaning! Page 84


By Psychiatrist Sir Viktor Frankl.

University of Vienna. 


Austrian neurologist and psychiatrist as well as a Holocaust survivor.

Happy Valentines day all 🌹

Monday, November 9, 2020

Covid 19 and Mindfulness

                කෝවිඩ් 19 සහ සතිමත්බව....



ලෝකයේ නව සාමාන්ය තත්වයට අප කැමැත්තෙන් හෝ අකමත්තෙන් අනුගත වීමට සිදුවී ඇත. මෙතෙක් කල් නොනිමි ආශාවන් පසු පස විශාල තරගකාරීබවකින් යුක්තව දිවගිය මිනිසා මොහොතකට හෝ ඒ ආශාවන් හා තරගකාරීත්වය පසෙක තබා දැන් සිය පැවත්මේ සුරක්ශිත බවට ප්‍රදාන තැනක් දෙමින් සිය දෛනික කටයුතු කරගනිමින් පවතී. ඇති හැකි අය හොද මට්ටමේ මුඛ ආවරන, සැනිටයිසර් වර්ග මෙන්ම මුව ආවරනද පාවිච්චි කලද, සිය පෞද්ගලික වාහන වල ගමන් බිමන් ගොස් ශීත කල කාමරයක වාඩි වී නැවත සුරක්ශිත්ව සිය වාහනයේ නිවස බලා ඒමට හැකි වුවද (විශේශයෙන් මේ අවස්තාවේ නීති සම්පාදනය කරන වුන්) මෙරට බොහෝ පුරවැසියන් මේ කිසිදු පහසුකමක් නොමැතිව මගී බස් රථ වල හා දුම්රිය වල ගමන් කරන්නේ සිය ජීවිත අවදානමට වඩා සිය ආර්තිකමය අවදානම දැඩිලෙස දැනෙන බැවින් විය හැක.


ඉතින් මා මෙහිදී බලාපොරොත්තු වන්නේ කෝවිඩ් වලින් අපට ඇතිවන බලපෑම ගැන සාකච්චාකිරීම නොවේ. අප වැඩිපුර නොසිතන එහෙත් බෞද්ධයන්ට අලුත් දෙයක් නොවන යම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම හා එය පුරුද්දක් කරගැනීම තුලින් කෝවිඩ් අවදානමෙන් යම් තරමක් හෝ මිදීමය.


සතිමත්බව, සතිමත් භාවනාව, මයින්ඩ්ෆුල්නස් නමින් බටහිර බවුන් වඩන්නන් අතර ඉතා ජනප්‍රිය බාවනා ක්‍රමය තුලින් අපගේ දිනය හැඩගස්වා ගැනීමයි. මෙය සතිපට්ඨාන භාවනා ක්‍රමය ඇසුරින් බිහිවී ඇති ඕනෑම දැනුම් තේරුම් ඇති වයස 6ක් වැනි මට්ටමක සිට මහල්ලා දක්වා අනුගමනය කිරීමට පහසු චර්යාවකි. එමෙන්ම මනෝ විද්යාත්මක ප්‍රතිකාර ක්‍රම වලටද සතිමත් බව බොහෝ සෙයින් යොදාගෙන ඇත. මා මෙය උදාහරනයක් ඇසුරින් පහදන්නම්.


පලමුව මෙහි ක්‍රමවේදය හදුන්වා දෙමි.


ඔබ සතිමත් බවින් ගතකරනවා යනු, මේ මොහොතේ ඔබගේ සිරුරේ ඇතිවන චලනයන්, ඔබට ඇසෙන ශබ්දයන් සහ ඔබට දැනෙන අනිකුත් සියලු සන්වේදන මෙන්ම ඔබ සිරුරේ ඉබේ ඇතිවන හා ඔබ සිතා ඇති කරන චලනයන් ගැනද ඔබ අවදානයෙන් ගත කිරීමයි. මේ අතර ඔබ සිතට ඇති වන සියලු වර්ගයේ සිතුවිලි, හැගීම් දෙසද ඔබ අවදානයෙන් බලා සිටිය යුතුය. එනම් සිතුවිලි සහ නුඹ එක් අයෙකු ලෙස නොව සිතුවිලි නුඹ වෙත එන ආගන්තුකයෙකු ලෙස සලකා එදෙස බලා ඒවා හා නොගැටී නො ඇලී ඒවා තවත් එක් සිතුවිල්ලක් සේ සලකා (වලාකුලක් දෙස බලා සිටිනවා සේ. දැන් බලාසිටින වලාකුල තවත් මොහොතකින් අප අසල නොමැත. කොටින් එහි හැඩය හෝ දිශාවද සොයාගත නොහැකිය. එහෙත් ඔබ ඒ වලාකුලේ හැඩයේ සොදුරු බව හෝ බියකරු බව දෙස ඇලීමෙන් හෝ ගැටීමෙන් බලා සිටිය හොත් ඔබට එහි වෙනස්  වීම තුලින් වේදනාවක් හෝ ඔබගේ පරිකල්පනය තුලින් බියක්, දුකක් හෝ වෙනත් හැගීමල් ජනිත වේ) ඒවාට ඔහේ යාමට ඉඩ දිය යුතුය. බොහෝ ලෙස කොරෝනා සමයේ මානසික සෞඛ්ය පිරිහී යාමට එරෙහිව මෙය හොද ප්‍රතිකර්මයකි. මා මේ ගැන වෙනම ලියමි. දැන් මා උදාහරණයට යමි.



සිතන්න ඔබ එදිනෙදා පොදු ප්‍රවාහන සේවයෙන් හෝ පෞද්ගලික වාහනයකින් සේවයට යන යම් ආයතනයක අලෙවි විදායක වරයෙක් කියා. මා ඔබගේ එදිනෙදා ජීවිතයට සතිමත් බව එක් කරමි.


පලමුව ඔබ සතුව හොද මට්ටමේ මුඛ ආවරනයක්, සැනිටයිසර් කුප්පියක් (සාක්කුවේ දමාගත හැකි) සහ කැමති නම් අත් මේස් හා මුව ආවරනයක්ද පාවිච්චි කල හැක.


ඔබ උදෑසන අවදිවෙයි. හැකිනම් අවදි වූ පසු ඔබ දෑස් හැරපු පලමු අවස්තාවේ සිට සතිමත් විය හැක. එනම් ඔබ කරනා සියලු කර්තව්යයන් සිහියෙන් කිරීමයි. ඔබ සයනයේ සිට නාන කාමරය වෙත ඇවිදන් යාම ඔබ සිහියෙන් කරන්න. ඇවිදිනවා ඇවිදිනවා යයි සිතින් සිතමින්, ඔබ නාන කාමරයේදී සිදු කරන්නා වූ සියලු කර්තව්යයන් ද එය සිහි කරමින් කරන්න. කොටින් සබන් කෑල්ල ගන්න නුඹ අත සබන් පෙට්ටිය දෙසට ගමන් කරද්දී එයද මෙනෙහි කරන්න. මා අත සබන් පෙට්ටොය වෙත ගමන් කරනවා යයි සිතමින්. මේ අයුරින් ඔබ කන්නාඩියෙන් මුහුන බලද්දී එයද මෙනෙහි කරන්න, කෝපි කෝප්පය පානය කරද්දී ඔබ සිත කෝපි කෝප්පයේ උශ්නත්වය, එහි රසය, එහි සුවද දෙසම පමනක් යොමන්න. එය පානය කරන ගමන් සිතට අයාලේ යාමට ඉඩ නොදෙන්න. වෙනත් හැගීම් සිතුවිලි වලට ආක්‍රමනය කිරීමට ඉඩ නොදෙන්න. මේ අයුරින් ඔබ උදෑසන අහර ගනිද්දීද  සිහියෙන් එය කරන්න. මා මේ ආහාරය අනමි, දැන් මුඛය වෙත ලන් කරමි, සපමි, ගිලිමි ලෙස ඒ ක්‍රියාවලියේ නුඹ සිටින්න. අල්ලපු ගෙදර කොරෝනා රෝගියෙක් සිටිය ත් ඒ සිතුවිලි වලට නුඹ සිතට ඒමට ඉඩ නොදෙන්න.නෞකාව ගිලෙන්නේ නැව තුලට වතුර ආ පසුය, එලියේ කෙතරම් කුනාටු ජල මට්ටම් වැඩිය තිබුනත් නැවියා සිය නෞකාව හොදින් මෙහෙය වයි නම් බිය විය යුතු නැත.


ඔබ දැන් නුඹ බසය වෙත ඇවිදන් යන කාලය තුල එම ඇවිදීම සක්මන් භාවනාවේ ලක්ශන සමග ඉටු කරන්න. වම් කකුල උසවමි, දකුනු කකුල ඔසවමි, තබමි. යමෙකු ඔබ වෙත ලගා වෙයි නම් සිහියෙන් ඒ දැක්ම මෙනෙහි කරන්න. ඔහු මා වෙත ලගා වෙයි. ලගා වෙයි. මා සුබ උදෑසනක් යැයි පවසමි, සිනහසෙමි. ඔහු අතර පරතරයක් තබාගත යුතුය. එය සතිමත්ව සිදු කල යුතුය. දැන් ඔබ බසයට නගිදිදී ඔබ අත බසයේ ෆුට් බෝඩයේ අත් තබන ප්‍රදේශයේ තැබීම සිහියෙන් දැකිය යුතුය. ඔබ පෞද්ගලික වාහනයක් හෝ මෝටර් සයිකලයක් පදවයි නම් එයද සිහියෙන් කරන්න. ඔබට ස්ටීරින්ග් වීල් එක හෝ හැඩලය තුලින් දැනෙන ස්පර්ශය සිතින් විදින්න දකින්න. සෑම ස්පර්ශයක් අවසානයේදීම හැකිනම් සැනිටයිසරයෙන් අත් සෝදාගන්න. එයද මෙනෙහි කරන්න.


නුඹ රැකියා ආයතනයේ සිටිද්දී පොදු පරිඝනකයක් පාවිච්චි කරයි නම් එයට පෙරද අත් සෝදා එය පාවිච්චි කල පසුවද අත් සෝදන්න.( යතුරු පුවරුව). නුඹ මුනගැසීමට ගැනුම් කරුවන් ඒ නම් සැමවිටම සිහියෙන් යුක්තව දුරස්තභාවය පවත්වාගන්න. අන් අයෙකුගේ පෑනක් පාවිච්චි කරයි නම් එයද පාවිච්චි කල පසු අත් පිරිසිදු කරගන්න. විශේශයෙන් නුඹේ අත් වල චලනයන් පිලිබද සතියෙන් පසු වන්න. අත් වල ස්පර්ශයන් පිලිබද සතිමත් වෙන්න. ඒ අත් මොහොතකට හෝ පිරිසිදු නොවී මුහුන වෙත ලන් නොකරන්න.


මේ අයුරින් නුඹ දවස කෙසේ හෝ සතියෙන්, නැතහොත් පූර්ණ සිහියෙන් ගත කිරීමට උත්සුක වන්න. නුඹගේ සෑම ක්‍රියාවක්ම වචනයෙන් සිතීමට අවැසි නැත. හුදෙක් සෑම ක්‍රියාවක්, සිතුවිල්ලක්, අවට හේතූන් නිසා දැනෙන සන්වේදනයන් කෙරෙහි අවදානයෙන් සිහියෙන් ගත කරන්න. නුඹ නොදැව්නුවත්වම නුඹ සිත විදර්ශනාවේ පලමු අදියර ඉටුකරමින් පවතී. එයද කොරෝනාවට පින්සිදුවන්නටය. කිසිම විටක කලබලකාරී නොවන්න. කාලය කලමණාකරනය කරගන්න. පමාවීම නුඹ මනසට සතියට තර්ජනයකි. නිවසට පැමිනිපසු කිසි විටක කලකිරීමකින් තොරව ලෝකයේ ස්වභාවය වෙනස් වන යුරු, නොසිතූ දෙය සිදුවනයුරු, සිතූ දෙය නොසිදුවිය හැකි බව අවබෝදයෙන් දකින්න. එය ලෝකයේ ස්වභාවය ලෙසද එයට කලකිරී පලක් නොමැති බවද සිතන්න. නුඹට හැකි උපරිමය සාධාරනත්වය දවසට ඉටු කරන්න..... 


මේ පුරුද්ද නුඹ ශාරීරික මානසික සෞඛ්ය තත්වය මෙන්ම සමාජයීය සෞඛ්යමය යහපැවත්මද නන්වාලීමට උරදෙනු ඇත.


දුලිත කසුන්

(BSc in Psychology / BA in Social Sciences (Politics and International Studies) / Certificate in Counselling and Psychology) 

Tuesday, October 27, 2020

The Game

 The Game! 




මම මේක නිකමට හිතපු දෙයක්. සමහර වෙලාවට මම මෝටර් සයිකලේ යද්දි එහෙම නැත්තම් සූස්තියක් ඇදල ආතල් එකේ ඉද්දි එහෙම නැත්තම් ඔහේ අපත විදියට ඇදට වෙලා ඉද්දි එන සිතුවිලි තියෙනවා. ඒව ඒ මොහොත පහු වුන ගමන් ඉවර වෙනවා. ඉතින් ඒව ලියන එක මට මිස් වෙනවා. ඉතින් මම නිකමට හිතුව හිතෙන දේ ඒ වෙලාවෙම ටයිප් වෙන විදියෙ ඇප් එකක් තිබ්බනම් කියල. මේ වගේ දේවල් රීසච් මට්ටමේ නම් තියෙනව ඇති ලිට්‍රිචර් රිවීව් එකක් කරල බැලුවොත්. ඊට පස්සෙ ආයෙත් මට මෙහෙම හිතුන. ඇත්තටම අපි ලබන ස්පර්ශ වලින් එන වින්දන, අපි ඇස් වලින් ලබන වින්දන කොටින්ම පන්චෛන්ද්‍රියන්ගෙන් ලබන වින්දන සියල්ල අපිට දැනෙන්නෙ මනස ඇතුලෙ. අපි ඒ දැනෙන දේ සහ සාමාන්ය මනස ඇතුලෙ අපි හිතල මවාගත්ත සන්සිද්දියකයි වෙනස තමා අපේ ශරීරය. භෞතික ශරීරය. අපේ හිත විශ්වාස කරනව මේ ශරීරය හා සම්බන්ද සිද්දවෙන ක්‍රියා සත්යයි කියල මනස හා ශරීරය එකතුව සිද්ද වෙන සිද්දීන්. මනස පමනක් හෝ මල සිරුරක් පමනක් ඇතුලත සිදුවන සිදුවීම් සත්ය සිදුවීම් වලින් බැහැර කරනවා. බුදු දහමේ කියවෙන්නෙ ශරීරය කියන එකත් සම්මුතියක් හා අනාත්ම, බිදෙන සුලු දෙයක් විදියට, එනම් ශරීරය කියා අපේ සිතේ තිබෙන්නෙ යම් සම්මුති පරිකල්පනයක්. අපේ හිතේ තියෙන දේට වඩා සත්ය ශරීරය වෙනස් වෙනවා.


මම මෙතන ධර්මය කතා නොකරමි. එහෙත් මෙයට අදාල තර්කයන් විවිද අන්ශ ඔස්සේ ලබාගනිමි. ඩෙකාට් නම් දාර්ශනිකයාගේ කියමනක් තියෙනවා "මම සිතමි, එබැවින් මා සිටිමි" "cogito, ergo sum" ("I think, therefore I am") (දැනට අවුරුදු ගානක ඉදන් මගෙ වට්ස් ඇප් ස්ටේටස් එක).  මම සිතමි, සිතුවිලි මාගෙන් වෙන් කල නොහැක, එබැවින් මා පවතිමි යන්න ඔහු ගෙනා ප්‍රධාන තර්කයක්. තවද මනස සහ ශරීරය එකිනෙකට ලගින් සම්බන්ද වූ වෙනම දේවල් දෙකක් විදියට ඔහු පවසනවා. කාල් මාක්ස් වෙනි  දයාලක්තික භෞතිකවාදීන් මනස යන්න මොලයේම වූ ජීව විද්යාත්මකව සිදුවන යාන්ත්‍රනය තුලින් ඇතිවන්නා වූ ප්‍රතිපලයක් ලෙස පවසනවා. මම ලගදි කියවපු පොතක (මොලය හා ස්නායු පිල්බද ශල්ය වෛද්ය හෙන්රි මාශ්ගේ ඇඩ්මිශන්ස් පොත, Admissions by Dr Henry Marsh) එම ලේඛකයා පවසනවා දශක ගනනක තම වෛද්ය අත්දැකීම් තුල තමන්ට තවමත් සිතාගත නොහැකි සන්සිද්දිය වන්නේ මනසේ ක්‍රියාත්මක වීම කියා, එනම් එය හුදෙක් ජීව විද්යාත්මක ප්‍රතිපලයක් (consciousness as an outcome of a biological process) පමනද නැතහොත් මනස ලෙස වෙනම පැවතීමක් ඇතිද යන්න තවමත් ඔහුට සිතාගත නොහැකි බව ඔහු පවසනවා. මා ලගදී කියවූ නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ පොතක තිබෙනවා විඥානය ඇති වන්නේ පන්චස්කන්ධයේ පැවැත්ම නිසා බව. එනම් උන්වහන්සේ එහි ප්‍රතික්ශේප කරනවා අන්තර් භවය, එනම් මේ අප දැනට සිටින ජීවී අවස්තාවේ මෙන්ම ගතකරන අන්තර්භවයක් කිසිසේත් සිදු නොහැකි බව මොකද අප මිය ගියාට පසු කිසිදු ඉන්ද්‍රියක් තුලින් අපට ලෝකය ආශ්වාදය කිරීමට නොහැකි බැවින්. අවැසි අයට ඒ පොතේ පීඩීඑෆ් එක ලබාදිය හැක.


( මා මෙය බුදුදහමේ කිනම් ත්‍රිපිඨක පාටයක සදහන් වනවාද යන්න නොදනී. දර්ශනයද මා විශයක් ලෙස හදාරා ඇත්තේ දේශපාලන දර්ශනය පමනයි (සන්දෘශ්ඨික දර්ශනය හා මනස පිලිබද යම් යම් දේ මනෝ විද්යාවේදී ඉගෙන ගෙන ඇත) අනෙක් මේ ලියන දේ මා කියවූ මතකයෙන් ලියන බැවින් සීයට සීයක් නිර්වද්ය වාඛ්යම මට ලිවීමට හැකි නොවනු ඇත එහෙත් මා මාගේ සිතුවිලි ටික මෙසේ ගොනු කරමි.) 


 අපට ඉන්ද්‍රීන් 5ක් ඇත. ශබ්දය, රස, ස්පර්ශ, ගන්දය සහ රූප අප ඒ ඉන්ද්‍රීන් තුලින් ආශ්වාදය කරමු. එය ආශ්වාදය කිරීමට ප්‍රදාන වශයෙන් හේතු වන්නේ මනසේ අප බාහිර ලෝකයේ තිබෙන්නා වූ දේ එසේ තිබෙනවා යයි ඇති වන්නා වූ මානසිකමය අවස්තාවය. මනස එසේ දෙයක් නොතිබුනා යයි සිතන්නේ නම් අපට එහි ආශ්වාදයක් හෝ වේදනාවක් නොමැත. උදාහරණයක් ලෙස ඔබ කුඩා කල ඔබට ඔබේ මව "ඔබේ මව" ලෙස කිසිවෙකු හෝ කියා නොදුන්නා නම් ඔබට ඇය තවත් එක ගැහැනියක පමනි. අප ශරීරය සහ සොබාදහම සෑදී ඇති ආකාරය අනුව අප ජීව විද්යාත්මක සාධකද මේ මනසේ ඇතිවන බැදීම් සදහා යම් ක්‍රියාවක් ඉටු කරයි. උදාහරණයක් ලෙස නුඹ යම් යුවතියකට ආකර්ශනය වේ. මේ ආකර්ශනයට ප්‍රධානම හේතුව ජීව විද්යාත්මක යයි මම සිතමි. එනම් හෝමෝන ක්‍රියාකාරීත්වය (endocrine system and neurotransmitters) හා නියුරොට්‍රාන්ස්මිටර්ස් නම් මොලයේ නියුරෝන සෛල වල අග තිබෙන යම් රසායනද්‍රව්යයක්, (නුඹට සතුට, දුක ඇති වීමට හේතු වෙයි, සෙරටොනින්, ඩොපමින් වෙනි), ඔක්සිටොසින් වෙනි හෝමෝනද මේ ප්‍රේමනීය ක්‍රියාවලිය සදහා හේතු වේ.


ඉන්පසු ඇතිවන්නේ යම් සන්නිවේදනයකි එනම් ප්‍රේමය පැවසීම, ඒ සදහා ලෝකයේ බිහිවී ඇති යම් යම් රොමාන්තිකමය ක්‍රියාවලින් සිදු කර්ගැනීම (රෝස මල් හුවමාරුව, රාත්‍රී සද එලිය යට සිප ගැනීම් වෙනි (pre learned from poetry, novels, movies and think it is as a romantic something justike kissing under the tower eiffel, we believe this activity as a romantic thing, cz we have seen so many images, movies read poetry, stories about kissing in Paris) , මේ බොහෝ ඒවා වෙලද පලේ නිර්මාණයන්ය). මේ සන්නිවේදනය ගල් යුගයේ කපල් එකක් උදාහරන ලෙස ගත හොත් සිදුවන්නේ වෙනස් ආකාරයටය. සමහර විට සන්න්වේදනයක් සිදු නොවීම යුවතිය බලසම්පන්නම පුරුශයාට හිමි වේ නිතරගයෙන්. පසුව සදාචාරාත්මක වැටවල් බැදීම සහ මානව නෛතිකමය, සමාජමය ප්‍රගමනයන් තුලින් අද මේ තිබෙන තැනට පැමින ඇත.


කෙසේ හෝ මේ දෙදෙනාගේ ප්‍රේමනීය සන්නිවේදනයන් හරි ආකාරව සිදුවූවොත් වර්තමාන සමාජයට සතුටු ලෙස කසාදකින් අහවර වනු ඇති යයි අප සිතමු. අවසානයේ ඇයද නුඹට අයිති වස්තුවක් යයි නුඹ සිතයි. නීති පොතේද ලියවී ඇත. සාක්ශිද ඇත. ඇයගේ සිත නුඹ දන්නේ නැත. සමහර විට ඇයගේ භෞතික ශරීරය නුඹ ලග තිබුනද ඇය නුඹ සයනයේ අනෙක් පස සිටියද ඇය සිත තිබෙන්නේ වෙනත් කෙනෙකු ලග විය හැක. මා මෙහිදී පවුල් උපදේශනය නොකරමි. මේ උදාහරනය ගත්තේ අප සිතේ අප නිර්මාණය කර ගෙන ඇති දේවල් වල ව්යාජත්වය ගෙන හැර පෑමටය. මිලියන බිලියන ගනන් උදාහරන දිය හැක. දැන් මම මගේ මේ ආටිකල් එකේ ප්‍රදාන පොයින්ට් එකට යොමු වෙමි.


මනස සියල්ල නිර්මාණය කරයි නම්, අපට ඇති වන සන්වේදනයන් වල වින්දනයන් හෝ විදීම් මනස තුලදීම සිදුවේනම්, ඒවා සත්ය බව මනස පිලිගන්නේ ශරීරය මනසට සම්බන්දන්වූ නිසා යැයි මා පෙර පැවසුවෙමි. ගන්න උදාහරණයක් ලෙස සිහිනයක්, අප සිහිනයක් දකිද්දී අප සිතන්නේ එය සත්යයක් කියාය. සමහර විට සිහිනය තුල අප තවත් සිහිනයක් දකිමු. ලුසිඩ් ඩ්‍රීමින් (Lucid dreaming) වල සිහින අපට වුවමනා ලෙස අප පරිහරනය කරමු. එසේනම් අප එහිදී ශරීරයද ඉන්වෝල්ව් වනවා යයි සිතයි. ශරීරයට දැනෙන රසාස්වාදයම සිහිනයදී අප විදී. සිහිනයේ නිරුවතින් ඇය සිටිනු දැක නුඹ ලිගුව ප්‍රාණවත් වේ. සමහර විට ස්වප්න මෝචනය ඇති වේ. එසේ නම් භෞතික ස්පර්ශයක් නැතිවම අප මොලයේ මනසේ වූ තෘප්තිමත් හෝ වේදනා අන්ශ සන්තෘප්ත වේ.


එනම් මනස අපට කරන්නේ විශාල මායාවකි. අප මේ ස්පර්ශයද සැබෑවක් ලෙස සිතුවද මෙයද යම්කිසි මායාකාරී අවස්තාවක් විය නොහැකිද. බිලියන ත්‍රිලියන ගනන් ග්‍රහ තාරකා අති විශ්වයක එලෙක්ට්‍රෝන මට්ටමකටත් කුඩා වන මනුශ්යන් වන අප මනස් තුල අප විශාල ලෝකයක් විශ්වයක් කරමත තබාගෙන ඇත. එහෙත් අඩු තරමින් ඒ ලෝකයේ විශ්වයේ සත්යාසත්යතාවයවත් අප නොදනී. අප විප්ලව කරමු, පන්චෛන්ද්‍රියන් පිනවමු, තවත් ප්‍රජනනය කර ජීවින් නිපදවා ඔවුන් අපේ යයි සිතා ජීවත් වෙමු.


සමහර විට මේ ජීවිතයේම සිදුවන දේ ශරීරය එක් තැනක තබා මනසේම අත්දකින ලෙස සැකසිය හැකි ක්‍රමයක් අනාගතයේ එනු ඇත (you are not aware that it is a game or living in a simulation) එවිට නුඹ ඒ මනස තුලම ඉපදී, ඉගෙන ගෙන, දරුවන් සාදා යම් යම් කන්ස්ට්‍රෙයින්ට් තුල ගත කර ( ගේම් එකක් තුල මෙන්) මිය යනු ඇත. එහෙත් සැබැවින් නුඹ කලදෙයක් නොමැත. මනස තුල වූ ගේම් එකක් නුඹ ආශාවන් හා ලොව අනෙකුත් සන්සිද්දීන් හා ගැටෙම්මින් යම් යම් සමතුලිතතාවන්ට පත් වෙමින් නැවත ඒවා බිදෙමින් ගේම් ඕවර් වෙන තුරු ප්ලේ කරනවා පමනි. ගේම් එකේ නුඹට පැවත්ම තහවුරු කරගැනීමට නුඹට රැකියා කිරීමට සිදු වනු ඇත. මැස්ලෝගේ හයරාකිය ඔස්සේ ගමන් කරනු ඇත. අවසන කාලය නිමාවනු ඇත. නුඹ සැබැවිනම ජීවත් වී ඇත්තේ ගේම් එකට වුවමනා ලෙස මිස නුඹට වුවමනා ලෙස නොවේ. කොටින් නුඹ, නුඹ කව්ද යන්න තේරුම් ගැනීමටද මේ ගේම් එක ඉඩ තබා නැත.


අවසානයි


දුලී


(ෆෝන් එකෙන් ටයිප් කලෙමි අක්ශර වැරදි ඇතොත් සමාවන්න)