Powered By Blogger

Tuesday, February 16, 2016

30 Under 30 DNA

30 Under 30 , DNA



මොකද්ද මේ 30 under 30 කියන්නේ ? ඇමෙරිකානු ව්යාපාරික සඟරා වන inc සහ Forbes සඟරා වලින් සෑම අව්රුද්දකම විවිද ක්ෂේශ්ත් 20 කට අදාලව තම ව්දක්ෂතා දැක්වූ වයස අවුරුදු 30 වඩා අඩු 30 දෙනා බැගින් තෝරනු ලබයි. මෙහිදී මෙම ක්ෂේස්ත් වන්නේ,

1) කලාව සහ විලාසිතා  (Art & style)
2) ශක්තිය උත්පාදනය සම්බන්ද  (Energy)
3) රසවින්දන (Entertainment )
4) මුල් (Finance )
5) ආහාර පාන (Food & wine )
6) නීතිය සහ ප්රතිපත්ති සම්පාදනය (Law & Policy)
7) මාධ් (Media)
8) සංගීතය (Music)
9) දේපල වෙළන්දම්  (Real Estate)
10) විද්යාව (Science )
11) පාරිභෝගික තාක්ෂනය (Consumer Tech )
12) ක්රීඩා (sports)
13) විද්යුත් වෙළඳාම සහ වෙළඳ පොළ (E Commerce & Retail )
14) අධ්යාපනය (Education)
15) පරිඝනක ක්රීඩා (Games)
16) ප්රාග්ධන ආයෝජන (Venture Capital)
17) නිෂ්පාදන (Manufacturing)
18) වෙලන්දමය තාක්ෂණික (Enterprise Tech )
19) අලෙවි කළමනාකරණය (Marketing & Advertising)
20) සෞඛ් (Health Care)

මෙහිදී මා ඉදිරිපත්කරන්නේ ඔව්න්ට පොදු වන චරිතමය ලක්ෂණ සහ පරිසරාත්මක සාධක කිහිපයක් පිළිබඳවයි.

1) ඔව්න් බොහෝ දෙනා තම ව්යාපාර අරඹා ඇත්තේ තම නිවසේ සිටමය, ප්රතිශතයක් වශයෙන් 36% කි.
2) ඔව්න්ගෙන් බොහෝ දෙනා එනම් 64% ක් දෙනා මෙම ව්යාපාර ඇරඹීමට සිතා ඇත්තේ ලෝකයට යම් වෙනසක් ලබා දීමටය, ඔව්න්ගෙන් 27%ක් දෙනා තම ආත්ම පරිපුර්ණත්වය උදෙසාය. 8%ක් පමණ තමාගේම යටතේ වැඩ කිරීමට අවශ් නිසාය. ඉතිරි 1% පොහොසතෙකු වීම උදෙසාය.
3) මේ අතර 59% ක් දෙනා රාත්රී කාලයේ සිතන්න වැඩ කරන්න කැමති පිරිසය (Night owls). ඉතිරි 41%ක් දෙනා දහවල් කාලයේ වැඩ කරන්නන්ය.
4) 84%ක් දෙනා තනිකඩයන් වන අතර 16%ක් විවාහක වේ. මේ අතරින් 4%කට පමණි දරුවන් ඇත්තේ.
5) මොවුන් බොහෝ දෙනෙකුට පොදු චරිත ලක්ෂණ වන්නේ, අප්රතිහත ධෛර්යය, යම් දෙයකට ඇති ආශාව, ශුබවදී බව, දැක්මක් ඇති බව, ආත්ම විශ්වාසය සහ නිරන්තරයෙන් ක්රියාත්මක වීම වෙනි ලක්ෂණයන්ය. තවද මොවුන්ගෙන් බහුතරය නව නිර්මාණයක් තුලින් තම සාර්ථකත්වය ළගා කරගත් වුන්ය
6) 17%ක් දෙනා ඉහල පන්තිකයන් වන අතර 20%ක් වැඩ කරන ජනතාව සම්බන්ද පව්ල්ය බහුතරය වන 63%ක් මධ්යම පාන්තිකයන් වේ.
7) මොව්න් වැඩි වශයෙන් පාවිච්චි කල Mobile Apps අතර Facebook නොමැති වීම විශේෂ ලක්ෂණයකි.
8) මොව්න්ගේ සිහින උපදේශකයන් අතර ප්රධාන තැනක් ගන්නේ, Bill Gates, Elon Musk , Steve Jobs, Richard Branson, Barack Obama වෙන්නන්ය.
9) මේ අතර 44%ක් දෙනා උපදිධාරින් වන අතර 24%ක් දෙනාට ඇත්තේ උසස්පෙළ වෙනි සුදුසුකමක් පමණි. 18% ක් පමණි පශ්චාත් උපදිධාරීන් ඉන්නේ.


මෙය මා ඉදිරිපත්කරන්නේ සියල්ල රජයෙන් කරදෙන තුරු බලා සිටින, අධ්යාපනයේ සිට රැකියාව දක්වා රජයෙන් බලාපොරොත්තුවන රටක සිතුවිලි මදක් හෝ වෙනස් කිරීම උදෙසාය. තරුණ පරපුර තම තරුණ වියේ හොඳම කාලය පළමු උපාදිය සහ උසස් පෙළ වෙනුවෙන් කැප කරයි. සාමාන්යයෙන් ලංකාවේ තරුණයෙකු අවරුදු 20, 21 වෙනතුරු උසස් පෙළ හදාරයි ඉන්පසු අව්රුද්දක් පමණ ගොස් විශ්ව විද්යාල අධ්යාපනය ආරම්භ කරයි. ඉන්පසු අවරුදු 4ක් හෝ සමහර උපාදි සඳහා 5ක් හෝ 6ක් ගොස් එලියට එයි. තරුණ ජවය සහ නිර්මාණශීලිත්වය සිසු සටන් සඳහා සහ අධ්යාපනය උදෙසා අවරුදු අවරුදු ගානක් වැය කල පසු බොහෝ දෙනාට සිද්ද වනුයේ එක්කෝ Charted, CIMA හෝ CIM වෙනි සුදුසු කමක් කිරීමය. මේ සියල්ල කල පසු අවරුදු 26, 27 වෙයි ඉන්පසු  අධ්යාපනයට ගැලපෙන රැකියා වෙළඳ පලක් නොමැති කමින් ඔව්න් අවසානයේ බොහෝ දෙනා නැවතත් වීදි බසී. ඉංග්රීසි සහ අමතර පාඨමාලා කර වුන් කෙසේ හෝ රැකියාවකට රිංගා ගනී. සල්ලි තිබෙන වුන් මේ අතර MBA වෙනි සුදුසුකම් කර තවත් ඉදිරියට යාමට උත්සහ ගනී. මේ අතර ඔව්න්ට 30 under  30 වීමට සිතීමටත් පෙර 30 පසු වී ඇත. ඉන්පසු ඔව්න්ගේ තරුණ නිර්මාණශීලිත්වය, ජවය බොහෝ දුරට ඇත්වී කසාදයක් බැඳ එකලාසයක් වීම පමණක් අරමුණු කර ගනී. මේ වූ කලී ලංකාවේ වාසනාවන්තම සහ දක්ෂතම සහ බුද්ධිමත්ම පිරිසට සිදුවන්නා වූ අවාසනාවන්ත ඉරණමයි (බසැමට නොවේ). මෙය වෙනස් කිරීම පහසු දෙයක් නොවුනද වෙනස් විය යුතුමය. නැතහොත් ගුවන් යානය යන්නේ නිදිබර වූ ගුවන් නියමුවන් සමගය. ලාංකීය සමාජයේ ව්යවසයකයෙක් යන වචනයේ තේරුම දන්නේද කීයෙන් කී දෙනාද. තමාගේ දරුවා දීග දීමට දෙමව්පියන් සොයන්නේ වෛද් හෝ ඉංජිනේරු නතොහොත් ගණකාධිකර හෝ නීති වුර්තිකයෙක්ටය. අනෙකුත් වුර්තීන් ගැන සාමාන් ජනයාට දැනුමක් ඇත්තේද නැත. මාගේ මිතුරෙකුට තම පෙම්වතිය අහිමි වුයේ රජයේ රැකියාවක් නොමැති කමින්ය. මිනිසුන් සිතා සිටින්නේ රජයේ රැකියා සුරක්ෂිත සහ අර්ථ සාධකයකින් යුක්ත නිසා හොඳම දේ රජයේ රැකියාවක් කිරීම බවය. එය වර්තමානයේ විහිළුවකි. රැල්ලන් පසු පස සහ අල්ලපු ගෙදර අයියා කරපු උපාදිය කලොත් ගොඩ යයි කියා සිතන සමාජයක ව්යවසායකත්වය තරුණ සිත් වල ඇති කරන්නේ බියකි. රජයෙන් ව්යවසායකයන් දිරිගැන්වීම කරන්නේ ඉතා අඩුවෙනි. සින්ගප්ප්පුරුව වෙනි රටවල් වල ආර්ථිකය රඳා පවතින්නේ සුළු සහ මධ්යම පරිමාණ ව්යාපාර සහ සේවා වෙළඳ පල නිසාය. රජයේ සහ පව්ද්ගලික අංශයේ උසස් තනතුරු දරන්නේ අවරුදු 27, 28 තරුණයන්ය. මේ චින්තනය වෙනස් නොවුන හොත් අපතේ යන්නේ රටට ඇති විශාලතම සහ අගනාම බුද්ධිමය ප්රග්ධනයයි.

දුලිත කසුන්


Monday, February 15, 2016

විශාලතම බිය...

පවසන්න මාහට ලොව දරුණුම මිනිසා සමග සටන් වදින්ට... මම මිය යනතුරු හෝ සටන් වදිමි.... පවසන්න මට ලොව භයානකම ත්‍රස්තවාදීන් සමග සටන් කරන්න... එයද කරමි... පවසන්න මට මරියානා ආගදයේ කිමිදෙන්න කියා එයද කරමි... පවසන්න මට හිමාලය තනිව තරණය කරන්න කියා එයද කරමි... එහෙත් අම්මේ තාත්තේ ඔබ දේපල නොමැතිව කෙදිනක පටන්  ජීවත් වෙන්න සිදුවේද යන්න මම නොදනිමි... ඒ දිනය එන්න එන්න ලන්  වෙන බව පමනක් දනිමි... එය සිහිවනවිට දැනෙන බිය සහ දුක කෙසේ නම් වින්ද දරගන්ටද මම... පව්ලේ තනි දරුවා ලෙස වැඩුණු මාගේ ආත්මය ඔබ දෙපලට කෙසේ නම් බැන්දී ඇත්ද... මට ඔබ දේපල නොමැති දිනය මතක් වන විට සිතෙන්නේ, මම ඊට පෙර ඒ ලෝකයට ගොස් ඔබ දේපල එනතුරු සිට , ඔබ දේපල පිළිගන්ට ඇත්නම් කෙතරම් හොඳද කියාය...මා බොහෝ වැරදි කර ඇත, බොහෝ ඔබ දෙපලගේ සිත් රිදවා ඇත. ඒ සැමට ඔබ මට සමාව දී ඇත. මම කිසි දිනෙක අහිංසක කීකරු පුතෙකු නොවුනි. දඩබ්බර කම් සාමාන්‍ය දෙයක් විය... එහෙත් මට නැවත ඒවා නිවැරදි කල හැකිද....ඔබට මා ඇති ණය මට ආත්ම සියයකින්වත් ගෙවා නිමකළ  නොහැක. දිනෙක ඒ දුක මට තනිව දරාගැනීමට මට සිදුවනු ඇත. කිව යුතුව ඇත්තේ මාහට ඒ සඳහා ශක්තියක් නොමැත...කාලෙකට පසු ඇසට උනන කඳුලක් සමග ලියු ලිපියකි මෙය...

දුලිත කසුන්

Tuesday, February 9, 2016

මම කව්ද.....සහ ජයන්ත අයියා...

මම කව්ද.....සහ ජයන්ත අයියා
දැනට පැය කිහිපයකට පෙර මාගේ නිවසේ දොරට කව්දෝ තට්ටු කරමින් මල්ලි යයි කතා කරනු ඇසිනි. එලියට ගොස් බැලු විට මා දුටුවේ කලකට පෙර මාහට බොහෝ උදව් කල සහෝදරයෙකි. ජයන්ත අයියා... මම ජයන්ත අයියා ගැන කීමට පෙර උප කතාවකට යමි.
මා අද මෙහි මාගේ පව්ද්ගලික රහස් දෙකක් හෙළි කරමි. මා උසස් පෙළ පලවෙනි වර කරන අවදියේ බොහෝ දුර බැහැර සිටින ගැහැණු ළමයෙකුට පෙම් කලෙමි. ඇයව මුණ ගැසීමට උදේ පාන්දර බසයේ නගින්නේ දවල්ට කෑමට කෙසෙල් ගෙඩි කිහිපයක් බෑගයේ දමාගෙනය. පැය දෙකහමාරක ගමනකින් පසු ඒ (ඒ අවරුදු 3 තුලදී මම බසයක හිඳගෙන ගොස් ඇත්තේ දෙපාරක් හෝ තුන් වරක් පමණි ) මා නිවසේ සැපට හැදී දෙමව්පියන්ගෙන් මිදී ජීවිතයේ පලමු වරට සමාජයට මුහුණ දෙන්නේ ඒ කාලය තුළදීය. එකල ඇය බැලීමට යාමට මට දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීමට අපහසු විය. මට ගැහැණු ළමයෙකු සිටින බව අම්මා සහ තාත්තා දැන සිටියද ඔව්න් සිතා සිටියේ මා ඇය මුණ ගැසෙන්නේ ගම්පහ දී කියාය. දවල්ට කෑමට බත් මුලක් බැඳ දෙන්න හදද්දී ඒ වෙනුවට සල්ලි ඉල්ලන්නේ ගමනාගමනයට අවශ්‍ය නිසාය.කන්න නැති වෙලාවට පන්සල් වලින් ආහාර ගෙන ඇත. මේවා කියන්න ලජ්ජා නැත.  බොහෝ විට පැය දෙකහමාරක් ගමනය කරන මා ඇයව මුණ ගැසෙන්නේ බොහෝ කෙටි කාලයකටය. ඒ ඇයගේ එක පන්තියක් ඉවර වී අනික් පන්තියට ඇවිද යන විනාඩි 15ක කාලය සහ ඇයගේ පන්තිය ඉවර වී ඇය බෝඩිමට යන සුළු වෙලාවය. මේ අතර තුර කාලය බොහෝ විට මා තනිව සංචාරය කලෙමි. වැව රව්මට වී රසායන විද්‍යා පොතක් ගෙන කෙසෙල් ගෙඩියක් කන ගමන් කාබනික රසායනය පාඩම් කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදුනෙමි. නැතහොත් ලේක් හෞස් book shop එකට ගොස් පොතක් දෙකක් බැලුවෙමි. මේ කතාවේ මේ කොටස මා මෙතනින් ඉවර කරමි.
දෙවෙනි රහස : ඇයව බැලීමට යන්න මුදල් හින්ගතාවයන් ඇති විට මම නොයෙකුත් රැකියා සෙව්වෙමි. රැකියා දෙකක් සම්බ වුනි. එකක් දවස් පඩියට බියගම වෙළඳ කලාපයේ කම්කරු සේවයේ යෙදීමය. අනික ජයන්ත අය්යා සමග DJ කිරීමය. එක් වරක් work wear ආයතනයේ අවන් එකේ වැඩ කලෙමි. එහිදී මට තිබුනේ අත් මේස් සැදීමට උදව් කිරීමය. අවන් එකේ වෙන්නේ අත් මේස් රෙදි වල සායම් නාවා අතේ හැඩයට සැකසු bar එකකට ඒවා බස්සවා ඒවා අවන් එකට දමා රත් උන පසු ඉවත් කිරීමය. මාගේ අත් දෙකේ කරගැට බොහෝ සැදුනි. එකල යට ඇඳුමත් අම්මා සෝදා දෙන සැපට සැදුනු කෙනෙකි මා. අත් මේස් පොන්ගවන chemical වල සැරට ඇස් දෙක පිලිස්සී ඇත. අවසානයේ රුපියල් 400ක් සහ බත් පැකට් එකක් දුනි. එය රැඟෙන ඉරිදා දින ඇයව බැලීමට ගියෙමි. දෙවෙනි වර IDL අරක්කු ආයතනයේ සේවයට ගියෙමි. එහිදී ජාතික හැඳුනුම්පත් තිබ්බ උන් අරක්කු බෝතල් වල ලේබල් ගැසීමට දැම්මේය. මට තිබුනේ තැපැල් හඳුනුම්පතකි. මාගේ ශරීර ප්‍රමාණයද විශාල වූ බැවින් එහි සිටි සුපවයිසර් මට කීවේ "උඹ පලයන් කන්ටේනර් එකෙන් නැවෙන් එන බෝතල් බාන්න සහ ඒවා පුවරවපු බෝතල් ලොරියට පැටවීමට " කියා එයද කලෙමි. 2007 ජනවාරි මාසයේ ඒ පඩියෙන් ඇයට සෙන්ට් බෝතලයක් ද රැගෙන ඇයව බැලීමට ගියෙමි. ඇය මාගේ අත් දෙකේ කරගැට සිපගත්තා මතකය.
මා මේ කරන ජොබ් කටු දැක්ක ජයන්ත අය්යා මට කීවේ මල්ලි උඹ වරෙන් මාත් එක්ක DJ කරන්න කියයි. සංගීතය ගැන යම් දැනුමක් තිබු මම එය එක වරම පිලිගතිමි . ගමේ අහල පහල තිබු පොඩි පොඩි උත්සව අපි ආවරණය කළෙමු sound system ekak සහ Virtual DJ software එක පමණක් අපට තිබුණි. පැය 4ක 5ක DJ එකක් කල පසු මා හට රුපියල් 2000ක මුදලක් ලබා දුනි. මාසයකට 3ක් 4ක් සෙට් වෙනවාමය. ගමේ කොල්ලන් තවමත් DJ දුල්ලා කියා හන්දියේදී මාව ඉඳහිට ආමන්ත්‍රණය කරයි. මට pocket money set විය.
කාලය ගත විය මම නැවතත් උසස් පෙළ කිරීම සඳහා සියල්ලන්ගෙන්ම ඇත් වීමි. ජයන්ත අය්යා ද වෙනත් රැකියාවක් සඳහා යන බව කීවේය. මම කෙසේ හෝ අද සිටින තැනට පැමිණියෙමි. අද මම එදා සේව්වාට වඩා 20, 30 ගුණයකින් හම්බ කරමි. බොහෝ අඩු මහන්සියකින්. අවරුදු 6ක් ගත වී ඇත.
එහෙත් ජයන්ත අය්යා අද අවේ උදව්වක් ඉල්ලාගෙනය. "මල්ලි මේ සෙනසුරාදා වෙද්දීන්ග් එකක් තියෙනවා මම ලඟදි වැඩේ කළෙම නෑ... උඹෙන් අහල වචනයක් දෙන්නම් කිව්වා... උඹට පුලුවන්ද මල්ලි?"
wedding එක මාගේම ගමේය... මා දැන් සිටින්නේ හාත් පසින්ම වෙනස් පද්දතියකය... එහෙත් මා කෙසේ නම් බෑ කියන්නද.... කෙල්ල අද මගේ ළඟ නැති උනත් ජයන්ත අය්යා නිසා මා කම්කරු සේවයට සමු දුනි.
මම උත්තරයක් දුන්නෙමි "හරි ජයන්ත අය්යා මම කරන්නම් එත් දැන් නැගල යන සින්දු ගැන මට වැඩිය අවබෝදයක් නෑ , ටිකක් හොයාගන්න වෙයි, උදේ 9 විතර ඉඳන් රෑ 11 විතර වෙනකම් ඇදගෙන යන්න වෙයි ..වැඩේ කරමු..."
මගේ හිත තෘප්තිමත්ය මට උදව් කල ඒ සහෝදරයා ට උදව්වක් කිරීමට මට අවස්ථාවක් ලැබුණි... සමාජ මට්ටම් ගැන සිතීමෙන් පලක් නැත. දෙමව්පියන්ගාව සැපට හැදුන මා කම්කරු වැඩ කලෙමි, අනාගතය ගැන අපි නොදනිමු, නැවතත් මට ඒ දේ කිරීමට සිදුවනු ඇත....එහෙත් කම්කරුවෙකු ලෙසද සේවය කල මාහට සමාජය, දුක, සදාරණත්වය සහ මිනිසා වෙනුවෙන් දෙයක් කිරීමට ඇති මුලික සුදුසුකම එය ලෙසද මා විශ්වාස කරමි.... මාගේ එදවස ලඟින්ම සිටි මිතුරන් වන ලක්ෂ්මන්,ප්‍රසිත සහ නුවන් වෙන්නන් ඒ අතීතය ගැන හොඳින්ම දනී... ඔව්න්ද මට නොසහෙන්න උදව් කර ඇති බැවිනි....
දුලිත කසුන්

Monday, February 8, 2016

ගුවන්තොටුපලේ ජීවිතය....

ගුවන්තොටුපලේ ජීවිතය....
ඔබ තාක්ෂණික සහ විද්‍යාත්මක පිපාසයෙන් පෙලෙන්නෙක් නම්, ඔබ දකීවි,
ලොව තිබෙන විශිෂ්ටතම නිපැයුම, සමාජය සිනාසුනු බයිසිකල් රෙපෙයාර් කරන සහෝදරයන් දෙදෙනෙකු විසින් සැදූ ගුවන් යානයේ වර්තමානය. ඔබට ඇසේවි ජෙට් එන්ජින් වල මියුරු ශබ්දය(මෙය මියුරු වන්නේ ගුවන් යානා පිපාසිතයන්ට පමණි ).... ඔබ දකීවි බර්නුලි සිද්ධාන්තයේ ප්‍රායෝගික පිවිසුම. ඔබ විඳීවි තාක්ෂණයේ අසිරිය. Boing 787 Dreamliner වෙනි සුපිරි ගුවන් යානා , ඉඳල හිටලා එකක් දෙකක් හදිස්සියේ බස්සන (Emergency landing) A 380, ලොව විශාලම මගී ගුවන් යානා, ඔබට සිතේවි සිත ඇත්නම් කල නොහැකි දෙයක් නො
මැති බව...

ඔබ සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන්නේනම් ඔබ දකීවි,
තම සිව් මස් වියැති බිලිඳිය හැරයා ගත නොහැකිව හඬන මව්වරුන්... තම පෙම්වතිය හැර යාමට දුකෙන් පිස්සුවෙන් මෙන් දෙතොල සිපගන්න පෙම්වතුන්.... නිවෙසක් සදා ගැනීමට තම තරුණ විය, තම පව්ල් ජීවිතය කැප කරන, තරුණ තරුණියන්.... අවරුදු ගානක් අරාබියේ වේලි ශීතකරණයක් සහ අඟල් 32 රුපවාහිනියක්ද රැගෙන මදක් මොඩ් වී දුක සැඟවීමට උත්සහ ගනිමින් පැමිණෙන කාන්තාවන්.... තම රැකියාවෙන් අමාරුවෙන් සොයාගත් සල්ලි සේසතම වියදම් කර හෝ තම පුතා හෝ දුව එංගලන්තයේ ඇමරිකාවේ විශ්ව විද්‍යාල වලට යවන දෙමව්පියන් ඇසේ කඳුළු පුරවා ගෙන ජීවිතයක් තමා ළඟ සැදුනු දරුවාට සුබ පතන අයුරු.... දෙවියන්ගෙන් ආරක්ෂා කරන මෙන් ඉල්ලන අයුරු..., තමා නැවත ලංකාවට එනවිට තමාගේ වයසක මව හෝ පියා ජීවතුන් අතර ඉංදී දැයි සැකයෙන්, මේ ඔව්න්ව දකින්නේ අවසාන වතාවට දැයි සිතමින් ගුවන් යානයට ගොඩවෙන දරුවන්...මේ අතර කොළඹ යනවා මෙන් බටහිර රටවල් සංචාරය කරන ධනවත් පවුල් වල posh ළමයින්... තම විශ්‍රාම වැටුප හෝ දරුවන්ගේ සහයෝගයෙන් හෝ ඉඩකඩම් විකුණා හෝ දඹදිව යන අම්මාවරු පියවරු.... බුරුතු පිටින් සුදු ඇඳගෙන මක්කම වන්දනා කරන මුස්ලිම්වරු සෞදි අරාබි ගුවන් සේවයේ Boing 747 ගුවන් යානයට පෝලිමට ගොඩවන අයුරු ....
මේ සියල්ල අතර ගිම්හාන නිවාඩුවට Surfing කිරීමට අරුගම්බේ, මිරිස්ස යන සුද්දන් සුද්දියන්, හිමෙන් වැසුණු රටක කළු කොපි බිබී සිට කුරුම්බා ගෙඩියක් බී මුහුදු වෙරළක සැතපෙන්න සිතන් එන සුද්දන් සුද්දියන්, ලංකාවේ සංස්කෘතික අංග සහ බුද්ධාගමේ සිසිලස විඳීමට පැමිණෙන සුද්දන් සුද්දියන්.....
ඔබ ව්‍යාපාරික කෝණයකින් බලන්නේ නම් ඔබ දකීවි,
"අවස්ථාවන්".... විදේශිකයන් පැමිණීම එන්න එන්න වැඩිවන බව, ලංකාව තවත් එක සුපිරි සංචාරක පුරවරයක් වන ලකුණු, නව ගුවන් සේවාවන් පැමිණෙන අයුරු.....ව්‍යාපාරික සංචාරකයින් විවිධාකාර ආයෝජන අවස්ථා සඳහා සංචාරය කරන අයුරු.... ඔව් ඔබ දකීවි අලුත් වන දේශයක පෙර නිමිති....
දුලිත කසුන්